Ade waradi nan niwaradi karapan aaa.. niwanan kiyala kiyanne kisima dekata alenne na kiyana eka ne ban.. sex unath ehemane.. eken karanne shareeraya saha manasa pinaweema kiiyana ekane.. ethakota niwana awaboda karagaththama owwa passe elawanne na ne.. feelings nathuwa nemei.. ewwa passe gihilla therumak na kiyala awabodayen dakinawa wage seen 1k ne ban..?
ඔව්, ඒක වෙන්නේ මෙහෙමයි: ඔයා ඇත්තම කියන්ඩ, ඔය කවද හරි ඇත්තම සැපක් විදලා තියෙනවද?
ඔයා සැපයි කියල කරලා තියෙන්නේ වෙන අය සැපයි කියල කියන දේ නේද? ඒ දේවල් කරද්දී වත් කරලා ඉවර උනාට පස්සේ වත් ඔයාට සැපක් දැනිල තියෙනවද ඇත්තටම?
එහෙම සැපක් දැනිල තියෙනවනම් එක නොලැබෙන වෙලාවට දුකක් එන්නේ නැද්ද?
අනික මේ ලෝකේ තියෙන ඔය පොඩි සැප මෙට්ට, car, tv, computer ගන්ඩ අපි කල්ප ගානක් අපායවල් වල ඉදල තියෙනවා. ඒවගේ තියෙන දුක් එක්ක බලද්දී ඔය පොඩි සැප ගන්න එක මෝඩ වෙඩක්.
අනික ඔය සැපක් කියල කියන්නේ පිච්චිමක් විතරයි. එක අපේ මොලයට දන්නෙන දෙයක් විතරයි. උදාහරණයක් විදියට, රස කෑමක් කද්දී මොලයට සහනයක් වගේ දෙයක් දැනෙනවා. එත් අපි මැරුණම මොලේ දාල යනවා. එතකොට තේරුමක් තියෙනවද?
ඔය පාරේ යද්දී නිලියක් දැක්කොත් ඔයාට පිච්චිමක් එන්නේ නැද්ද. ඔය අයිති කරගන්ඩ යන්නේ නැද්ද? එහෙම බෑ කියල හිතුනම දුකක් එන්නේ නැද්ද?
ඔය කිසි පිච්චිමක් නැතිව, සැප දුක් නැතිව එක විනාඩියක් හරි ඉදල තියෙන කෙනෙක් දන්නවා එකේ කිසි දුකක් නෑ කියල. එකේ තියෙන ප්රනීත බව දන්නවා. එහෙම කෙනෙක්ට මොකක් දුන්නත් අයෙ අපහු එන්නේ නෑ.
සැප ඕන කියල හිතන තාක් කල් දුක තියෙනවා. එක වෙන්නේ මෙහෙමයි:
ඵස්ස කියන්නේ රුපයකට (රුපයක් කියන්නේ මෙතන රුපයකටම නෙමේ, රූප ශබ්ද ගන්ඩ රස ස්පර්ශ යන ඕන එකකට)
රුපයක් දැක්කහම වේදනාව ඇති වෙනවා. සැප හෝ දුක් වේදනාවක්. මේක වෙද්යාවෙන් උනත් කිවහැකි. ඇහැට රුපයක් දැක්කහම ඇහේ එක එක සංවේදී තැන වල වේදනාවක් ඇතිවෙලා එක මොලයට යනවා. කනෙත් එහෙමයි. නහයේත් එහෙමයි, දිවෙත් එහෙමයි කයේත් එහෙමයි හිතෙත් එහෙමයි (හිතට එක එක දේවල් හිතෙද්දි ඒක වේදනාවක්. සිතුවිලි තමා රූපය එතකොට සිතේ)
ඊගාවට සංඥාවක් ඇති වෙනවා (වේදනාවල් වලට අනුව, වේදනාවල් (රුපයක් නම් පාට) මොලයට ගියාට පස්සේ). ඒ කියන්නේ මේ දැක්කේ car එකක් මේ දැක්කේ tv එකක් මේ දැක්කේ මලක් කියල.
ඉගාවට සංඛාර ඇති වෙනවා මේ ක සැප දෙයක් නම් එකට ආශාව ඇති වෙනවා. නැවත නැවත ගන්ඩ හිතෙනවා. මේක දුක් දෙයක් අයින් කරනවා.
ඉගාවට සංඛාර වලට අනුව ඒවා නැවත නැවත ලබාගන්ඩ පුළුවන් ආකාරයට සිත (විඥාන) සකස් වෙනවා. ඒ කියන්නේ නැවත උපදිනවා. ඒ උපදිද්දී ඇසට රූප ලබාගන්ඩ පුළුවන් හැකියාව (විඥාන) ආදී විඥාන හටගන්නවා.
සැප ඕන නෑ කියල හිතපු කෙනෙක්ට සංඛාර එන්නේ නෑ. ඒ කියන්නේ ඇසෙන් රූප බලන්ඩ පුළුවන් විදියට අය කවදාවත් ඇසක් සකස් වෙන්නේ නෑ. අනික් හැම එකක් මත මෙහෙමයි. ඒ කියන්නේ අයෙ කවදාවත් feelings එන්ඩ මාර්ග හැදෙන්නේ නෑ. ඒ වගේ කෙනෙක්ට දුකක් නෑ. සැපකුත් නෑ.