”ෆෙස්බුක්” අවුලේ ඇත්ත කතාව
ෆෙස්බුක් හේතුකොටගෙන ඇතිවන සිත් තැවුල් සහ ආරවුල් මුල්කරගෙන ලෝකයේ කොතරම් සිය දිවි හානිකර ගැනීම් සිදුවුවත් මෙරටින් සියදිවි හානිකර ගැනීම් බොහොමයක් වාර්තා වන්නේ ඉකුත් වසරේය. ෆෙස්බුක් හේතුවෙන් දැන් තවත් මරණයක්ද මෙරටින් වාර්තා වී හමාරය. මෙවර ෆෙස්බුක් මාරයාට ගොදුරුවන්නේ පාසල් සිසුවියකි. මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලැබිමට සූදානමින් සිටි ඇය කුරුණෑගල පිහිටි ප‍්‍රධාන මිශ‍්‍ර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි යුවතියකි.
සිසුන් පන්දහසකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන එම පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වන ඇය ෆේස්බුක් මාරයාට ගොදුරුවන්නේ ඇය ෆේස්බුක් මගින් අනිසි සම්බන්ධයක් පැවැත්වීම හෝ නරක ක‍්‍රියාවක නිරතවීමක් හේතුකොටගෙන ඇති වූ යම් ගැටලූකාරී තත්ත්වයක් නිසා නොව. ඇය පාසල් නිල ඇඳුමින් සිටින ඡුායාරූපයක් ෆේස්බුක් පිටුවක ඇතැයි ඇය අධ්‍යාපනය ලද විදුහලේ විදුහල්පතිවරයාට කවුරුන්දෝ දුන් ලණුවක් නිසා ඔහු ඇයට ඒ සම්බන්ධයෙන් නොසෑහෙන්නට දොස් නගා, ඉතා පහත් වචනයක් කියමින් බැණ වැදීම හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් බව පැවසේ.
ඇය නමින් වෙනූෂා ඉමන්දි බණ්ඩාරය. ඇය පදිංචිව සිටියේ කුරුණෑගල තෝර යායේය. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. මව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පෙර පාසලක සේවය කරන්නීය. ඇයට වැඩිමහල් සහෝදරියක්ද බාල සහෝදරියක්ද සිටියි. වැඩිමහල් සහෝදරිය ගුවන් හමුදාවේය. බාල සහෝදරිය ඇය ඉගෙනුම ලැබූ පාසලේම නව වන ශේණියේ අධ්‍යාපනය ලබන්නීය. පාසලේ කැපී පෙනෙන දක්ෂ සිසුවියක වූ වෙනූෂා සිය නිවසේ කාමරයක් තුළදී සාරියකින් ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගන්නේ ඉකුත් 05 වෙනිදාය. ඒ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදීය.
එදා පාසල් නොයන ඇය එසේ සියදිවි හානි කරගන්නේද තමා ඒ තීරණය ගැනීමට හේතුවූ කාරණා පිටු දෙකක් පුරා ලියා තැබිමෙන් අනතුරුවය. ෆෙස්බුක් කතාවත්, විදුහල්පතිවරයා ඇයට ඉතා පහත් ආකාරයෙන් බැණ වැදී ඇති බවත් හෙළිවන්නේ ඒ අනුවය. එම ලිපියේ අඩංගු කාරණාද, ඇගේ පියා වන පී.වී. අනුරසිරි කියන කාරණාද, ඇගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති පොලිස් විමර්ශනවලින් අනාවරණය වන කාරණාද සැලකිල්ලට ගත් කල ඇගේ සියදිවි හානිකර ගැනීමට හේතු වන කාරණා සුළුවෙන් තැකිය හැකි ඒවා නම් නොවේ.
මෙහිදී ඇගේ මරණයට විදුහල්පතිවරයාද යම් තරමකට වගකීමක් දැරිය යුතු බව පෙනේ. ඒ ඔහු නිසි සොයා බැලිල්ලකින් තොරව ඇයට ඉතා පහත් ආකාරයෙන් බැණ වැදී ඇති බව පෙනී යන නිසාය. එම විදුහල්පතිවරයා හමුදා සේවයේ නිරතව සිට පැමිණි අයෙකු බවද සඳහන්ය. ඔහු පාසල තුළ දැඩි පාලනයක් ගෙන යන්නට සිතා එසේ ඇයට බැන්නාද නැතිනම් ඇය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා යම් වෛරයකින් සිටියේදැයි ඇත්තේ ගැටලූවකි.
ඇය සිය ගෙල වැළලා ගන්නට පෙර පිටු තුනක් පුරා විදුහල්පතිවරයා විසින් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් එල්ල කළ චෝදනා සඳහන් කර තිබුණ අතර මෙවන් දෙයක් තවත් අයෙකුට නොකරන්නට පාඩමක් උගන්වන අටියෙන් දිවිනසාගන්නා බවද සඳහන් කර තිබුණා.
මේ කියන සිසුවියට ෆෙස්බුක් ගිණුමක් ඇති බව අන්තර්ජාලය තුළ සෝදිසියක් කළහොත් ඕනෑම අයෙකුට සොයා ගන්නට පුළුවන. හැබැයි ඇගේ පියා නම්, ඇය මිය යන තුරුම, ඇයට ෆෙස්බුක් ගිණුමක් ඇති බව දැන සිට නැත. එය එසේ යැයි කියා එම සිසුවිය එම ෆෙස්බුක් ගිණුම අනිසි ආකාරයට භාවිත කර ඇති බවක් පෙනෙන්නට නැත.
ඇගේ ඡුායාරූපයක්, සහෝදරියන් සමග ගාල්ලේ ඥාති නිවසකට ගිය අවස්ථාවක මුහුදු වෙරළක බෝට්ටුවක් අසල දී සහ මුහුදේ දිය නාමින් සිටියදී ගත් ඡුායාරූපයක් ඇතුළු ඡුායාරූප හතරක් පහක් හැරුණු විට ඇයගේ ෆෙස්බුක් ගිණුමේ වෙනත් කිසිදු ඡුායාරූපයක් හෝ විස්තරයක් දක්නට නැත. එය එසේ වුවත් විදුහල්පතිවරයා ඇයට ඉකුත් 03 වෙනිදා පාසල තුළදී බැණ වදින්නේ ෆෙස්බුක් හී පාසල් නිල ඇඳුමින් ඇය සිටින ඡුායාරූපයක් ඇති බව සඳහන් කරමිනි. ඒ සම්බන්ධයෙන් තමා ඇයව කාර්යාලයට කැඳවා අවවාද කළා මිස නරක අයුරකින් බැණ වැදුනේ නැති බවක් මේ වන විටත් විදුහල්පතිවරයා පොලීසියට කටඋත්තරයක් දෙමින් පවසා හමාරය.
එහෙත් ඇය සිය දිවි හානිකරගන්නට පෙර ලියා ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ විදුහල්පතිවරයා ඉතා නරක අයුරින් තමාට බැණ වැදුණු බවකි.ඒ වචන පවා ඇය ඒ ලිපියෙහි සඳහන් කරන්නට අමතක කර නැත. විදුහල්පතිවරයා ඇයට බැණ වැදුනේ යැයි සඳහන් වන්නේ ඇය පිරිමි ළමයෙකු සමග සිටින ජායාරූපයක් ෆෙස්බුක් හි තිබි තමාට හමුවූ බව සඳහන් කරමිනි. ඇය ඒ සම්බන්ධයෙන් එකහෙලා පවසා ඇත්තේ එය නිර්මාණය කළ ඡුායාරූපයක් බවය. විදුහල්පතිවරයා ඇයට බැණ වැදුනේ යැයි පැවසෙන්නේ ඒ ගැන නිසි විමර්ශනයක් නොකරය. ඒ ඡුායාරූපයට දැන් සිදුවී ඇත්තේ කුමක්දැයි අබිරහසකි. එය පොලීසියට භාරදෙන්නටවත් විදුහල්පතිවරයා පියවරක් ගෙන තිබුණේ නැත. ඒ ගැන නිසි විමර්ශනයක් පොලීසිය කර තිබුණු බවක්ද පෙනෙන්නටද නොවීය. ඒ වෙනුවට පොලිස් මූලස්ථානයට කුරුණෑගල පොලීසිය වාර්තාකර තිබුණේ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇගේ සියදිවි හානිකර ගැනීමට මුල්වී ඇති බවය.
පොලීසිය ඇගේ මරණයට තුඩුදුන් සැබෑ හේතුව සඟවන්නට උත්සාහ කරනවා නම් එසේ කරන්නේ කාගේ උවමනාවටදැයි ඇත්තේ ගැටලූවකි. ඒ විදුහල්පතිවරයා රැුක ගැනීමටද නැතිනම් ඉහළින් ලැබුණු නියෝගයකට අනුව දැයි කිව නොහැක.
ප‍්‍රශ්නයට තුඩුදෙන එම ඡුායාරූපය විදුහල්පතිවරයාට ලැබෙනවානම් ලැබිය යුත්තේ දෙවැනි පාර්ශ්වයක් මගිනි. ඒ පුද්ගලයාද ෆෙස්බුක් ගිණුම් හිමියෙකු විය යුතුය. නැතිනම් විදුහල්පතිවරයාට ෆෙස්බුක් ගිණුමක් තිබිය යුතුය. පොලීසිය මේ කාරණා ගැන යම් අවධානයක් යොමු කළේ නම් ඇගේ මරණයට මුල්වන සැබෑ හේතුව සොයා ගන්නට වඩාත් ඉඩකඩ තිබිණි..
සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පවසන්නේ තමා පාසලේ විනය ගැන තදින්ම සිටින පුද්ගලයෙකු බවත් පාසලේ පැමිණිලි පෙට්ටියට ලැබුණ නිර්නාමික ලියුමකින් මේ ෆෙස්බුක් ප‍්‍රශ්නය දැනගන්නට ලැබුණ බවත්ය. ඒ දැක ෆෙස්බුක් පරීක්ෂා කිරීමේදි ඇය තමාගේත් විදුහලේ අනන්‍යාවත් ඇ`ගවෙන ආකාරයට පවත්වා යන පිටුවේ ඇගේ පුද්ගලික සම්බන්ධයක් සම්බන්ධ අනවශ්‍ය ඡුුයාරූප ප‍්‍රසිද්ධ කර තිබීම ගැන දැකගන්නට ලැබුණ බවත්ය. ඒ අනුව තවත් ගුරුවරුන් දෙදෙනෙකු සිටි කාර්යාල කාමරයට ඇය ගෙන්වා අවවාද කළ බවත් එතැන විශාල පිරිසක් නොසිටි බවත් ඔහු පවසනවා. ඒ අතරම ඔහු කියන්නේ තමා කියූ සියලූ කරුණු බොරු නොවන බව ඇය පිළිගත් බවයි. මේ ගැන කතා කරන්නට පියාව රැුගෙන එන ලෙස දන්වා ඇය පිටත් කළ පසු මේ අවාසනාවන්ත සිද්ධිය ආරංචි වූ බවයි.
මේ අතරම ඔහු පවසන්නේ ඇය පවුලේ ප‍්‍රශ්න නිසා මානසික පීඩනයෙන් කල් ගත කළ සිසුවියක බවත් පියා හා මව අතර පවතින ආරවුල් නිසා ඇයට පැවති මානසික පීඩාව දැන ගෙන ඇයව පාසලේ මානසික උපදේශිකාවට යොමු කර තිබුණ සිසුවියක බවත්ය. මේ අතර ඇගේ මානසික ප‍්‍රශ්න විමසා බැලූ බව පැවසෙන ප‍්‍රභා රණසිංහ නමැති මානසික උපදේශිකාව පවසන්නේ වෙනුෂාගේ ලියුමෙන් කරුණු හෙළිකර තිබෙන ආකාරයට වඩා වෙනස් තත්වයක් මේ සංසිද්ධිය පසුපස ඇති බවයි.ඇගේ මරණයට සෘජු ලෙසම ෆේස් බුක් නිසා විදුහල්පතිගේ බැණවැදීම බලපාන්නට ඇතැයි තමා නොසිතන බවයි.
ඇයගේ නිවසේ මව පියා දිගු කලෙක පටන් කථාබහ කිරීම පවා නවතා වෙනම ජීවත්ව සිටින බවත් ඇගේ ප‍්‍රශ්න කියන්නට කෙනෙක් නැතිව විශාද මානසික තත්වයෙන් ඇය පීඩා විඳි බවත් ඒ ගැන ඇගේ ෆෙස් බුක් ගිණුමෙහි තිබුණ කවිපද සාක්ෂි දරන බවද උපදේශිකාව පවසනවා. තමන්ට නොලැබුණ ආදරය සොයා ඇය ගමන් කළ ගමනේ අතරමංවී සිටි බවත් අත්දැකීම් අඩු වයසක සිටි ඇයට මේ කරදර අනපේක්ෂිත ආකාරයට සිතට වදදෙන්නට ඇතැයිද මෙම මරණය මානසික ප‍්‍රශ්නයක් මත සිද්ධවූ මරණයක් බවද උපදේශිකාව පවසා තිබෙනවා.
තවදුරටත් අදහස් දක්වන විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න නම් මේ ගැන පවසන්නේ පාසලට අගෞරවයක් ඇතිවන ආකාරයට ඇය ෆෙස්බුක් ගිණුම් 02ක් පවත්වාගෙන ගිය බැවින් ඒ ගැන ඇයට අවවාද කළ බවය. එම ෆෙස්බුක් ගිණුම් ගැන තමන්ට තොරතුරු ලැබෙන්නේ විදුහලේ ඇති පැමිණිලි පෙට්ටියෙන් බවද ඔහු පවසන්නේය.
ඇගේ පියා පවසන ආකාරයට සිය දියණියට පේ‍්‍රම සම්බන්ධයක් තිබි නැත. එවන් සම්බන්ධයක් ගැන ආරංචියක්වත් තිබි නැත. ඇය සියදිවි හානිකර ගන්නට පෙර ලියූ ලිපියේද තමාට එවන් සම්බන්ධයක් නැති බව ඇය පවසා ඇතැයිද ඔහු පවසයි. විදුහල්පතිවරයා තමාට බැණ වැදුනේ තමන්ගේ මුහුණ යොදා ව්‍යාජ ලෙස සකස්කළ ඡුායාරූපයක් දැක බවත්, එය පැහැදිලි කර දෙන්නට ඔහු ඉඩ නොදී බැණ වැදුණු බවත් ඇය ඒ ලිපියෙහි සඳහන් කර ඇති බව ඇගේ පියා කියයි.
”දුවට හොඳටම බැණල 05 වෙනිදාට මාව ඉස්කෝලෙට එක්ක එන්න කියල විදුහල්පතිතුමා කියල තිබ්බා. දුව ගෙදර ඇවිත් විස්තරේ මට කිව්වා. අප්පච්චි ඔයා එදාට ඉස්කෝලේ යන්න එපා. මට බැණපු විදිහට අප්පච්චි කියන දෙයක්වත් එයා අහන්නෙ නැතිවෙයි. අප්පච්චි නිකම් බැණුම් අහන්න ඕනේ නැහැ. දැන් මට ඉස්කෝලෙ යන්න හිතෙන්නෙත් නැහැ’ කියල දුව මට කිව්වා. ඊට ඉස්සර දවසකත් විදුහල්පති ළමයි විශාල පිරිසක් ඉන්න තැනක දුවට හොඳටම බැණල තිබුණා. දුව පිරිමි ළමයෙක් එක්ක චිත‍්‍රපටයක් බලන්න ගිහින් කියල. දුව මැරෙන්න ඉස්සෙල්ල ලියල තියෙන ලියුමෙත් ඒ ගැන ලියල තියෙනව. ”මම ඒ වගේ වැරදි වැඩක් කළේ නැහැ. නංගිත් ඒ ගැන හොඳටම දන්නව” කියල දුව ලියල තියෙනව.”
ඇගේ පියා අරුණසිරි දුක වේදනාව හිරකරගෙන තම දියණියට එල්ලවූ පීඩනයන් ගැන කරුණු කියන්නට වූයේ එසේය.
පසුව විදුහල්පතිවරයා පොලීසියට පවසා ඇත්තේ ඇයට අවවාද කළා මිස ඇගේ පියාට එන්නට කීවේ නැති බවය. දෙපාර්ශ්වය කියන මේ කතාවල ඇත්ත නැත්ත විමසන්නට ඇය දැන් ජීවතුන් අතර නැත. ඇය මිය යන්නට පෙර තැබූ සටහන අවසානයේ ලියා ඇත්තේ තවත් ළමයෙකුට මෙවන් ඉරණමක් අත්නොවනු පිණිස මෙලෙස සියදිවි හානිකරගන්නා බවය.
ඇයගේ සිය දිවි හානි කර ගැනීම අප අනුමත නොකළද ඇගේ මරණයට තුඩුදුන් හේතූන් පිළිබඳව විධිමත් විමර්ශනයක අවශ්‍යතාවක් ඇති බව නම් පෙනී යන කාරණාවකි. ඒ ඇගේ මුහුණ යොදා ව්‍යාජ ඡුායාරූපයක් සකස් කොට ෆෙස්බුක් පිටුවක ප‍්‍රදර්ශනය කළ පුද්ගලයකු සිටී නම් ඔහු හෝ ඇය හඳුනාගෙන එම තැනැත්තාට එරෙහිව ක‍්‍රියාත්මක වීමටය. එසේම නිසි සොයා බැලීමකින් තොරව නොගැළපෙන වචන කියමින් විදුහල්පතිවරයා සිසුවියට බැණ වැදුණා නම් ඒ සම්බන්ධයෙන්ද යම් පියවරක් ගනිතැයි යන්න ඇගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන්ගේ අපේක්ෂාවය. ඒ තවත් සිසුවෙකුට හෝ සිසුවියකට එවන් වරදක් සිදුනොවන්නටය.
උපුටා ගැනීම lankagossip

Last edited: