බුලත් විට

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    බුලත් විට කන, මා හදුනාගත් ආකාර 3කි.

    ආකාර 3 පැවසීමට පෙර බුලත් විට සදහා අවශ්‍ය වෙන අනිවාර්යය recipe එක මම පැවසීමට කැමැත්තෙමි.

    01 - වැලට සම්බන්ධ නැට්ට සහ කොළයේ යට කෙලවරේ නැට්ට කඩා ගත් සාමාන්‍ය බුලත් කොළයක්.
    02 - ගෙඩියෙන් 4න් පංගුවක පමණ කුඩා පුවක් කැබැල්ලක්.
    03 - දුම්කොළ ඇති පදමට.
    04 - හුණු ස්වල්පයක්.

    දැන් ආකාර 3 පිළිබදව සිතා බලමු.

    පළමු ආකාරය

    මෙය ගොඩ දෙනෙක් විසින් use කරනු ලබන අතිශය සාමාන්‍ය ක්‍රමයයි. මුලින්ම මං අර කලින් කී ජාතියේ පුවක් කැබැල්ලක් ගෙන මුඛයේ දමා කුඩා කැබලි වලට කැඩෙන තුරු හපන්න. ඉන් පසු බුලත් කොළය ගෙන එහි පිට පැත්තේ හුණු ස්වල්පයක් ගා ඒ හුණු ටික උඩින් දුම්කොලය තබා ඔතා ගන්න. මුඛයේ ඇති පුවක් කැබැල්ල කුඩාවට කැඩී ඇති බව තහවුරු කරගෙන එතූ බුලත් කොළය අනුභව කරන්න.

    ඕනෙ කෙනෙක් හට මෙම ක්‍රමය අත්හදා බැලිය හැක. අතුරු ආබධ කිසිවක් නොමැත.

    දෙවන ආකාරය

    මේ ආකාරයත් ගොඩ දෙනෙකු විසින් use කරයි. බුලත් කොළය ගෙන එහි පි පැත්තේ හුණු ස්වල්පයක් ගාන්න. ඉන් පසු පුවක් කැබැල්ල ගෙන එය කුඩා කැබලි වලට ගිරයක් හෝ පිහියක් ආධාරයෙන් කපා ගන්න. එම කපා ගත් කැබලි හුණු ගෑ බුලත් කොළය මත අතුරා ඊට උඩින් දුම්කොල කැබැල්ල තබා බුලත් කොළය ඔතන්න. ඉන් පසු අනුභව කිරීමට හැක.

    ඕනෙ කෙනෙක් හට මෙම ක්‍රමය අත්හදා බැලිය හැක. අතුරු ආබධ කිසිවක් නොමැත.

    තෙවන ක්‍රමය

    Experienced users ලා පමණක් මේ ආකාරය අනුගමනය කරයි. මුලින්ම පුවක් කැබැල්ල මුඛයේ තබා හපා ඉන් පසු බුලත් කැබැල්ල හපන්න. දෙක හොදට මිශ්‍ර වූ පසු දුම්කොල කැබැල්ල කටට ගන්න. ඊටත් පසු හුණු ස්වල්පයක් ඇගිල්ලෙන් ගෙන ඉතා ප්‍රවේශමෙන් කටේ ගා ගන්න.

    Novice users ලා අනුගමනය නොකරන්න. අතුරු ආබාධ සහිත වේ. දිව, කට, තොල තුවාල විය හැක.

    දුම්කොල වැඩියෙන් ගත් පමණින් මත් වන ගතිය වැඩි යැයි බොහෝ දෙනා සිතති. එය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි. දුම්කොල වැඩියෙන් ගත් පමණින් මත් වන්නේ නැත. ඉහත් කී ජාති 4 හරි පදමට මිශ්‍ර වූ පසු මත් වේ. එම ජාති 4 හරි පදමට මිශ්‍ර වූවා දැයි දැන ගැනීමට උපක්‍රමයක් මම අත්දැකීමෙන් දනිමි. එය නම්, එම ජාති 4 සුපිරියටම මිශ්‍ර වුවහොත් බුලත් කා ගසනා කෙල පිඩ ලේ රතු පාටින් දිස් වේ. බුලත් සමග මගේ ඇති අත්දැකීම් කොතෙක්ද යත් බුලත් කා කෙලින් සිටීමටවත් නොහැකි වන trick එකක් මා දනිමි. එනම් කෙළ නොගැසීමයි. බුලත් කා කෙළ නොගසා ගිලීමෙන් අති සුපිරි මත් භාවයක් ඔබට ලගා කරගත හැක.
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    බුලත්විට = රන් පවුම = Quid ද වේ.

    තවද බුලත් විට කා වැඩියෙන් මත් වූ විට ඔලුව කැරකීම, කෙලින් සිටිය නොහැකි තත්වයක් උදා වීම, ඔක්කාරය හා වමනය යාම වැනි තත්ව ඇති විය හැක. එය සමනය කර ගැනීමට නම් ඔක්කාරය ඇති වූ විගස ඇල් වතුරෙන් කට සෝදා ජලය පානය කිරීමට පිරියක් නොමැති වුවද ජලය ස්වල්පයක් පානය කර ලුණු කැට ස්වල්පයක් මුඛයේ තබා ගන්න. ඉන් වමනය යාම හා මත් ගතිය පාලනය කිරීමට හැක.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    බුලත් කා කෙලින් සිටීමටවත් නොහැකි වන trick එකක් මා දනිමි. එනම් කෙළ නොගැසීමයි. බුලත් කා කෙළ නොගසා ගිලීමෙන් අති සුපිරි මත් භාවයක් ඔබට ලගා කරගත හැක.

    Nodanna ekek Kroth Kbaraya thma...
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    :lol::lol::rofl:

    උඹේ ත්‍රෙඩ් එක දැකල හෙට ඉදන් ලන්කාවෙ බුලත් විට ඉල්ලුම වැඩි වෙයි :P

    එළ.. එළ.. බුලත් විට යනු ජාතික සම්පතකි. එය රැක ගැනීම අපගේ යුතුකමකි.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    හුනු හින්ද මුඛ පිලිකා හැදීමේ අවදානමක් තියෙනව නේද?

    හුණු, දුම්කොල තියෙන තරම් කෑවහම ඕක වෙනවා. අනික බුලත් විට කටේ ගොඩක් වෙලා තියාගන්නත් හොද නෑ.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    බුලත් විට දිනපතා පුරුද්දක් වශයෙන් අනුභව කිරීමෙන් ඔබගේ දත් වල යැවීමට නොහැකි වන සේ කහට බැදෙයි. එය වැලැක්වීමට නම් අනිවාර්යයෙන් බුලත් විට කෑමෙන් පසු දත් මදින්න. සෑම විටම බුලත් විට කෑමෙන් පසු දත් මැදිය නොහැකි නම් සතියකට වතාවක්වත් පොල් මුඩ්ඩකින් දත් ඇතිල්ලිය හැක. එසේ නොකර කෙසේවත් ඔබගේ දත් වල ඇති කහට ඉවත් කල නොහැක.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    බුලත් විට දිනපතා පුරුද්දක් වශයෙන් අනුභව කිරීමෙන් ඔබගේ දත් වල යැවීමට නොහැකි වන සේ කහට බැදෙයි. එය වැලැක්වීමට නම් අනිවාර්යයෙන් බුලත් විට කෑමෙන් පසු දත් මදින්න. සෑම විටම බුලත් විට කෑමෙන් පසු දත් මැදිය නොහැකි නම් සතියකට වතාවක්වත් පොල් මුඩ්ඩකින් දත් ඇතිල්ලිය හැක. එසේ නොකර කෙසේවත් ඔබගේ දත් වල ඇති කහට ඉවත් කල නොහැක.

    mgula thma ai Aguru bn :growl:
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mgula thma ai Aguru bn :growl:

    ඔව් ඉතින්, තව ඔය වගේ ගොඩක් තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕවා කොහෙන්ද හොයා ගන්නෙ? බෝඹු කෝට්ටකින් [ඉස්සර කාලේ වගේ] දත් මැද්ද නම් ඔය මොකුත් ඕනෙ නෑ. ඒ කෝට්ටෙ මොනව තියෙනවටද මන්ද දත් ටික සුපිරියටම සුදු වෙනවා.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඇයි යකෝ බුලතුයි පුවකුයි ඔක්කොම එකට දාල වන්GEDIයක දාල කොටලා කන්නේ ඉස්සර ආච්චිලා එහෙම.. මමත් කාල තියෙනවා.. පට්ට..
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අන්න ඒක තමයි අනිත් සීන් එක. බුලත් විට කන උන් සිගරට් බොන්නෙ නෑ.

    උබ මගුලක් කතා කරනවා. මම සිගරට් උත් බොනවා, විටත් කනවා. එකක්වත් නවත්ත ගන්න බැ :angry::angry::(:(
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඇයි යකෝ බුලතුයි පුවකුයි ඔක්කොම එකට දාල වන්GEDIයක දාල කොටලා කන්නේ ඉස්සර ආච්චිලා එහෙම.. මමත් කාල තියෙනවා.. පට්ට..

    ඒ ආච්චිලනෙ. උඹ උඩින්ම දාලා තියෙනෙ එක කියෙව්වෙ නැද්ද. මං උඩින්ම දාලා තියෙනවා "මා හදුනා ගත්" කියලා. ඒක ඉස්සෙල්ලා කියවපන්.