ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    jajaja

    හිච්චි යෝජනාවක් කොරන්ටයි ආවෙ.. බැරිද හේලෝ ගහන්න සෙට් එකට කතා කර කරගහන්න ක්‍රමයක් හොයාගන්න ? ස්කයිප් ගූගල් ටෝක් වගේ ක්‍රම නැතුව සෞන්ඩ් එකේ කොලිටි එක අඩු කරල අප්ලෝඩ් කරන ගේම් ගහද්දි කතාකරන්නම හදපු සොෆ්ට්වෙයා මොකුත් නැද්ද ? නැත්තං අපි කට්ටිය එකතුවෙලා එහෙම එකක් හදමුද ? එතකොට ගේම් එක ගහද්දි කොට කොට ඉන්න ඕන්නෑ, සිරාවටම ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්න උන්ට බේස් එකට මැසේජ් එක දුන්නෑකි.. අනික එතකොට දැන් ගහනව වගේ එක පාරට ගහෙන් ගෙඩි හෙන්න වගේ ඇටෑක් නෑ.. හැම ඇටෑක් එකකටම කට්ටිය ලෑස්තිවෙලා ඉන්නෙ.. සුපිරි යුද්ධයක් තියෙයි.. :) කව්ද වැඩේට කැමති ? එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනවනං කියන්න.. :)

    සිරා වැඩක් මචන්..
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    1uyi.png


    කවුරුත් නැනේ..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹල කතා කර කර ගහපල්ල බං.. මට එන්න වෙන්නෙ නෑ.. පරණ පුරුදු චැට් ක්‍රමේ හොඳා..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    IP Address ටයිප් කරන වදයෙන් නිදහස් වෙමු

    මෙහෙම හිතපං.. එලකිරි සවර් එක ලිස්ට් එකෙන් හොයන්න කම්මැලි නිසා ඩිරෙක්ට් අයිපී කියන කෑල්ලෙ ගහගෙන ඉන්නව සර්වර් එකේ ඇඩ්‍රස් එක "198.252.101.8:2302" කියල..
    ඒකෙ ගහල ඇතිවෙලා දෙවනි සවර් එකට ජොඉන් වෙන්නත් ඕනෙ වුනාම නං ලේසියෙන්ම අන්තිම ඉලක්කම 2 වෙනුවට 4 කල්ල එන්ටර් කරනව.. ඒත් ඔය අස්සෙ තවත් සම්පූර්ණෙන්ම ව්එනස් අයිපී ඇඩ්‍රස් එකක් තියෙන සවර් එකකට ජොඉන් වෙන්න ඕනෙ වුනොත් ? හරියට "123.987.521.4:1574" ඔච්චර දිග නොම්බරයක් එක පාර මතක තියාගන්න බෑනෙ.. කොටහින් කොටහ බල බල කොටන්න ඕනෙ.. ආයෙ එලකිරි එකට ජොඉන් වෙන්න ඒකත් බලාගෙන කොටන්න ඕනෙ.. මේ දෙන්න යන්නෙ ඒ වදෙන් නිදහස් වෙන්න ක්‍රමයක්..


    මෙන්න ලින්ක් එක

    ඕකෙන් බෑවෙන්නෙ zip ෆයිල් එකක්.. ඒක එක්ස්ට්‍රෑක්ට් කරගත්තාම එන ෆෝල්ඩරේ ඇතුලෙ තියෙනව සෝට්කට් එකක් "HaloCE IP Database.exe - Shortcut" කියල.. ඒක ඕපන් කරන්නයි තියෙන්නෙ.. එතකොට එනව මෙන්න මේම මේම වින්ඩෝ එකක්..

    112he69.png


    පලවෙනි පාර ඕපන් කරද්දි ඕම ඇඩ්ඩස් එකක් ටයිප් වෙලා එන්නෙ නෑ.. ඔක්කොම ඩිසේබල්, ඔක්කොම හිස්.. ඉස්සරහ තියෙන එනේබ්ල්ඩ් බටං එක ඔබල මැද මෙව්ව එකේ ඕනෙ කරන ඇඩ්ඩස් එක කොටල තියාගන්නයි තියෙන්නෙ.. දැන් ඔය මං දීල තියෙන ස්කීන් සොට් එකේ හැටියට හේලෝ ගේම් එකේ අයි පි ඇඩ්ඩස් එක කොටන තැනට ගිහිං F12 ඔබපු ගමං වෙන්නෙ ඔය මැද මෙව්ව එකේ තියෙන ඇඩ්ඩස් එක ඒකෙ කෙටෙන එක.. මේකෙන් තමන් කැමති අයිපී ඇඩ්ඩස් 12ක් සේව් කල්ල තියාගෙන එක බටං කිලික් එකෙන් ඇඩ්ඩස් එක කොටල ජොඉන් වෙන්න ඇහැකි :D

    මෙන්න FAQ තීරුව..

    1. F1 වගේ බටන් එකක් එබුවාම හෙල්ප් වින්ඩෝ එක පේනව.. එතකොට මේකෙ F1 වෙනුවට අයිපී ඇඩ්‍රස් එකක් දීල හේලෝ ගිහිං F1 එබුවාම හෙල්ප් වින්ඩෝ එක මතුවෙන්නෙ නැද්ද ?
    •නැත. ඉස්සරහ තියෙන එනේබල්ඩ් කියන එක එබුවහම කීබෝඩ් එකේ F කීස් වලිං OS එකට යන සිග්නල් නවත්තනව.. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් එහාට අදාල F කී එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ.. එනේබල්ඩ් කියන එක අයින් කලාම F අකුරු සාමාන්‍ය විදිහට වැඩ.. ඒ නිසා F1 එබුවට හෙල්ප් වින්ඩෝ එක මතුවෙන්නෙ නෑ..

    2. ක්ලෝස් කල්ල ඕපන් කරද්දි සේව් කරපු අයිපී ඇඩ්‍රස් වලට මොකද වෙන්නෙ ?
    •මේකෙ ටයිප් කරන ඇඩ්‍රස් ඔක්කොම මේකෙම සේව් වෙනව.. ඒ නිසා ක්ලෝස් කල්ල ඕපන් කලාට කිසිම ඇඩ්‍රස් එකක් නැතිවෙන්නෙ නෑ.. ඒත් ප්‍රෝග්‍රෑම් එක තියෙන ෆෝල්ඩරේ වෙනස් කලොත් ඔක්කොම ක්ලියර් වෙනව..


    FAQ එච්චරයි ඈ..

    ඊලඟට එන ලොකුම ප්‍රශ්නය තමා මාව කොහොමද විශ්වාස කරන්නෙ කියන එක.. ඒ ප්‍රශ්නෙ ආවෙ නැත්තං අද ඉඳන්වත් දෙන හැම ප්‍රෝග්‍රෑම් එකකදිම (මම විතරක් නෙමේ හැමෝම) ඔය ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහන්න පුරුදුවෙන්න.. ඒකට දෙන්න තියෙන සරලම සහ කෙටිම පිළිතුර තමා මාව කිසිම විදිහකට විශ්වාස කරන්න බෑ.. මේ වගේ දෙන පොඩි සොෆ්ට්වෙයා එකකින් උඹල කීබෝඩ් එකේ කොටන සේරම ටික මට ලේසියෙන්ම මගෙ ඊමේල් එකට ඊමේල් කරවගත්තෑකි.. සරලවම කියනවනං පුංචි බොට් එකක් මේ වගේ දෙයක් එක්ක එව්වෑකි.. ඒ නිසයි මේක free & open source ප්‍රෝග්‍රෑම් එකක් විදිහට දෙන්නෙ.. මෙන්න බාගන්න සෝස් කෝඩ්ස් ටික..

    සෝස් කෝඩ් ටික මෙතනින් බාගන්න

    ඕකෙත් ඩව්න්ලෝඩ් වෙන්නෙ සිප් ෆය්ල් එකක්.. එක්ස්ට්‍රෑක්ට් කල්ල ගන්නයි තියෙන්නෙ.. ඒ නිසා මං දීපු ප්‍රෝග්‍රෑම් එක බොට් එකක් කියල සැකහිතෙනවනං (කම්පියුටරයක් ගත්තෙ අද ඊයෙ නෙමේ නං අනිවාර්යයෙන් එහෙම හිතෙන්න ඕනෙ) මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් බලල තමුන්ම ප්‍රෝග්‍රෑම් එක හදාගන්න :)
    එහෙම හදාගන්න දන්නෙ නැති, ඒත් සැකය නිසා දීපු ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න බැරි, ප්‍රොජෙක්ට් ෆයිල් එකෙන් ප්‍රෝග්‍රෑම් එක තමන්ටම හදාගන්න ඕනෙ අය ඉන්නවනං කියන්න.. ඒක කරගන්න විදිහ සරලව වෙනම දාන්නම්. :)


    සැ.යු. මේක ටෙස්ට් කලේ මගෙ කම්පියුටර් එකෙයි තවත් යාළුවෙක්ගෙ කොමකයි විතරයි.. ඒ නිසා අවුල් මොනා හරි තියෙනවනං රිප්ලයි කරන්න.. නැත්තං [email protected] එකට ඊමේල් කරන්න..
    වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 8.1 වල වැඩ. හැදුවෙත් වින්ඩෝස් 8.1 වල ඉඳන්..
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    uba moko divve gagaha inna gaman :P

    උඹද අර අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු පිස්තෝල කරුවා ? තෝ බොට් නෙමේ නං මොලේ පරීක්ෂාවකට ලක් කරන්න ඕනෙ සිරාවටම.. :angry: