හේතුවාදී+බෞද්ධයෝ..
මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද? මේ ත්‍රෙඩ් එකෙන් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයමු. ඉතින් දැන් බෞද්ධ නොවන හේතුවාදී අය නැට්ට පාගගන්න එපා. මේ ත්‍රෙඩ් එක ඔයාලට නෙමෙයි මේක "බෞද්ධ+හෙතුවාදීන්"ට. බෞද්ධයෙක් හේතුවාදියෙක් නොවියයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට හේතු එකින් එක අපි බලමු.
1. බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේම ජිවත් උන අජිත කේසකම්බල ගැන බෞද්ධ අපි අහල තියෙන්නේ පාසල් යන කාලෙදිමනේ. ඒකාලේ අපිට කියල දුන්නේ අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය කියල. තේරෙනභාෂාවෙන් කියනවනම් මෙයා උගන්නල තියෙන්නේ ඔය හේතුවාදය තමයි. ඒ නිසා බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ. අජිත කේසකම්බල ගේ දර්ශනය ගැන වැඩි විස්තර පහලින් දාල තියනවා.
2.නිර්වාණය සියලු බෞද්ධයින්ගේ ඒකායන ප්‍රාර්ථනාවයි. හේතුවාදී බෞද්ධයෙක් නිවන පැහැදිලි කරන්නේ කෙසේද? නිවන යනු භෞතික දෙයක් නොවේ නේද කියා ඇහුවම මෙන්න මට ලැබුන පිළිතුර
3. හේතුවාදී බෞද්ධයෙක්ට බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ බුදු ගුණ භෞතිකවාදයට පටහැනි නිසා.
විජ්ජාචරණ සම්පන්න- අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම වලට අයිති ධ්‍යාන භෞතික දේවල් නොවන නිසා මේ බුදු ගුණය කපාහරින්න වෙනවා.
සුගත - සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක. නිවන භෞතික දෙයක් නොවේ. ඒ නිසා මේකත් කපාහරින්න වෙනවා.
ලෝකවිදූ - සියලු ලෝකධාතු පිලිබඳ අතැඹුලක් සේ දත් නිසා ලෝකවිදූ නම් වන සේක. ඔය සියලු ලෝක ධාතු වලට අපාය, දිව්‍ය ලෝක අයිති වන නිසා මේ ගුණය කපාහරින්න වෙනවා.
අනුත්තරෝ පුරිසදම්ම සාරති - මේකත් බෞතිකව පැහැදිලි කරන්න අමාරු ගුනයක්නේ. යක්කු දෙවියෝ මිනිස්සු දමනය කරනවා කියන්නේ සුපර්නැචුරල් වැඩක්. ඒ නිසා ඒ ගුණයත් කපා හරිමු.
සත්තා දේව මනුස්සානං - "දේව" කෑල්ල තියන නිසා ඒක දැක්ක ගමන් කපාහරින්න වෙනවා.
අනිත් බුදු ගුණත් වක්‍රාකාරයෙන් බැලුවොත් කපාහරින්න වෙනවා. මොකද ඒවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු නිසා.
4.නියාම ධර්ම පහෙන් එකක් උන, කර්ම නියාමය බෞතික දෙයක් නෙමෙයිනේ. සමිකරනයක්වත් තිබ්බ නම් ඔන්න ගුරුත්වාකර්ෂණය වගේ නොදැක්කත් කමක් නෑ කියල පිළිගන්න තිබ්බ. ඒ නිසා කර්ම නියාමය කපලා දාමු.
5.සුත්‍ර දේශනා එකින් එක අරගෙන බලනකොටත් ගොඩක් ඒවා කපල දාන්න වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපිට හැමදාම ඇහෙන තුන් සුත්‍රය අරගෙන බලමු.
මහාමංගල සුත්‍රය - මේ සුත්‍රයේ තිබෙන එක මංගල කරුණක් තමයි "නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම" කියන්නේ. නිවන භෞතික දෙයක් නෙමෙයිනේ. තව මංගල කරුණක් තමයි "විරජං – කෙලෙස් දූවිලි නැති බව" කියන්නේ. කෙලෙස් තාම විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ නිසා මහාමංගල සුත්‍රය ෂුවර් නැහැ.
කරණියමෙත්ත සුත්‍රය - මේ සුත්‍රයේ නිධාන කතාවම හරිම අවිද්යාත්මකයි. භාවනා කර කර හිටපු හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකට අමනුෂ්‍ය බලවේග නිසා භාවනා කරන්න නොහැකිවෙලා තියනවා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මේ සුත්‍රය ඒ හාමුදුරුවරුන්ට කියාදිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සුත්‍රයේ අවසන් ගාථාව විද්‍යාත්මක නැහැනේ. " නහි ජාතු ගබ්භසෙයියිං පුනරේති තී" පුනර්භවය ගැන කියන නිසා මේ සුත්‍රය කපාහරිමු.
රතනසුත්‍රය - මේක නම් පිලිගන්නම බැහැ. තුන් බියට අමනුෂ්‍ය බිය අයිතියි. ඒ නිසා මේ සුත්‍රය කපාහරිමු.
මේ විදියට බෞද්ධ හෙතුවාදියාට ත්‍රිපිටකයේ එන සුත්‍ර ගණනාවක් කපා හරින්න වෙනවා අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත.. etc
6.හෙතුපලදහම අපේ බෞද්ධයෝ හේතුවාදය එක්ක පටලවගෙනද? හෙතුපලදහම කියන්නේ භෞතිකවාදය නෙමෙයි. හේතුපල දහම කියන්නේ පටිච්චසමුප්පාදයට. ඒ නිසා බෞද්ධයින් හේතුවාදය සහ හේතුපල දහම පටලවා නොගත යුතුයි.
හෙතුපලදහම කෙටියෙන් මේ ගාථාවෙන් විස්තර කරනවා.
"ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "
"මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "
7. සෝමහාමුදුරුවෝ පන්සල් වල හින්දු දෙවියන් ඇදහීමට ගොඩක් විරුද්ධ උනා. උන්වහන්සේ කියපු දේ අපේ බෞද්ධයෝ වැරදියට තෙරුම්ගත්තද? සෝමහමුදුරුවෝ විෂ්ණු, කතරගම දේව වන්දනාවට විරුද්ධ උනාට උන්වහන්සේ ඕපපාතික සත්වයින් සිටින බව පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.
http://buddharashmi.buddhistculture...2035383517-352335493512-3524353835123538.html
සෝමහාමුදුරුවන්ගේ බණක් ජීවිතේට අහල තිබුනේ නැති අර බෞද්ධ හේතුවාදියා හිතාගෙන ඉඳල තියෙන්නේ සෝමහාමුදුරුවෝ ඕපපාතික සත්වයින් දිව්‍යලෝක, නිරය කියන සංකල්ප ප්‍රතිෂේප කරපු හිමිනමක් කියලයි.
8. බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.
නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම.
9. බුදුවරු ලොවට පහලවී ලෝකයට හෙළිකරන්නේ සැඟවී පවතින උතුම්වූ චතුරාර්ය සත්‍යයයි. හෙතුවාදීන්ට අනුව පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය(ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය) මුසාවකි. එපමණක් නොව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි අඩංගු විභව තණ්හාව( නැවත ඉපදීමක් නැති නිසා ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය) හේතුවාදීන් තුල ඇතිවිය හැකිය.
10.අනේ ඉතින් අන්තිමට මේ හේතුවාදී බෞද්ධයා බුදුදහමට අභියෝගේකුත් ඉදිරිපත් කරලා තියනවා "භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම" ඔප්පු කරලා පෙන්වන්න කියල.
http://www.elakiri.com/forum/showthread.php?t=1527951

http://www.elakiri.com/forum/showpost.php?p=14435225&postcount=28[FONT="]අපි[/FONT] [FONT="]බුද්ද[/FONT] [FONT="]දර්මය[/FONT] [FONT="]පිලිගන්නෙ[/FONT] [FONT="]නිවන්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]නෙවෙ[/FONT] [FONT="]ඈ[/FONT]. [FONT="]ඒ[/FONT] [FONT="]දෙශන[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]ජීවත්[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]කාලෙට[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]ඕනතරම්[/FONT] [FONT="]පාඩම්[/FONT] [FONT="]තියනව[/FONT]. [FONT="]මැරුනට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]ඕන[/FONT] [FONT="]එකක්[/FONT]. [FONT="]අදාල[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]කර්මය[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]තියනවනම්[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]බලපාවි[/FONT]. [FONT="]අදාල[/FONT] [FONT="]නෑ[/FONT].![]()

Last edited: