F*ck Bad Friends !!!

Dec 30, 2013
1,235
166
0
ආ... සොන්න කුකුල්ලු ටික ආවනම් පිළිවෙලකට ඉඳගෙන මේක උඩ ඉඳන් පහලටත්, පහල ඉඳන් ඉහලටත් කියවපියව්. කෙටියෙන් සාරංශ කරල තියෙන්නේ වැල් වටාරම් නෑ. අනිවා ගන්න දෙයක් තියෙනවාමයි............:angry::angry::angry:

අද මම උබලට කියන්නේ අපේ ජීවිතෙන් කොහොමද නරක කුකුල්ලු අයින් කරන්නේ කියල. කුකුල්ලු කිව්වෙ බන් අර මාළුවො නොහොත් යාළුවො... ඔව් ඔව් ඇතුවත් බැරි නැතිවත් බැරි යාළු මාලුවො. :frown::baffled:

මගේ පාසල් කාලේ පටන් අද දක්වා එක එක වර්ගයේ යාළුවො ආශ්‍රය කරල තියෙනව. උන් හින්ද අමාරුවෙ වැටිච්ච තැන් වගේම ගොඩ යන්න උන් උදව් කරපු වෙලාවලුත් ඕන තරම් තියෙනව. :rolleyes:

මම පහලින් කරුණු විදියට කෙටියෙන් පැහැදිලි කරනව කොහොමද අවස්ථාවාදී යාළුවො අදුරගන්නේ කියල. කියවල පලපල්ල. මේවගේ අනාත, කුජීත ඩයල් සෑහෙන්න අපේ ලයිෆ් එක අපි දන්නේම නැතිව කාල දානව. මේ නිසා හොදට අවධානෙන් ඉදල ඔය වගේ ඈයොන්ගේ පු$ට පයින් ගහල එලවල දාපන්.:growl:


සොන්න ඩයල් 01
##########
මේ වර්ගෙට අයත් සොන්නයෝ ඌත් එක්ක අපි තනියම ඉන්නකොට අවුලක් නෑ හොදට ඉන්නවා. නමුත් වෙන යාළුවො සෙට් එක්ක ඉන්නකොට මේ වර්ගයේ සොන්නයින්ගේ වයර් මාරුවෙනව. අනිත් උන් එක්ක සෙට් වෙලා තමන්ව නෝන්ඩි කරන්න ගන්නවා, පහත් කරල කතා කරනව සරලවම කියනව නම් බයිට් එකට ගන්නවා.

සොන්න ඩයල් 02
##########
මේ වර්ගෙට අයත් සොන්නයො උබලව ආශ්‍රය කරන්නේ උබලගෙන් ලාභ පුයෝජන ලබාගන්න විතරයි. මුන්ට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕන උනාම විතරයි. ඉඳල ඉඳල කොල් එකක් දුන්නොත් මුලින් කොහොම මචන් අරව මේව අහල ගානට පානිය දාල. පස්සෙ කියනව මචං පොඩි හෙල්ප් එකක් ඕන. බ්ලා බ්ලා....... ඒත් අපි මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලුවොත්.........නෝ.... මොකක් හරි කෙප්පයක් කෙලිනව.

සොන්න ඩයල් 03
##########
මේ වර්ගෙට අයත්වෙන්නේ ගෑනු ටයිප් කේලන් තොල්ලො. මේ සොන්නයෝ. කරන්නේ අපිත් එක්ක හොඳින් ඉඳගෙන වෙන මිනිස්සුන් එක්ක අපි ගැන නරක කියන එක. අනිත් එක මුන් අපි කරන කියන හැම ලබ්බම හොයනව. ඒ වගේම පතුරුවනව. මේ වගේ චීත්ත ඩයලුත් උබලගේ ජීවිත වලින් අයින් කරන්න ඔබල දැන ගන්න ඕන.

