Malaysia Flight MH370 Missing-Web sites Gossips

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අපේ ගුවන් යානා ගිලගන්නේ පිටසක්වල ජීවීන්ද?

    කුරුලු සකලයන්ට උරුමව තිබූ අහසේ ආධිපත්‍යය තමුන් නතුකර ගනිමින් මිනිසා ගුවන් යානා තනා තවමත් ගෙවී ඇත්තේ සියවසකට මඳක් වැඩි කාලයකි.

    පහසු සහ ඉක්මන් ප්‍රවාහන මාධ්‍යයක් වූ ගුවන් යානය ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජන ජීවිතයේද සුවිශාල වෙනසක් සිදු කළ අතර පසුගිය සියවසේ ඇති වූ ලෝක යුද්ධ දෙකේදීත් ගුවන් යානය තීරණාත්මක මෙහෙයක් ඉටු කළේය.

    මෑත ඉතිහාසයේ කිසි දිනෙක නොකරන ලද තරමට වර්තමානයේදී අපි ගුවන් යානා ගැන විමසිලිමත් වන්නෙමු. එයට ආසන්නම හේතුව මගීන් 239 දෙනකු සමග පසුගියදා (මාර්ගු 08 වැනිදා) අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ ඉරණම බව නොරහසකි.

    නිදන කාමරයේ සිට ඈත විශ්වයේ ග්‍රහ තාරකා දැකගත හැකි තරමට දියුණු ලෝකයක දැවැන්ත ගුවන් යානයක් දෙසතියක් පුරා ඉඳිකටුවක් ලෙසින් සැඟව ඇත්තේ කොතනදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

    එහෙත් ගුවන් ගමන් ඉතිහාසය විමසා බැලීමේදී අබිරහස් ලෙස අතුරුදන් වූ එකම ගුවන් යානය මෙකී මලයාසියා ගුවන් යානය නොවන බව පැහැදිලි වෙයි. ලෝකයේ අවධානය දිනාගත් එවැනි සිදුවීම් සහ ඒවායේ ඇති අපූරු සමානකම් පිළිබඳ කෙරෙන විමසා බැලීමකි මේ.

    වර්ෂ 1937 දී ඇමෙරිකාවෙන් වාර්තා වෙන අබිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානයක් පිළිබඳ මේ පුවත ලෝපුරා ජනප්‍රිය එකකි. ඇමෙරිකානු ජාතික අමෙලියා එර්හාට් 1937 ජූලි මස 02 දින ලොව වටා ගුවනින් ගිය

    පළමු කාන්තාව වීමේ අරමුණින් ස්වකීය ලොක්හීඩ් ඉලෙක්ට්‍රා වර්ගයේ ගුවන් යානයෙන් ගුවන්ගත වූයේ ඇමෙරිකාවේ කුඩා ගුවන් තොටුපළකිනි.

    අමෙලියා එර්හාර්ට් යනු එම යුගයේ සිටි අති ශූර ගුවන් නියමුවරියකි. පිරිමින් පරදවන තරමේ හැකියාවෙන් යුත් ඇය ගුවන් යානා පැදවීම සිය ආත්මය කරගත් තැනැත්තියකි. සිය එඩිතර බව නිසාම ඇය අත්ලාන්තික් සාගරය හරහා පියාසර කළ පළමු කාන්තාව බවට පත්වූවාය.

    එම වාර්තාව පිහිටු වූ ඇමෙලියා ලොව වටා ගුවනින් ගිය පළමු කාන්තාව වීමේ අරමුණින් 1937 ජුලි 2 දින ගුවන් ගත වූයේ ඇගේ මග පෙන්වන්නා වූ ෆේ‍රඩිනුනාන් ද සමගිනි.

    අමෙලියා ශාන්තිකර සාගර මතින් ගමන් කරමින් සිටියදී තම යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න බැවින් හදිසි ගොඩ බෑමක් අපේක්ෂා කරන බව පාලක මැදිරිය දන්වා ඇත. ඉන් ටික වේලාවකට පසු තමාට පහළ කිසිත් නොපෙනන බව ඇය පවසා ඇත. ඒ සමගම ලොක්හිඩ් ඉලෙක්ට්‍රා යානය සමග තිබූ සබැඳියාවන් බිඳ වැටුණ අතර අදටත් ඇමෙලියා සහ ඇගේ ගුවන් යානයට සිදුවූ දෙය අබිරහසකි.

    ද්විත්ව අවර ටර්බෝ එන්ජින් සහිත මෙම යානයට ප්‍රමාණවත් තෙල් පිරවූ බව ගුවන් තොටුපළ ආරංචිමාර්ග පවසන මුත් යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න බව ඇය පාලක මැදිරියට පවසා තිබුණි.

    ඇමෙලියාගෙන් පාලක මැදිරියට අවසන් පණිවුඩය ලැබෙන විට ඇය හෝලන්ඩ් දූපතට ඉහළින් පියාසර කළ බව කියැවේ. ඇමෙලියා ෆ්‍රැන්ක්ලින්ඩී රැස්වෙල්ට් වෙනුවෙන් ඔත්තු බැලූ බැවින් ජපන් හමුදාව ඇය පැහැර ගත් බව ඇතමුන් පවසයි.

    ඇය නිව් ජර්සිහි අප්‍රසිද්ධව ජීවත් වූ බව තවත් මතයකි. පිටසක්වල ජීවීන් පිරිසක් ලොක්හිඩ් ඉලෙක්ට්‍රා යානය පැහැර ගත් බව අදටත් බහුතරයක් විශ්වාස කරයි.

    මීට සමාන තවත් සිදුවීමක් 1944 වසරේ දෙසැම්බ් මස 15 දින බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. ඒ ඒකාබද්ධ හමුදාවේ සේවය කළ ග්ලෙන් මිලර් නමැති ඇමෙරිකානු ජාතිකයා පැද වූ ගුවන් යානය ඉංග්‍රීසි ඕඩයට ඉහළින් යාත්‍රා කරමින් තිබියදී අතුරුදන් වීමයි.

    බ්‍රිතාන්‍යයේ සිට ප්‍රංශයේ සිටිනා තම හමුදා ඛණ්ඩය වෙත් යලෙන් මිලර් පිටත්වූයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් මින්වුඩ්න් ගුවන් තොටුපළෙනි. එහෙත් ඉංග්‍රීසි ඕඩය එහිදී මිලර්ගේ යානය හා පාලක මැදිරියේ පැවැති සබැඳියාවන් බිඳ වැටුණ අතර ඔහුගේ යානයේ ඉරණම අදටත් අබිරහසකි.

    ඇමෙරිකාවේ 19 වෙනි බලඝනයට අයත් එරට නාවික හමුදාව සතු වර්ගයේ ගුවන් යානා 5 කින් යුත් ගුවන් භට කණ්ඩායමක් 1945 වසරේදී අතුරුදන් වී ඇත. මෙම ගුවන් බලඝනය බෝම්බ හෙලීම පිළිබඳ පුහුණුවක් උදෙසා ෆ්ලොරිඩාවේ හි ගුවන් පථයෙන් පිටත් වී ඇත්තේ 1945 වසරේ දෙසැම්බර් 5 දාය.

    ගුවන් යානා පහකින් යුත් කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ
    පළපුරුදු පියාසර පුහුණුකරුවෙකු වූ චාර්ල්ස් ටේලර් විසිනි. තම පුහුණු මෙහෙයුමේ යෙදෙමින් සිටි නියමුවන් ගුවන් ගත වී පැයකට පමණ පසු පාලක මැදිරියට දන්වා ඇත්තේ තමන් මංමුලා වූ සේ දැනෙන බවයි.

    එමෙන්ම තමන් සිටිනා ඉසව්ව පිළිබඳ අවබෝධයක් නොමැති බවද නියමුවන් පවසා ඇත. මේ අවස්ථාවේ පාලක මැදිරියේ සිටි නිලධාරීන් යානා 5 පියාසර කරමින් තිබූ ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර යානා 5ම බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් සමාන්තර පියාසැරියක යෙදෙන බව ඔවුන් වටහාගෙන ඇත.

    යානාවල පිහිටීම කණ්ඩායම් නායක චාර්ල්ස් ටේලර්ට දැනුම් දීමට පාලක මැදිරිය ඔහු සම්බන්ධ කරගෙන තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ තමාගේ යානයේ ඇති මාලිමා යන්ත්‍ර දෙකම අක්‍රිය වී ඇති බවත්, තමාට දිසාව සොයාගත නොහැකි බවත්ය. ඒ සමගම චාර්ල්ස් ටේලර් හා පැවැති පණිවුඩ හුවමාරුව බිඳවැටුණි.

    මෙම යානා 5 සොයා ගැනීම සඳහා තවත් යානා කිහිපයක් ගුවන් ගත කරන ලද අතර ඉන් එක යානයක සිටි නියමුවෙකු තමා බර්මියුඩා ත්‍රිකෝණය මතින් යාත්‍රා කරන බවත්, තමාගේ යානයේ මාලිමාවද අක්‍රියව ඇති බවත් පාලක මැදිරියට දන්වා ඇත. සෝදිසි මෙහෙයුම සඳහා නික්ම ගිය සෙසු යානා 4 ආපසු පැමිණියද මුල් යානය අතුරුදන් විය.

    මේ අනුව එක දිනක් තුළ ගුවන් යානා 6ක් අතුරුදන් වූ අතර එම යානාවල මාලිමා අක්‍රිය වන්නට හේතුව කුමක්දැයි යන සැකය හතර දෙසින් මතු වන්නට විය. ගුවන් යානා විශාරදයන් මේ පිළිබඳ පවසනුයේ මාලිමා යන්ත්‍ර අක්‍රිය කිරීමට හෝ ඒවායේ තොරතුරු වෙනස් කිරීමට හේතුව එකී යානා හය වෙත බලපෑ චුම්භක බල රේඛාවල ප්‍රබල වෙනස් වීමක් විය හැකි බවය.

    එවන් බරපතළ වෙනසකට හේතුව පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් විය හැකි බව ඇතැමුන් මත පළ කරන්නට විය. කෙසේ වෙතත් බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වන සාගර කලාපය ගුවන් යානා අනතුරු බහුල කලාපයක් ලෙස සැලකීමට මෙම සිදුවීමෙන් පසු ලෝකය පුරුදු විය.

    බ්‍රිතාන්‍ය දකුණු ඇමෙරිකානු ගුවන් සේවය සතු ස්ටාර් ඩස්ට් බෝම්බ ප්‍රහාරක ලැන්කැස්ටර් යානයට සමාන සිවිල් ගුවන් යානයක් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි සිට චිලියේ සන්තියාගෝ බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් විය.

    1947 අගෝස්තු මස 2 දින දහවල් 1.46ට බුවනෝර්ස් අයර්ස් නුවරින් පිටත් වූ මෙම යානයේ මගින් 34 දෙනකු සිටි අතර යානය චිලී බලා යා යුතු වූයේ අන්දිස් කඳු වැටිය මතිනි. එම යානයේ ඉරණම අදටද අබිරහසකි.

    අන්දිස් කඳු පන්තිය මතදී යානයේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් බුවනෝර්ස් අයර්ස් නුවරට පණිවුඩයක් එවීමට නියමුවා සමත්වී තිබුණි. මොර්ස් සංඥා මගින් එවා තිබූ එම පණිවුඩය “ඉඊජ්ව්ච්ජ්ඛි” යනුවෙන් කියවුණ අතර ඒ සමගම යානය සමග වූ සියලු සබඳතා බිඳ වැටුණි.

    මෙහි අවසන් පණිවුඩය පිළිබඳ බොහෝ වාද විවාද පැවැති අතර අද දක්වාම මෙම යානය පිටසක්වල ජීවීන් විසින් පැහැර ගත් බවට බොහෝ දෙනකු විශ්වාස කරති.

    එම සිදුවීමෙන් වසර 50කට පමණ පසු 1998දී ආජන්ටිනාවේ කඳු නගින්නන් දෙදෙනකු ගුවන් යානයක එන්ජිමකයැයි සැක සහිත කොටස් කිහිපයක් සොයාගෙන ඇති මුත් ඒවා ස්ථිර ලෙසම යානයේ කොටස් බව මේ වන තුරුත් තහවුරුව නැත.

    එහෙයින් බහුතර පිරිස් යානයෙන් එවන ලද අවසන් පණිවුඩය වන ඉඊජ්ව්ච්ජ්ඛි යන්නෙහි අරුත පිටසක්වල ජීවී බලපෑමකට නතු වූ බව විය යුතු යැයි විශ්වාස කරති.

    පෑන් ඇම් ගුවන් සේවය සතු පියාසර අංක 7 දැරූ බෝයිං 337 වර්ගයේ යානාවක්ද මෙලෙස අතුරුදන්වී ඇත්තේ එහි ගමන් ගත් මගීන් 44 දෙනෙක් සමගිනි. එම යානය 1957 නොවැම්බර් මස 07 වන දින සැන්ෆ්‍රැන්සිස්කෝ සිට හවායි බලා පියාසර කරමින් තිබුණි.

    යානය අතුරුදන් වන අවස්ථාවේ ශාන්තිකර සාගරය හරහා ගමන් කරමින් තිබි ඇත. යානය අතුරු දන් වීමෙන් සතියකට පමණ පසු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මගින් මළ සිරුරු කිහිපයක් සහ සුන්බුන් ස්වල්පයක් සොයාගෙන ඇත.

    මෙහිදී සොයා ගත් මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම සිරුරුවල කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාමාන්‍ය මළ සිරුරකට වඩා ඉහළ බව වාර්තා වී ඇත. එහෙත් නියමුවන් විසින් කිසිදු අනතුරක සංඥාවක් පාලක මැදිරියට එවා නැති බැවින් අද දක්වාම මෙම යානයේ ඉරණම අබිරහසකි.

    ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා රැගත් ලියර් ජෙට් 35 ඒ යානයද මේ ආකාරයෙන් අතුරුදන් විය. 1983 පෙබරවාරි මස 13 වන දින රාත්‍රී 8.41ට මලයාසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළෙන් කොළඹ බලා පිටත් වූ ලියර් ජෙට් යානයේ විජේවර්ධන මහතා සමග ඔහුගේ මලයාසියානු නීතිඥ ඉ.ර්. රත්නම් උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ආනන්දප්පා පේලි මුහන්දිරම්, ගුවන් නියමු කපිතාන් නොයෙල් ආනන්ද සහ සහය නියමු සිඩ්නි සොයිසා සහ ගුවන් සේවක එස්. සේනානායක යන අය ගමන් ගත් බව කියවේ.

    යානය ගුවන් ගතවී විනාඩි 11කට පසු කපිතාන් ආනන්දප්පා අඩි 27000 දක්වා ඉහළ නැගීමට ක්වාලාලාම්පූර් පාලක මැදිරියෙන් අවසර පතා ඇත. ඊට සුළු මොහොතකට පසු රාත්‍රී 9.02ට පමණ උපාලි යානය මලයාසියානු රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ බව කියවේ.

    මලයාසියාව ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් ගණනාවක් දින ගණනක් සොයා බැලූ මුත් අද දක්වාම උපාලි යානයේ ඉරණම අබිරහසකි. ලෝකයට ගැටලුවක් ඉතිරි කර සැඟව ගිය ගුවන් යානා සංඛ්‍යාව අති මහත්ය.

    මෙකී අනතුරු විශ්‍ලේෂණයේදි දැකිය හැකි ‍පොදු සමානකම් ගණනාවකි. අබිරහස් ලෙස සැඟව ගිය ගුවන් යානා බහුතරයක් එකී ඉරණමට මුහුණ දී ඇත්තේ සාගර මතින් ගමන් කරමින් සිටියදීය. එමෙන්ම අත්ලාන්තික් සාගරය සහ ශාන්තිකර සාගර මතදී වැඩි ගුවන් යානා ප්‍රමාණයක් අතුරුදන් වූ බවද මෙකී විශ්‍ලේෂණ මගින් පැහැදිලි වෙයි.

    බර්මියුඩා, ෆ්ලොරීඩා සහ පුටටරිකෝ යන රටවල් අතර පිහිටි බර්මියුඩා ත්‍රිකෝණය නමින් හඳුන්වන සාගර කලාපය සහ ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් අසල පිහිටි මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සාගර කලාපයේද ගුවන් යානා වැඩි ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බව පැහැදිලි වෙයි.

    මෙයට හේතුව එකී සාගර කලාපයන්හි ගැඹුර, සාගර රළ ආදියේ හෝ එකී ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණයේ වෙනසක්ද යන්න විද්වතුන්ගේ අවධානයට යොමුව ඇත. ඊට අමතරව මෙකී සාගර කලාප ආශ්‍රිත පිටසක්වල ජීවීන් සහ නාඳුනන පියාඹන වස්තු බලපෑමක් තිබේද යන්න පිළිබඳවද බොහෝ පාර්ශ්වයන් අවධානය යොමු කරනා බව ප්‍රකට කරුණකි.

    එමෙන්ම මේ ආකාරයෙන් අතුරුදන් වූ ගුවන් යානාවලින් බහුතරයක් එකී අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ මාසයේ පළමු දින 10 තුළ බව මෙකී සිදුවීම් විශ්‍ලේෂණය මගින් පැහැදිලි වෙයි.

    (මැ‍ලේසියා යානයද අතුරුදන් වූයේ පසුගිය 8ය.)අපට සැතපුම් මිලියන ගණනක් ඔබ්බෙන් වූ ග්‍රහ වස්තූන් පවා ගවේෂණය කරන්නට තරම් දියුණු තාක්ෂණයක් සහිත වර්තමාන ලෝකයට අතේ දුරින් අතුරුදන් වූ මෙකී ගුවන් යානාවලට අත්වූ ඉරණම තීරණය කරන්නට නොහැකි වීම අපූරු සරදමක් බව නොකියා බැරි බව අවසන් වශයෙන් කිව යුතුය.

    - අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු


    hot & fast news
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මැලේෂියානු MH370 ගුවන් යානය හා බින්නසිරිගේ ජ්‍යොතිෂ අනාවැකි


    නිවේදක - “ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සැමට .... සජීවී රූපවාහිනී වැඩසටහනින් අද දින ඔබ හමුවන්නේ ලංකාවේ අතිදක්ෂ අති සාර්ථක ජ්‍යොතිෂ අනාවැකි පවසන්නකු ලෙස සුපතල බින්නසිරි බණ්ඩාර හෙවත් ඇලේ බණ්ඩාර මහතායි.. ඒ වගේම ********** දුරකථන අංකය ඔස්සේ ප්‍රේක්ෂක ඔබටද මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිනවා........ආයුබෝවන් බින්නසිරි මහතා..අපගේ සජීවී වැඩසටහණට පැමිණී ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා...

    බින්නසිරි ... - “ ආයුබෝවන් .... ආයුබෝවන් .....“

    (කැමරාව බින්නසිරි මහතා වෙත එල්ල වන අතර බින්නසිරි දෑත් එක්කොට නරියකු මෙන් කපටි සිනාවක් කැමරාවට එල්ල කරයි.)

    නිවේදක - “ඔව් බින්නසිරි මහතාණෙනි.අපට වෙන්වී ඇති කාල සීමාව ඉතාමත් සීමිත බැවින් අපි කෙලින්ම සාකච්ඡාවට පිවිසෙමු.අප ඔබතුමාව අද දිනයේ මෙම ස්ථානයට කැදවූයේ මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අභිරහස් ලෙස අතුරුදහන් වූ මැලේෂියානු MH370 ගුවන් යානයට සිදු වූයේ කුමක්දැයි පිළිබඳව ඔබතුමාගෙන් ජ්‍යොතිෂමය විග්‍රහයක් අනාවැකියක් බලාපොරොත්තුවයි....“

    (කැමරාව නැවත බින්නසිරි බණ්ඩාර දෙසට එල්ලවන අතර බින්නසිරි යලි කැමරාවට විරිත්තයි.)

    නිවේදක - “ ඇත්තටම බින්නසිරි මහත්තයා...... මේ වනවිට රටවල් රාශියක් එක්රැස්වී යානාවට සිදුවූයේ කුමක්දැයි සෙවීමට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා..යම් යම් කරුණු හෙළිවෙමින් ඇතත් සාර්ථක ප්‍රතිඵල ලැබීමක් තවමත් සිදුවී නෑ.....අපි කැමතියි යානාවට සිදුවූ දේ පිළිබඳව ඔබතුමාගේ ජ්‍යොතිෂ ඇසට පෙනෙන ආකාරය අපගේ ප්‍රේක්ෂකයන්ටත් පැවසුවොත්......“

    (කැමරාව යලි බින්නසිරි දෙසට එල්ලවේ...හේ එකවර කතා කිරීමක් නොකොට තත්පර කිහිපයක් නිහඩව සිටියේය.දෑස් අඩවන් කලේය.යලි සීරුවෙන් ඇරියේය.යලි දෑස් පියා ගත්තේය.නළල රැලි ගන්වා බැබෑරුම් ස්වරූපයක් ගත්තේය.විශාල හුස්මක් උඩට ගෙන සිරූවෙන් පහත හෙලීය.රටේ සියළු ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ බින්නසිරි දෙසය.යානාවට සිදුවූයේ කුමක්දැයි බින්නසිරි නම්වූ මහා දෛවඥයා කුමක් පවසා දැයි සියල්ලෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
    නිමේෂයකින් බින්නසිරි එක්වරම දෑස් ඇරියේය.ඔහුගේ දෑස් වල තිබුනේ තියුණු ස්වභාවයකි.ඉන්පසු හේ ඔහුටම ආවේනික වූ අමුතුම ලතාවකට බෙල්ල තිරස්ව කිහිප වරක් කරකැවීය.දැන් ඔහුගේ පෙනුම සැහැල්ලුය.සරලය.සුපුරුදු කපටි සිනාව සමඟින් සෙමින් සෙමින් කතා කරන්නට විය.)

    බින්නසිරි - “ ඔව් ... මේ කාරණාවෙදි විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණා කීපයක් තියෙනවා..අපි කවුරුත් දන්නවා මේ අතුරුදහන් වෙච්ච ගුවන් යානාව අයිති රට තමයි මැලේසියාව.ලෝකායන ජ්‍යොතිෂය අනුව මැලේසියාව අයිති වන්නේ තුලා රාශියට.තුලාව වායෝ රාශියක්....ඒ වගේම තමයි මැලේසියාව කියන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් බොහොම දියුණුයි.ඔය නැතිවුන ගුවන් යානය නිෂ්පාදනය කරල තියෙන සමාගම......“

    නිවේදක - “හෝව් ....හෝව්.... බින්නසිරි මහත්තයා....අපේ කතාව මාතෘකාවෙන් පිට යනව වගේ නේද?අපි කතා කරන්න බලාපොරොත්තු වුනේ අතුරුදහන් යානාව සොයා ගැනීම පිළිබඳව ජ්‍යොතිෂ විග්‍රහයක් නේද?එහෙම නැතිව මැලේසියාව ගැන නෙවෙයි නේද? “

    බින්නසිරි - “හරි...හරි...මම කතා කරන්නේ මාතෘකාවට අදාලව තමයි.මම දන්නව මාතෘකාව ගැන.මම එතනට තමයි එන්න හැදුවෙ කොහෙද ඔබතුමා එකට බාධා කලානෙ..... කොතනින්ද අපි කතාව නැවැත්තුවේ...ම්....ම්.... හරි හරි නැතිවෙච්ච යානාව ගැන නේද?....
    දැන් ඔය නැතිවෙච්ච බඩුවක් ගැන විස්තර සොයා ගන්න ක්‍රමයක් ජ්‍යොතිෂයේ තියෙනවා...ඒකට කියන්නේ “තත්කාල නිමිත්ත“ කියලා..ඔය ගමේ ගොඩේ අය නිමිති අල්ලනව කියල කියන්නෙ ඒකට තමයි.ඉතින් ඔය නැතිවෙච්ච බඩුව ගැන හොයන්න නිමිත්ත අල්ලන්න යන්නෙ බඩුව අයිති කෙනා හරි ඒ පවුලෙ කෙනෙක් හරි කියනවනේ..ඉතින් මේ යානාව අයිති කාරය තමයි මැලේසියාව.ඒකයි මම මැලේසියාව ගැන කිව්වෙ.කොහෙද ඔයාට ඒක තේරුණේ නෑනේ....“

    නිවේදක - හරි..හරි... බින්නසිරි මහත්තයා.....සමාවෙන්න ඕන මගේ අතින් වෙච්ච වැරැද්දට...අපි සාකච්ඡාව දිගටම කරගෙන යමු.

    බින්නසිරි - ඒ වගේම තමයි යානාව නැතිවුන වෙලාවට අදාල තත්කාල ග්‍රහ තත්තවය සලකා බැලීමත් ඉතා වැදගත්...
    මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්’

    නිවේදක - (විශ්මයෙන්) වගකීමෙන් යුතුව..!

    බින්නසිරි - (තරමක් කෝපයෙන්) ඔව් ඇයි මම මීට කලින් වගකීමෙන් කිව්ව දේවල් හරි ගිහින් නැද්ද?වගකීමෙන් විතරක් නෙවෙයි මම මේ දේවල් කියන්නේ හොදට කරුණු කාරණා හොයල බලල....මම පහුගිය දවස් ටිකේම පැය ගනන් ඉන්ටනෙට් එකේ ....සොරි..ජ්‍යොතිෂ තත්කාල කේන්ද්‍ර සටහන් විමසල බලල තමයි මේව හොයා ගත්තෙ...

    නිවේදක - “හොඳයි ...ප්‍රේක්ෂකයනි..ඔබ අප සැමදෙනා මෙතෙක් වේලා බලාසිටි ජ්‍යොතිෂ අනාවැකිය බින්නසිරි මහතා විසින් මේ දැන් ඉදිරිපත් කරනු ලැබුවා...එතුමා තම අනාවැකියෙන් යානාව නියමුවකුගේ සහය ඇතිව පැහැර ගැනීමකට අනිවාර්යෙන් ලක්වී ඇති බව වගකීමෙන් යුක්තව ප්‍රකාශ කර සිටි ආකාරය අප සැම .....“

    නිවේදක - ඔව් මේ අවස්ථාවේදී අපගේ අසන්නියක් දුරකථනයේ රැදී සිටිනවා..අපි බලමු කවුද කියලා..
    නිවේදක - හලෝ...කවුද මේ...
    අසන්නා - හලෝ මම මේ කතා කරන්නේ හංවැල්ලෙන් නදීකා...
    නිවේදක - ඔව් නදීකා...කථා කරන්න....

    අසන්නී - මම මේ දැන් ටී.වී. එක දැම්ම විතරයි. මේ වැඩසටහන දැක්කේ..අනේ අපේ බින්නසිරි මහත්තයා ඉන්නව දැක්කම මට කතා කරන්න හිතුනා....අනේ බින්නසිරි මහත්තයෝ..මම තාම කසාද බැඳල නෑ...මගේ ලග්නෙ තුලා...මං උපන්නේ ........ අනේ මගේ විවාහය කවදා වේවිද කියල කියන්නකෝ...ප්ලීස්.....

    නිවේදක - නදීකා ....අපට සමාවෙන්න ඔයාගෙ ඉල්ලීම මේ වැඩසටහනින් කරන්න බැහැ.මොකද මේ වැඩසටහනෙන් කෙරෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ජන්ම පලාඵල බැලීමක් නෙවෙයි.අපි අද මෙම වැඩසටහනෙන් කරන්නේ අතුරුදහන්වූ ගුවන් යානාවට සිදුවූ දේ පිළිබඳව බින්නසිරි මහතාගේ ජ්‍යොතිෂ විමසීමක් කිරීමයි.
    ඒ වගේම අපි ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා නිදාගෙන නැගිට්ටාක් මෙන් අනවබෝධයෙන් මෙම වැඩසටහනට සම්බන්ධ නොවී සාකච්ඡාවට අදාල කරුණු පමනක් විමසන ලෙසට..
    අපේ දුරකථනයේ තවත් ප්‍රේක්ෂකයෙක් රැදී සිටිනවා....ඔව් කතා කරන්න..

    ප්‍රේක්ෂක - හෙලෝ.....මම මේ කතා කරන්නෙ ගාල්ලෙන් නිහාල්...මම මේ ප්‍රශ්නේ අහන්නේ අපේ බින්නසිරි මහත්තයගෙන්..අනේ බින්නසිරි මහත්තයෝ...ඔබතුමා රෙද්දක් ඇඳගෙනද මෙතනට ඇවිත් තවත් ගජ බින්න අතාරින්නේ...ඔබතුමා පහුගිය දවස්වල කිව්ව අනාවැකි සේරම වගේ වැරදුනානේ......

    බින්නසිරි - (දැඩි කෝපයෙන්) ගජ බින්න....කවුද ....කවුද මේ කතා කරන බුරුවා...හොඳයි කියනවා බලන්න මම කියපු දේවල් වලින් වැරදුනේ මොනවද කියල..එකක් කියනව බලන්න..

    ප්‍රේක්ෂක - අනේ මගේ කට....එකක් නෙවෙයි ඔන තරං තියෙනවා...ඇයි තමුන්නාන්සෙ අර ක්‍රිකට් ලෝක කුසලානෙක අවසන් තරඟෙදි මොකක්ද විගඩමක් කරල කිව්වෙ අනිවාර්යෙන් ලංකාව දිනනව කියල..කෝ දින්නද?එතකොට 2010 ට කලින් තිබුන හැම මැතිවරනෙකදිම වගේ “මෙන්න මේ සැරේ ටර්නින් පොයින්ට්“ එකක් කිය කිය කිව්වෙ ආණ්ඩුව පරදිනව කියල කෝ පැරදුනාද?එතකොට ජනාධිපතිට මාරක අපල තියෙනව කියල කට වරද්දගෙන තමුන්ට හිරේ යන්න වුනාට කිව්ව දේ හරි ගියේ නෑනේ.ඇයි එතකොට 2012 අගදි ලෝක විනාශයක ආරම්භක ලක්ෂන මතුවෙනව කිව්ව නේද?තව ඒ මදිවට 2013 මැද හරියෙදි පරසක්වල ප්‍රහාරයක් අපේ ලෝකෙට එල්ල වෙනව කිව්ව මතකද? කෝ මේ කිව්ව එකක් වත් හරි ගියේ නෑ නේද? තව ඔනෙනම් තව තියෙනව කියන්න...

    බින්නසිරි - (කෝපයෙන් පුපුරමින්) කවුද මේ පිස්සු බූරුවා...තමුන් දැනගන්නව මේ බින්නසිරි බණ්ඩාර කියන්නෙ තමුසෙල වගේ බූරුවන්ට උත්තර දෙන්න උපන්න කෙනෙක් නෙවෙයි හරිද? ඒක දැනගෙන කතා කරනවා...

    නිවේදක - බින්නසිරි මහත්තයා සන්සුන් වෙන්න..සන්සුන් වෙන්න....අපේ රසිකයන්ට බූරුව කියල අපහාස කරනවට අපිත් කැමති නෑ.....අපි මේ හදියි අවස්ථාවේ උණුසුම පහ වනතුරු මොහොතකට පාලක මැදිරියට ගොස් අනුග්‍රාහක පනිවුඩයක් බලමු....

    (වෙළඳ දැන්වීම අතරතුර නිවේදක හා බින්නසිරි කතා බහක)

    නිවේදක - මොකද බින්නසිරි මහත්තයා එක පාරටම අසූහාරදාහටම මල පැන්නේ...
    බින්නසිරි - මල පනින්නැද්ද හලෝ...අරූ කිව්ව ඒවට
    නිවේදක - මොනාවුනත් මිනිහ කිව්ව දේවල් ඇත්තනේ..මිනිහ කිව්වෙ පහුගිය කාලේ බින්නසිරි මහත්තයම කිව්ව දේවල්නේ..
    බින්නසිරි -(නිහඩව සිටී)

    නිවේදක - ඇත්තටම බින්නසිරි මහත්තයා 2010 ට කලින් ආණ්ඩුවට ජනාධිපතිට විරුද්ධව හරේ ගිය ඔබතුමා මොකෝ ඊට පස්සෙ එක පාරටම වෙස් පෙරලල ආණ්ඩුවට කඩේ යන්න ගත්තේ...

    බින්නසිරි - (මද සිනාවක් පාමින්) ඒක මේ අපේ දුටුගැමුණු ඇමතිතුමා හින්ද ගිය ගොඩ යෑමක්..සී අයි ඩී එක ගෙට පැනල හතර වෙනි තට්ටුවට අරං ගියාම මාවත් රත්වුනා....මං දුටු ගැමුණු ඇමතිතුමාගේ කේන්දරේ බලල එක දාල යාළු කරගෙන හිටියෙ..යාන්තං මිනිහගෙ මාර්ගෙන් මං හිරෙන් ගොඩ ආවා.......
    මේ එක නෙවෙයි තමුසෙ දන්නවද මාව හිරේ දැම්මට මම දුන්නු ගේම මොකක්ද කියලා...

    නිවේදක - නෑනේ...

    බින්නසිරි - (කනට කොදුරමින්) මහ රෑ රුවන්වැලිසෑයේ බිම අමුඩයක් ගහගෙන බිම බඩ ගෑවෙව්වා...හික්..

    නිවේදක - අම්මට සිරි තමුණ්නාන්සේ මාර මිනිහෙක්නේ....

    බින්නසිරි - එහෙම තමයි හලෝ අපේ වැඩ..මම උපන් ගෙයි ........ කාරයෙක් ඕයි..අපි ඇවිල්ල වතුර යට ඔබාපු රබර් බෝල වගේ , වෙලාව ලැබුන ගමන් උඩට ඇවිත් ඔළුවටම දෙනවා....

    http://lankajhothisha.blogspot.com/...ampaign=Feed:+sbu/blogs+(Sinhala+Blog+Reader)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH 370 සෝදිසි මෙහෙයුම් තවත් පුළුල් කෙරෙයි

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 22 සෙනසුරාදා - 18:06 GMT


    'ඉල්යුෂින් අයි.එල්.76' චීන යානා දෙකක් සෝදිසි මෙහෙයුමට එක් කොට ඇත.
    අතුරුදහන් මැලේසියානු ගුවන් යානය සොයා ,ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ ජාත්‍යන්තර මෙහෙයුම් පෙරට යමින් තිබියදී ,චීනය එම යානයේ විය හැකි සුන්බුන් දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප අධීක්ෂණය කරමින් ඇති බව නිවේදනය කොට ඇත.

    ක්වාලාලම්පූර් නගරයේ මාධ්‍ය හමුවකදී එම තොරතුරු හෙළි කරණ ලද්දේ මැලේසියාවේ ප්‍රවාහන ඇමති හිස්මුදීන් හුසේන් විසින්.

    සබැඳි තේමා
    කාලීන පුවත් , ජාත්‍යන්තර
    මීටර් විසි හතරක් දිග ද්‍රව්‍යයක් එක් චන්ද්‍රිකා ඡායාරූපයක දැක්වෙන බවයි ,ඇමතිවරයා ප්‍රකාශ කළේ.


    ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙක් සෝදිසියේ.
    අද සෙනසුරාදා පැවති වලාකුළු සහ මී දුම සහිත කාලගුණ තත්වය සෝදිසි මෙහෙයුම් සඳහා එතරම් හොඳ නොවූ බවයි, ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙක් ප්‍රකාශ කළේ.තවමත් නොසන්සුන්ව සිටින

    මේ අතර ඉදිරි සෝදිසි මෙහෙයුම් ගැන විස්තර කරමින් ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති වොරන් ට්රූස් කියා සිටියේ, සෝදිසි මෙහෙයුම සඳහා බොහෝ රටවලින් ගුවන් යානා සහ නෞකා එක් වෙමින් ඇති බවයි.

    චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ සුංබුන් දැක්වෙන නිරිත දිග ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන් ඔබ්බෙහි මුහුදු කලාපයෙහි කිලෝමීටර් දෙදාස් පන්සීයක පමණ ප්‍රදේශයක් මේ වන විට සෝදිසි කෙරෙමින් පවතින බව නිවේදනය කොට ඇත.

    ඕස්ට්‍රේලියානු නිලධාරීන් පවසන්නේ, එම සාගර කලාපයේ තුන් වැනි දිනයටත් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් MH 370 ගුවන් යානය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලද බවයි


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH370 ජීවිත 239ක් සමඟ අතුරුදන් වෙද්දී රන්ජා එයත් ජෝක් එකට ගනී
    March 23, 2014 at 1:07 am | lanka C news
    MH370 ජීවිත 239ක් සමඟ අතුරුදන් වෙද්දී රන්ජා එයත් ජෝක් එකට ගනී
    පසුගිය 08 වන දින සිට අතුරුදහන්ව පවතින මැලේෂියානු ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් තොටුපල හෙවුවේ යයි එජාප මන්ත‍්‍රී රංජන් රාමනායක පවසයි.

    මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් අමතමින් ඔහු අදහස් පල කලේ මෙසේය.

    ‘අර මැලේසියානු ගුවන් යානය හන්ගන්න ඉස්සෙල්ලා එහි කපිතාන්වරයා පරීක්ෂණයක් කරාලු

    ලෝකේ තිබුනු හැංගුනුම ගුවන්තොටුපල කොහේද තියෙන්නේ කියලා.
    බලාගෙන බලාගෙන යද්දි එකක් හම්බුනාලු.. මොකද්ද ?..

    Flight එන්නැති කිඹුල්ලු ඉන්න වල් අලි ඉන්න පිඹුරො ඉන්න මොනරු එහා මෙහා යන මත්තල Air port එක’

    මහජන නියෝජිතයෙකු වන රාමනායක මහතා මෙම ප‍්‍රකාශය කලේ ලොව පුරා නන්නාදුනනා මිනිසුන් ලක්‍ෂ ගණනක් හැකි උපරිමයෙන් මෙම යානය සෙවීමේ සද් කාරය සඳහා දායක වී සිටියදී සහ බිලියන ගණනක මිනිසුන් කම්පා වී සිටියදීය.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    'ඉන්දීය සාගරයේ තවත් සුන්බුන් තොගයක්'

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 23 ඉරිදා - 12:24 GMT


    තවත් චීන ජෙට් යානා දෙකක් සෝදිසි මෙහෙයුමට
    අතුරුදහන් වූ ගුවන් යානයේ සුන් බුන් විය හැකි බවට සැක කළ හැකි දෑ පෙන්නුම් කෙරෙන චන්ද්‍රිකා ඡායාරුප ප්‍රංශයෙන් ලැබී ඇති බව මැලේසියාව පවසයි.

    ප්‍රංශය දැනුම් දී ඇත්තේ මෙම සුන් බුන් ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ පාවෙමින් තිබෙන බවයි.

    පසුගිය සතිය ඇතුළත මෙවැනි කොටස් චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ තුන් වැනි අවස්ථාව මෙයයි.

    නමුත් MH 370 යානය පිළිබඳව ස්ථිර හෝඩුවාවක් තවමත් ලැබී නැති බවයි මැලේසියානු බලධාරීන් පවසන්නේ.

    සබ්මැරීන් යාත්‍රාවක් ද සහිත ඔස්ට්‍රේලියානු යුද නෞකාවක් සෝදිසි මෙහෙයුම් සඳහා පිටත් කර ඇති බවද වාර්තා විය.

    ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරද්දී MH 370 යානය අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදායි.


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ප්‍රංශයත් අතුරුදහන් යානයේ ඡායාරූප නිකුත් කරයි
    Published on Sunday, 23 March 2014 18:06
    MH370 410px 21-03-14අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැක කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රංශය මැලේසියානු බලධාරීන් වෙත නිකුත් කර තිබේ.

    මෙම ඡායාරූප දක්ෂිණ ඉන්දීය සාගර කලාපයෙන් හමු වූ අතුරුදන් යානයේ සුන්බුන් ලෙස සැක කෙරෙන තෙවැනි චන්ද්‍රිකා ඡායාරූප කාණ්ඩය යි.

    අදාළ ඡායාරූපවලින්, මෙහෙයුම් දියත් කර ඇති ඉන්දියන් සාගර ප්‍රදේශයේ කිසියම් වස්තූන් කිහිපයක් පාවෙමින් තිබෙන ආකාරය දැක‍්වෙන බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යංශය ද තහවුරු කර තිබේ.

    මැලේසියානු බලධාරීන් අදාළ ඡායාරූප කඩිනමින් ඔස්ට්‍රේලියානු මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

    කෙසේ වෙතත් ප්‍රංශය නිකුත් කර ඇති චන්ද්‍රිකා ඡායාරූප සංඛ්‍යව පිළිබඳව හෝ ඒවායේ ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.

    මීට පෙර ඔස්ට්‍රේලියාව සහ චීනය ද අතුරුදන් යානයේ සුන්බුන් බවට සැක කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබිණ.

    මේ අතර අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත යානාවක් විසින් ගුවන් යානාවල බඩු බාහිරාදිය රැගෙන යාමට භාවිත කරන පටි සහිත දැවමය බහාලනයක් හඳුනා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

    පසුගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය


    slmirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH-370 අතුරුදන් වූ ගුවන්යානය ඇමරිකන් යුද කඳවුරක
    March 24, 2014 at 12:01 am | lanka C news
    MH-370 අතුරුදන් වූ ගුවන්යානය ඇමරිකන් යුද කඳවුරක
    මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානය එහි ගමන් කළ 239 දෙනාද සමග අතුරුදන් වී අදට (24) දින 17 කි. යානය සෙවීමේ කටයුතු මේ වනවිට ක්‍රමයෙන් වියෑකී යමින් පවතී. දැන් ඉතිරිව ඇත්තේ යානයට සිදුවිය හැකිව තිබූ දෙස මෙය යෑයි උපකල්පනය කිරීම පමණි. BBC පුවත් සේවය කියන පරිදි යානයේ අතුරුදන් වීම ගැන අනුමාන කිරීම් 10 ක්‌ මේ වනවිට බිහිවී තිබේ. පළපුරුදු ගුවන් නියමුවන් සහ යාන්ත්‍රික විශේෂඥයන්ගේ අදහසට අනුව එම අනුමාන කිරීම් කොටස්‌ 10 කට බෙදිය හැකිය. ඒ මෙසේය.

    1. යානය අන්දමන් දූපත්වලට ගොඩබසින ලද බව

    MH 370 දරන මැලේසියන් ගුවන් යානය සිය ගමනේ එක්‌ අවස්‌ථාවකදී ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් අහස්‌ සමූහය දෙසට පියාසර කළ බවට සාක්‍ෂි තිබේ. මෙය ඉන්දියාවට අයත් භූගෝලීය ප්‍රදේශයේ නැගෙනහිර කොටසේ අවසන් සීමාවයි. ඉන්දුනීසියාව, තායිලන්ත වෙරළ සහ බුරුමය යන ප්‍රදේශ අතරින් මෙම නැගෙනහිර සීමාව වැටී තිබේ. මේ ප්‍රදේශය ඉතාම හුදෙකලා කොටසක්‌ වන අතර ත්‍රස්‌තවාදීන්ට හෝ වෙනත් පාර්ශ්වයකට එම ප්‍රදේශය කඳවුරක්‌ ලෙස යොදා ගැනීමට ඉඩක්‌ නොවූ බවට තක්‌සේරුවක්‌ අසල්වැසි රටවලට තිබිණි. ඒ නිසා මේ ප්‍රදේශයෙහි මිලිටරි රේඩාර් උපකරණ ස්‌ථානගත කර තිබුණේද නැත. මේ දූපත්වල ගුවන් යානා ධාවන පථ 4 ක්‌ තිබෙන අතර ඒවායෙහි නිරීක්‍ෂණ පර්යන්ත (Obseretion Terminals) කිසිවක්‌ නැත. අන්දමන් – නිකොබාර් දූපත් සමූහයට දූපත් 570 ක්‌ අයත් අතර ජනාවාස වශයෙන් පවතින්නේ 36 ක්‌ පමණි. බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ හිටපු නියමුවකු වන ස්‌ටීව් බස්‌ඩිගන් කියන පරිදි පැහැරගත් ගුවන් යානයක්‌ සැඟවීම සඳහා ඉතිරි ජන ශූන්‍ය දූපත් යොදාගත හැකිය. එය දුෂ්කර නමුත් කළ නොහැකි කටයුත්තක්‌ නොවන බව ඔහු කියයි. යානය වෙරළට බාන්නේ නම් යානයේ රෝද පිටතට නොගෙන Crash Landing ක්‍රමයට ලිස්‌සා යන පරිදි ගොඩබෑමට හැකි බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් එවිට යානයේ යට කොටස විශාල වශයෙන් හානියට පත්වන නිසා එයින් යළිත් වැඩක්‌ ගැනීමට බැරි බවද ඔහු සඳහන් කරයි.

    2. කසකස්‌ථානයට පලායැම

    කසකස්‌ථානය යනු පැරැණි සෝවියට්‌ සංගමයේ සාමාජික රාජ්‍යයක්‌ව තිබී සෝවියට්‌ සංගමයේ බිඳ වැටීමෙන් පසු ජනරජයක්‌ බවට පත්වූ භූමියකි. වර්ග සැතපුම් එකොළොස්‌ ලක්‍ෂයකට ආසන්න මෙම රටේ කාන්තාර කොටසක්‌ද තිබේ. කාන්තාරයකට ගුවන් යානයක්‌ ගොඩ බෑම වෙරළකට ගොඩබෑමට වඩා යම් ප්‍රමාණයකට පහසුය. යානයේ සිටි ඇතැම් පුද්ගලයන් ප්‍රකෝටිපතියන් බව හඳුනාගෙන ඇති අතර යානය පැහැරගෙන ගියේ නම් එය ගොඩබෑමට වඩාත්ම සුදුසු ආසියානු ප්‍රදේශය කසකස්‌තානයයි. එහෙත් මේ රටට බෑම සඳහා ඉන්දියාව, පාකිස්‌තානය, ඇෆ්ගනිස්‌තානය යන රටවල ගුවන් සීමා පසුකළ යුතු අතර එම රටවල රේඩාර් පද්ධති ඉතා දියුණු බැවින් ඒවාට හසු නොවීම සඳහා යානය ඉතා පහතින් (අඩි 5000 ට අඩු උසකින්) ගමන් කරවිය යුතුය. ඒ අතර කසකස්‌තානය අයත් වන මධ්‍යම ආසියාවේ සමහර රටවල රේඩාර් පද්ධති ඉතා පැරැණිය. එවැනි ප්‍රදේශයකින් කලාපයට ඇතුළු වන විට එසේ ඇතුළුවන යානා එම රේඩාර් පද්ධති විසින් හඳුනාගනු ලබන්නේ කුරුල්ලන් රංචුවක්‌ ලෙසය. (මේ අදහස්‌ ප්‍රකාශ කර ඇත්තේ Why Planes Crash නමැති පොත ලියූ ගුවන් යානා නියමුවරියක වන සිල්වියා රිග්ලි විසිනි.

    3. යානය දකුණු දිසාවට ගමන් කළ බව

    දකුණු දෙසට ගමන් කිරීම යනුවෙන් මෙහිදී අදහස්‌ කෙරෙන්නේ දක්‍ෂිණාර්ධ ගෝලය දෙසට ගමන් කිරීමය. යානය මැලේසියානු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස්‌ තවත් පැය 6 ක්‌ ගතවන තුරුද ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බව චන්ද්‍රිකා ආවේක්‍ෂණ උපකරණ මගින් සොයාගෙන තිබේ. එහෙත් යානය සෙවීමේදී ඉන්දියන් සාගරය, තායිලන්ත බොක්‌ක වැනි ප්‍රදේශ ගැන මිස දක්‍ෂිණාර්ධ ගෝලයට අයත් සාගර ප්‍රදේශයේ ඇති මායිම් ගැන අවධානය ලක්‌ කෙරුණේ නැත. දිගටම ගමන් කළ ගුවන් යානය ඉන්ධන නිම වීමත් සමගම ඔස්‌ට්‍රේලියාව අසල මුහුදට ඇද වැටුණු බවට දැනට ඇති විශ්වාසය පදනම් වී ඇත්තේ මෙම තත්ත්වය මතය.

