ඒක අපි ඔක්කොම දන්න කාරණයක්නෙ.
ඒක නෙමේ මම අහන්නේ
ඇයි වෙහෙර විහාර වල දේව රූප තියෙන්නේ?අර කැළණියෙ බෙල්ලන්විල පන්සලේ ඇයි දේව රූප තියෙන්නේ?
අය්යෝ මචං මට උඹට මේකට උත්තරයක් දෙන්න ඕනෙ. මොකද උඹගෙ තියන මෝහය නැති කරන්න ඕනෙ නිසා. මේකෙ ප්‍රශ්නය වෙන්නෙ දේව සංකල්පය බුදු දහමට එකඟද? නැද්ද කියන එක. උත්තරය පැහැදිලිවම නැහැ කියන එක. බුදුදහම දේව සංකල්පයට එකඟ නැත.
දැන් යමු උඹගෙ ප්‍රශ්නයට. ඇයි පන්සල් වල දේව පිලිම තියෙන්නෙ? පන්සල් වල මචං දේව පිලිම තියෙන්නෙ
බුදුදහම දේව සංකල්පයට එකඟනිසා නෙමෙයි. ලංකාවට දේව සංකල්පය ආවෙ බොහෝම මෑතකාලෙ. ඒකියන්නෙ ලංකාවෙ හිටපු අවසාන රජවරු තමන්ට අවශ්ය බිරින්දෑවරු ආනයනය කලා ඉන්දියාවෙන්. ඊට පස්සෙ තමා ඔය රජවරුන්ට සිද්ද උනේ විහාර ඇතුලට දේව පිලිම ඇතුල් කරන්න, බිරින්දෑවරුන්ගේ ඉල්ලීම අනුව සහ බිරින්දෑවරුන් සතුටු කිරීමේ උවමණාවට. උඹට පුලුවන්නම් හොයලා බලපං ඔය දේවරූප තියෙන්නෙ රජමහා විහාරවල විතරයි. ඒ කියන්නෙ රජවරුන්ගේ පහස සහ බැල්ම ලබපු පන්සල්. පොලොන්නරුවෙ සහ අනුරාධපුරේ පන්සල් වල කවදාවත් දේව පිලිම දැකලා තියනවද්? මම හිතනවා උඹට අවබෝධ උනා කියලා ලංකාවෙ බුදු දහමට දේව ස්ංකල්පය ඇතුලු උනේ කොහොමද කියලා. කෙටි උත්තරයක් දෙනවානම් ඉන්දියන් ගෑණු නිසා.
Last edited:


.