anna eka thama ban apita me hene wela thiyenneth.dakala thiyeda pidapathe wadina hamuduru namak mama jeewithetama dakala thiyenne 100 kata aduwen .
උඹ එහෙම හරි දැකලා තියනවා ..... මම ජීවිතේට දැකලා නෑ

...anna eka thama ban apita me hene wela thiyenneth.dakala thiyeda pidapathe wadina hamuduru namak mama jeewithetama dakala thiyenne 100 kata aduwen .

...මම නම් තාම දැකල නෑ පිංඩපාතේ වඩින ස්වාමීන්වහන්සේ නමක්.![]()

hamuduruwanta bedanna epa kiyana be neda, kana ekanm danne ne
meka thamai hewwe.. thanks !සූත්‍ර දේශානවන්හි හෝ අටුවා ග්රන්ථයන්හි හෝ තමා දන්නා තරමින් මහායාන සම්ප්රදාය හැරෙන්නට කිසිදු ගුරුකුලයක් විසින් මස් ,මාළු, වැළදීම පාපයක් ලෙස සලකා නැත. මස්, මාළු, වැළඳීම පිළිබඳව පළමු විරුද්ධත්වයක් ශාසනය තුළින් මතුවන්නේ බුදුරදුන්ට ගල්පෙරළු දේවදත්ත භික්ෂුවගෙනි. මෙහිදී දේවදත්ත භික්ෂුව ඉදිරිපත් කළ පංච වස්තුවෙහි භික්ෂූන් දිවිහිමියෙන් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන ඉල්ලීම බුදුරදුන් හමුවේ ඉදිරිපත් කළේ මස්, මාළු වැළඳීම පවක්ය යන මතය දැරූ නිසා නොවේ. සෙසු ඉල්ලීම් සතර මගින්ද ඔහු බලා පොරොත්තු වූයේ උග්‍ර කටුක, ප්‍රතිපදාව සිල්වත් කමේ විශේෂ ලක්ෂණයක් බව සිතන විශාල පිරිසකගේ සිත එමගින් තමන් වෙත පහදා ගැනීමටයි. භික්ෂූන් දිවිහිමියෙන් ආරණ්‍ය වලම වාසය කළ යුතුය. භික්ෂූන් තැනින් තැනින් අසුලාගත් රෙදි කැබලි එක්කොට මැසූ පාංශුකූ®ල සිවුර දැරිය යුතුය. භික්ෂු පිඬුසිඟීම පමණක් තම ජීවිකා වෘත්තිය ලෙස අනුගමනය කළ යුතුය. භික්ෂූන් ආරාම කුටිවල නොව ගස් මුල් යට පමණක් ජීවත්විය යුතුය. භික්ෂූන් මස් ,මාළු, නොවැළදිය යුතුය. මේ කරුණු පහේම දක්නට ලැබෙන්නේ දුෂ්කර කටුක පැවිදි මතයි. මස්, මාළු, එදත් අදත් සමාජය පිළිගන්නේ, රස මස වුළු, ගණයට අයත් ඉන්ද්‍රියන් පිනවන දෙයක් ලෙසයි. ඔවුන්ට අවශ්‍ය වූයේ සැබෑ පැවිදි බව යනු රූක්ෂ ප්‍රතිපත්ති පුරන භික්ෂූන්ට ගරුකරන (ලූඛ පසනෙනා ආවුසො මනුස්සා) මිනිසුන් හා භික්ෂූන් තමන්ට නම්මවා ගැනීමටයි. සැබවින්ම දේවදත්ත භික්ෂුව සංඝ භේදයක් කොට පන්සියයක් භික්ෂූන් තමා වෙත නම්මවා ගත්තේ මේ භික්ෂූන් මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය යන කරුණුද ඇතුලත් පංච වරයන් ඉදිරිපත් කිරීමෙනි.බුදුරදුන් මෙහිදී නිදහස් මතය ඉදිරිපත් කරමින් කැමති කෙනෙක් මෙසේ හැසිරුණාට කම් නැතැයි නිගමනය කොට මේ අවුල විසඳාලූහ. දේවදත්ත විසින් කඩාගෙන ගිය පන්සියක් භික්ෂූහු කරුණු තේරුම් කරදීමෙන් සැරියුත් හිමියන් සමග ආපසු පැමිණියාහ.
මස්,මාළු, ආහාරයට ගැනීම සැබවින්ම පාපයක්ද? සතුන් මරන්නේ අප කන නිසා නොවේද? අප නොකා සිටියොත් කිසිවකු සතකු නොමරන්නේය. විවිධ තර්ක විතර්ක අසන්නට ලැබේ. මස්,මාළු, ආහාරයට නො ගැනීමට සමහරු පෙළඹෙන්නේ අහිංසාවාද ගරුකිරීමක් වශයෙන් වන අතර තවත් සමහරෙක් සෞඛ්‍ය හේතු නිසාද එසේ කරති. මෙසේ කෑම හා නොකෑම පිළිබඳ වගකීම තම තමන් සතු බව බුදුරදුන් පෙන්වා දුන් අතර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනීමට බුදුරදුන් අනුමතය ලබා දුන් බව සිහිපත් කළ යුතුය. සැබවින්ම බුදුන් වහන්සේ මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ප්‍රාණඝාත අකුසලයට කවර හෙයකින් හෝ සම්බන්ධ වේ නම් කිසිදාක එබඳු මසක් මාළුවක් වැළඳීමට උන්වහන්සේ භික්ෂූන්ට අවසර නොදෙන්නාහ.
ත්‍රිකොටි පාරිශුද්ධ මාංසය යනු කුමක්ද? මේ පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා වන්නේ සීහසේනාපති විසින් බුද්ධ ප්රමුඛ සංඝයාට පිළිගැන්වූ දානයට පසුවය. සීහ සේනාපති තුමා පළමුව නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයාගේ ප්‍රධාන දායකයෙකි. ඔහු බුදුරදුන්ගෙන් ධර්මය අසා පැහැදී තෙරුවන් සරණ ගියේය. පසුදා බුදුරදුන් ප්රමුඛ සංඝයාට දහවල් දානය සඳහා තම නිවසට වඩින ලෙස ආරාධනා කළේය. ආරාධනාව පිළිගැනීමෙන් පසු දානය සූදානම්කරමින් මස් ව්‍යාංජනයක් සඳහා වෙළඳපළට ගොස් මස් ටිකක් මිලදීගෙන එන ලෙස එක්තරා සේවකයකු යැවීය.
මෙහිදී සීහ සේනාපති අණකළේ පවත්ත මංසයක් හෙවත් විකිණීම පිණිස මරා ඇති සතකුගේ මස් ටිකක් මිලදීගෙන එන ලෙසයි. ‘පවත්ත මාංසය’ යනු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසයයි. මේ කාරණය ජෛන ශ්‍රාවකයන්ට ආරංචි වී ඔවුහු මේ සිදුවීම විකෘති කොට මහජනතාව අතරේ විශාල ප්‍රචාරයක් ගෙන ගියාහ. ඔන්න සීහ සේනාපති “ බුදුන් උදෙසා’ ලොකු සතකු මරා වළඳන්නට දීලා. යයි ඔවුහු මේ වැරදි ප්‍රචාරය කළෝ සීහ සේනාපතිත් බුදුරදුහුත් ප්‍රාණඝාතයට හවුල් වූවාය යන චෝදනාව එල්ල කරමිනි. පවත්ත මාංසයක් සීහ සේනාපති පිළිගැන්වූවත් ඔවුහු චෝදනා කළේ උද්දිහස කථ මාංශයක් පිදුවාය යනුවෙනි. මේ අනුව පවත්ත මාංශයක් වැළඳීම පාපයක් ලෙස නිගණ්ඨයො පවා පිළිනොගත්තාහ. ඒ අනුව පරම අහිංසාවාදී නිගණ්ඨයන් පවා උදෙසා මැරූ සතුන්ගේ මස්,මාළු, වැළදීම් ප්‍රතික්ෂේප කොට පවත්න මාංශය හෙවත් වෙළඳපොළෙන් මිලදී ගෙන පිදූ මස් මාංශ වැළඳු බව පැහැදිලි වේ. මේ නිසා පරම අහිංසා වාදි නිගණ්ඨයන් පවා මස්, මාළු, වැළඳූ බව වටහාගත යුතුය.
ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසය යනු කුමක්ද? එය ප්‍රාණඝාත අකුසලයට හසු නොවන්නේ කෙසේද යන්න මීළ¼ගට පරීක්ෂා කර බලමු.
1. තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)
2. තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)
3. තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)
යනුවෙන් තුන් අංශයකින් පිරිසිදු වූ මස් මාළු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය නම්වේ. ඔබ වෙළඳ පොළොන් මසක් මාළුවක් මිලට ගන්නා විට මෙය ඔබ වෙනුවෙන් මරණ ලද්දක් දැයි සිතේද? එසේ සිතක් සැකයක් තිබේනම් ඒබඳු දෙයක් මිලදී ගැනීමෙන් වලකින්න. තමා වෙනුවෙන් මැරුවාය ඔබ දකින්නේ කූඩුවක සිටි කුකුළකු ඔබ බලා සිටිය දීම මරා මස් කොට ඔබට දුන්නේ නම් එය ඔබ මිලදී ගත්තේ නම් ඍජුවම ප්‍රාණඝාතයට ඔබ සම්බන්ධවේ. ඔබ එය දුටු බැවින් එය දිට්ඨ මාංශයකි. කලින් මරා ශීතකරණයක තබා තිබූ දෙයක් ඔබ මිලට ගත්තේ නම් එය අදිට්ඨ මාංශයකි.
මීළඟට අසුත යනු යම් හෙයකින් සත්වයා මැරූ තැනැත්තා මම ඔබ වෙනුවෙන් මේ සතා මැරුවායයි කීවොත් ඔබ එය දැන දැනම මිලදී ගතහොත් ඔබ එම ප්‍රාණඝාතය අනුමත කළ බැවින් ඔබ උදෙසාම මැරූ බව ඇසූබැවින් එසේ මිලදී ගත්විට ඔබ ප්‍රාණඝාත ක්‍රියාවට හසුවේ. එය දානයක් සඳහා භික්ෂූන්ට පූජාකිරීමට අරමුණූ කරගත්තේ නම් භික්ෂූන් උදෙසා මැරූ මාංශයක් බැවින් භික්ෂුවද ප්‍රාණඝාතයට හසුවෙයි. මේ අනුව මසක් මාළුවක් භික්ෂූවක් ලැබූ විට එය තමන් උදෙසා මැරූවක්ද නැද්ද යන බව ඒ භික්ෂුව විසින් සැකහැර දත යුතුය.
‘අපරිසංඛිත’ යනු නොදුටුවත්, නොඇසුවත්, මේ මස්, මාළු මා පිණිස මරන්නට ඇතැයි සැක හිතේනම් එබඳු මසක් මාළුවක් පිළිගැනීම භික්ෂූන් විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. බෞද්ධ වූ ගිහි ජනතාව ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස් ,මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත.මෙහිදී මස්,මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි. එහෙත් සර්ව භාක්ෂික මිනිසාට මාංශ ප්‍රෝටීන් අවශ්‍ය බැවින් මස්,මාළු කෑම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැත. එබඳු දෙයකින් පෝෂණයක් නොලබන කෙනෙක් මන්දපෝෂණය නොව රෝගි වූවා නම් මන්දපෝෂණයෙන් මිය ගියා නම් මස්, මාංස නොකැපයැයි අවවාද දුන් බුදුන් වහන්සේ එබඳු දෙයට වගකිව යුතු නොවන්නේ ද? බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම පසක්කරගත් සර්වඥයන් වහන්සේ කෙනෙක් නිසා මානව වර්ගයාට එබඳු ශික්ෂා පදයක් පැනවීමට උනන්දුවූයේ නැත. ලොව පුරා ප්‍රෝටීන් උණතාවයෙන් මියයන ප්‍රමාණය සුළු පටු නොවේ.
මිනිසා මස්, මාළු වලින් වැළකිය යුතුයයි බුදුරදුන් අවවාද නොකළේ මේ ප්‍රායෝගික හේතුසාධක නිසා බව අප බුද්ධිමත්ව වටහාගත යුතුය. අප උත්සාහ දැරිය යුත්තේ මස්,මාළු කෑමෙන් මිනිසුන් වැළැක්වීමට නොව මිනිසුන් ප්‍රාණ ඝාත අකුසලයෙන් මුදා ගැනීමටයි. අප කළ යුත්තේ ප්‍රාණඝාතය වැඩිකරන සැලසුම් නතරකිරීමයි.
බුදුරදුන්ට රහතන්ට මස් මාංශ පිදූබවත් පෙර බුදුවරු පසේ බුදුවරු පවා මස් ,මාංශ වැළඳූ බවත් සූත්‍ර පිටකය ආශ්රයෙන් කරුණු පෙන්වා දීමට කැමැත්තෙමි. ඉදිරි ලිපියකදී මේ පිළිබඳව කරුණූ පෙන්වා දීමට කැමැත්තෙමි. ධර්මය ගැන පරීක්ෂාකාරීව බැලීම ධර්මාවබෝධය පිණිස හේතුවන බවත් සත්‍යය දෙස බැලිය යුත්තේ හැඟීම්වලට වහල් නොවීමෙන් බවත් අවධාරණය කරමි.
මාංශ අනුභවයඑතකොට බන් කොහේ හරි ප්‍රාණගාතය වෙලා තියෙනවනේ reverse engineering කරලා බැලුවොත් එහෙම![]()
මමනම් මස් මාළු කනවා . ඒ මම කැමති නිසා. මම දැනගෙන කන්නේ මේ සත්තු කැමැත්තෙන් මැරිලා නැ .මුන්ට වැඩ දිඉල තමයි මරල තියෙන්නේ කියල..
ත්‍රිකෝටික පාරිශුද්ධ කියන එක අද තමයි දැනගත්තේ . ඕක පොඩ්ඩක් කියවල හරියට දැනගෙන එන්නම්![]()
ඕවා ඔහොම තමයි බන් .... දැන් ඉන්න මිනිස්සු බහුතරයක් බලන්නෙ දානයක් උනත් posh විදියට ලඟ පාත තියන ලොකුම පන්සලට දෙන්න .....
මාංශ අනුභවය
පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි.
කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)
1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.
(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.
කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.
මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.
ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.
මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.
උදාහරණයක් ගනිමු.
1. ඔබ ජීවත් වේ.
2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
3. ඔබ පණ පිටින් බව මම දනිමි.
4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.
කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.
නමුත් සත්‍ය කතාව නම්,
1. මුදලාලි ඔබව මරනවා.
2. මට මස් කන්න හිතෙනවා.
3. මම ඔබේ මළකුණ දකිනවා.
4. මට මස් කන්න හිතෙනවා.
5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.
ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.
ඔබේ අල්ලේ වණ තිබේද?
මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.
මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.
තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:
බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.
වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."
http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html
මචං මේ ත්‍රෙඩ් එකේ දෙපැත්තටම කරුණු දක්වල තියනව. ඒ කරුණු ඔක්කොම කියවල මැදහත් විදිහට බැලුවොත් උඹට මේ ගැන නිවැරදි දේ තීරණය කරන්න පුළුවන් වෙයි.
http://www.elakiri.lk/forum/showthread.php?t=1578224
එල මචංබොහොම ස්තුති මචන්. මේ ගැන මම දැනගත්තේ දැන් තමයි
.කියනකාරණාවවැරදියි.කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක.
බොහොම ස්තුති මචන්. මේ ගැන මම දැනගත්තේ දැන් තමයි
ඕක ගැන කතා කරන්න ගියොත් ඉවරයක් කරන්න වෙන්නෑ බං. දේවදත්තගේ ඉල්ලීම් 5න් එකක් නෙ භිෂුන් ජීවිතාන්තය තෙක් නිර්මාංශික විය යුතුයි කියන එක. නමුත් බුදුහාමුදුරුවෝ එතකොට දේශනා කලේ භික්ෂුව කැමති නම් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැළඳුවාට කමක් නැහැ කියලයි.
නමුත් මචං ඔය විදිහට බැලුවොත් ස්වභාවිකව මැරුණු සතෙකුගේ මාංශය වත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අයිති වෙන්නෙ නැහැනේ. එතකොට ස්වභාවිකව මැරුණු සතෙකුගේ මාංශය කවුරු හරි ආහාරයට ගත්තොත් එතැනදීත් පවක් සිදුවෙනවානෙ. අනික ගන්නා ආහාරයේ මාංශ තිබෙන බව නොදැකීම කියන එක වෙන්න අමාරු දෙයක්.මචන් මම අහලා කියවලා තියෙන විදියට ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය කියන්නේ,
කරුනු තුනකින් පිරිසිදු උනාම, ඒ තමයි.
ගන්නා ආහාරයේ මාංශ තියෙනවා කියලා, තමන්ගේම ඇසින් දැක්කොත් නොවලදා සිටීම.
ගන්නා ආහාරයේ මාංශ තියෙනවා කියලා, වෙන කෙනෙක් කිව්වොත් නොවලදා සිටීම.
ගන්නා ආහාරයේ මාංශ තියෙනවා කියලා, තමන්ට සැක හිතුනොත් නොවලදා සිටීම.
අන්න ඔය කරුනු තුනට අතුලත් නොවෙන්නේ.
මස් මංශ තියෙනව, එත් තමන්ගේම ඇසින් නොදැක්කොත් වැලදීම.
මස් මාංශ තිබිලා තමනුත් නොදැක වෙන කෙනෙකුත් නොකියා ඉදලා වැලදීම.
මස් මාංශ තියෙනව කියල තමන්ට සැකයක් ඇති නොවුනොත් වැලදීම.
ඒ කියන්නේ නොදැනුවත් කමින් වැලදුවට කමක් නෑ කියන එක.
වැරදි තියෙනවා නම්, නිවැරදි කරල දෙන්න
Bana kiyanna Shakthiya onine ban .

නමුත් මචං ඔය විදිහට බැලුවොත් ස්වභාවිකව මැරුණු සතෙකුගේ මාංශය වත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට අයිති වෙන්නෙ නැහැනේ. එතකොට ස්වභාවිකව මැරුණු සතෙකුගේ මාංශය කවුරු හරි ආහාරයට ගත්තොත් එතැනදීත් පවක් සිදුවෙනවානෙ. අනික ගන්නා ආහාරයේ මාංශ තිබෙන බව නොදැකීම කියන එක වෙන්න අමාරු දෙයක්.
Meka weradiyi machan. Oka neme Thrikotika parisuddiya kiyanne. Thamanwenuwen Maruwa kiyala thaman nodana kewath paw sidda wenawamayi. Ekayi thunweni karanawa hatiyata budurajanan wahanse desana kale wiswasa nathnam ahala danagena waladanna kiyala.මචන් මම අහලා කියවලා තියෙන විදියට ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය කියන්නේ,
කරුනු තුනකින් පිරිසිදු උනාම, ඒ තමයි.
ගන්නා ආහාරයේ මාංශ තියෙනවා කියලා, තමන්ගේම ඇසින් දැක්කොත් නොවලදා සිටීම.
ගන්නා ආහාරයේ මාංශ තියෙනවා කියලා, වෙන කෙනෙක් කිව්වොත් නොවලදා සිටීම.
ගන්නා ආහාරයේ මාංශ තියෙනවා කියලා, තමන්ට සැක හිතුනොත් නොවලදා සිටීම.
අන්න ඔය කරුනු තුනට අතුලත් නොවෙන්නේ.
මස් මංශ තියෙනව, එත් තමන්ගේම ඇසින් නොදැක්කොත් වැලදීම.
මස් මාංශ තිබිලා තමනුත් නොදැක වෙන කෙනෙකුත් නොකියා ඉදලා වැලදීම.
මස් මාංශ තියෙනව කියල තමන්ට සැකයක් ඇති නොවුනොත් වැලදීම.
ඒ කියන්නේ නොදැනුවත් කමින් වැලදුවට කමක් නෑ කියන එක.
වැරදි තියෙනවා නම්, නිවැරදි කරල දෙන්න

Umbata machang oya mathaya daranna ayithiyak thiyanawa. Namuth eka dharmayata saha vinayata ekagha nahe. Me thread eka kiyawla baluwoth mula indan umbata godak dewal danaganna puluwan weyi oya gena.apinan sirithak widiyata malu mas kana hamuduruwonta dane denne na
api aaranyekata danayak denawa awruddakta sarayak. eke hamuduruarunan kiyala thiyenne umbalakadawath kittu karanna epa kiyala