දානය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් මම මේ ලගදී දාන ගෙදරකට ගියා අපේ පවුලේ එකෙක්ගේ .
    මම වැඩිය ඕවට යන්නේ නැ එක වෙන කතාවක්. :P
    මම කියන්න හැදුවේ බන්. ඒ බන ගෙදර කන්න තිබ්බ ඉස්සෝ , මාළු වගේ දේවල්.
    බෙදනකොට එපා නොකියා හමුදුරුවෙත් කෑවනේ බන් .. මට පිස්සුයි එක දැක්ක වෙලාවේ ඉදල. මුන්
    බන කියනවා මාළු,ඉස්සෝ කකා.

    මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් මේ බනගෙදරට ඇවිල්ල තියෙන්නේ හොරු ටිකක්ද ? :oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    අපේ දානෙ ගෙදරකට ආපු හාමුදුරුවොත් මාළු කෑව බන්.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඉස්සො නම් මම දන්නෑ. ඒත් මාළු නම් දැන් ගොඩක් සාමාන්‍ය කරනය වෙලා. හැම හාමුදුරු නමක්ම වගේ වළඳනව. අපේ ගෙදරින් උදේ දානෙ දෙනව මාස 3කට සැරයක්. ඒකෙදිත් මාළු නැති කම හිතට අඩුවක් වගේ දැනෙන්නේ. ඒව දීලම. මම තාත්තගෙන් අහල තියෙනව මාළු දෙනවනම් ඇයි මස් නොදෙන්නේ. එතකොට කියනව අම්මගෙන් අහන්න කියල. :baffled: අම්මගෙන් ඇහැව්වම අම්මටත් උත්තරයක් නෑ.

    අනේ මන්ද බන්.
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචන් මම මේ ලගදී දාන ගෙදරකට ගියා අපේ පවුලේ එකෙක්ගේ .
    මම වැඩිය ඕවට යන්නේ නැ එක වෙන කතාවක්. :P
    මම කියන්න හැදුවේ බන්. ඒ බන ගෙදර කන්න තිබ්බ ඉස්සෝ , මාළු වගේ දේවල්.
    බෙදනකොට එපා නොකියා හමුදුරුවෙත් කෑවනේ බන් .. මට පිස්සුයි එක දැක්ක වෙලාවේ ඉදල. මුන්
    බන කියනවා මාළු,ඉස්සෝ කකා.

    මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් මේ බනගෙදරට ඇවිල්ල තියෙන්නේ හොරු ටිකක්ද ? :oo:

    Thamn wenuwenma maruwe nathnam paw siddawenne naha machang mas kewata. Harinam hamuduruwe ahala danaganna one kanna issella thaman maruwada kiyala. Ekata kiyanne thrikotika parisuddiya kiyala. Buduhamuduruwo ekathanakadi desanakarala thiyanawa.

    Thaman wenuwen maruwada?
    Thamawenuwen marubawa kawrunho kiwwada?
    Hariyatama Wiswasayak nadda?
    hamuduruwo mas kemen welakiyayuthuyi.
    Ehemayi buduhamuduruwo desana karala thiyenne.
     
    • Like
    Reactions: smother

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mamanam hithanne machan kawata kamak na kiyala.mokada budu dahame kiyala naha kanna epa kiyala.namuth oya danaya kochchara sadda sappannada kiyana eka gataluwak ena thanak wenawa.rasata kamak kanawa kiyanneth ekthara akarayaka asawath ne.anika ape minissuth innawa illa kana minihekuta,sathekuta dunnata wadak na loku pinkamak kaloth thama wadi pin kiyala.api katath dena dee kamaththen saddawen denawanam eka thama danaya mama hithanne.ekata loku podi satha miniha adala na.ape minissu inne mehe game pansale sil aragen baha anurada pure kalaniye sil ganna one ethakota thama hoda kiyal.thawa innawa e hamuduruwange bala lassana naha ara hamuduruwo bana kiyana dawasata yan kiyala pansalata yana.ethakota ithin mehema ahana apith waradiyi kiyala thama hithenne.api dena deya saddawen denawanam,echcharayi.karana dee paw pin thiyenne chethanawa anuwa.nathuwa wadee loku podi kamen neme.(mama hithana widiha witharayi kiwwe katawath bannewath katawath hoda kiwwewath neme )
     
    • Like
    Reactions: smother

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මුන්ව තියන්න වටින්නේ නැ නේ බන් :growl:
    ඕක ගැන කතා කරන්න ගියොත් ඉවරයක් කරන්න වෙන්නෑ බං. දේවදත්තගේ ඉල්ලීම් 5න් එකක් නෙ භිෂුන් ජීවිතාන්තය තෙක් නිර්මාංශික විය යුතුයි කියන එක. නමුත් බුදුහාමුදුරුවෝ එතකොට දේශනා කලේ භික්ෂුව කැමති නම් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැළඳුවාට කමක් නැහැ කියලයි.
     
    • Like
    Reactions: smother

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Thamn wenuwenma maruwe nathnam paw siddawenne naha machang mas kewata. Harinam hamuduruwe ahala danaganna one kanna issella thaman maruwada kiyala. Ekata kiyanne thrikotika parisuddiya kiyala. Buduhamuduruwo ekathanakadi desanakarala thiyanawa.

    Thaman wenuwen maruwada?
    Thamawenuwen marubawa kawrunho kiwwada?
    Hariyatama Wiswasayak nadda?
    hamuduruwo mas kemen welakiyayuthuyi.
    Ehemayi buduhamuduruwo desana karala thiyenne.

    ඔව් ඔන්න ඔය වගේ කේස් එකක් මම අහල තියෙනව. දව සත්තු වර්ග කීපයකගෙ හැරෙන්න. මාංශ අනුභව ඔයා ඔය කියල තියෙන කොන්දේසිවලට යටත්ව කරාට කමක් නෑ කියල බුදුරජානන් වහන්සේ දේෂනා කරල තියෙනව කියල අහල තියෙනව. ඔය අශ්වයො, ඇත් මස්. තව කීපයක් තියෙනව මතක නෑ.

    ඒනිසා මම ඕව ගැන වැඩිය හිතන්න ගියේ නෑ.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඕවා ඔහොම තමයි බන් .... දැන් ඉන්න මිනිස්සු බහුතරයක් බලන්නෙ දානයක් උනත් posh විදියට ලඟ පාත තියන ලොකුම පන්සලට දෙන්න .....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕවා ඔහොම තමයි බන් .... දැන් ඉන්න මිනිස්සු බහුතරයක් බලන්නෙ දානයක් උනත් posh විදියට ලඟ පාත තියන ලොකුම පන්සලට දෙන්න .....
    anna eka thama ban apita me hene wela thiyenneth.dakala thiyeda pidapathe wadina hamuduru namak mama jeewithetama dakala thiyenne 100 kata aduwen .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉස්සො නම් මම දන්නෑ. ඒත් මාළු නම් දැන් ගොඩක් සාමාන්‍ය කරනය වෙලා. හැම හාමුදුරු නමක්ම වගේ වළඳනව. අපේ ගෙදරින් උදේ දානෙ දෙනව මාස 3කට සැරයක්. ඒකෙදිත් මාළු නැති කම හිතට අඩුවක් වගේ දැනෙන්නේ. ඒව දීලම. මම තාත්තගෙන් අහල තියෙනව මාළු දෙනවනම් ඇයි මස් නොදෙන්නේ. එතකොට කියනව අම්මගෙන් අහන්න කියල. :baffled: අම්මගෙන් ඇහැව්වම අම්මටත් උත්තරයක් නෑ.

    අනේ මන්ද බන්.

    ඒ හමුදුරුවොන්ගෙන් අහන්න බැ මට ඒ වෙලාවේ. නැත්නම් අහනවා.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    anna eka thama ban apita me hene wela thiyenneth.dakala thiyeda pidapathe wadina hamuduru namak mama jeewithetama dakala thiyenne 100 kata aduwen .

    මම නම් තාම දැකල නෑ පිංඩපාතේ වඩින ස්වාමීන්වහන්සේ නමක්.:no:
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    සූත්‍ර දේශානවන්හි හෝ අටුවා ග්‍රන්ථයන්හි හෝ තමා දන්නා තරමින් මහායාන සම්ප්‍රදාය හැරෙන්නට කිසිදු ගුරුකුලයක් විසින් මස් ,මාළු, වැළදීම පාපයක් ලෙස සලකා නැත. මස්, මාළු, වැළඳීම පිළිබඳව පළමු විරුද්ධත්වයක් ශාසනය තුළින් මතුවන්නේ බුදුරදුන්ට ගල්පෙරළු දේවදත්ත භික්‍ෂුවගෙනි. මෙහිදී දේවදත්ත භික්‍ෂුව ඉදිරිපත් කළ පංච වස්තුවෙහි භික්‍ෂූන් දිවිහිමියෙන් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන ඉල්ලීම බුදුරදුන් හමුවේ ඉදිරිපත් කළේ මස්, මාළු වැළඳීම පවක්ය යන මතය දැරූ නිසා නොවේ. සෙසු ඉල්ලීම් සතර මගින්ද ඔහු බලා පොරොත්තු වූයේ උග්‍ර කටුක, ප්‍රතිපදාව සිල්වත් කමේ විශේෂ ලක්‍ෂණයක් බව සිතන විශාල පිරිසකගේ සිත එමගින් තමන් වෙත පහදා ගැනීමටයි. භික්‍ෂූන් දිවිහිමියෙන් ආරණ්‍ය වලම වාසය කළ යුතුය. භික්‍ෂූන් තැනින් තැනින් අසුලාගත් රෙදි කැබලි එක්කොට මැසූ පාංශුකූ®ල සිවුර දැරිය යුතුය. භික්‍ෂු පිඬුසිඟීම පමණක් තම ජීවිකා වෘත්තිය ලෙස අනුගමනය කළ යුතුය. භික්‍ෂූන් ආරාම කුටිවල නොව ගස් මුල් යට පමණක් ජීවත්විය යුතුය. භික්‍ෂූන් මස් ,මාළු, නොවැළදිය යුතුය. මේ කරුණු පහේම දක්නට ලැබෙන්නේ දුෂ්කර කටුක පැවිදි මතයි. මස්, මාළු, එදත් අදත් සමාජය පිළිගන්නේ, රස මස වුළු, ගණයට අයත් ඉන්ද්‍රියන් පිනවන දෙයක් ලෙසයි. ඔවුන්ට අවශ්‍ය වූයේ සැබෑ පැවිදි බව යනු රූක්‍ෂ ප්‍රතිපත්ති පුරන භික්‍ෂූන්ට ගරුකරන (ලූඛ පසනෙනා ආවුසො මනුස්සා) මිනිසුන් හා භික්‍ෂූන් තමන්ට නම්මවා ගැනීමටයි. සැබවින්ම දේවදත්ත භික්‍ෂුව සංඝ භේදයක් කොට පන්සියයක් භික්‍ෂූන් තමා වෙත නම්මවා ගත්තේ මේ භික්‍ෂූන් මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය යන කරුණුද ඇතුලත් පංච වරයන් ඉදිරිපත් කිරීමෙනි.බුදුරදුන් මෙහිදී නිදහස් මතය ඉදිරිපත් කරමින් කැමති කෙනෙක් මෙසේ හැසිරුණාට කම් නැතැයි නිගමනය කොට මේ අවුල විසඳාලූහ. දේවදත්ත විසින් කඩාගෙන ගිය පන්සියක් භික්‍ෂූහු කරුණු තේරුම් කරදීමෙන් සැරියුත් හිමියන් සමග ආපසු පැමිණියාහ.
    මස්,මාළු, ආහාරයට ගැනීම සැබවින්ම පාපයක්ද? සතුන් මරන්නේ අප කන නිසා නොවේද? අප නොකා සිටියොත් කිසිවකු සතකු නොමරන්නේය. විවිධ තර්ක විතර්ක අසන්නට ලැබේ. මස්,මාළු, ආහාරයට නො ගැනීමට සමහරු පෙළඹෙන්නේ අහිංසාවාද ගරුකිරීමක් වශයෙන් වන අතර තවත් සමහරෙක් සෞඛ්‍ය හේතු නිසාද එසේ කරති. මෙසේ කෑම හා නොකෑම පිළිබඳ වගකීම තම තමන් සතු බව බුදුරදුන් පෙන්වා දුන් අතර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනීමට බුදුරදුන් අනුමතය ලබා දුන් බව සිහිපත් කළ යුතුය. සැබවින්ම බුදුන් වහන්සේ මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ප්‍රාණඝාත අකුසලයට කවර හෙයකින් හෝ සම්බන්ධ වේ නම් කිසිදාක එබඳු මසක් මාළුවක් වැළඳීමට උන්වහන්සේ භික්‍ෂූන්ට අවසර නොදෙන්නාහ.
    ත්‍රිකොටි පාරිශුද්ධ මාංසය යනු කුමක්ද? මේ පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා වන්නේ සීහසේනාපති විසින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පිළිගැන්වූ දානයට පසුවය. සීහ සේනාපති තුමා පළමුව නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයාගේ ප්‍රධාන දායකයෙකි. ඔහු බුදුරදුන්ගෙන් ධර්මය අසා පැහැදී තෙරුවන් සරණ ගියේය. පසුදා බුදුරදුන් ප්‍රමුඛ සංඝයාට දහවල් දානය සඳහා තම නිවසට වඩින ලෙස ආරාධනා කළේය. ආරාධනාව පිළිගැනීමෙන් පසු දානය සූදානම්කරමින් මස් ව්‍යාංජනයක් සඳහා වෙළඳපළට ගොස් මස් ටිකක් මිලදීගෙන එන ලෙස එක්තරා සේවකයකු යැවීය.
    මෙහිදී සීහ සේනාපති අණකළේ පවත්ත මංසයක් හෙවත් විකිණීම පිණිස මරා ඇති සතකුගේ මස් ටිකක් මිලදීගෙන එන ලෙසයි. ‘පවත්ත මාංසය’ යනු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසයයි. මේ කාරණය ජෛන ශ්‍රාවකයන්ට ආරංචි වී ඔවුහු මේ සිදුවීම විකෘති කොට මහජනතාව අතරේ විශාල ප්‍රචාරයක් ගෙන ගියාහ. ඔන්න සීහ සේනාපති “ බුදුන් උදෙසා’ ලොකු සතකු මරා වළඳන්නට දීලා. යයි ඔවුහු මේ වැරදි ප්‍රචාරය කළෝ සීහ සේනාපතිත් බුදුරදුහුත් ප්‍රාණඝාතයට හවුල් වූවාය යන චෝදනාව එල්ල කරමිනි. පවත්ත මාංසයක් සීහ සේනාපති පිළිගැන්වූවත් ඔවුහු චෝදනා කළේ උද්දිහස කථ මාංශයක් පිදුවාය යනුවෙනි. මේ අනුව පවත්ත මාංශයක් වැළඳීම පාපයක් ලෙස නිගණ්ඨයො පවා පිළිනොගත්තාහ. ඒ අනුව පරම අහිංසාවාදී නිගණ්ඨයන් පවා උදෙසා මැරූ සතුන්ගේ මස්,මාළු, වැළදීම් ප්‍රතික්‍ෂේප කොට පවත්න මාංශය හෙවත් වෙළඳපොළෙන් මිලදී ගෙන පිදූ මස් මාංශ වැළඳු බව පැහැදිලි වේ. මේ නිසා පරම අහිංසා වාදි නිගණ්ඨයන් පවා මස්, මාළු, වැළඳූ බව වටහාගත යුතුය.
    ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසය යනු කුමක්ද? එය ප්‍රාණඝාත අකුසලයට හසු නොවන්නේ කෙසේද යන්න මීළ¼ගට පරීක්‍ෂා කර බලමු.
    1. තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)
    2. තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)
    3. තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)
    යනුවෙන් තුන් අංශයකින් පිරිසිදු වූ මස් මාළු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය නම්වේ. ඔබ වෙළඳ පොළොන් මසක් මාළුවක් මිලට ගන්නා විට මෙය ඔබ වෙනුවෙන් මරණ ලද්දක් දැයි සිතේද? එසේ සිතක් සැකයක් තිබේනම් ඒබඳු දෙයක් මිලදී ගැනීමෙන් වලකින්න. තමා වෙනුවෙන් මැරුවාය ඔබ දකින්නේ කූඩුවක සිටි කුකුළකු ඔබ බලා සිටිය දීම මරා මස් කොට ඔබට දුන්නේ නම් එය ඔබ මිලදී ගත්තේ නම් ඍජුවම ප්‍රාණඝාතයට ඔබ සම්බන්ධවේ. ඔබ එය දුටු බැවින් එය දිට්ඨ මාංශයකි. කලින් මරා ශීතකරණයක තබා තිබූ දෙයක් ඔබ මිලට ගත්තේ නම් එය අදිට්ඨ මාංශයකි.
    මීළඟට අසුත යනු යම් හෙයකින් සත්වයා මැරූ තැනැත්තා මම ඔබ වෙනුවෙන් මේ සතා මැරුවායයි කීවොත් ඔබ එය දැන දැනම මිලදී ගතහොත් ඔබ එම ප්‍රාණඝාතය අනුමත කළ බැවින් ඔබ උදෙසාම මැරූ බව ඇසූබැවින් එසේ මිලදී ගත්විට ඔබ ප්‍රාණඝාත ක්‍රියාවට හසුවේ. එය දානයක් සඳහා භික්‍ෂූන්ට පූජාකිරීමට අරමුණූ කරගත්තේ නම් භික්‍ෂූන් උදෙසා මැරූ මාංශයක් බැවින් භික්‍ෂුවද ප්‍රාණඝාතයට හසුවෙයි. මේ අනුව මසක් මාළුවක් භික්‍ෂූවක් ලැබූ විට එය තමන් උදෙසා මැරූවක්ද නැද්ද යන බව ඒ භික්‍ෂුව විසින් සැකහැර දත යුතුය.

    ‘අපරිසංඛිත’ යනු නොදුටුවත්, නොඇසුවත්, මේ මස්, මාළු මා පිණිස මරන්නට ඇතැයි සැක හිතේනම් එබඳු මසක් මාළුවක් පිළිගැනීම භික්‍ෂූන් විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුය. බෞද්ධ වූ ගිහි ජනතාව ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස් ,මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත.මෙහිදී මස්,මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි. එහෙත් සර්ව භාක්‍ෂික මිනිසාට මාංශ ප්‍රෝටීන් අවශ්‍ය බැවින් මස්,මාළු කෑම බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළේ නැත. එබඳු දෙයකින් පෝෂණයක් නොලබන කෙනෙක් මන්දපෝෂණය නොව රෝගි වූවා නම් මන්දපෝෂණයෙන් මිය ගියා නම් මස්, මාංස නොකැපයැයි අවවාද දුන් බුදුන් වහන්සේ එබඳු දෙයට වගකිව යුතු නොවන්නේ ද? බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම පසක්කරගත් සර්වඥයන් වහන්සේ කෙනෙක් නිසා මානව වර්ගයාට එබඳු ශික්ෂා පදයක් පැනවීමට උනන්දුවූයේ නැත. ලොව පුරා ප්‍රෝටීන් උණතාවයෙන් මියයන ප්‍රමාණය සුළු පටු නොවේ.
    මිනිසා මස්, මාළු වලින් වැළකිය යුතුයයි බුදුරදුන් අවවාද නොකළේ මේ ප්‍රායෝගික හේතුසාධක නිසා බව අප බුද්ධිමත්ව වටහාගත යුතුය. අප උත්සාහ දැරිය යුත්තේ මස්,මාළු කෑමෙන් මිනිසුන් වැළැක්වීමට නොව මිනිසුන් ප්‍රාණ ඝාත අකුසලයෙන් මුදා ගැනීමටයි. අප කළ යුත්තේ ප්‍රාණඝාතය වැඩිකරන සැලසුම් නතරකිරීමයි.
    බුදුරදුන්ට රහතන්ට මස් මාංශ පිදූබවත් පෙර බුදුවරු පසේ බුදුවරු පවා මස් ,මාංශ වැළඳූ බවත් සූත්‍ර පිටකය ආශ්‍රයෙන් කරුණු පෙන්වා දීමට කැමැත්තෙමි. ඉදිරි ලිපියකදී මේ පිළිබඳව කරුණූ පෙන්වා දීමට කැමැත්තෙමි. ධර්මය ගැන පරීක්‍ෂාකාරීව බැලීම ධර්මාවබෝධය පිණිස හේතුවන බවත් සත්‍යය දෙස බැලිය යුත්තේ හැඟීම්වලට වහල් නොවීමෙන් බවත් අවධාරණය කරමි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Thamn wenuwenma maruwe nathnam paw siddawenne naha machang mas kewata. Harinam hamuduruwe ahala danaganna one kanna issella thaman maruwada kiyala. Ekata kiyanne thrikotika parisuddiya kiyala. Buduhamuduruwo ekathanakadi desanakarala thiyanawa.

    Thaman wenuwen maruwada?
    Thamawenuwen marubawa kawrunho kiwwada?
    Hariyatama Wiswasayak nadda?
    hamuduruwo mas kemen welakiyayuthuyi.
    Ehemayi buduhamuduruwo desana karala thiyenne.

    mamanam hithanne machan kawata kamak na kiyala.mokada budu dahame kiyala naha kanna epa kiyala.namuth oya danaya kochchara sadda sappannada kiyana eka gataluwak ena thanak wenawa.rasata kamak kanawa kiyanneth ekthara akarayaka asawath ne.anika ape minissuth innawa illa kana minihekuta,sathekuta dunnata wadak na loku pinkamak kaloth thama wadi pin kiyala.api katath dena dee kamaththen saddawen denawanam eka thama danaya mama hithanne.ekata loku podi satha miniha adala na.ape minissu inne mehe game pansale sil aragen baha anurada pure kalaniye sil ganna one ethakota thama hoda kiyal.thawa innawa e hamuduruwange bala lassana naha ara hamuduruwo bana kiyana dawasata yan kiyala pansalata yana.ethakota ithin mehema ahana apith waradiyi kiyala thama hithenne.api dena deya saddawen denawanam,echcharayi.karana dee paw pin thiyenne chethanawa anuwa.nathuwa wadee loku podi kamen neme.(mama hithana widiha witharayi kiwwe katawath bannewath katawath hoda kiwwewath neme )

    ඕක ගැන කතා කරන්න ගියොත් ඉවරයක් කරන්න වෙන්නෑ බං. දේවදත්තගේ ඉල්ලීම් 5න් එකක් නෙ භිෂුන් ජීවිතාන්තය තෙක් නිර්මාංශික විය යුතුයි කියන එක. නමුත් බුදුහාමුදුරුවෝ එතකොට දේශනා කලේ භික්ෂුව කැමති නම් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැළඳුවාට කමක් නැහැ කියලයි.

    එතකොට බන් කොහේ හරි ප්‍රාණගාතය වෙලා තියෙනවනේ reverse engineering කරලා බැලුවොත් එහෙම :baffled:
    මමනම් මස් මාළු කනවා . ඒ මම කැමති නිසා. මම දැනගෙන කන්නේ මේ සත්තු කැමැත්තෙන් මැරිලා නැ .මුන්ට වැඩ දිඉල තමයි මරල තියෙන්නේ කියල..

    ත්‍රිකෝටික පාරිශුද්ධ කියන එක අද තමයි දැනගත්තේ . ඕක පොඩ්ඩක් කියවල හරියට දැනගෙන එන්නම් :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඒ හමුදුරුවොන්ගෙන් අහන්න බැ මට ඒ වෙලාවේ. නැත්නම් අහනවා.

    මම නම් මචං ඔය වගේ දේවල් අම්ම තාත්ත වගේ ලඟම අයගෙන් ඇහැව්වොත් මිසක්. විශේෂයෙන් ඔය වගේ වෙලාවකදි අහන්නෑ. මොකද මම බුද්ධාගම ගැන වැඩිය දන්නෙත්නෑ. බුදුහාමුදුරුවොත් මාංෂ අනුභවය ගැන විශේෂ කරුණු කියල තියෙනව කියල දන්නව. ඒවල ඇති පිළිගැන්වූවොත් වළඳන්න කියල.

    මේකයි මචන් කරන්න තියෙන්නේ. තමන්ගේ හිතට එකඟ නැත්නම් ඒක නොකර ඉන්න එක. මගේ යාළුවෝ ගොඩක් අය වෙජිටේරියන්. මගේ බෝඩින් සගයත් කෑම ගන්නේ පිටින්. එයා වෙජිටේරියන් නිසා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම නම් තාම දැකල නෑ පිංඩපාතේ වඩින ස්වාමීන්වහන්සේ නමක්.:no:
    sirawata.mama mulinma dakina dawase ahamben dakke.ape gate eka gawa natharawela innawa mama podiyi ne ethakota edata kalin wadinna athi api dakinna nathuwa athe ita passe hamadama api udeta gate eka paththak open karala thibbe.ehema nathuwa ekkenek witharak yanan thiyana thanin hamuduruwo wadinne na.godak was kaleta wadinawa machan.aranyagatha hamuduruwo nam wadina welawa danne na.