එයා බෑග් සෙන්සර් හදන ලාංකිකයා...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    එයා බෑග් සෙන්සර් හදන ලාංකිකයා...

    මේ කතාව කියවනකොට මට හිතුනා ලංකාවේ මොන තරම් දක්ෂ පුද්ගලයෝද ඉන්නේ කියලා..
    රිවිනෙත පත්තරෙන් තමා උපුටා ගැනීම යාලුවනේ..කතාව පටන් ගමු...


    nn81.jpg


    නම
    රොහාන් පල්ලෙවත්ත

    උපන් ගම පළාත

    ගම්පහ ඔරුතොට

    උපන් දිනය
    1967.01.01

    පවුලේ කී වෙනියා විදියටද ඉපදුනේ
    පවුලේ මම විතරයි.

    අම්මා තාත්ත කවුද?
    අම්ම රමණි ජයකොඩි.තාත්ත චන්ද්‍රසිරි පල්ලෙවත්ත

    ඔවුන් රැකියා කලාද?
    තාත්ත ගුවන් හමුදාවේ ඉදල අයින් වෙලා තමන්ගේම ඉඩකඩම් සංවර්දනය කළා.අම්ම ගෘහනියක්.

    කොහොමද ළමා කාලේ??
    හුගක්ම දැයි.මට මතකය් අල්ලපු ගෙදර ළමයෙකුට ගලකින් ගහල ඔලුවත් පෙලුවා.

    දඩුවම් ලැබුනද?
    පවුලේ එකම දරුවා නිසා දඩුවම් නම් දුන්නේ නෑ..එත් මට ජීවිතේටම හැදෙන්න එක දඩුවමක් දුන්න..

    ඒ මොකක්ද??
    අවුරුදු 05ක් වෙනකොට මාව දැම්ම ඉස්කෝලේ නේවාසිකාගාරයට.කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට.

    ඉගෙන ගත්තේ ඒ පාසලින් විතරද?
    නෑ.ජපානේ උට්සුනොමියා කිමා හයි ස්කුල් එකෙත් අවුරුද්දක් ඉගෙන ගත්තා.

    පාසල් කාලය ගෙවුනේ??
    ඉගෙන ගත්තා..ක්‍රීඩා කළා..බල දක්ෂයෙක් වගේම ශිෂ්‍ය නායකයෙක්,ප්‍රදාන ශිෂ්‍ය නායකයෙක් වෙලත් හිටියා..

    මොනාද ක්‍රීඩා??
    මීටර් 800,1500 දිස්ත්‍රික් ජයග්‍රහණ ගත්ත..රගර් වලින් 86දී ජාතික ශුරතාවය ගත්තා.ටේබල් ටෙනිස් ,කරාටේ ,කුංෆුත් කළා ඒ කාලයේ..

    බලදක්ෂත් කල කිව්වා නෙහ්??
    ඔව්.මම අවුරුදු 12දී ඉන්දියාවේ බල දක්ෂ ජම්බෝරියට තනියම ගියා..
    තනියම ගියා කිව්වේ??
    බලදක්ෂ ජම්බෝරියට මම තේරුණාම තලෙමන්නරමට යනකන් මත එක්ක පියතුමා ආවා.එතන ඉදන් තනියම මන් රාමනුජම් නැවෙන් රාමේශ්වරම් වලට ගියා.

    එහෙම ගියාම..
    තමිල්නාඩුවට ගියාම එහෙන් කට්ටිය ඇවිල්ල හිටිය මාව බාර ගන්න..

    ඉතින් නෙවසිකගරේදී දාග වැඩ නැවතුනාද??
    නෙවෛකගරයට වැටුනම මම ගොඩක් වෙනස් උනා..නිහඩ චරිතයක් වෙනවා.

    ඒ කිව්වේ??
    හුදකලා උනා.අම්ම තාත්තා නැති පාළුව මට තදින්ම දැනුනා..

    ඉතින් ඔහොම වෙනකොට??
    අම්ම මාසයකට දෙකකට පාරක් එනවා මාව බලන්න..එතකොට මන් අම්මගේ ලේන්සුව හොරෙන් ගන්නවා..ඒ ලේන්සුවේ අම්මගේ සුවද තියනවා..මම එක තියාගෙන ඒ මුළු රෑම අඩනවා මට තම මතකයි..

    ඒ කියන්නේ ඔබේ දගකම් ගියා??
    9-10 පන්තිවල අයෙත් මා තුල සිටි විප්ලවකාරයා එලියට එනවා..10දී පාසලේ විවිදප්‍රසන්ගයට පෙන්නන්න විදුහල්පතිතුමා රවට්ටලා හදපු නාට්ටියක් නිසා මට මාස 03 පන්ති තහනමක් ලැබෙනවා..
    එත් මම ළමයි 40 විතර හිටපු පන්තියේ මුල් 05 එතුලේ අනිවාර්යයෙන් හිටියා.

    වැඩිපුර දක්ෂ උනේ??
    ඉංග්‍රීසි වලට

    අරමුණක් තිබුනද??
    කවදා හරි ලොක්කෙක් වෙනවා කියල හිතුවා..

    එහෙනම් ඔබ විබාග පාස් වෙන්න ඇති??
    සා.පෙ පාස් උනාම මට වසරක් ජපානේ ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා..

    එක ලැබුනේ කොහොමද??
    ඇමරිකාවේ ක්ෂේත්‍ර සංවිදානයේ 83 සංස්කෘතික හුවමාරු වේදසටහනේ සිශ්‍යත්වයක් ලබලා..ලංකාවෙන් 30 තෝරාගත්තා.අපිට නවසීලන්තය,ඔස්ට්‍රලියව ,ඇමෙරිකාව,එංගලන්තය හා ජපානය තෝරාගන්න ලැබුනා..

    ඇයි ඔබ ජපානය තොරගන්නේ?
    හේතු දෙකක් තිබ්බ.එකක් තම ජපන් බාෂාව ඉගෙන ගන්න..අනික තමා ජපන් සටන් කලාව ඉගෙන ගන්න..

    ඉතින් ජපන් ගියේ??
    සා.පෙ කරපු ගමන් මන් යනවා..මම ඒ කලේ ජපන් භාෂා කතික තරගයෙන් 1 තැන ගත්ත..

    ඒ වැඩසටහනේ විශේෂ තැන කිව්වොත්?
    එහෙදි අපිව සති 02කට පාරක් එක්කන් යනවා ලොකු සමාගම් පෙන්නන්න..දවසක් ටොයෝටා එකටත් එක්කන් ගියා..මගේ අනාගතේ මුඋල බීජය හටගන්නේ එදා තමයි..

    ඒ කිව්වේ??
    එතන එක්කෙනෙක් අපිට දුන්නා process එක විස්තර කරන්න..ඔහු කිව්වා ඔක්කොම යාන්ත්‍රීකරණය කරලා තමා තියෙන්නේ කියලා..නමුත් මන් දැක්කා එක කාමරේක 400-500 වැඩ කරනවා..:oo:මන් ඔහුගෙන් ඒ ගැන ඇහුවා..:P:P

    ඉතින්??
    ඔහු කිව්වා ඊ හදන්නේ වායු බෑගයේ සෙන්සරය..ඕක මැෂින් වලට කරන්න බැරි වැඩක් කියල..
    වායු බෑගය වාහනයේ හදවතක් වගේ නිසා ඕක වෙන රටවලට හදන්න දෙන්නේ නෑ කියල එය මට කිව්වා..:shocked::shocked
    :

    පස්සේ?
    මම ඒ සෙන්සරයෙන් සාම්පල් කීපයක් ඉල්ලුවා..:P:Pඑය කිව්වා සාම්පල් නම් දෙන්නේ නෑ..එත් ඔයා පාසල් ශිෂ්‍යයෙක් නිසා දෙන්නම් කියලා..:):)..මට ඔහු සාම්පල් 3ක්ම දුන්න..

    ඊට පස්සේ??
    ජපන් ඉගනීම් කාලය අවසන් වෙලා මම ආයිත් ලංකාවට එනවා උ.පෙ කරන්න ශාන්ත අන්තෝනි විදුහළේ..විබාගේ ලියලා ආයිත් ජපන් ගියා..

    එහෙ ගිහින්??
    රැකියා දෙකක් කළා..මම කතිකා තරගයෙන් ජය ගත්තු නිසා මට NHK රේඩියෝවේ බෂ පරිවර්තක ලෙස උදේ වරුවේ වැඩ කරන්න ලැබුනා.හසව නෙව් ඔතනී හෝටලේ ලොබ් ආටිස්ට් කෙනෙක් විදියට ගිටාර් ගගහා සින්දු කිව්වා..ආ...මට ගිටාර් ගහන්නත් පුළුවන්..:P:P:P

    ප්‍රතිපල ආවද ??
    මාර වැඩක් තමා උනේ..:baffled::baffled:තාත්ත මට කතා කරලා කිව්වා ඒ/ලෙවල් ෆේල්..සිංහල වලට f කියල..:oo::oo:

    පස්සේ?
    මන් ලංකාවට ඇවිත් ඓත් උ.පෙළ ලියනවා..හැබැයි සිංහල වෙනුවට තොර ගත්තේ ජපන් භාෂාව..මට ජපන් nothing..:P:P..මම එහෙ ඉන්නකොට විශ්ව විද්‍යාල ප්‍රවෙශයටත් ඉදලයි ආවේ..
    මට මෙහෙ උ.පෙ වල ජපන් වලට A එකක් ආවා..:P:P

    campus ගියාද මෙහෙ??
    භීෂණ කාලෙනේ...campus වහල තිබ්බේ ..නීති විද්‍යාලය විතරක් ඇරලා..මම නීතිය කරන්න තීරණය කළා..මාර වැඩේ කියන්නේ ජපන් භාෂාව හදාරපු යට නීතිය හදාරන්න බෑ කියල නීතියක් තිබ්බා..:growl::growl::growl:මම අබියචනයක් දාලා කොහොම හරි වැඩේ කොර ගත්තා..:P:P

    ඔය කාලේ??
    ඔය කාලේ මන් අර වායු බෑගයේ සාම්පල් එකක් ගලවලා බලනවා..:P:P

    ඉතින් ??

    මගේ යාලුවෙක් හිටිය airlanka එකේ..එයාට කියල සින්ගප්පුරුවෙන් ගෙන්න ගත්තා ඕක මට හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික..:):)..මාත් එකක් හැදුව..හදල යැව්වා ටොයෝටා ආයතනයට..:):)

    නෑ??
    උත්තරයක් නම් ලැබුනේ නෑ.තව 10 කම මන් යැව්වා..එත් නෑ..:(:(..කොහොම හරි අවුරුද්දට 04 පාරක් යැව්වා...පස්සේ බැරිම තැන මම ඔවුන්ට කතා කළා..:frown::frown:ඔහු කිව්වා ටොයෝට වගේ සමාගමක් ඔබත් එක්ක business කරයි කියල කවදාවත් හිතන්න එපා කියලා..:growl::growl:

    පස්සේ :(:(??
    මට ඊ කතාව දිරෙව්වෙම නෑ..මන් ඊලග අවුරුද්දෙත් සාම්පල් 04 යැව්වා..යවල කතා කලා..මට ඔහු බැන්න පිස්සු මනුස්සය kiyala:baffled::baffled::baffled:..මගේ ලිපිනය දැක්ක ගමන් ඒ පාර්සල් විසිකරනවා කියලත් කිව්වා..පස්සේ ඔහුමට කිව්වා ඒ උපකරණය මී රටේ වෙනත් තැන්වල හදනවා එයාලට කතා කරන්න කියල..

    ඔබ කතා කලාද??
    ජපනා කොච්චර උනත් උඩට එන එකාට ගරහන්නේ නෑ..ඔහු මට ආයතන 10 කම විස්තර දුන්නා..
    පස්සේ මම ඒ ආයතන 10 ටම සාම්පල් 10 ගානේ යැව්වා..8 වතාවක්..


    උත්තරයක් නැද්ද??
    දවසක් නීති විද්‍යාලේ ඉදන් එනකොට මගේ ෆැක්ස් එකට පිටු 32 ක ෆැක්ස් එකක් ඇවිල්ල තිබ්බ..:):):shocked::):)

    මොනාද තිබ්බේ??
    සාම්පල් 10න් 2 ක් හරි කිව්වා..8ක් වැරදි කිව්වා..එයාල වැරදිත් පෙන්නලා තිබ්බ..
    පස්සේ මන් ආයිත් සාම්පල් 10ක් හදල යැව්වා..ඉඉට පස්සේ එය කිව්වා 10න් 8ක් හරි කියලා.

    මොකක්ද එයාල ඊට පස්සේ කිව්වේ??
    මාස 03කත පස්සේ කිව්වා..අමුද්‍රව්‍ය ජපානෙන් එවන්නම්..100ක් හදල එවන්න කියල..:P:P
    මම කැමති උනා..පස්සේ සති දෙකෙන් දෙකට 100 ගානේ ඉල්ලුව..:):)..පස්සේ එක පාරටම 1000ක් ඉල්ලුව..අන්තිමට ඒක 10,000 ඉල්ලන තැනටම ආව...


    කොහොමද ඔච්චර හැදුවේ??
    SJ ඉලෙක්ට්‍රොනික් එකේ සිරි සමරක්කොඩි මහතා මට උදව් කළා..සාර්ථක උනාම ලාබය ගැන කතා කරමු..මගේ අතිරික්ත ශ්‍රමය යොදාගෙන වැඩේ කරන්න කිව්වා...පස්සේ මාසෙට 300,000 දක්වා ඇනවුම් අව..

    ඉතින්??
    මම අවු 06කත පස්සේ ජපානෙට ගිය..පස්සේ මම දැක්ක මම හදල එවන ඒවා තව 100ක් විතර දාලා පරීක්ෂා කරනවා...පස්සේ ඔහු මට කිව්වා ලංකාවේ තත්ත්ව පරීක්ෂණ ආයතනයක් දාන්න කියල..
    පසේ ඉතෝ මහතා ලංකාවට අවා..අපු දවසෙම airport එකට බොම්බේ ගැහුවා..පස්සේ ත්‍රස්තවාදය නිසා මගේ ඇනවුම් නවත්වන්න මට ජපානෙට එන්න කිව්වා..මගේ හමුව තිබ්බේ 2001.09.12..ඊට කලින් දවසේ wtc එකට ගහපු නිසා ඔවුනගේ අදහස වෙනස් උනා..

    පස්සේ??
    මට ඉතෝ මහතා කිව්වා ලංකාවේ අජෝයනයට කැමති කියල..ඒ අනුව බියගම වෙළද කලාපේ b block එකේ ඉඩමක් ගත්ත..ලක්ෂ 8000ක් ඔහු ආයෝජනය කළා ඒ වෙනුවෙන්..

    මොකක්ද ඔය ආයතනය??

    ලංකා හාන්ස්(පුද්) සමාගම.2003 27යි හිටියේ සේවකයෝ..අද 310ක් ඉන්නවා..

    එතකොට ඔබ??
    එහි කළමනාකාර අද්යක්ෂවරයා...

    ලාබ ලැබුනද??
    ඉතෝ මහතාගේ ලක්ෂ 8000 ආයෝජනය අවුරුදු 2.5 ආවරණය කළා..
    මේ වෙනකොට ඇ.ඩො. මිලියන 38 අපි උපයලා තියනවා.


    ඔබේ නිෂ්පාදනය ජපානයට පමණක්ද??මොනාද සමාගම්??
    ටොයෝටා :P:P, හොන්ඩා,mitshubishi,වොල්වෝ,ශාබ්,BMW,ඇස්ටන් මාර්ටින්,ඔපල්,walkswagon,ජෙනරල් මෝටර්ස්,ෆෝඩ්,ක්‍රයිස්ලර්..
    ඒ කියන්නේ ගොඩක්ම වාහන වල වායු සෙන්සරය හදන්නේ මමයි..

    ගෙවූ කාලය ගැන හිතෙන්නේ??
    කොහොම හරි මට ඕන දේ කලා..කොහොම හරි ලබා ගත්තා..සතුටුයි ඒ ගැන..

    ඔබ ඉගෙන ගත්ත කිව්වා නේද හොදට??:):):)

    ඉංග්‍රීසි භාෂාව පිළිබද උපාදිය ගත්ත 95
    නීතිඥයෙක් විදිහට දිවුරුම් දුන්නා 96
    MBA උපාදිය ගත්ත 2008 ජපුරේ..
    දැන් ආචාර්ය උපාදිය කරනවා මැලේසියානු විශ්ව විද්‍යාලෙක..

    ඔබට කතා කරනවානම්??
    0776007946
    [email protected]

    හම්මෝ හොද පන ගියා මේක ටයිප් කරලා..බම්පියක් රේපක් එහෙම දුන්නට අවුලක් නෑ..:):):):)
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා


    බලන්න මචං මෙයා TED Talks එකේ කියන දේ
    "මම මේ වැඩේ ආරම්භ කරන්න යද්දි මිනුස්සු කිව්වා මේ වගේ සියුම් සහ අතිශය සංකීර්ණ වැඩක් කරන්න අපේ රටේ අයට හැකියාවක් නෑ කියල. එවෙලේ මම කල්පනා කරා ලංකාවේ මීට අවුරුදු දහස් ගානකට කලින් අපේ මුතුන්මිත්තන් කරල තියෙන ඉදිකිරීම් ගැන. ඒවායේ දියුණු බව. සියුම් බව. ඒ තරම් නිරවද්‍යබවකින් වැඩ කරන්න තරම් හැකියාවක් ඒ අයට තිබුනානම්. ඒ හැකියාවන් අපේ ජානවල තිබිය යුතුයි. එහෙමනං අපිට මේ වගේ සංකීර්ණ දෙයක් කරන්න බැරිවෙන්න හේතුවක් නෑ." :yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    el adial ekak,apita thibba training ekakata buwa online set una...ape unge codes wala errors rate ahala pora hinawela kiuwa..mata ohoma rate ekak awanam mage company eka wahanna wenawa kiyala :D lakshaganakata eka error ekakda koheda kiyala kiuwe :shocked::dull::yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    el adial ekak,apita thibba training ekakata buwa online set una...ape unge codes wala errors rate ahala pora hinawela kiuwa..mata ohoma rate ekak awanam mage company eka wahanna wenawa kiyala :D lakshaganakata eka error ekakda koheda kiyala kiuwe :shocked::dull::yes:

    ඔව් බන්...මිලියනයකට එකක්ලු errors එන්නේ උගේ company එකේ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    wow.....

    Sri Lankan
    අනිවා අර සමහර 10වසරෙ එවුන් වගේ පළාත් බෙදේ උඩ දාගෙන අපේ පළාතේ තමයි හොඳ හොඳ මොලකාරයෝ ඉන්නෙ කියල කෑගහන්නෙ නැතිව අපි ඔක්කොම ලංකාවේ කියල සන්තෝස වෙන්න ඕනෙ:yes:.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    අනිවා අර සමහර 10වසරෙ එවුන් වගේ පළාත් බෙදේ උඩ දාගෙන අපේ පළාතේ තමයි හොඳ හොඳ මොලකාරයෝ ඉන්නෙ කියල කෑගහන්නෙ නැතිව අපි ඔක්කොම ලංකාවේ කියල සන්තෝස වෙන්න ඕනෙ:yes:.

    උඩ තියෙන video clip එකෙත් එයා ගැන තව දැනගන්න පුළුවන්...
    :):):):):):):):):):):):)