සොන්න ඩයල් 04
##########
මේ වර්ගෙට අයත් කුකුල්ලු. පට්ට කුහක පෙරේත හැත්තක්. මුන් හිතන් ඉන්නේ මූ තමයි ලොක්ක කියල. හැම තිස්සෙම උගේ පම්පෝරිය දොඩවනව, අපිට කතා කරන්න හොඳ නෑ. අපි කියන දේවල් වලට ඇහුන්කන් දෙන්නෙත්නෑ. හැම තිස්සෙම බලන්නේ අපි උගේ යටහත් පහත් සේවයෙක් වගේ. ඌ හැම තිස්සෙම කතා කරන්නේ අණ කරන්න වගේ. කරපන්, දියන් වගේ. ඌ කරන හැම පජාත වැඩේටම අපි වහල්ලු වගේ ඌට පුක දීගෙන ඉන්න ඕන. මේ වගේ සොන්නයො තමයි ට පේන්න බැරි ගහන්න හිතෙනව දත්ටික බඩට යන්න.

සොන්න ඩයල් 05
##########
මේ වර්ගෙට අයත් සොන්නලු ගෑනු වගේ. මුන්ට අපි ඕන වෙන්නේ උන්ට මොකක්හරි ප්‍රශ්ණයක්, හිතේ දුකක් ඇති උනාම. ඉතින් වැළහින්න වගේ අඩනව මචං කෙල්ල දාල ගියා. මම ලිදේ පනින්නද? බෙල්ලෙ වැල දාගන්නද? අරව මේව. මුන් ආවොත් එන්නේ මොක්හරි ප්‍රශ්නයක් කියන්නමයි. ඇවිත් අපේ මූඩ්ස් තනිකර කාල දානව. අපි ඉතින් අපේ වැඩ ඔක්කොම නවත්වල මේ පොන්නයොන්ගේ හිත හද හද ඉන්න ඕන. මුන් නම් ඉතින් පව් උනත් මේ වගේ සොන්නයොත් ජීවිතේට ලංකරගන්න එපා.

සොන්න ඩයල් 06
##########
මේ වර්ගයේ සොන්නයොත් හරියට ගෑනු වගේ තමයි. මුන් කරන්නේ show off කරන එක. මොකක් හරි ලබ්බක් ගත්තොත්. හැම එකාටම පෙන්න පෙන්න. හැම තිස්සෙම ඒගැන කතා කර කර , වාද කර කර නැහෙන්න හදනව. ෆේස්බුක් එකේ උන්ට පඩයක් ගියත් ඒකත් දානව. හිතපන් හොඳ ලැපක් ගත්ත කියල. ඉතින් හෙන ෂෝඑක. පොඩ්ඩක් වැඩකට ඉල්ලුවෝ...නෝ කතා නෝ සිනා............ තව සමහරක් සොන්නයො. කට ඇරල වචන 10ක් කතා කොරොත් 9ක්ම උගේ ලොකුව තියෙන්නේ. එළකිරියෙත් ඉන්නව ඒවගේ සොන්නලු කීපදෙනෙක් නම නොකිව්වට උබල දන්නවනේ ඒ කවුද කියල :P

සොන්නලු ඩයල් 07
###########
මේ වර්ගයේ සොන්නලු නම් ඉතින් වැරිදි කියන්නත් අමාරුයි. මුන්ගේ අවල මුන් කතා කරන්න දන්නෑ. හැසිරෙන්න දන්නෑ. ඔන්න ඔය වගේ අවුල්. අපි යාළුවොත් එක්ක මොන කුණුහරුප කතා කරල හිටියත්, වැදගත් අවස්ථාවක, අලුත් මිනිස්සු ඉස්සර මේ වගේ සොන්න යාළුවන් අපේ තත්වෙත් පහත් තැනකට වැටෙන විදියට කතා කරාම චාටර්නේ? බලන් ඉන්න මිනිස්සු අපි ගැන වැරිදියට හිතන්න පුලුවන්. ඒක උන්ගේ චාර්යාමය දුර්වල කමක්. මේ වගේ උනුත් ජීවිතෙන් අයින් කරපන්. දුක උනත්............. අපිට අපේ තත්වය වටිනවා උන්ගේ නැහැදිච්ච කමට වඩා...

