මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    Malaysia Airlines missing plane 'at the bottom of the Indian Ocean'

    Code:
    http://au.news.yahoo.com/
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Malaysia Airlines missing plane 'at the bottom of the Indian Ocean'

    Code:
    [URL]http://au.news.yahoo.com[/URL]/

    සතියක් වෙන්නත් එනවා නේද..
    මේකට උනේ මොකද්ද කියන එකත් අවුරුදු කීපයක් යනකන් (අභි) රහසක් විදියට තියේවි,
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේ සීන් එක මැලේෂියාවේ එවුන් දැනගෙන ඉදලා නැහැනේ. එදා මැලේෂියාවේ Beach කොල්ලෝ සරුංගල් යවලා.

    1800480_646009248768684_1770163326_n.jpg

    meka nan machan wihiluwata ganna kites walin aircraft walata loku damage ekak wenna puluwan. me link ekata gihin kiyawala balapan.

    http://arch.ced.berkeley.edu/kap/discuss/index.php?p=/discussion/3888/kites-and-airplanes/p1
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    maha lokuwata thakshane diyunui kiyana pampoori gahana minissunta sathiyakata kittui, plane ekata hariyata wechcha deyak hoya ganna na....
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදහන්වූ ගුවන් යානය සහ මැලේසියාව
    පසුගිය වසරේ දත්තයන් අනුව ලොව 21 වෙනි ස්ථානයේ ඇති කාර්යබහුලම ගුවන් තොටුපල මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපලයි. ක්වාලාලම්පූර් නගරයෙන් පැයකට වඩා වැඩි කාලයක් කුලී රථයකින් යා යුතු දුරක මෙය පිහිටා තිබේ. සිරා කොලුවා සති කීපයක් මේ ගුවන් තොට ආසන්නයේ නවාතැන් ගෙන සිටි නිසාම මේ ගුවන්තොටේ කාර්ය බහුල තාවය මැනවින් අත්දැක ඇත්තෙමි.

    දිවා කාලයේ සෑම විනාඩියකටම වරක් ගුවන් යානයක් ඉහළට එසවේ. හරියට කොළඹ නුවර පාරේ වාහන ධාවනය වෙනවා වැනිය. සැන්දෑ කාලයේ ගුවන් යානයක් පොළවට පහත් කරන විට එයට පිටු පසින් තම අවස්ථාව එන තුරු අහසේ ඒ ඒ උස මට්ටම් වල රැදී සිටින ගුවන් යානා 5ක් පමණ අවම වශයෙන් දිස් වෙයි. එයින් දෙක තුනක් ධාවන පථයට පහත් වන විට පේලියේ අගට අලුතින් යානා එකතු වෙයි. අපේ රටේ ගුවන් කලාපය තුල කිසිදා නොදුටු ගුවන් යානා අටෝරාශියක් මෙහිදී දැක ගත හැකිය. ලෝකයේ අති බහුතරයක් ගුවන්තොටුපල කරා මෙහි සිට ගුවන් යානා පිටත් වනවා වන්නට පුලුවන. සෑම දිනකම උදෑසනත් සෑන්දෑ කාලයෙත් ශ්‍රී ලංකාව බලා යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා ද්විත්වය දුටු විට නම් ඒවා ඉහළ අහසේ නොපෙනී යන තුරාවටම අප ආශාවෙන් බලා සිටියේ පොඩි උන් පරිද්දෙනි.

    ලොව හොදම ගුවන් සේවා අතර ඉහළින් වැජඹෙන, ගුවන් යානා 100 කට වැඩි සංඛ්‍යාවක් ඇති තරු 5 ගුවන් සේවයක් වන මැලේසියානු ජාතික ගුවන් සේවය ආරක්ෂාකාරී ගුවන් සේවයක් ලෙස මෑතකදී සම්මානයන්ටද පාත්‍ර වී තිබේ. සිය ලාංඡනය ලෙස සරුංගලයක් ගුවන් යානා වලිගයේ පින්තාරු කොට ඇති එය අාසියාව තුල හා ඉන් පිටත ගුවන් සේවා පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයටද සෑහෙන තරමේ සහයෝගයක් ලබා දෙයි.




    ඉකුත් සෙනසුරාදා අලුයම 12.41 ට චීනයේ බීජිං නුවර බලා පෙර කියූ ක්වාලාලම්පූර් ගුවන් තොටෙන් ඉගිලුන මැලේසියානු ගුවන් සේවයේ බෝයිං 777 - 200 වර්ගයේ MH 370 යානය ගුවන් ගතවී පැය දෙකකට පසු රේඩාර් තිරයෙන් සහ සියලුම සන්නිවේදන මාර්ගයන්ගෙන් අතුරුදහන් වීමත් සමගම එය ලෝක මට්ටමේ පුවතක් බවට පත් වූයේ යානයේ කාර්යය මණ්ඩලයේ 12 දෙනා ඇතුලුව මිනිසුන් 239 දෙනෙකුගේ ජීවිත මේ ගුවන් යානය ගුවනට ගෙන ගොස් තිබූ බැවිනි.

    පසුදා උදෑසන 6.30 වන විට චීනයේ බීජිං ගුවන්තොටුපලට ලගා වීමට නියමිතව තිබුනත් දළ වශයෙන් ඊට පැය 4 කට පෙර යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් වී තිබුනි. නමුත් ගුවන් යානයට සිදු වූ දෙයක් මේ වන විටත් සොයා ගැනීමට නොහැකි වීම මේ සිදුවීමට අද්භූත ස්වරූපයක් එක් කර තිබේ.


    මේ අවස්ථාව වන විට මැලේසියාවේ හැම දෙනාම පාහේ කථා බහ වෙන ප්‍රධාන මාතෘකාව මේ ගුවන් යානය පිළිබදව වී තිබේ. රූපවාහිනියේ ඇතැම් දෛනික වැඩසටහන් නවත්වා ගුවන් යානය ගැනම වැඩසටහන් විකාශය වෙයි. පවුලේ අය සමග දුක බෙදාගන්නා අගමැතිතුමාගේ සිට ඉහළ නිලධාරීන් දක්වා පෙන්වයි. ඇත්ත වශයෙන්ම රටේ සමස්ත ජනතාවම ගුවන් යානයේ සිටි මගීන් 239 දෙනා පිළිබද ශෝක වන වටපිටාවක සිට මා මෙය ලියනවා කීවත් වරදක් නැත. Yahoo, BBC වැනි ලොව ප්‍රමුඛ පුවත් සේවා අඩහෝරාවකට වරක් MH 370 ගුවන් යානය ගැන කුමන හෝ තොරතුරක් පල කරයි. මැලේසියානු ජනතාව යානයේ සිටි මගීන් වෙනුවෙන් නිරතුරුව ආගමික කටයුතු වල නිරත වෙයි.

    සංචාරක ක්ෂේත්‍රයට අදාළවව කටයුතු කරනා ආයතනයක සේවය කරන අයෙකු ලෙස අපට ගුවන් යානා වූ කලී සමීප වස්තූන්ය. අප ආයතනයේ සේවය කරන මැලේසියානු දැරිවියකගේ මිතුරෙක්ද මේ කියන අතුරුදහන් වූ යානයේ කාර්යය මණ්ඩලයට ඇතුලත් වී සිටි හෙයින් ඇය සිටින්නේද පශ්චාත්තාපයෙනි.



    මා සේවය කරන ආයතනය විසින් සංවිධානය කොට තිබෙන විවිධ පිටරට සංචාර සදහා මුදල් ගෙවා තිබෙන මැලේසියානු පාරිභෝගිකයන් සමහරෙක්ද මේ සිදුවීමේ කම්පනය නිසා තම සංචාර අවලංගු කරන්නට වෙර දරයි. ගුවන් යානය අතුරුදහන් වී දින දෙකකට පසු මැලේසියානු ගුවන් සේවයේ කොටස් මිළ 10% කින් පහළ ගොසිනි.

    පසුගිය සෙනසුරාදා අළුයම යානය අතුරුදහන් වූ තැන සිටම ඒ පිළිබද සොයැබැලීමේ මෙහෙයුම් ඇරඹිනි. යානය අවසන් වරට තිබුනේ චීනයට දකුණින් වූ මුහුදට ඉහළ අහසේය. නැතිනම් වියට්නාමයට අයත් තෝ චූ දිවයින ආසන්නයේය. එය මැලේසියාවේ කොටබරු වෙරළේ සිට නාවික සැතපුම් 120 ක පමණ දුරක් බව යාහූ අඩවිය සදහන් කරයි. පළමුව ගුවන් යානා 22 ක් හා නාවික යාත්‍රා 40 ක් පමණ මැලේසියානු පාර්ශවයෙන් එක්විය. චීනයද තම පාර්ශවයෙන් විවිධ සම්පත් මේ සදහා එක් කලහ. තොරතුරු සොයනා ගුවන් යානා සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ දමන්නට මැලේසියානු රජය පසුව ක්‍රියා කලේය. මේ කියන මුහුදු කලාපය අවට රටවල් කීපයක්ම තිබේ. වියට්නාමය ඉන් ප්‍රධානම රටයි.

    ඔවුන්ද තමන් සතු යාත්‍රා සහ ගුවන් යානා යොදාගනිමින් පරීක්ෂණ කටයුතු වලට දායක වූ අතර පසුගිය ඉරිදා සවස් යාමයේ අඩ අදුර මැද මුහුදේ පාවෙන හතරැස් වස්තුවක් ඔවුන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය කොට තිබුනත් වැඩිදුර පරීක්ෂණ පසුදිනට කල් තබා තිබුනි. පාවෙමින් තිබුනේ අතුරුදහන් වූ බෝයිං යානයේ දොරක් යැයි සැකයක් තිබුනද පසුදින ඒ කිසිවක් සොයාගැනීමට වියට්නාම බලධාරීන්ට නොහැකි විය.


    එයින් පසු මැලේසියාව පාර්ශවයෙන් ඉතා සියුම් ලෙස ගුවන් යානය සෙවීමේ කටයුතු ඇරඹුනු අතර මුලින්ම අවධානය යොමු වූයේ ගුවන් යානයේ ගමන් ගත් මගීන් පිළිබදවයි. ඒ අතර සිටි බහුතරය චීන ජාතිකයන්ය. ඊට අමතරව මැලේසියා,ඉන්දුනීසියා, ඇමරිකා , ඔස්ට්‍රේලියා, ප්‍රංශ, නවසීලන්ත,යුක්‍රේන, කැනඩා, රුසියා,නෙදර්ලන්ත, තායිවාන්, ඉතාලි හා ඔස්ට්‍රියා යන රට වලට අයත් මගීන් එහි විය. නමුත් පසුව අනාවරණය වූයේ ඔස්ට්‍රියා හා ඉතාලි ජාතිකයන් දෙදෙනා ගුවන් යානයේ නොවූ බවකි.



    ඒ පිළිබද කල පරීක්ෂණ වලින් අනාවරණය වූයේ මේ දෙදෙනාගේම ගමන් බලපත්‍ර තායිලන්තයේ පූකට් දිවයිනේදී 2013 වසරේ නැති වූ බවකි. අනුන්ගේ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන වෙනත් දෙදෙනෙකු යානයට ඇතුලු වී ඇති බව බලධාරීන් සොයාගත් තැන සිට ඔවුන් දෙදෙනා පිළිබද ආරක්ෂක කැමරා දර්ශනද උපයෝගී කරගෙන කල පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස දෙදෙනාම එක ලග අසුන් වල වාඩි වී සිට ඇති බවත්, ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන ඇත්තේ එකම දිනක එකම තැනකින් බවත්, දෙදෙනාම ඉරාන ජාතිකයන් බවත් හෙළිවිය. මේ දෙදෙනා ත්‍රස්තවාදීන්දැයි එතැන් සිට සොයා බැලූ අතර ජාත්‍යන්තර පොලීසියේ සහයෝගයද එයට ලැබුනි.



    නමුත් දින දෙකකට පසු මෙරට බලධාරීන් සොයාගෙන තිබුනේ මේ දෙදෙනාම සරණාගතයින් ලෙස වෙනත් රටක පිළිසරණ පතා යන (Asylum Seekers) දෙදෙනෙකු මිස ත්‍රස්තවාදීන් නොවන බවකි. නමුත් අනුන්ගේ ගමන් බලපත්‍ර මගින් මේ දෙදෙනා ගුවන් ගත වී ඇත්තේ මුදල් ගෙන වංකව කටයුතු කල නිලධාරියෙකු හෝ දෙදෙනෙකු මගින් බවට ඇති සැකය නිසාම ඒ පිළිබද පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙයි. මැලේසියාවේදී මුදල් ලබා දී කල නොහැකි දෙයක් නැත.

    මේ අතර ඊයේ මෙරට පොලිස්පති තුමා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ගුවන් ගමන සදහා ටිකට් පත් මිළදීගෙන ගුවන්තොටුපලට පැමිණි 5 දෙනෙකු තම ගමන් මළු පවා බාර දි ඇති මුත් යානයට ගොඩ වී නැති බවයි. ඒ සියල්ලන්ගේම ගමන් මළු යානයට පටවා නැවත ඉවත් කර ඇති බවක්ද ඔහු පවසා තිබුනා. ප්‍රවේශ පත්‍ර මිළදීගෙන යානයේ ගමන් නොකල අනිත් කෙනා තරුණ ශිෂ්‍යාවක් බවත්. ඇයට ගුවන් යානයට පිවිසීමට නියමිත වෙලාවට පැමිණීමට නොහැකි වීම එයට හේතුව බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන කලා.

    යානයේ සිටි ඇමරිකානුවන් තිදෙනාගෙන් එක් අයෙකු මෙරට (මැලේසියාවේ) IBM සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකි. ඊට අමතරව මධු සමය සදහා චීනයට ගිය මැලේසියානු යුවලක්ද මෙහි සිට ඇත. චීන ජාතික කාන්තාවක හා විවාහ වී සිට ඇති කැනඩා ජාතික ඉන්දියානුවෙකුගේ මුත්තනුවන්ද ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බවක් ඇතැම් තැනක මම කියවීමි.

    මෙහෙයුමට අනුව තෝරාගත් මුහුදු ප්‍රදේශ වල වර්ග කිලෝමීටර් 100 - 120 අතර ප්‍රමාණයක් දිනපතා පරීක්ෂා කිරීම් වලට ලක් වෙයි. මේ සදහා අති නවීන යුධ නෞකා වල පවා සේවය ලබා ගත්තද මේ සිදුවීම සිදු වී සතියකට ආසන්න මේ මොහොත වන විටත් කිසිම හෝඩුවාවක් නැත. පාවෙන් සුන් බුන් බිදක් හෝ නැත. මුහුදේ සටහන් වූ තෙල් පැල්ලම්ද නැත.

    නමුත් යානයේ සිටි චීන ජාතිකයන්ගේ චීන ඤාතීන් ඔවුන්ගේ ජංගම දුරකථන වලට යානය අතුරුදහන් වී පැය 24 කට පසුද ඇමතුම් ගෙන තිබේ. දුරකථන නාද වන බවත් ඒවාට පිළිතුරු නොදෙන බවත් ඔවුන් පවසා තිබීම උහතෝකෝටික ගැටලුවක් වී තිබේ. මීට අමතරව ෆේස් බුක් වැනි චීන ජාතිකයන් පමණක් භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියක් වන QQ හි අතුරුදහන් වූ පුද්ගලයන් අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින බව පෙන්වූ බවත් ඤාතීන් පවසයි. නමුත් ඇමරිකානු විශේෂඥයකු පවසා තිබුනේ මේ කියන සමාජ ජාලයේ ඇති තාක්ෂණික අඩුපාඩුවක් එයට හේතු වන්නට ඇති බවයි.

    මා මේ ලිපිය ලියන අවස්ථාව වන විට අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH 370 යානය සොයා රටවල් ගනනාවක් පරීක්ෂණ කටයුතු වලට එකතු වී තිබේ. දින දෙකකට පෙර ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එයට එකතු වූ අතර එයට පෙර සිංගප්පූරුව, වියට්නාමය, චීනය, තායිවානය, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් මේ කටයුතු සමග අත්වැල් බැදගෙන සිටියෝය. අසල්වැසි ඉන්දියාවද දැන් එයට එක්වී තිබේ. දිය යට සෙවීම් සදහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සිංගප්පූරුව විසින් ලබා දී තිබුනි.



    ඇතැම් ගුවන් යානා විශේෂඥයන් බෝයිං 777 - 200 යානයේ කාර්මික දෝශයක් මත අනතුරක් වන්නට ඇතැයි සිතුවත් ඒ සදහා ඇති සම්භාවිතාව ඉතා අඩු බව ඇතමෙක් කියති. එම යානා සැලසුම් කර ඇත්තේ එන්ජින් දෙකෙන් එකක් හෝ අවසාන අවස්ථාව වන තුරුම නිරුපද්‍රිතව පණ ගැන්වී තිබෙන ලෙසය. ලොව ප්‍රමුඛපෙල ගුවන් යානා සමාගම් බහුතරයක් විශ්වාසයෙන් යුතුව භාවිතා කරන ඇමරිකානු නිෂ්පාදනයක් වන බෝයිං යානා ද්විත්ව එන්ජින් සහිත ලොව විශාලතම ගුවන් යානා වෙයි. අතුරුදහන් වී ඇති MH 370 යානය චීන ගුවන් තොටකදී නවතා තිබූ තවත් ගුවන් යානයක 2012 වසරේදී ගැටී එහි පියාපතක් හානි වූ බවත් එය පසුව අළුත් වැඩියා කර තිබූ බවත් ඇතැම් පුවත් අඩවියක සදහන් වී තිබුනි.


    කෙසේ හෝ මේ වන විට යානය අතුරුදහන් වී දින කීපයක් ඉක්මවා ගොසිනි. තවත් දිනයකින් පසු එය සතියක් බවට පත්වේ. මැලේසියාවේ දේශපාලන අර්බුදයක් තරමට මේ ගැටලුව මේ වන විට සමාජ ගත වී තිබේ. මගීන්ගේ දුරකථන නාද වීම, තවමත් කිසිදු තොරතුරක් නොමැති වීම, සුන්බුන් කිසිවක් හමු නොවීම යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කල තැනැත්තා වසර 30 කට වැඩි අත්දැකීම් සහිත අයෙක් වීම යන කාරණා මත මේ ගුවන් යානය පිළිබද විවිධ මති මතාන්තර පල වෙයි. ගුවන් යානය පැහැර ගත් බවක් සමහරු කියති, සමහරු කියන්නේ උඩු ගුවනේදී පුපුරා ගොස් හෝ කාර්මික දෝෂයකට ලක්ව කඩා වැටී ඇති බවකි.

    2009 වසරේ අත්ලන්තික් සාගරයට ඉහළ අහසේදී මෙලෙසම අතුරුදහන් වූ බ්‍රසීලයේ සිට ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපලට පැමිණෙමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානාවක් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර අභිරහසක්ව සැගව ගියද විශාල මුදලක් වියදම් කරමින් කරන ලද සොයාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස වසර 2කට පසු සැතපුම් 2 කට වඩා ගැඹුරු මුහුද පතුලෙන් අතුරුදහන් වූ ගුවන් යානාව සොයාගත හැකි විය. එහිදී මගීන් 216 දෙනෙකු සමග කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු ජීවිතයට සමු දී තිබුනි. ප්‍රංශ ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරද එයයි.

    කෙසේ හෝ මැලේසියානු ජාතිකයන් කීප දෙනෙකු සමග අද සන්ධ්‍යා භාගයේ කල කථා බහක් නිසා ඒ අය මේ සිදුවීම ගැන දරණ මතය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමට සිරා කොලුවා වන මට හැකි විය. මේ අද්භූත ජනක සිදුවීමත් රජය ඒ පිළිබදව කටයුතු කරන ආකාරයත් ගැන මෙරට බහුතර ජනතාව අතර ප්‍රසාදයක් නැත. ඔවුන් බොහෝ දෙනෙකු දැන් දැන් කියන්නේ මේ යානය පුද්ගලයන් කීප දෙනෙකු එකතු වී පැහැරගෙන ඇති බවකි. එයට ගුවන් නියමුවාද සම්බන්ධ බවත් වියට්නාමය හෝ චීනයේ යානාව තියෙන්නට හැකි බවත් ඇතමෙක් කියති. තවත් සමහරෙක් කියන්නේ යානය රුසියාවේ ඇති බවකි.


    කෙසේ හෝ මේ සිදුවීම දැඩිව විවේචනය කල මගේ සේවා ස්ථානයේ මැලේසියානු ජාතික රියදුරෙක් කියා සිටියේ මෙය තනිකරම නාට්‍යයක් බවයි. යානය සැලසුම් සහගතව කොහෝ හෝ සගවා ඇති බවත්, එය සොයා ගැනීමට රජයටද හදිස්සියක් නොමැති බවත් හෙතෙම මා සමග පැවසුවේය.

    මේ සිදුවීම ඇමරිකාවෙ උනා නම් මෙලහකට ඒ අය සියල්ල හොයාගෙන. අපේ අය ප්ලේන් හොයන්න යන්නෙ අලුත් තාක්ෂණික උපකරණ එක්ක නෙමෙයි. පොල් ගෙඩි දෙකකින්.

    ඊයෙ පෙරේදා දිනයක මහාගුරු නම් අධිමානසික තත්වයක් ඇතැයි කියනා තැනැත්තෙකු ලවා ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී කරන ලද පූජාවක් බදු වැඩසටහනක් නිසා මැලේසියානු රජය මැජික් යොදාගෙන ගුවන් යානය සොයන්නට වෙර දරනවා යනුවෙන් අලුත් ප්‍රවෘත්තියක්ද මේ සිදුවීම් පෙලට දැන් එකතු වී තිබේ.


    මෙවැනි කටකථා වලින් දැන් දැන් මැලේසියානු ජන සමාජය පිරී ඉතිරී යමින් පවතී. අද උදෑසන යාහූ පුවත් සේවය පැවසූවේ චීන චන්ද්‍රිකාවක් මගින් චීන දකුණු මුහුදේ ගත් ඡායාරූපයක මුහුදේ පාවෙන වස්තූන් 3 ක් සටහන් වී ඇති බවයි. ඒවායේ දිග පලල පවා එම චන්ද්‍රිකාව මගින් ගනනය කර තිබුනි.



    ඒ ස්ථානය කරා ගුවන් යානා සහ නාවික යාත්‍රා පිටත් වුවද අද දිනය අවසන් වන විට ඔවුන් පැවසූවේ කිසිවක් සොයාගත නොහැකි වූ බවකි. ඊයේ දිනයේ යාහූ තවත් පුවතක පල වූයේ රේඩාර් තිරයෙන් ඉවත් වුවද යානය තවත් පැය 4ක් පියාසර කර ඇති කථාවකි. ඊටත් පෙර ඔවුන්ගේ අඩවියේ පුවතක සදහන් වූයේ යානය අතුරුදහන් වන අවස්ථාව වන විට චීනයට යන ගමන නවතා නැවතත් මැලේසියාව දෙසට පැමිණෙමින් සිටි විස්තරයකි.

    බැලූ බැල්මට සුරංගනා කථා මෙන් වරින් වර විවිධ පුවත් කරළියට එයි. එවන් පසුබිමක ජනතාව අතර දූෂමාන ආරංචි පැතිරී යාම වැළැක්විය නොහැක. අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් අද සවස රජයේ පාර්ශවයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බලධාරීන්ට ජල බෝතල් ප්‍රහාරයක්ද එල්ල කොට තිබේ. ඔවුන් තුලද රජයේ ක්‍රියාමාර්ග පිළිබද විශ්වාසයක් නැති බව එමගින් ගම්‍ය වෙයි.

    පැය 24 කට පසුත් මගීන්ගේ ජංගම දුරබණු කම්පනය වූයේ නම් යානය මුහුදට වැටෙන කථා සිදුවිය හැකිද ? හැබෑවටම යානයට සිදු වූයේ කුමක්ද ? මගීන් සියල්ලෝ තවමත් නිරුපද්‍රිතව සිටීද ? ඉදිරි සති කීපය තුල මේ ගැටලු වලට පිළිතුරක් ලැබෙනු ඇත.

    කෙසේ හෝ මේ යානය තුල සිටි 239 දෙනාම නිරුපද්‍රිතව හමුවේවායි සිරා කොලුවා පතන්නේ දෑසින් නොදුටුවද අපි සියල්ලෝම මිනිස් පවුලේ සාමාජිකයන් නිසාමය.


    http://siragekamare.blogspot.com/2014/03/blog-post_14.html
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,777
    113
    Sherwood වගේ තැනක
    ඔන්න අදත් මම සෙට් වුනා ,,
    කලින් වගේම කවුරු හරි පින්වතෙක් කියනවද ඊයේ රෑ ඉන්දියන් සාගරේ පැත්තට flight එක ආව කියන තොරතුරට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස්.. ප්ලීස්
    :(:nerd:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔන්න අදත් මම සෙට් වුනා ,,
    කලින් වගේම කවුරු හරි පින්වතෙක් කියනවද ඊයේ රෑ ඉන්දියන් සාගරේ පැත්තට flight එක ආව කියන තොරතුරට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස්.. ප්ලීස්
    :(:nerd:

    ඊයෙ රෑ ඉන්දියන් සාගරේ පැත්තට යන්න ඇත්තෙ වෙන ප්ලේන් එකක්....
    :lol::lol::lol:
     

    sanjeewa11

    Active member
  • Dec 9, 2007
    829
    32
    28
    39
    Homagama.
    239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ වන පරීක්ෂණ මේ වන විට වෙනත් මඟකට යොමු වී තිබෙනවා. ඒ, මාලේ අර්ධද්වීපයේ සිට අන්දමන් දුපත් දෙසට ගමන් කළ අභිරහස් ගුවන් යානයක් පිළිබදව රේඩාර් සටහන් ලැබීමත් සමඟයි. මෙම ගුවන් යානය අතුරුදන් වූ ගුවන් යානය බවටයි මැලේසියානු ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. ඒ අනුව ගුවන් මාර්ග පිළිබදව පැහැදිලි දැනුමක් ඇති යම් අයෙකු ගුවන් යානය අන්දමන් දූපත් දෙසට පැහැර ගෙන ගියේ දැයි සොයා මැලේසියානු ආරක්ෂක අංශ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔන්න අදත් මම සෙට් වුනා ,,
    කලින් වගේම කවුරු හරි පින්වතෙක් කියනවද ඊයේ රෑ ඉන්දියන් සාගරේ පැත්තට flight එක ආව කියන තොරතුරට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස්.. ප්ලීස්
    :(:nerd:
    ko nedda thawama :( enna beri wuna me peththe :(

    දැන් අනුමාන කරනවා ප්ලේන් එක ඉන්දියන් මුහුදු පතුලේ කියලා... :(:(

    UPDATE [7.01pm]: Investigators involved in the search for the missing flight MH370 reportedly now fear that the aircraft is at the bottom of the Indian Ocean.

    ඊට අමතරව
    Meanwhile, Chinese researchers have detected a "seafloor event" near the waters between Malaysia and Vietnam, one-and-a-half hours after MH370 disappeared from the radar.

    An aviation journalist also reveals that MH370 could have landed on a runway based on the data received.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හෙට අනිද්ද වෙනකොට ප්ලේන් එක හදට ගියාද බලන්න අභ‍යවකාශෙට යන්න ඕන කියයිද දන්නේ නැහැ:baffled::baffled:
     

    sanjeewa11

    Active member
  • Dec 9, 2007
    829
    32
    28
    39
    Homagama.
    Athurudanwu Malayasiyanu guwan yaanaya hithamatha nishchitha guwan maargayen beherawa piyasarakara athai erata arakshaka ansha kiyai-Vides madya- newsfirst.lk:shocked: