2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ලූෂන් ලියු ගී අතරින් මීළඟට මගේ අවධානයට යොමු වූයේ එඩ්වඩ් ජයකොඩි ගයන ‘සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ’ නම් වූ නිර්මාණය වෙතටය. මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’

    මම මේ ප්‍රශ්නය ලූෂන් වෙත යොමු කරමි.

    “නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.

    ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?

    මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.

    “සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.

    ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

    තමා මෙම ගීතය ලීවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ට බවත් එතුමන් එය තමන්ටවත් නොදන්වා එඩ්වඩ් ජයකොඩිට දී තිබූ බවත් අමතර කරුණක් ලෙස ලූෂන් මා හා කියා සිටියේය.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඕනවට වඩා ටොපික් එකේ යන්න එපා යකෝ. එපා වෙනවා :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16643997 said:

    නෑ උඹේ චරිතය පිරිසිදු නෑ. ඒකයි කිව්වෙ කලින්ම එයා කරදරේ වැටෙන්න කලින්.:rofl:
    අදත් බීලද ඉන්නෙ :baffled:
    තාම නෑහෑ මගෙ ජිවිත සි0දුව අහලම ගහනවා
    :(:(
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...

    මුතු කුඩ ඉහලන...//
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    නිතර අහන්න නොලැබෙන එහෙත් ඇසූ අයගේ මුවින් නොගිලිහෙන මේ ගීතය රෝහණ වීරසිංහ මහතමයාගේ තවත් අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මේ ගීතය රසවීදීමේදී මැවෙන සිතුවමට කාටත් වඩා සෙන්කඩගල කන්ද උඩරට අයට විශේෂ‍ වෙනවා කියලයි මගේ හැඟීම. හොදම උදාහරණය මේ ලිපිය ලියන මමත් මහනුවර ම වීමයි. ඉතින් ගීතය ගැන විචාර, අර්තකතන බොහොමයක් මේ වෙනකොට බිහිවෙලා තිබුනත් පෞද්ගලික මගේ අදහස නම් ටිකක් වෙනස්, ගීතය ගැන ලියන්න කලින් මා සමඟ මේ ගීතය ගැන අදහස් කියූ සෑම දෙනාටම ස්තූති වන්ත වෙනවා. ‍ඒ බොහෝ දෙනෙක් අදටත් පැල්පතට ගොඩ වැදිල යන අය...
    පෞද්ගලිකව මෙවන් අත්දැකීමක් නැතත් ගීතයේ මැවෙන රූපය සිතේ මැවෙන ආකාරය ඉතාම හැඟුම්බරයි. වළාකුලින් බරව මහ වැස්සක ලකුණු පෙන්වන මොහොතක ඔහු දකින එක් දසුනක් නිසා ඔහුගේ සිත දුක්මුසු අතීතයකට පිය මනින බවක් ගීතයෙන් අඟවනවා. ඒ ඔහු ආදරය කල යුවතිය තමා අසලින් ‍රථයක නැගී ගමන් කරන දසුනයි. ‍ගීතයේ අන්තරා කොටසට පිවිසෙත්ම මොවුන‍් පෙම්වතුන්සේ ගෙවුනු අතීතය මැනවින් පැහැදිලි කරන අතර ඒ සමගම ඔහුන් දෙදෙනා අද වනවිට ප්‍රේමය අවසන්ව මාවත් දෙකකට පිවිස ඇති බව පවසයි. ගීතයේ අවසානයේ දී එනම්

    "රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ..."

    යන පද පේලි වලදී මා හට හැඟීයන්නේ පෙම්වතාට දුකක් දැනුන මුත්, පෙම්වතියට එවන් පසුතැවිල්ලක් නොහැගෙන ලෙස ඉන්නා බවයි. එය රිය ඇතුලේ උණුසුම විදින පෙම්වතිය හා එම රිය පාරේ ගමන් කරන විට මහමඟ ඇති මඩ වතුරෙන් නැහැවීයන මෙම පුද්ගලාගෙනුත් අර්ථවත් කරයි. නමුත් පෙම්වතා සිදුවූ සියල්ල අමතක කීරීමට තමාගේ සිත නොරිදුනු බව අවසන් පද පේලි දෙකෙන් කීමට උත්සහ කරයි...නමුත් එය හුදු මුලාවක්ම පමණක් බව ඔහුට මෙන්ම අපට ද හැඟීයයි..

    http://palpatha.blogspot.com/2010/05/blog-post_20.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යට ලියෙන් නාරි ලතා මල් පිදෙන්නෙ:lol:

    යාළුවා;16643977 said:
    වෙන කොහෙන්වත් එන්නේ නැද්ද මල් :lol:
    වැඩක් ගන්නෙ නැතුව ම යට ලීය දිරල ගිහින්. දිරල ගිය යට ලීයෙ හතු හැදෙනවා....ඒව තමා මේ නාරි ලතා මල් වගේ පේන්නේ..............
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...

    මුතු කුඩ ඉහලන...//
    :(:(:(:(:(