    4. චීනයේ තක්‌ලමාකන් කාන්තාරයට යානය පහත් කළ බව

    චීනයේ විගාර් (ඪසටමර) නමැති බෙදුම්වාදී ත්‍රස්‌ත සංවිධානයක්‌ සිටිති. ඉස්‌ලාමීය මූලයකින් පැවත එන මෙම සංවිධානය චීනයේ විගාර් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සටන් කරති. ලොව පුරා විසිරී සිටින විගාර් ජනගහනය කෝටි 20 කි. මැලේසියානු ගුවන් යානයේ සිටි මගීන්ගෙන් 153 ක්‌ම චීන ජාතිකයන් වන අතර ඔවුන්ගේ සහයෝගය ඇතිව හෝ නැතිව විගාර් බෙදුම්වාදීන් විසින් යානය පැහැරගෙන චීනයේ තක්‌ලමාකන් කාන්තාරයට එය ගොඩ බාන්නට ඇති බවට විශ්වාසයක්‌ ඇත. තක්‌ලමාකන් කාන්තාරය මධ්‍යම ආසියාවේ තිබෙන විශාලතම කාන්තාරයක්‌ වන අතර ලොව තිබෙන විශාලතම වැලි කාන්තාරවල් වලින්ද එකකි.

    5. යානය අන්දමන් සාගරයේ “ලංකාවි” දූපත් සමූහයෙන් එකකට ගොඩ බාන්නට ඇති බව විශ්වාස කෙරේ

    මෙම දූපත් සමූහය දූපත් 104 කින් සමන්විත වන අතර මැලේසියාවේ කොටසක්‌ ලෙස සලකනු ලැබේ. දූපතට හදිසි ගොඩ බෑමක්‌ සිදු කළේ නම් බොහෝ දුරට එයට හේතු විය හැක්‌කේ යානයේ හදිසි ගින්නක්‌ හටගැනීම විය හැකිය. යානය මැලේසියාවෙන් නික්‌ම මද දුරක්‌ ගොස්‌ හරවන ලද බව හෙළිව තිබෙන අතර නියමුවා එම පියවර ගෙන ඇත්තේ යානය කිසියම් ගුවන් තොටුපළකට පහත් කර ගැනීම සඳහාය. යානය හුදෙකලා දූපතකට පහත් නොකරන්නේ නම් එය නගරයකට කඩාවැටී විශාල විනාශයක්‌ සිදු වීමට ඉඩ තිබූ බැවින් නියමුවා එය හුදෙකලා දූපතකට ගෙන යන්නට ඇති බවටත් මගදී යානය කඩා වැටෙන්නට ඇති බවටත් මතයක්‌ ගොඩනැගී තිබේ.

    6. යානය පාකිස්‌තානයට ගොඩබාන්නට ඇති බව

    ජාත්‍යන්තර ප්‍රවෘත්ති ක්‌ෂේත්‍රයේ දැවැන්තයකු වූ News Cooparation ආයතනයේ අයිතිකරු රූපට්‌ මර්ඩොක්‌ කියන පරිදි යානය ස්‌ථිර වශයෙන්ම පාකිස්‌තානයේ රහසිගත ගුවන් තීරයක ගාල් කර ඇත. එහෙත් පාකිස්‌තානයේ ගුවන් කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකයකු කියන පරිදි පාකිස්‌තානයේ සිවිල් ගුවන් සේවා රේඩාර් පද්ධතියට කිසි විටෙකත් මේ යානය හසුවී නැත.

    7. යානය වෙනත් යානයකට මුවාවී රේඩාර් සංඥ පද්ධතිය වෙතින් පලා ගිය බව

    ගුවන් සේවා කටයුතු පිළිබඳ ලියන ලොව ප්‍රධානම අන්තර්ජාල ලේඛකයකු වන ක්‍රිස්‌ ලෙගර්වුඩ් කියන පරිදි මේ යානය රේඩාර් සංඥවල දැස වසා ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවයේ Filght 68 දරන යානයට මුවා වී ඊට සාපේක්‍ෂව ගමන් කිරීමෙනි. එවිට යානා දෙකටම අදාළ රේඩාර් තරංග එක තරංගයක්‌ බවට පත්ව එක ඒකකයක්‌ ලෙස රේඩාර් තිරමත දිස්‌වන බවත් රේඩාර් අවේක්‍ෂකයන් සිංගප්පූරු ගුවන් සේවයේ Flight 68 ගැන පමණක්‌ ලකුණු කර ගන්නා බවත් ඔහු කියයි. මෙය ප්‍රායෝගික තර්කයක්‌ බව ගුවන් කටයුතු විශේෂඥයෝ විශ්වාස කරති. 1941 දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් යානා පර්ල් වරායට බෝම්බ දැමීම සඳහා පැමිණ ඇත්තේ ඇමරිකන් ගුවන් යානා වලට මුවා වීය. රේඩාර් පරීක්‍ෂණයන් එම ජපන් යානා හඳුනා ගත්තේ ඇමරිකන් යානා ලෙසය.

    8. යානය තුළ ආරවුලක්‌ හටගත් බව

    යානය අඩි 45,000 ක අසාමාන්‍ය උසින් ගමන් කර පසුව ඉතාම අඩු උසකට පත්වූ බවට සාක්‍ෂි ඇත. නියමුවන් එසේ කළේ යානය රේඩාර් තිර වලින් වසං කිරීමට බවට තර්කයක්‌ ඇති නමුදු තවත් අය කියන්නේ යානයේ නියමු කුටිය තුළ හටගත් හදිසි ආරවුලක්‌ නිසා නියමුවන් යානය පහත් කළ බවය. අල්ඛයිඩා සංවිධානය නිව්යෝර්ක්‌ නුවරට පහර දීම සඳහා මේ අන්දමින් ගුවන් යානා දෙකක්‌ හදිසියේම පහත් කළේය. ඒවා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැඟිල්ල සමග ගැටෙන්නේ ඒ අනුවය.

    9. යානය තුළ අඩු පීඩන තත්ත්වයක්‌ ඇති කර මගීන් සියලු දෙනා මිය යන්නට සැලැස්‌වූ බව

    යානය නිසි මාර්ගයෙන් නික්‌මී වෙනත් මාර්ගයක ගමන් කරන විට මගීන් කලබලවී චන්ද්‍රිකා දුරකථන හෝ ජංගම දුරකථන මගින් ඒ බව තම හිතවතුන්ට දැනුම් දීමට ඉඩ තිබේ. ඔවුන් නැවැත්වීම සඳහා ගත හැකි එකම පියවර වන්නේ සියලු දෙනා මරා දැමීමය. බෝයිං 777 යානයක්‌ අඩි 45,000 ක උසකට (පොළොවෙන් සැතපුම් 9 ක්‌ උසින්) ගමන් කළ විට මගීන් ගමන් කරන කොටස තුළ අඩු පීඩන තත්ත්වයක්‌ හටගනී. එවිට ස්‌වයංක්‍රීය ලෙස මගීන්ට ඔක්‌සිජන් සැපයීම සිදුවේ. එහෙත් යානය තුළ ඇති ඔක්‌සිජන් ප්‍රමාණවත් වන්නේ විනාඩි 12-15 කාලයකට පමණි. ඔක්‌සිජන් නිමවූ විට යානය තුළ කාබන් මොනොක්‌සයිඩ් නමැති විෂ වායුව ඇතිවේ. ඒවා ආශ්වාස කරන මගීහු මුලින් සිහිසුන්වී පසුව මියයති. නියමු කුටිය තුළ ඔක්‌සිජන් සැපයුම දිගටම පවත්වාගෙන යැමට හැකි බැවින් නියමුවන් මියයන්නේ නැත.

    10. ඇමරිකාවට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා යානය ඉදිරි දවසක ගුවන්ගත වනු ඇති බව.

    මතු යම් දවසක ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට යොදා ගැනීම සඳහා මේ යානය පැහැරගෙන ගොස්‌ සඟවා තැබූ බවට තර්කයක්‌ තිබේ. ගුවන් යානයක්‌ පැහැර ගැනීම, සඟවා තැබීම, යළි ගුවන්ගත කිරීම යන කටයුතු හොර රහසේ සිදුකළ හැකි දේවල් නොවේ. එහෙත් විශාල ත්‍රස්‌ත සංවිධානයක හෝ ත්‍රස්‌තවාදයට බහුලව අනුබලය දෙන රටකදී එය කළ හැකිය. සාමාන්‍යයෙන් ගුවන් යානයකට අලුත් කේත (Code) සහිත සහ උපකරණ සවිකළ විට ජාත්‍යන්තර ගුවන් ආරක්‍ෂණ පද්ධතියන් මගින් යානය හඳුනාගනු ලබන්නේ නව ගුවන් යානයක්‌ ලෙසය. මේ ක්‍රමයට ගුවන්ගත වී විශාල විනාශයක්‌ කිරීමට මේ යානය යොදා ගත හැකිය.

    මේ සියලු මතවාදවලට වඩා වැදගත්ම මතවාදය වන්නේ ඇමරිකන් හමුදාව මගින් යානය පැහැරගත් බවය. ඉන්දියානු සාගරයේ ඇමරිකාවට අයත් හත්වන නාවුක බලඇණිය පිහිටි දිගෝ ගාර්ෂියා දූපත උඩින් යානය ගමන් කරද්දී එය දූපතේ වූ ඇමරිකන් යුද කඳවුරේ යුද ගුවන් යානා මගින් යානය වටලා එය එම කඳවුරට රැගෙන එන්නට ඇති බව එම මතවාදය මගින් විස්‌තර කෙරෙයි. එහෙත් ඇමරිකන් හමුදාව යානය ඔවුන් භාරයට ගත්තේ මක්‌ නිසාද යන්න එම මතවාදය මගින් පැහැදිලිs කරන්නේ නැත. (BBC/ CNN/Newyork Times/ Mail Ouline/ Reute)

    අනුර සොලමන්ස්‌
    - Divaina
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඉන්දීය සාගරයේ 'යානයේ කොටස් දෙකක්?'

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 24 සඳුදා - 11:43 GMT


    වටකුරු සහ හතරැස් වස්තු දෙකක් ඕස්ට්‍රේලියානු ගුවන් යානයකට දකින්නට ලැබී තිබේ
    ඉන්දීය සාගරයේ දකුණු දිග ප්‍රදේශයේ කෙරෙන අතුරුදහන්ව තිබෙන මැලේසියානු යානය සෙවීමේ මෙහෙයුමේදී යානයේ සුන්බුන් ලෙස විශ්වාස කෙරෙන කොටස් දක්නට ලැබුණු බව මැලේසියානු බලධාරීහු පවසති.

    වටකුරු සහ හතරැස් වස්තු දෙකක් ඕස්ට්‍රේලියානු ගුවන් යානයකට දකින්නට ලැබී ඇති බව මැලේසියාවේ ප්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් කියා සිටියේය.

    ඉදිරි පැය කිහිපය ඇතුලත එම කොටස් වෙත ළඟාවීමට සිය නාවික හමුදා යානා සමත් වනු ඇති බවට ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් විශ්වාසය පළ කළේය.

    අතුරුදහන් මැලේසියානු යානයේ සුන්බුන් හමු වී තිබෙන්නේ දැයි තමා නොදන්නා බව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටි අගමැතිවරයා, කෙසේ නමුත් මෑත කාලයේ හටගත් ආන්දෝලනාත්මකම අබිරහසක් ලෙසින් ඔහු විග්‍රහ කළ දේ ඉතා ඉක්මනින්ම විසඳීමට ඉඩ තිබෙන බවද කියා සිටියේය.


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මැලේසියානු යානය සොයන්න ඇමරිකාවට බරට වියදම්
    Published on Monday, 24 March 2014 09:10
    Aircrafte 410px 21 03 14දකුණු ඉන්දීය මුහුදු ප්‍රදේශයට වැටී ඇතැයි සැක කෙරෙන අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ සෙවිමේ මෙහෙයුම් වෙනුවෙන් පෙන්ටගනය හෙවත් ඇමෙරිකාණු ආරක්ෂක මුලස්ථානය මේ වන විට ඩොලර් මිලියන 2.5 ක් වියදම් කර ඇති බව වාර්තා වේ.

    දකුණු චීන හා ඉන්දිය මුහුදු තීරයේ ගුවන් හා නාවික මෙහෙයුම් වෙනුවෙන් මේ පිරිවැය දරා තිබේ.

    මෙම මෙහෙයුම් සදහා ඩොලර් මිලියන 04 ක් පෙන්ටගනය මේ වන විට වියදම් වශයෙන් ඇස්තමේන්තුගත කර ඇති බවද වාර්තා වේ.


    sl mirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තවත් මැලේසියානු යානයක් නූලෙන් බේරෙයි
    Published on Monday, 24 March 2014 16:46
    MalaysiaA 410px 14 03 24මැලේසියා ගුවන් සමාගමට අයත් තව ත් යානයක කාර්මික දෝෂයක් හේතුවෙන් හොංකොං ගුවන් තොටුපොළකට හදිසියේ ගොඩ බස්වා තිබේ.

    විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට දකුණු කොරියාවේ සෝල් නුවර දක්වා පියාසර කරමින් තිබූ යානයක් එලෙස හදිසියේ ගොඩ බස්වා ඇති බව ය.

    එම යානයේ විදුලි ජනක යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිත වී ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම කාර්මික දෝෂය A330-300 වර්ගයේ යානයක සිදුව ඇති අතර එහි ගින්නක් හට ගැනීම වැළැක්වීම සඳහා ගිනි නිවන භටයින් ද යොදවා තිබිණි.

    ‍කාර්මික දෝෂය ‍හේතුවෙන් අතරමගදී හොංකොං වෙත ගොඩබස්වා ඇත්තේ, MH066 දරන මැලේසියානු යානය යි.

    යානය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ එහි සිටි මගීන් ගණන 271 දෙනෙකි.


    sl mirror
     
    • Like
    Reactions: nimal2011

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගුවන් යානය කඩා වැටුණු බව තහවුරුයි

    මේ වන විට ලැබී ඇති දත්ත අනුව අතුරුදහන් වු මලයාසියානු ගුවන් යානය දකුණු දිග ඉන්දියන් සාගරයේ කඩා වැටී ඇති බවට තහවුරු වී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.

    එසේම මේ වන විට කිසිදු අභිරහසක් අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් නොමැති බවද ඔහු සඳහන් කර සිටියේය.

    චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්නා ලද ඡායා රූප අනුව මේ බව තවදුරටත් තහවුරු වන බවද මලයාසියානු අග්‍රාමාත්‍ය වන නජීබ් රසාක් මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කරන ලදී.

    පසුගිය 8 වැනිදා මැලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි.

    යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමඟ පැවැති සබඳතා ඇණ හිට තිබුණි.

    ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගන්නා ලදී.

    වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණි.


    ada derana
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH-370 අවුල නිමයි.. සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ
    March 24, 2014 at 7:58 pm | lanka C news
    MH-370 අවුල නිමයි.. සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ
    පසුගිය 08 වන දා මැලේසියා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදට කඩා වැටී කිසිවකුගේ දිවි ගලවාගැනීමට නොහැකි වූ බවට මැලේසියානු බලධාරීහු පවසති.

    විශේෂ මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ දකුණු ඉන්දීය මුහුදේ තිබී සුන්බුන් කිහිපයක් සොයාගැනීමට හැකි වූ බවත් චන්ද්‍රිකා ඡුායාරූපද මේ බව සනාථ කරන බවත්ය.

    මැලේසියානු අගමැතිවරයා විසින් දිවිගලවා ගැනීමට නොහැකි වූ මගීන්ගේ ඥතීන් වෙත කෙටි පණිවුඩයකින් මේ සම්බන්ධයෙන් දන්වා ඇත.


    c news
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ad_130543783.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදහන් වූ යානය: ඥාතීහු වීදි බසිති

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 25 අඟහරුවාදා - 08:53 GMT

    අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති.


    සෝදිසි මෙහෙයුම් ඇනහිටී
    MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ.


    ‘පැහැදිලි සාක්ෂි’
    යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට නිගමනය කිරීමට හේතු වූ ‘පැහැදිලි සාක්ෂි’ ඉදිරිපත් කරන ලෙස ඊයේ (සඳුදා) චීන බලධාරීහු මැලේසියාවෙන් ඉල්ලා සිටියෝය.

    මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ.

    සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බවයි ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

    එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි.


    bbc