දවසම ගැරජ් එකේ......!
එලකිරියට එකතු උනු දවසෙ ඉඳල සෑහෙන දේවල් ගොඩක් ජීවිතේට එකතු කර ගත්තත්, මම නං ඉතින් එළකිරියට දීපු දෙයක් නැති තරං....

ඒක නිසා ඔන්න මමත් ඉස් ඉස්සෙලාම එළකිරි යාළුවන්ටත් චුට්ටක් හරි වැදගත් වෙයි කියල හිතෙන නූලක් දාන්න හිතුව....
මගේ ලිවීමේ හැකියාව රතුපාට නිසා, මම කතාවක් විදිහට නූල ඇදගෙන යන එක හොඳයි කියල හිතුනා...
අඩුපාඩු නං ඉතින් ගොඩක් තියෙයි...
දවස : Office එකේ නිවාඩු දවසක්...
උදේ පාන්දර 9 ට විතර ඉර එළිය වැටෙන්නත් කලින්ද මන්ද ෆෝන් එක ලතෝනි ගහන්න ගත්ත.... කොට්ට ටික පෙරලල, පෙරලල, යාන්තං ෆෝන් එක හොයාගෙන හලෝ කිව්ව....
මල්ලි තාම නිදිද...?
නැතුව ඉතින්මේ වෙලාවේ !@#$%^&* (ඒ ටික කිව්වේ හිතින්..
.)
නෑ කියන්න අක්කේ..... ෆෝන් එකේ සද්දෙට මේ දැන් නැගිට්ටෙ.... ඇයි මේ උදේ පාන්දරම...
9 කියන්නෙ උදේ පාන්දරද පෙරේතයෝ.... (අක්කත් ෂුවර් එකටම එහෙම තමයි හිතන්න ඇත්තේ....)
අනේ මල්ලි මගේ කාර් එකේ සයිලන්සර් එකෙන් ලොකු සද්දයක් එනව... පොඩ්ඩක් ඇවිත් බලන්න පුළුවන්ද...? ඒක කැඩිලද දන්නෙ නෑ... දිගටම සද්දේ ඇහෙනව...
කාල වරෙන්කො ඉතින්.... නිවාඩු දවසටත් කෙළ වෙන්නයි යන්නේ (ඒ ටික කිව්වෙත් ඉතින්, හිතින්ම තමයි)
හදිස්සියට උස්සං යන වාහනේ නිසා බෑ කියන්නත් බෑ...
අපේ ගෙදරිනුත් එකම කෙළියයි ගෙදර නිකං ඉන්න එකේ පොඩ්ඩක් මොකද්ද වෙලා තියෙන්නෙ කියල බලල එන්නම කියලා.... 

අන්තිමට ඉතින් බස් හතරක, පැය 2 ක කෙටි ගමනකින් පස්සේ ආව වාහනේ බලන්න....(එලවන හැමෝටම වාහන නෑනේහ්
)
ආවට පස්සේයි දැන ගත්තේ සර්විස් එකටත් කාලෙ හරි කියලා....

ඔන්න ඉතිං දෙයියනේ කියල වාහනේ අරගෙන පිටත් උනා, කැඩිච්ච සයිලන්සරෙත් හදාගෙන, සර්විස් පාරකුත් දී ගෙනම එන්න කියලා....

මේතන ඉඳල තමයි Mission එක පටං ගත්තේ...
මුලින්ම ගියා සයිලන්සරේ හදා ගන්න....

නග්ග ගත්තා උඩටම....

මෙන්න තියෙනවා මගේ Off එකට කෙළ වෙච්ච හේතුව....

ඒ මදිවට සයිලන්සරේ ඉස්සරහ මවුන්ට් දෙකත් සවුත්තු වෙලාලු....
මේ තියෙන්නේ...
මේ තියෙන්නෙ අලුතෙන් දාපු මවුන්ට් එකක්.... මේකෙන් දෙකක් දැම්ම ඉස්සරට....
ගලවලම ගත්තා....
ඊට පස්සෙ යකඩ බට කෑල්ලක් තියලා, ආයි පාස්සලම තමයි දාන්න වෙන්නේ....
අන්තිමට හයි කලා....
හම්මෝ..... එක වැඩක් නං ඉවරයි....

දැං යමු සර්විස් කරන තැනට....
.
මුලින්ම රෝද හතර ගලවන්න ඕන නිසා ඇණ ටික බුරුල් කලා....
හපෝ... මේ නට් එක අපිට දීපු වදයක්....

ඔන්න රෝද ටික ගැලෙව්වා....
නිකන් ඉන්න බැරි නිසා යටටත් රිංගුවා....

මෙන්න මේ කොටස් ගෙවිලනං වන්ඩියේ යනකොට ගොඩක් සද්ද ඇහෙන්න පුළුවන්ලු....

එක නිසා රොද ගල්වපු වෙලාවක පොඩ්ඩක් චෙක් කර ගන්න පුළුවන් නං ගොඩක් හොඳයි.....

ගියර් ඔයිල් අයින් කළේ මෙතනිං.....
(ෆොටෝ එක ගන්න ගිහින් හත්පොලේම ගා ගත්තා...
)
මෙන්න මේ ගැජට් එකෙන් තමයි ගියර් ඔයිල් ඇතුළට විදින්නේ.... (Inject) මේක හරියට නොස්ල් එකක් වගේ....
ඊට පස්සෙ භූමි තෙල් පාරක් අල්ලනවා....
(ඒත් දැන් භූමිතෙල් නොගහන කතාවකුත් කියනවා.... දැං ගොඩක් වෙලාවට ගහන්නේ ඩීසල් කියල තමයි කියන්නේ... හරියටම දන්නේ නෑ ඒ ගැන නං...
)
ටයර් ටිකත් භූමි තෙල් වලින් හෝදනවා....
පස්සේ ප්රෙශර් ගන් එකෙන් හෝදල, යට තියෙන මඩ, රොඩු, ගොම,දූවිලි, ඔක්කොටම ගේම දෙනවා....

ඒ අතරේ එකෙක් ටයර් ටිකයි, කප් ටිකයි හෝදනවා
ඊලඟට ඔයිල් ගහන්න පටන් ගන්නවා, චැසිය යටයි... අරහේ මෙහේ හැම තැනම....

එන්ජින් ඔයිල් මාරු කරන්න මොහොතකට කලින්....

ඒ අතරේ අනිත් බුවා ඉන්ටීරියර් ටික ක්ලීන් කලා....
එන්ජින් එකටත් මොකද්ද මන්දා කෙමිකල් එකක් අල්ලුවා.....

ඊට පස්සේ හුළං පාරක් අල්ලලා ක්ලීන් කොළා....

Finally... Full බොඩි වොශ් එකක් දුන්නා සම්පූර්ණ බොඩියටම.....

අන්තිමට වතුර ටික හොඳට පිහදාල, හෝදපු කාර්පට් ටික එහෙම ලස්සනට දාලා, අතුලට එයාර් ෆ්රෙශ්නර් එකක් එහෙම අල්ලලා අපිව ටිකක් උඩින් තියනවා.....
බිල ගෙවනකං.....

ඔන්න ඔහොමලු උනේ....
සර්විස් කලාට වැඩිය කට්ටක් කෑව පොස්ට් එක දා ගන්න.....

අඩුපාඩු තියෙන්වනං ශේප් එකේ කියන්න, හදාගන්නං....

එක පාරට බැනල ගියොතින් එහෙම අප්සෙට් යනවනේ.....

බලන හැමෝටම ස්තූතියි කිව්ව එහෙනං!
(ත්රෙඩ් එක දා ගන්න පට්ටම සප් එකක් හම්බ උනා "mano 3989" යාළුවගෙන්.... එයාටත් ගොඩාක් ස්තූතියි...!!)
එලකිරියට එකතු උනු දවසෙ ඉඳල සෑහෙන දේවල් ගොඩක් ජීවිතේට එකතු කර ගත්තත්, මම නං ඉතින් එළකිරියට දීපු දෙයක් නැති තරං....

ඒක නිසා ඔන්න මමත් ඉස් ඉස්සෙලාම එළකිරි යාළුවන්ටත් චුට්ටක් හරි වැදගත් වෙයි කියල හිතෙන නූලක් දාන්න හිතුව....

මගේ ලිවීමේ හැකියාව රතුපාට නිසා, මම කතාවක් විදිහට නූල ඇදගෙන යන එක හොඳයි කියල හිතුනා...
අඩුපාඩු නං ඉතින් ගොඩක් තියෙයි...
දවස : Office එකේ නිවාඩු දවසක්...
උදේ පාන්දර 9 ට විතර ඉර එළිය වැටෙන්නත් කලින්ද මන්ද ෆෝන් එක ලතෝනි ගහන්න ගත්ත.... කොට්ට ටික පෙරලල, පෙරලල, යාන්තං ෆෝන් එක හොයාගෙන හලෝ කිව්ව....
මල්ලි තාම නිදිද...?
නැතුව ඉතින්මේ වෙලාවේ !@#$%^&* (ඒ ටික කිව්වේ හිතින්..

.)නෑ කියන්න අක්කේ..... ෆෝන් එකේ සද්දෙට මේ දැන් නැගිට්ටෙ.... ඇයි මේ උදේ පාන්දරම...
9 කියන්නෙ උදේ පාන්දරද පෙරේතයෝ.... (අක්කත් ෂුවර් එකටම එහෙම තමයි හිතන්න ඇත්තේ....)
අනේ මල්ලි මගේ කාර් එකේ සයිලන්සර් එකෙන් ලොකු සද්දයක් එනව... පොඩ්ඩක් ඇවිත් බලන්න පුළුවන්ද...? ඒක කැඩිලද දන්නෙ නෑ... දිගටම සද්දේ ඇහෙනව...
කාල වරෙන්කො ඉතින්.... නිවාඩු දවසටත් කෙළ වෙන්නයි යන්නේ (ඒ ටික කිව්වෙත් ඉතින්, හිතින්ම තමයි)
හදිස්සියට උස්සං යන වාහනේ නිසා බෑ කියන්නත් බෑ...

අපේ ගෙදරිනුත් එකම කෙළියයි ගෙදර නිකං ඉන්න එකේ පොඩ්ඩක් මොකද්ද වෙලා තියෙන්නෙ කියල බලල එන්නම කියලා.... 

අන්තිමට ඉතින් බස් හතරක, පැය 2 ක කෙටි ගමනකින් පස්සේ ආව වාහනේ බලන්න....(එලවන හැමෝටම වාහන නෑනේහ්

)ආවට පස්සේයි දැන ගත්තේ සර්විස් එකටත් කාලෙ හරි කියලා....

ඔන්න ඉතිං දෙයියනේ කියල වාහනේ අරගෙන පිටත් උනා, කැඩිච්ච සයිලන්සරෙත් හදාගෙන, සර්විස් පාරකුත් දී ගෙනම එන්න කියලා....

මේතන ඉඳල තමයි Mission එක පටං ගත්තේ...
මුලින්ම ගියා සයිලන්සරේ හදා ගන්න....

නග්ග ගත්තා උඩටම....

මෙන්න තියෙනවා මගේ Off එකට කෙළ වෙච්ච හේතුව....

ඒ මදිවට සයිලන්සරේ ඉස්සරහ මවුන්ට් දෙකත් සවුත්තු වෙලාලු....
මේ තියෙන්නේ...
මේ තියෙන්නෙ අලුතෙන් දාපු මවුන්ට් එකක්.... මේකෙන් දෙකක් දැම්ම ඉස්සරට....
ගලවලම ගත්තා....
ඊට පස්සෙ යකඩ බට කෑල්ලක් තියලා, ආයි පාස්සලම තමයි දාන්න වෙන්නේ....
අන්තිමට හයි කලා....
හම්මෝ..... එක වැඩක් නං ඉවරයි....

දැං යමු සර්විස් කරන තැනට....

.මුලින්ම රෝද හතර ගලවන්න ඕන නිසා ඇණ ටික බුරුල් කලා....

Last edited: