සුපිරි වෙඩික්කරු Vasily Grigoryevich Zaytsev

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුපිරි වෙඩික්කරු Vasily Grigoryevich Zaytsev

    ගොඩක් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. කාලෙකට ඉස්සර කට්ටියම බලන්න ඇත් ෆිල්ම් එකක් Enemy at the gates කියලා. මේක දෙවන ලෝක යුද්දෙ කාලෙ ඇත්තම සීන් මත පදනම් වෙච්ච ෆිල්ම් එකක්. මේකෙ ඉන්න ස්නයිපර් ගැන තමයි කියන්න යන්නෙ. මොකද එදා මෙදා තුර
    ලෝක ඉතිහාසෙ බිහි උන හොදම ස්නයිපර්වරු අතර මේ පුද්ගලයාත් ඉන්න නිසා.
    :):)
    Vasily.Zaitsev.jpg

    Vasily Zaitsev කියන්නෙ පොරගෙ නම. Yelenovsk කියන ගමේ ගොවි පවුලක තමයි පොර ඉපදිලා තියෙන්නෙ. ෆිල්ම් එක බලද්දි කට්ටිය දකින්න ඇති සීයා තමයි වසීලිට පොඩි කාලෙම දඩයම් කරන්න උගන්වන්නෙ. මෑන්ස්ගෙ ඒ කාලෙ විනෝදාංශයක්ලු වෘකයො දඩයම් කරන එක. යාන්තම් අවුරුදු
    12 වෙද්දිම පළවෙනි වෘකයාව දඩයම් කරන්න තරම් වසිලි දක්ශ වෙඩික්කරුවෙක් උනාලු. අවුරුදු 12ක් කියන්නෙ යාන්තම් රයිපලයක් උස්සන් යන්න
    පුලුවන් වයසක්නේ. ඒකත් එක උණ්ඩෙන්ම වැඩේ කරන්න පුලුවන් වෙලා. :shocked::shocked:

    මේක තමයි ස්නයිපර් කෙනෙක් වෙන්න තියපු පලවෙනි පියවර. 1937 දී සෝවියට් රතු හමුදාවෙ නාවික හමුදාවට එකතු වෙලා තියනවා. මුලින්ම
    Vladivostok කියන නගරයේ ආරක්ශාවට ගියත් ස්වේඡාවෙන්ම ඉදිරි පෙරමුනට ගිහින් තියෙන්නෙ. 1942 දී වොල්ගා ගඟ තරණය කරල ගිහින් Rifle Division එකකට සම්බන්ධ වෙන්නෙ ආසාවෙන්මයි. වසිලිගෙ ස්නයිපින් හැකියාව හදුනාගන්න අණ දෙන නිළධාරියා වසිලිට ඉලක්කයක් දෙනවා. ඒ තමයි මීටර් 800ක් විතර ඈතින් ඉන්න ජර්මන් නිළධාරියෙක්. තමන්ගෙ Mossin-Nagant රයිෆල් එකේ එකම උණ්ඩෙකින් ඉලක්කය සම්පූර්ණ කරන්න වසිලිට පුලුවන් උනා. මේක දැකපු තවත් ජර්මන් සෙබලු දෙන්නෙක් එනවා තමන්ගෙ නිළධාරියාට
    උදවු කරන්න. ඒ දෙන්නටත් අත් වෙන්නෙ ලොක්කට අත් උන ඉරනමමයි. මේ සිද්ධියත් එක්ක වසිලිට ස්නයිපර් කෙනෙක් විදියට පිලිගැනීමක් එක්ක රයිෆල්
    එකකුත් ලැබෙනවා. :nerd::nerd:

    images

    තමන්ගෙ දක්ශතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් උන නිසා Vasily Zaitsev කියන නම සෝවියට් විරයෙක් විදියට සමාජයට යනවා. 1942 නොවෙම්බර් 10 සහ දෙසැම්බර් 17 අතර කාලය ජර්මන් සෙබලුන්ට අන්ත පරාජයන් අත් කර දීපු කාලයක්. මේ කාලය අතරතුර වසිලි සාර්ථක
    ඉලක්ක 225ක් ගන්නවා. ඒ අතරින් 11 දෙනෙක්ම සතුරු ස්නයිපර් වරු.
    :shocked::shocked:
    zaitsev2.jpg

    මේකට පිළියමක් විදියට ජර්මන් ස්නයිපර් පුහුණු පාසලේ ප්‍රධානියා Erwin König කියන අති දක්ශ ස්නයිපර් කරු (Supersniper) පෙරමුණට එවනවා වසිලිව මරන්න. වසිලි කියන විදියට Erwin König කියන්නෙ ඉතාම කපටි සහ අති දක්ශ පුද්ගලයෙක් (highly skilled and was very hard to find).
    කොහොමහරි Kulikov කියන යාළුවත් එක්ක සෙට් වෙලා පොරව හොයන්න ගත්තා. මේ වෙලාවෙදි අහම්බෙන් වගේ වසිලි දැක්ක එක්වරම දිලිසෙන ආලෝකයක් කවුලුවක් ඇතුලෙන්. වසිලි උපායක් විදියට කලේ කෝටුවක් අධාරයෙන් තමන්ගෙ හෙල්මට් එක ඉස්සුවා ජනේලෙන්. ක්ශනිකවම ස්නයිපර් ප්‍රහාරයක් එල්ල උනා හෙල්මට් එකට. ඒත් එක්කම Erwin ඉස්සිලා බැලුවා තමගෙ ඉලක්කය හරිද කියලා අන්න ඒක අවස්ථාවක් කරගනිපු වසිලි Erwin ගෙ ඔලුව හිල් වෙන්නනම තියලා දැම්ම. ඕක ෆිල්ම් එකේ ලස්සනට තියනවා.
    වසිලි මෝටාර් ප්‍රහාරයකින් ඇස් අන්ධ වෙනකම්ම ස්නයිපර් පුහුණුකරුවෙක් විදියට වැඩ කලා. පොරගේ ගෝලයො ලෝක යුද්දෙ අතරතුර 6000 කට වඩා
    සතුරො ඉලක්ක කරගත්තා කියලා තමයි කියන්නෙ.
    vasily-zaitsev_2-t.jpg

    93009262.lJyWfhKZ.jpg

    මෙන්න ෆිල්ම් එක
    MV5BMjAyMDMwNzA2OV5BMl5BanBnXkFtZTgwNTIxNzQxMTE@._V1_SX214_.jpg

    http://www.imdb.com/title/tt0215750/

    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ Film එකේ Director ප්‍රධාන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ කියලයි මට හිතෙන්නේ. Vasily ජර්මන් කාරයාගෙන් කිහිප සැරයක් ගැලවෙන්නේ වාසනාව නිසා. තව සැරයක් Vasily ට නින්ද යාම නිසා ජර්මන් Sniper බෙරෙනවා. ඒක නිසා පොඩි කොල්ලයි, දේශපාලන නිලධාරියාටයි දෙන්නටම මැරෙන්න වෙනවා. Sniper Film එකේ Thomas Beckett එක්ක සංසන්දනය කරද්දි Director ගේ අඩුපාඩුව නියෙමෙට පේනවා. හැබැයි Sex කැලි ටිකනම් නියමෙට Direct කරලා තියෙනවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ Film එකේ Director ප්‍රධාන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ කියලයි මට හිතෙන්නේ. Vasily ජර්මන් කාරයාගෙන් කිහිප සැරයක් ගැලවෙන්නේ වාසනාව නිසා. තව සැරයක් Vasily ට නින්ද යාම නිසා ජර්මන් Sniper බෙරෙනවා. ඒක නිසා පොඩි කොල්ලයි, දේශපාලන නිලධාරියාටයි දෙන්නටම මැරෙන්න වෙනවා. Sniper Film එකේ Thomas Beckett එක්ක සංසන්දනය කරද්දි Director ගේ අඩුපාඩුව නියෙමෙට පේනවා. හැබැයි Sex කැලි ටිකනම් නියමෙට Direct කරලා තියෙනවා.

    මේක russian සීන් එකක් නිසා කොහොමත් ඇමරිකන් කාරයගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ
    . :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Enemy_at_the_gates_ver2.jpg

    :( ගිය අවුරුද්දේ bookmark තියා ගත්තට මේ ලිපියට කොමන්ට් එකක් දාන්න බැරිවුණා බන්
    නියම ලිපිය බන් අනික මම බලපු පට්ටම movie එකක් තමයි enemy at the gates..

    +18
     
    • Like
    Reactions: Jolly_Roger

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ Film එකේ Director ප්‍රධාන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ කියලයි මට හිතෙන්නේ. Vasily ජර්මන් කාරයාගෙන් කිහිප සැරයක් ගැලවෙන්නේ වාසනාව නිසා. තව සැරයක් Vasily ට නින්ද යාම නිසා ජර්මන් Sniper බෙරෙනවා. ඒක නිසා පොඩි කොල්ලයි, දේශපාලන නිලධාරියාටයි දෙන්නටම මැරෙන්න වෙනවා. Sniper Film එකේ Thomas Beckett එක්ක සංසන්දනය කරද්දි Director ගේ අඩුපාඩුව නියෙමෙට පේනවා. හැබැයි Sex කැලි ටිකනම් නියමෙට Direct කරලා තියෙනවා.

    Enemy at the gates eke Vasily ta wada anith ekage wada ban tiyenne.
    Ara u paniddi Vasilyge anith ekaata tiyana eka patta.

    :):):)