සොන්න ඩයල් 08
##########
මේ ටයිප් එකේ සොන්නලුන්ට අපිව ඕන වෙන්නේ සමර වෙලාවලට , සමහර දේවල් වලට විතරයි, පන දෙන්න ඉන්නව. ඒත් මැච් එකක් බලන්න යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න, ට්‍රිපක් යන්න උන්ට වෙනම සෙට් එකක් ඉන්නවා. නිකමට අහන්නේවත් නෑ මචන් අපි ට්‍රිපක් යනවා උබත් සෙට් වෙනවද කියල. අඩ් පුඩි ගහන්න උනත් එහෙමයි. එහෙම කරල අපිට පේන්න ෆේස්බුක් පවා දානව. පස්සේ මුක්ත් නොදන්න තොත්ත බබ්බු වගේ හෙලෝ මචං ගානව. මුනුත් මහ කුජීත සොන්නලු වර්ගයක්.

සොන්න ඩයල් 09
##########
මේ සොන්නයො වර්ගය අමුතුම වර්ගයක්. මුන්ගේ එහෙම කපටි වැඩ නෑ හැබැයි මුන්ගේ චර්යාත්ම ගති. ඒ කිව්වේ කතා කරන විදිය, කරන කියනවැඩ. හැසිරෙන විදිය. ඔක්කොම අපිව කේන්ති ගස්සන, ස්ට්‍රෙස් වැඩි කරන දේවල්. කොටින්ම කියනව නම් ඌත් එක්ක ඉදිද් කිසිම ගතියක් නෑ. වස චාටර්.. මේවගේ සොන්නයොත් අයින් කරල දාන්න

සොන්න ඩයල් 10
##########
මේ වර්ගයේ සොන්නයො හෙන බයානකයි, මුන් ලාවට හිනා උනත් පට්ට ඉරිසියාකාර හැත්තක්. හැම තිස්සේම කරන්නේ ඔත්තු බලන එක හරියට ගෑනු වගේ. මුන්ට අපේ ෆොන් එක අහු උනොත් බලනව යවපු එස්එම් එස් මොනවද? මේල්ස් මොනවද? ෆේස්බුක් අහුඋනොත් කාත් එක්කදද චැට් කරල තියෙන්නේ. මොනවද චැට් කරල තියෙන්නේ? අරව මේව සීන් ගොඩයි. හැබැයි මුන් තනිකර බොරුව කරන්නේ. සමහර විට උන් අපිට කියල තියෙන උන්ගේ විස්තරත් බොරු. මේ වගේ ඩයල් අර අපේ විස්තර කැත විදියට යූස් කරල යටින් ගේම් දෙන උන්. ඒ වගේම අපිට කේස් එකක් ගියාම පට්ට විදියට සතුටු වෙන බල්ලො වර්ගයක්.

සොන්න ඩයල් 11
##########
මේ ටයිප් එකේ සොන්නයෝ කිසිම ගරුත්වයක් නෑ අපි ගැන, අපේ වස්තූන් ගැන, මුදල් ගැන. අපි හිතමු තැනකට එන්න කියල. මුන් ජීවිතේට වෙලාවට එන්නෑ අපිව රස්තියාදු කරනව, වාහනේ අරන් ගියත් එක්කෝ හූරල ගෙනත් දෙන්නේ, බයික් එක අරන් ගියත් අපි තෙල් ගහන්න ඕන ඌට පදින්න. මේව යාළුවො අතර වෙන්න ඕන තමයි. ඒත් ලිමිට් එකක් තියෙන්න ඕන.

සොන්න ඩයල් 12
##########
මේ වර්ගයෝ සොන්නොයොත් මට පේන්න බෑ. මුන් හැම තිස්සෙම තරගෙට වැඩ. මුන්ට තරගෙ තියෙන්නේ අපිත් එක්ක විතරයි. හිතපන් උබ අලුත් ෆොන් එකක් ගත්තොත් අරුත් හිඟා කාල හරි ඒ වර්ගේම එකක් ගන්න, උබ ෂර්ට් එකක් ගත්තොත්. කොලබ පීරල හරි ඒ වර්ගයේම එකක් ගන්නව. කරන කරන දේ කරනව. කොටින්ම කියනව නම් උබල කතා කර කර ඇවිද්දත් අඩියක් හරි ඉස්සරහින් යන්න තමයි ඌට ඕන. මේවගේ උන් එක්ක ඉන්න එකත් මාර වෙහෙසකාරී දෙයක්. මුන්වත් අත ඇල දාපියව්.............



************************************************************************

හරි සොන්නලුනී. මම හිතනවා උබලා මේ ත්‍රෙඩ් එකෙන් මොනවම හරි දෙයක් ගන්න ඇති කියල. මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමේ ඉරිද නිවාඩු පාඩුවේ ඉඳන් මවිසින්නම කොටල දාපු එකක්..

ඔය මම කිව්ව ජාති වලට අමතරව අනන්තප්‍රමාණ වර්ගයේ සොන්නයෝ ඉන්නවා. සමහරුන්ට ඔය ඔක්කෝම ගතිගුණ තියෙනවා, සමහරුන්ට කීපයක්, සමහරුන්ට එකක් දෙකක්. ගොඩක් උන් ඔය වගේ චාටර් ඩයල් ගැන වැඩිය හිතන්නෑ උන් එක්කම චාටර් වෙවී ඉන්නවා. මම කියන්නේ උබලට ෆීල් වෙන්නැත්නම් ෆ්‍රෙන්ඩ්ෂිප් එක ක්ෂණිකව ඒ වගේ උන් අයින් කරල දාපන්.

ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් උනාම අනිවා දෙපාර්ෂවයටම වාසි තියෙන්න ඕන. ඒක එන්ජෝයි කරන්න පුලුවන් වෙන්න ඕන...........

හරි එහෙනම් උබල මේ ත්‍රෙඩ් එක ගැන හිතන්නේ මොකක්ද කිලත් මේකේ දාගෙන යමල්ල. ගල්මුල් , මල් වෙල්කම්..........:P


ඒ එක්කම රේප් කරන් යමන් :rofl::rofl::rofl:
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ahhahahhaha mata nan oya hema type ekema kukulo hamebla tiyenawa ban...mage karumeta manda mata godak hambenne oya type 2 walin sonz la....mata nan hebei ignore karanna loku skill ekka tiyenwa...mata epa wegena awoth kapalama danawa...:)
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය හැම වර්ගයක් එක්කම හැසිරෙන්න ඔනි ලිමිට් එක තෙරුම් අරන් හැමොත් එක්කම හොදින් ඉන්න එක තමයි කෙරෙන්න ඔනි මන් හිතන්නෙ :) just sayn
     
    Dec 30, 2013
    1,235
    166
    0
    oya okoma ain kalama yako asre karana ekek wat na ne kukulo

    ඇයි බන් උබට හොඳ කුකුල්ලු නැද්ද? සමහර ඔය කුකුල් ගති ගුණ තිබ්බත් ගොඩක් හොඳ ගති ගුණ තියෙන උනුත් ඉන්නව. උන් අවුලක් නෑ..


    :angry:


    එළ බන්...:frown:

    ado anthimata ape nigga witharai friend list eke ithuru unne oya kiyapu hatiyata filter karapuhama :rofl:

    අහ්. සොන්න කුකුළ............:lol::lol::lol:

    ahhahahhaha mata nan oya hema type ekema kukulo hamebla tiyenawa ban...mage karumeta manda mata godak hambenne oya type 2 walin sonz la....mata nan hebei ignore karanna loku skill ekka tiyenwa...mata epa wegena awoth kapalama danawa...:)

    ඔව් බන් සමහර උන්ට කොන්දක් නෑ ignore කරන්න.. :angry::angry:

    dan hoda un mokkuda ethakota?

    උබට ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හොඳට ෆීල් වෙනව නම් අන්න ඌ උබට හොඳ යාළුවෙක්.........:P

    good one kukuloh :)

    තෑන්ක් ආහ්.......... :P:P:P

    kawada den asre koranda ona?me hema ekama ain karala ubawa set karagattanam ela ;-)

    :lol::lol::lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔය හැම වර්ගයක් එක්කම හැසිරෙන්න ඔනි ලිමිට් එක තෙරුම් අරන් හැමොත් එක්කම හොදින් ඉන්න එක තමයි කෙරෙන්න ඔනි මන් හිතන්නෙ :) just sayn

    අනිවා මම මෙතන පු$ට පයින් ගහල එලවන්න කිව්වට. :rofl::rofl: අපි ඔෆිස් එකක, පංතියක, කැම්පස් එකේ මේ වගේ උන් අඳුනගෙන. හිනාව දාල ඉන්න ඕන. තරහ කරගන්නෙත් නැතිව. අතේ දුරින්. කරට ගන්න හොඳ නෑ. හොඳ උන් ඉන්ව බන්..

    මම නම් මගේ යාළුවෙක් මට චාටර් වැඩක් කරොත් කෙලන්ම කියනව. උබට උබෙයි මගෙයි යාළුකම තියා ගන්න ඕනනම් ඔය දේ තවත් වෙන්න බෑ. සීරිස් කිව්වේ......... මතක තියා ගනින් කයිල.. :P:rolleyes:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    ඔහොම හිතන්න ගියොත් යකෝ අන්තිමට තනියම තමා ඉන්න වෙන්නේ :angry: :angry: තමන් strategical නම් ඔය හැම පඩයවම යටකරගෙන ඉන්න පුළුවන් බන්. :rolleyes::rolleyes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔහොම හිතන්න ගියොත් යකෝ අන්තිමට තනියම තමා ඉන්න වෙන්නේ :angry: :angry: තමන් strategical නම් ඔය හැම පඩයවම යටකරගෙන ඉන්න පුළුවන් බන්. :rolleyes::rolleyes:

    හරි බන් එළවන්න කියල නෙමේ කිව්වේ. දැන ගෙන ජීවත් වෙයන් කියල. :P:angry::rofl:
     
    • Like
    Reactions: DamN DoG

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    හරි බන් එළවන්න කියල නෙමේ කිව්වේ. දැන ගෙන ජීවත් වෙයන් කියල. :P:angry::rofl:



    අනිවා බන්. මටත් ඔය පාප මිත්‍රයෝ සම්බන්ධයෙන් සැහෙන්න අත්දැකීම් නම් තියෙනවා. ගොඩක්ම උන් බලන්නේ තමන්ගේ වාසිය විතරයි බන්. උන්ගේ වැඩේ වනවා නම් ඒ ඇති. :yes::yes:
    Anyway උබ වටිනා ශනිදා දිනය බහුතර එලකිරිවාසින්ගේ හිතසුව පිණිස කැපකරපු පිනෙන් වැඩි වැඩියෙන් පාප මිත්‍රයෝ ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි :P:lol::P:lol::P ++
     
    Dec 30, 2013
    1,235
    166
    0

    අනිවා බන්. මටත් ඔය පාප මිත්‍රයෝ සම්බන්ධයෙන් සැහෙන්න අත්දැකීම් නම් තියෙනවා. ගොඩක්ම උන් බලන්නේ තමන්ගේ වාසිය විතරයි බන්. උන්ගේ වැඩේ වනවා නම් ඒ ඇති. :yes::yes:
    Anyway උබ වටිනා ශනිදා දිනය බහුතර එලකිරිවාසින්ගේ හිතසුව පිණිස කැපකරපු පිනෙන් වැඩි වැඩියෙන් පාප මිත්‍රයෝ ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි :P:lol::P:lol::P ++


    :angry::angry::angry::P
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ආ සොන්නලු ත්‍රෙඩ් එක අනුභව කරන්න.
    මමත් දවල්ට සප්පායම් වෙලා එන්නම්.........:P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය හැම වර්ගයක් එක්කම හැසිරෙන්න ඔනි ලිමිට් එක තෙරුම් අරන් හැමොත් එක්කම හොදින් ඉන්න එක තමයි කෙරෙන්න ඔනි මන් හිතන්නෙ :) just sayn

    hemoma ekka hodin inna one tama but mchn kapalama danna one unuth innawa nattan tamange life ekata karadarayak....unwa athe durin tiyagenath be...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,176
    15,699
    113
    Yaluwo hoya gannawata wada hodai ballek hadagena oowa best friend karagannawa.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ විදිහටනම් මිනිස්සු අත ඇරියොත් scurvy යා වගේ අනාත ජීවිතයක් ගෙවන්න වෙන්නේ... :baffled: