තව දෙයක්, ඔයා ඕක කලින් පැහැදිලි කරනකොට කියල තියෙනවා (දැනුයි දැක්කේ) ශරීරය හැදිලා තියෙන්නෙ ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් එනිසා මම කියල දෙයක් නැහැ, එනිසා මගේ කියල දේවලුත් නැ..etc
මේ ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් පුලුවන්නම් දෙන්න, ඔයා කියන විදිහට ශරීරය හැදිලා තියෙන දේවල් වලට බෙදල බැලුවොත්, ඒ බෙදුවට පස්සේ "මම" කියන දෙයක් එතන නැ, ඒවගේම එතන සිත කියන දෙයකුත් නැ, එතන තෘෂ්ණාව කියන දේකුත් නැ, එතන දුක කියන දෙයකුත් නැ..මම වැරදි නම් කියන්න..
සිත, සිතුවිලි, මතක, මනස හොඳ නරක මේ දේවල් ඔක්කොම එන්නේ මම කියන තත්වය උඩ..මම නැති තත්වයක කිසි දෙයක් අවශ්‍ය නැත..සෝ එතනට සංසාරයෙන් ගලවීමකුත් අවශ්‍ය නැ..පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ..නිවනක් අවශ්‍ය නැ..
ex: "ඔබ" බුද්ධාගමේ යම් පැහැදිමක් ලබා ඒ අනුව ජීවත් වෙනවා, එමගින් යමක් බලපොරූතු වෙනවා. ඔබ කියා එකක් නැත්තම් එම ජීවිතය, එම බලාපොරොත්තු මොකටද? අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.