මේකේ ඉන්න එවුන්ගෙන් අහලා නෙමේ ! උබම මල්ලියේ තීරණයක් ගන්න.
මොකද වැඩිපුර මෙතන ඉන්නේ එක්කෝ ලංකාවේ රජයේ උපාදියේ හරි ලංකාවේ පුද්ගලික ආයතනයේ උපාදිය ගැන පම්පෝරි ගහන එවුන් !
උන්ගේ practical & theory knowledge එක ගැන දන්නේ උන් තමා
මොකද ඔය මොන රජයේ විශ්ව විද්‍යාල හෝ පුද්ගලික ආයතන වල ඉන්න මම දන්න සහ මගේ යාලුවෝ කියන දෙයක් තමයි group project කරන්න ගියහම තමා ඔය පම්පෝරි කටින් බේරෙන්නේ !
එකයි දෙන්නයි project එකේ මුළු බර අදින්නේ හැබැයි හැම එකාම degree එකනම් ගන්නවා ඒවගේම කොහොම හරි job එකකටත් පැන ගන්නවා.
අනිත් එක ලංකාවේ විශ්ව විද්‍යාල සහ පුද්ගලික ආයතන ඉන්නේ unversity rank වල 20000 30000
අතර..
එහෙම එකකින් degree එකක් අරගන්නවට වැඩ උබට ඔය වගේ රටකින් degree එකක් full scholarship එකකට ලැබෙනවා කියන්නේ පිනා chance එකක්
අනික මෙහෙ තියෙන මම internship කරන ඇතුළුව wso2, 99x, mit, virtusa, codegen, leapset, 24x7 etc. වගේ ඒවාට වැඩ ගැන දන්නේ ඒවායේ වැඩ කරන අයනේ.
හැබැයි ලොකුවට කියවනවා තමයි මෙහෙ ආයතන !
පිට රටකට ගිහිල්ලා හරියට studies කලොත් කට්ට කා ගෙන උබට ලැබෙන experience එක knowledge එක මෙහෙ ඉදලා උබට කවරදාකවත් ගන්න ලැබෙන්නේ නැහැ !
උබ එහෙ ගියොත් උබට degree එක ඉවර කරලා එහෙ internship එකක් හරි ස්ථිර job එකක් ලැබුනොත් උබ ලංකාව එන එකක් නැහැ !
මොකද මම දන්න ගොඩක් අය මුළු degree එකම හෝ අවසාන අවුරුද්ද හෝ MSc එක කරන්න ගිහිපු එවුන් ආයේ මේ ලංකාවට එන්නේ නැහැ.
අවශ්‍යනම් මම උබට නම් ටිකක් දෙන්නම් උබට ගිහිල්ල facebook එකෙන් බලන්න. උන් අද ඉන්නේ මොන ආයතන වලද කියල !
ඒක තමයි ඇත්ත.
මන් හිතන්නේ ඔය වුරුදු හයක් කියන්නේ ඔය degree එක part time වෙන්න ඕන.
ඕක කරද්දී එහෙනම් ඒ කැම්පස් එකෙන් industrial placement එකකට මොනවහරි companyයකට උබව දානවා ඇති ! එහෙම වුනොත් තවත් ගොඩ, මොකද ඉගෙන ගැන ගමන් working knowledge & experience එක ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒක ගැන හොයල බලන්න.
මාගලක් තමා පිළිතුර

