ඔය ගෑනු කෙනාගෙ වැරද්දක් නැතුව ඇති සමහරවිට...ඒත් ඕක අනිත් අයට වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන්.සමහරවිට ඕකට ක්‍රියාමාර්ගයක් නොගත්තනම් වෙනකෙනෙක් බුදුරුව තියන ඇඳුමක් ඇඳගෙන ආවත් වැරද්දක් කියන්න බැරිවෙනව.අනිත් එක ඔය එන සංචාරකයො ඇවිල්ල කොළඹ කැරකි කැරකි ඉන්නෙ නෑනෙ.යන්නෙ පිටිසර පළාත්වලට.ඒ පැතිවල ඉන්න මිනිස්සු ලෝකෙ වෙනස්වෙන වේගෙන් වනස්වෙන මිනිස්සු නෙමෙයිනෙ.ඒ මිනිස්සු ජීවත්වෙන්නෙ අතීතෙ.ඒ මිනිස්සු ඕව දැක්කහම කියන්නෙ 'අනේ අනිච්චං රටකට ගිය කලක්.අපේ අම්ම මුත්ත කාලෙවත් සිද්දවෙච්චි දේවල්ද මේ' කියල.සමහරවිට ඔය ගෑනුකෙනා පන්සලකට එහෙම ගියානම් ලොකු අපහසුතාවයකට පත්වෙන්න තිබුන.දුරදිග නොබලන මිනිස්සු ටිකක් කලබල උනානම් කරදරයක් උනත් වෙන්න තිබුන.ඒක නිසා මමනම් හිතන්නෙ එයාව පිටත් කරපු එක එයාගේ ආරක්ෂාවටත් හොඳයි රටටත් හොඳයි කියල.
මේ කතාවනම් වැරදී නේද.තමන්ගෙ රටේ සුව පහසුවට ජීවත්වෙන්න සල්ලි නැතුව ලංකාවට එන විදේශිකයො ඕනෙතරම් ඉන්නව.
......මට කියන්නට කාරණා තුනක් තිබේ,
1. දේශාන්තර සංචාරය කාට වුවත් බොහෝ වියදම් සහිතය. එසේ තිබියදීත් දුර බැහැර ගෙවාගෙන අප සොයා එන සංචාරකයන්ට අප ස්තූති විය යුතුය. ලෝකයේ ලස්සනම රටත් ලෝකයේ ආගන්තුක සත්කාරයෙන් ඉහළම රටත් ලංකාව නොවේ. ලංකාවට වඩා බොහෝ ලස්සන රටවල් ලෝකයේ තිබේ. ලංකාවට වඩා සංචාරකයන්ට දෙවියන්ට මෙන් සළකණ රටවල්ද බොහෝය. එසේ තිබියදීත් සංචාරකයන් තවමත් ලංකාවට පැමිණීම ගැන අප සතුටු විය යුතුය. ඒ පළමු වැන්නයි.....




, එලවපු එකත් වැරදි , එලවපු එක හරි කියල මාර පොර ටොක් දාන උන්ගෙන් පෙන්නෙ වනචාරි ගති එකයි කියල තියෙන්නෙ 


...