ආන්ඩුව වට්ටන්නේ ඡවිපෙ .
සංඛ්‍යා ලේඛන අනුව පසුගිය කාලයේදී මේ ආණ්ඩුවට අසීමිත බලයක් ලබාදීලා තියෙනවා. ඇයි තවදුරටත් මේ ආණ්ඩුව ශක්තිමත් කරන්නේ. මේ ආණ්ඩුව පලවා හරින්න ඕනෑ යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගියදා ගාල්ලේ පැවැති පක්ෂ ක්රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් දිසානායක මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඒ මහතා මෙසේද කීය.
ආණ්ඩුව පලවා හැරීමේ සටන එ. ජා. ප. නායක රනිල් මහත්තයාට කරන්න බැහැ. එයා හොඳ සූකිරි බට්ටිත්තා, රනිල් මහත්තයා ආණ්ඩුවට පක්ෂයි. ඔහු තම නායකකම රැකගෙන ඉන්නවා. ඒ සඳහා මහින්ද මහත්තයා උදවු කරනවා, රනිල් මහත්තයාට ආණ්ඩුවට විරුද්ධව හඬක් නඟන්න බැහැ.
රවි කරුණානායක මහත්තයාටත් ආණ්ඩුවට විරුද්ධ හඬක් නඟන්න බැහැ. එයාට විරුද්ධව විදේශ විනිමය වංචා කිරීමේ නඩුවක් තියෙනවා. එ. ජා. ප. ජාතික සංවිධායක දයා ගමගේ මහත්තයාටත් එහෙමයි. ආණ්ඩුවට විරුද්ධව හඬක් නඟන්න බැහැ. එයා ආණ්ඩුව සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. කොළඹ පාරවල් ඉදිකිරීමේ කොන්ත්‍රාත් කරන්නේ මෙයා. මේ ආණ්ඩුව රටට බරපතළ විනාශයක් උදාකර තියෙනවා. එ. ජා. ප. යට ඡන්දය දීලා වැඩක් නැහැ.
මේ ආණ්ඩුව පෙරළන්න සූර සරදියෙල්ලාට, පොළොන්නරුවේ පොඩි විජේලා වැනි තනි තනි පුද්ගලයන්ට හා කණ්ඩායම්වලට බැහැ. එහෙන් මෙහෙන් අහුලාගෙන සුපින්වලින් හදපු දේශපාලන ව්‍යාපාරවලට ඒක කරන්න බැහැ. මේ ආණ්ඩුව සමඟ කරට කර හැපෙන්න පුළුවන්. ජ. වි. පෙ.ට පමණයි. ජ. වි. පෙ. ජනතාවට ණය නැති පක්ෂයක්. නමුත් මහින්ද මහත්තයා අපට ණයයි.
මේ ආණ්ඩුව සමඟ අපේ යම් ගනුදෙනු නැහැ. ආණ්ඩුවට එරෙහි ජනතා හඬ ජ. වි. පෙ. පමණයි. පාර්ලිමේන්තුවේ හඬ කවුද? ඒත් ජ. වි. පෙ. පමණයි. පාර්ලිමේන්තුවේ අපට කතා කරන්න හමුවෙන්නේ හතෙන් එකයි. එ. ජා. ප. යට කතා 7ක් ලැබෙනවා. මාධ්‍යවලින් වැඩි ඉඩක් එ. ජා. ප.යට ලැබෙනවා. අපට ලැබෙන ඉඩ අඩුයි. අපි තමයි ජනතාව වෙනුවෙන් හඬ නඟන්නේ. ඒ කාර්ය කරන්නේ ජ. වි. පෙ. විතරයි. ප්‍රබල විපක්ෂ ව්‍යාපාරයක් හදන්න පුළුවන් ජ. වි. පෙ.ට විතරයි.
අද සියලු මාධ්‍ය ආයතන බය කරලා, සිරස රූපවාහිනියට ගැහුවා. තවමත් ගහපු අය අල්ලා ගන්න බැරි වුණා. සියත රූපවාහිනියට ගැහුවා. නමුත් අල්ලන්න බැරි වුණා. මාධ්‍ය, අධිකරණය, පොලිසිය, පාර්ලිමේන්තුව නිහඬ කරලා. "ඉරුදින" පත්තරය, "රන්දිව" ආණ්ඩුව මිලදී ගෙන තියෙනවා. ඇතැම් කතුවරුන්ට වරදාන හා වරප්‍රසාද දීලා, එක්තරා පුවත්පතක කතුවරයකුගේ දරුවන්ට ඇමෙරිකාවේ ඉගෙන ගන්න අවස්ථාව දීලා. අද මාධ්‍ය බය කරලා නිහඬ කරලා.
පොලිසිය නිහඬ කරලා. අද පොලිසියේ ඕ. අයි. සී. මහත්තයාගේ පුටුවේ වාඩි වෙන්නෙ ප්‍රාදේශීය සභාවේ සභාපති. පැමිණිලිකරු ඕ. අයි. සී. මහත්තයා. නඩු අහන්නේ සභාපති. අධිකරණය, පොලිසිය, පාර්ලිමේන්තුව, මාධ්‍ය නිහඬ කළත් මේ ආණ්ඩුවට ජ. වි. පෙ. නිහඬ කරන්න බැහැ. මේ හඬ සල්ලි දීලා අරගෙන, වරදාන වරප්‍රසාද දීලා නිහඬ කරන්න බැහැ. රට පුරා ජනතාව අවදි කරන හඬ ජ. වි. පෙ. විතරයි. ජ. වි. පෙ.ට සියලු හඬවල් පරාදයි.
මේ ආණ්ඩුවේ පාලකයන් ජනතා මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කනවා. මහජන දේපොළ හොරා කනවා. මහ දවල් කරන කොල්ලයක් වගේ. මේ ආණ්ඩුව මහජන දේපොළ විනාශ කරන ආණ්ඩුවක්.
එයාර් ලංකා එකේ පාඩුව රුපියල් කෝටි 7,000යි. ඒ බව ගුවන් සේවා ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී මා අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවා. ආණ්ඩුවේ හොරකම, නාස්තිය, දූෂණය ඉහවහා ගිහින්. කෙහෙළිය ඇමැතිගේ විදුලි බිල 1,21,000යි. අර දේශප්‍රේමී ඇමැතියාගේ විදුලි බිල 1,33,000යි. මේ ඇමැතිගේ නම කියන්නවත් මා කැමැති නැහැ. මෙයාගේ දේශප්‍රේමීත්වයේ පැණි බේරෙනවා. මේ තරම් විදුලි බිල වැඩි වීමට හේතුව තමයි නිවාස පමණක් නෙවෙයි වැසිකිළිය පවා ඒ. සී. කරලා.
මේ හොරකම දූෂණය නතර කරන්න රනිල්ට පුළුවන්ද? රනිල්ට බැහැ. එයා බලාගෙන ඉන්නේ ඇරියස් එකත් අල්ලා ගන්න. රවි කරුණානායකට බැහැ මේක කරන්න. මේ හාදයා තමයි ස. තො. ස. ගිල්ලේ හොරකමේ උපන් අය. ජ. වි. පෙ. ට හා ඒ වටා එක් රැස්වන බලවේගයට විතරයි ආණ්ඩුවේ දූෂණ, හොරකම්, නාස්තිය නවත්වන්න පුළුවන්.
මහජන දේපොළ හොරකම් කරපුවා නැවත ගන්න ඕන. ජනතාවාදී රටවල් එහෙම කරලා තියෙනවා. ස්වාධීන පරීක්ෂණ පවත්වලා හොරකම් කරපු හැම ශතයක්ම නැවත රජයට ගන්න ඕන. පාලකයෝ රැස්කරගත් මේ ධනය නැවත අත්පත්කර ගත යුතුයි. අවුරුදු 66ක් මෙරට පාලනය තුළ මේ දෙගොල්ලෝ හොරා කෑවා.
රටේ ආර්ථිකය වැටිලා, නීතිය නැති කරලා. රටේ නීතියක් නැහැ. නීතියක් නැති රටක් තමයි මේක. කාන්තාවක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කරපු ඇමැති බිරියකට සමාව දුන්නා. රට කුඩු, එතනෝල්වලින් පුරවලා. අද කුඩු ගේන්නේ කන්ටේනර්වලින්. රට කුඩු පුරයක් කරලා. මේ කුඩු ගේන්නේ අපේ දරුවන්ට පොවන්නයි. එතනෝල් තොග ගණන් ගේනවා. එතනෝල් කන්ටේනරයකින් ලක්ෂ 1,200ක් ලාභ ලැබෙනවා. මේ රට පාලනය කරන්නේ හොර අරක්කු ඇමැතිලා, මුදලාලිලා.
රටේ සදාචාරය නැති වෙලා. දුරාචාරය ඇති වෙලා. නිළි වහන්තරා ටිකක් ගෙනැවිත් දමා දේශපාලන සංස්කෘතිය විනාශ කළා.
රටේ ආර්ථිකය බිඳ වට්ටලා ශ්‍රී ල. නි. පක්ෂය වසර 20ක් රට පාලනය කරනවා. එක කර්මාන්ත ශාලාවක් හැදුවේ නැහැ. හැම දෙයක්ම ගේන්නේ පිට රටින්. කාන්තාවගේ බෑග් එක, සපත්තු ජෝඩුව, කොණ්ඩේ ගාන තෙල් ටික, කොණ්ඩ කට්ට, කරාබු ජෝඩුව, සාරිය, අතේ බඳින ඔරලෝසුව හැම එකක්ම ගේන්නේ පිටරටින්. ශරීරය විතරයි මේඩ් ඉන් ශ්‍රී ලංකා. ආර්ථිකය බිඳ වැටිලා. ලංකා බැංකුවෙන් ණය අරගෙන තමයි මේ මාසයේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වේ. භාණ්ඩාගාර ගිණුමේ සතයක්වත් නැහැ. බැංකු අයිරාවෙන් තමයි ගිණුම දුවන්නේ. මිලියන 7,600ක බැංකු අයිරාවක් තියෙනවා. නයි. ටී. එන්. එකෙන් නම් කියනවා රටේ ආර්ථිකය ඉහළ නැඟලා කියලා. එක පවුලේ ටෙලි නාට්‍යයක් බවට පත් කරලා. රටේ බිස්නස් බැහැලා. ව්‍යාපාරිකයෝ ඒ බව දන්නවා. නමුත් ආණ්ඩුව කියනවා ආර්ථිකය නැඟලාලු. මේ ආණ්ඩුවට දැන් සල්ලි නැහැ, විශ්‍රාමිකයන්ගේ පාරිතෝෂිකය කපලා.
බදු ගහනවා, දඩ ගහනවා, දඩ ඉලක්ක දීලා පොලිසියේ මහත්වරු හැංගිලා තමයි දඩ ගහන්නේ. ක්‍රම දෙකකට දඩ ගහනවා. එතැනම දඩ ගහනවා දඩ කොළයක් දීලා. පොලිසියේ මහත්වරුන්ගේ පහසුකම් කප්පාදු කරලා. මේ ආණ්ඩුව දඩයටත් බදු ගහන ආණ්ඩුවක්. පිස්සු වැඩ කරන ආණ්ඩුවක්. පරිසර පොලිසියෙන් විටක් කාලා කෙළ ගැහුවත් දඩ ගහනවා. අම්පාර, කල්මුණේ, සමන්තුරේ පැත්තේ අමුතු දඩයක් ගහනවා. සරම ඇඳලා යටට ඇඳලා හිටියේ නැත්නම් ඒකටත් දඩ ගහනවා. මුද්දර ගාස්තු ලියාපදිංචි ගාස්තු වැඩි කරලා කසාදයක් බඳින්න 5,000ක් දෙන්න ඕන. හැබැයි දඹානෙන් කෙලි පොඩ්ඩක් කසාද බැඳගත්තොත් ඒ මුදල ගෙවන්න ඕන නැහැ. මේ ආණ්ඩුව වසරකට කසාදවලින් ලක්ෂ 7,500ක්, ඉපදෙන අයගෙන් ලක්ෂ 900ක් හා මැරෙන අයගෙන් ලක්ෂ 4,000ක් එකතු කර ගන්නවා. මේ මුදල් තමයි රටේ පාලකයන් හොරකම් කරන්නේ.
ජාතීන් ඇන කොටා ගන්නවාට ආණ්ඩුව කැමැතියි. ජාතීන් කොටවන්න හදනවා. එක එක බලසේනා හදනවා. ආගම් අතර සහජීවනය තියෙන්න ඕන. ජාතික සමගිය අවශ්‍යයි. ජාතික සමගිය පිරුණු රටක් අවශ්‍යයි. මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්නයේදි රනිල් බකන් නිලාගෙන හිටියා. හකීම් කරන්නේ කැත දේශපාලනයක්.
නිදහස් හා සාධාරණ අධිකරණයක්, සාධාරණ පොලිසියක්, නීතිගරුක රටක් හදන්න ජවිපෙ ඇප කැප වන බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේය.
mawbima