මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :) රෝමාණු කතෝලික දන්නේ නැති දෙයක් හෝ දැන ගන්න කැමති දෙයක් අහන්න ...මම දන්න විදියට සහ මම දකින විදියට උත්තර දෙන්නම්

    ඇහුවොත් ආගමික අපහාසයක් වෙනව බන් සිත් රිදවීම් විතරයි.. ඊට පස්සෙ අපිට අනිත් ආගම් එක්ක වයිර කරන සිතුවිලි වලින් ඉන්නෙ කියල වෙනම එකක් හදා ගන්නව.. හොදට ඉන්න උන් තරහ වෙන එක වෙන්නෙ එතකොට..

    :):)

    • Like
    Reactions: 1118lakmalkumara
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P සමහරු ඇවිත් තියෙන්නේ වෙන ත්‍රෙඩ් වල නෝන්ඩි වුන එකට රිටන් එක දෙන්න බලාගෙන :shocked::shocked::(:(:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16674395 said:
    :P:P සමහරු ඇවිත් තියෙන්නේ වෙන ත්‍රෙඩ් වල නෝන්ඩි වුන එකට රිටන් එක දෙන්න බලාගෙන :shocked::shocked::(:(:lol::lol:

    තේරුම් ගියා කියන එක කියාගන්න බැරි කුහක සිතුවිලි පිරිච්ච උන් එක්ක නෙ බන් මේ වාද කරන්නෙ.. අයියෝ සල්ලි

    :lol::lol::lol:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඉස්සරලම කියන්ඩ ඕන මෙතන උත්තර දෙන අයට ධ්‍යාන නෑ. බුධාගමෙන් කෙරෙන කාර්යට (නිවන් දැකීම) අමතරව වෙන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්ඩ පුළුවන් ධයන තියෙන කෙනෙක්ට විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි.

    මතකයන් වර්ග ගොඩක් තියෙනවා. අපේ අගේ සමහර දේවල් ගැන තීරණ මොලයටවත් යන්නේ නැතුව මොලයෙන් පල්ලෙහා පවා තියෙන අවයව වලින් තීරණය ගන්නවා (මට මතක නෑ ඒ අවයව). සමහර මතක මොලයේ නිව්රෝන වලින් තැන්පත් වෙනවා. එත් මේවා ගොඩක් බව්තිකයි. මොලයේ කිසිම සිතක් තැන්පත් වෙන්ඩ බෑනේ. එකේ තැන්පත් වෙන්ඩ පුළුවන් කලින් ඇසෙන් දැකපු දේවල්, කනට ඇහිච්ච දේවල් රස ස්පර්ශ විතරයි. අපිට ඒවා මතක් වෙද්දී අපි ඇත්තටම රූප දකිනවා වගේම අපිට සිත් ඇති වෙනවා. ඒ සිත් (චිත්ත පරම්පරාව) හිදෙන්නේ නෑ නිවන් දකින කනම. ඒ කියන්නේ අපි කවද හරි පටන් ගත්ත දා ඉදල අද වෙනකම් අපේ චිත්ත පරම්පරාව නොසිදී තියෙනවා. අලුත් අලුත් සිත් ඇති වේවි පවතිනවා. එකනේ පෙර භවයවල් පවා සිහි කරන්ඩ පුළුවන්.

    ඒ කියන්නේ චිත්ත පරම්පරාව පටන් ගත්ත තැන ඉඳල නිවන තෙක් මතකයන් ගබඩා වන/ එකතු වන තැනක්/දෙයක් තියෙනවා කියල බුදු දහම පැහැදිලි කරනවද?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මෙතන ප්‍රශ්න අහන යට, උඹ කුහකයි, හිත පිළිගන්නේ නැ, බෞද්ධයන්ට පැහැදිලි කරන්න ලේසි, අනිත් ආගමේ උන්ට මේවා තේරෙන්නේ නැ කියන එකට හේතුව මේකයි

    A leap of faith,

    in its most commonly used meaning, is the act of believing in or accepting something intangible or unprovable, or without empirical evidence.[1] It is an act commonly associated with religious belief as many religions consider faith to be an essential element of piety.

    wiki

    හැම ආගමකම හරියට තමන්ගේ ආගම නොදන්නා, ඒක පැහැදිලි කරන්න බැරි කට්ටිය කියන දෙයක් තමයි මේක..
    මේකට හේතුව බුද්ධියෙන් තර්කයෙන් ප්‍රශ්න කිරීමෙන් තොරවූ කට්ටිය එම ආගම ගැන පැහැදිලි කිරීමට යෑම..නැතුව ඒ ආගමේ ප්‍රශ්න නෙවෙයි..මොකද හරියට බැලුවොත් ගොඩක් ආගම් වල නායකයින් සිතන්න පෙළඹුන, අනිත් අයට සිතන්න පොලම්බවපු අය..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    තව දෙයක්, ඔයා ඕක කලින් පැහැදිලි කරනකොට කියල තියෙනවා (දැනුයි දැක්කේ) ශරීරය හැදිලා තියෙන්නෙ ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් එනිසා මම කියල දෙයක් නැහැ, එනිසා මගේ කියල දේවලුත් නැ..etc

    මේ ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් පුලුවන්නම් දෙන්න, ඔයා කියන විදිහට ශරීරය හැදිලා තියෙන දේවල් වලට බෙදල බැලුවොත්, ඒ බෙදුවට පස්සේ "මම" කියන දෙයක් එතන නැ, ඒවගේම එතන සිත කියන දෙයකුත් නැ, එතන තෘෂ්ණාව කියන දේකුත් නැ, එතන දුක කියන දෙයකුත් නැ..මම වැරදි නම් කියන්න..

    සිත, සිතුවිලි, මතක, මනස හොඳ නරක මේ දේවල් ඔක්කොම එන්නේ මම කියන තත්වය උඩ..මම නැති තත්වයක කිසි දෙයක් අවශ්‍ය නැත..සෝ එතනට සංසාරයෙන් ගලවීමකුත් අවශ්‍ය නැ..පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ..නිවනක් අවශ්‍ය නැ..

    ex: "ඔබ" බුද්ධාගමේ යම් පැහැදිමක් ලබා ඒ අනුව ජීවත් වෙනවා, එමගින් යමක් බලපොරූතු වෙනවා. ඔබ කියා එකක් නැත්තම් එම ජීවිතය, එම බලාපොරොත්තු මොකටද? අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
    දන්න විදියට නන් මම කියල දෙයක් නෑ කියල වෙන කෙනෙක් කිව්ව කියල ඔයාලග තියෙන දේවල් නැති වෙන්නෙ නෑ. එහෙම දෙයක් වෙන්න නන් ඔයා ඒ දේ අතාරින්න ඕනි.
    මම නැති කරොත් විතරයි ඔය කියල තියෙන විදියට දුක, සතුට වේදනාව කියල මොකවත් මට නැති වෙන්නෙ.
    ඔයා ලග මම නැති වෙනකන් ඒ දේවල් නැති වෙන්නෙ නෑ.ඔයා තමන්ව අතහැරපු දවසට ඔය කියල තියෙන දේවල් ටිකත් ඒ විදියටම වෙයි.

    මම කියල කෙනෙක් නැති බව තේරුම් ගැනීම උදෙසා තමා බුද්ධාගම පිළිගන්නෙ. මේ හාමුදුරුවන්ගෙ දේශනාවක් අහල බලන්න ඇත්තටම ඕක ඉගෙන ගන්න ඕනි කමක් තියෙනව නන්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    ඒ කියන්නේ චිත්ත පරම්පරාව පටන් ගත්ත තැන ඉඳල නිවන තෙක් මතකයන් ගබඩා වන/ එකතු වන තැනක්/දෙයක් තියෙනවා කියල බුදු දහම පැහැදිලි කරනවද?
    එහෙම දෙයක් ඕනිමද? හේතුව නිසා හට ගත්ත ඵලය ඉතුරු වෙනවනෙ.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඇහුවොත් ආගමික අපහාසයක් වෙනව බන් සිත් රිදවීම් විතරයි.. ඊට පස්සෙ අපිට අනිත් ආගම් එක්ක වයිර කරන සිතුවිලි වලින් ඉන්නෙ කියල වෙනම එකක් හදා ගන්නව.. හොදට ඉන්න උන් තරහ වෙන එක වෙන්නෙ එතකොට..

    :):)

    මේකයි මචං ....මම අපේ ආගම දකින විදිය වෙනස් .....ගොඩක් දෙනෙක් මේ විදියට තේරුම් අරගෙන නෑ ....

    උබල ගොඩක් අහන්නේ දෙවියෝ කොහොමද ලෝකේ මැවුවේ කියල නේ ...

    මම නම් දකින විදියට එහෙම ලෝකයක් එක පාරට දවස් 7න් දෙවියෝ මැවුවේ නෑ .....ඒක පරිනාමවාදයේ තියෙන විදියට කාලයත් එක්ක වුන දෙයක් ...

    මම දකින විදියට දෙවියෝ කියන්නේ ප්‍රේමය .....​
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16674581 said:
    එහෙම දෙයක් ඕනිමද? හේතුව නිසා හට ගත්ත ඵලය ඉතුරු වෙනවනෙ.

    ඕනමද, නැත්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය..එක ආත්මයක් එහි පරණ ආත්මයත් නොවේ, එසේ නොවන එකකුත් නොවේ කියල බුදු දහම අනාත්මයි කියන එකට දෙන පැහැදීමයි මගේ ප්‍රශ්නය..එක වෙනුවෙන් තමා මම මේ ප්‍රශ්නය මම ඇහුව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    මේකයි මචං ....මම අපේ ආගම දකින විදිය වෙනස් .....ගොඩක් දෙනෙක් මේ විදියට තේරුම් අරගෙන නෑ ....

    උබල ගොඩක් අහන්නේ දෙවියෝ කොහොමද ලෝකේ මැවුවේ කියල නේ ...

    මම නම් දකින විදියට එහෙම ලෝකයක් එක පාරට දවස් 7න් දෙවියෝ මැවුවේ නෑ .....ඒක පරිනාමවාදයේ තියෙන විදියට කාලයත් එක්ක වුන දෙයක් ...

    මම දකින විදියට දෙවියෝ කියන්නේ ප්‍රේමය .....

    අපි දන්නෙ ඉතින් බයිබලේ තියෙන එකනෙ බන්. මම නන් ඒක කියවල තියෙනව සම්පූර්ණයෙන් මම 10 වසරෙ වගේ ඉන්න කොට ආසාවට ගෙනත් කියෙව්ව. අර මුහුද දෙබෑ කරගෙන යන කතාව තියෙන ෆිල්ම් එකත් ගෙනත් බැලුව. එහෙම බලල තමා තීරණය කරේ මේක වෙන්න බෑ කියල.
    පුළුවන් නන් වෙනම නූලක් ඕපන් කරන්න අපි කතා කරමු.බුදු දහම ගැන තියෙන මතය නන් වෙනස් වෙන්නෙ නෑ දැන් කොහොමටවත් ඒ උනාට දැනුමට වටිනව.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    ඕනමද, නැත්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය..එක ආත්මයක් එහි පරණ ආත්මයත් නොවේ, එසේ නොවන එකකුත් නොවේ කියල බුදු දහම අනාත්මයි කියන එකට දෙන පැහැදීමයි මගේ ප්‍රශ්නය..එක වෙනුවෙන් තමා මම මේ ප්‍රශ්නය මම ඇහුව..
    ඉතින් එතනම තියෙනව නෙ ඔයාගෙ ප්‍රශ්නයට උත්තරේ. හේතුව ඵලයම නෙවෙයි.ඒ උනාට එහෙමමත් නෙවෙයිනෙ.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16674641 said:
    ඉතින් එතනම තියෙනව නෙ ඔයාගෙ ප්‍රශ්නයට උත්තරේ. හේතුව ඵලයම නෙවෙයි.ඒ උනාට එහෙමමත් නෙවෙයිනෙ.

    පැහැදිලි මදි..ඔයාට අනුව ආත්ම දෙකක් අතර කිසිම සම්බන්දයක් නැත්ද/තියෙනවද? නැත්තම් ඔයාට එක හරියට දන්නේ නැද්ද?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    පැහැදිලි මදි..ඔයාට අනුව ආත්ම දෙකක් අතර කිසිම බැඳීමක් නැත්ද?
    තියෙනව. හේතුව නිසා හට ගත්ත ඵලය හේතුවම නෙවෙයි ඒ උනාට එහෙමමත් නෙවෙයිනෙ.
    ගහක ගෙඩියක්ම ගන්නකො උදාහරණයට. කොච්චර දේවල් එකතුවෙනවද පොහොර,ඉර එළිය.වතුර. ගෙඩිය අර හැඩම නොවුනට එව්ව නැත්තෙමත් නෑනෙ.ගෙඩියෙන් ගහක් හැදුනම කොච්චර වෙනස්ද ඒ උනාට ගෙඩියෙ තිබ්බ මුල් දේවල් ගහෙත් තියෙනවනෙ.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16674665 said:

    එතකොට ගෙඩියයි ගහයි වෙනස් නේද? ගහ කරප්පු වැරැද්දකට ගෙඩියට දඬුවම් දීම ඔබට අනුව සදරණද?
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මේ ත්රේඩ් එකේ කල්පය ගැන හුගක් ප්‍රශ්න තියනවා දැක්කා මෙන්න මේ දේශනාවත් අහලා බලන්න

    කල්පය විග්‍රහය

    විමසනලද දහම් පැන මුල්කොටගෙන, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ විසින් දේශිත, ධර්මානුකුල විසඳුම්​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    එතකොට ගෙඩියයි ගහයි වෙනස් නේද? ගහ කරප්පු වැරැද්දකට ගෙඩියට දඬුවම් දීම ඔබට අනුව සදරණද?
    ඒකනෙ කිව්වෙ ගහ ගෙඩියම තමා එහෙම නොවුනට කියල. ගෙඩියට මොකක් හරි විසක් පොහොරවලින් ඇවිත් තිබ්බ නන් ගහෙත් ඒක තියෙනවනෙ.
    මට අනුව සාධාරණ උනත් නැතත් වැඩේ වෙන්නෙ එහෙමනෙ. ගහට විස ගියෙ ගෙඩිය නිසා.දැන් ගෙඩිය වගේම ගහ නොපෙනුත්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ කියන්නේ චිත්ත පරම්පරාව පටන් ගත්ත තැන ඉඳල නිවන තෙක් මතකයන් ගබඩා වන/ එකතු වන තැනක්/දෙයක් තියෙනවා කියල බුදු දහම පැහැදිලි කරනවද?

    ගබඩා වන එක තනක් නෑ. චිත්ත පරම්පරාවක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එක සිතක් ඇති වෙනවා, බිදෙනවා, අයෙත් සිතක් ඇති වෙනවා බිදෙනවා. චිත්තයක්‌ ඇති වී නැති වීමේ දී එහි අඩංගු තොරතුරු විශාල ප්‍රමාණයක්‌ ඊළඟට ඉපදෙන චිත්තයට ලබා දෙනවා. මේක ඉතාමත් වේගයෙන් වෙනවා. මේ නිසා තමා අපි එක සිතක් තියෙනවා කියල හිතන්නේ. එත් ඇත්තටම බලද්දී එක සිතක් කොහෙවත් නෑ. කයකුත් නැත්තන් , සිතකුත් නැත්තම් මම කියන්නේ මොකේටද? මම කියල එකක් නෑ. තන්හාව එතනින්ම ඉවරයි.

    වැඩි විස්තර මේවගෙන් කියවන්ඩ. කියවන්ඩ කම්මැලි නම් තව youtube video ඕන තරම් ඇති.

    http://jathika.blogspot.com/2009/10/blog-post_26.html

    http://www.namaskara.lk/?sid=article&dt=2013/12&id=2013/12/npg58_0

    http://www.namaskara.lk/2013/04/nPg72_0.asp

    http://www.dinamina.lk/2012/04/04/_art.asp?fn=a1204045&p=1
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16674712 said:
    ඒකනෙ කිව්වෙ ගහ ගෙඩියම තමා එහෙම නොවුනට කියල. ගෙඩියට මොකක් හරි විසක් පොහොරවලින් ඇවිත් තිබ්බ නන් ගහෙත් ඒක තියෙනවනෙ.
    මට අනුව සාධාරණ උනත් නැතත් වැඩේ වෙන්නෙ එහෙමනෙ. ගහට විස ගියෙ ගෙඩිය නිසා.දැන් ගෙඩිය වගේම ගහ නොපෙනුත්.

    එකියන්නේ මෙදේම පන ඇති උදාහරණ වලින් ගත්තොත්, කෙනෙක්ගේ වැරැද්දකට ඔහුගේ ළමයට දඬුවම දීමයි බුද්ධාගම අනුව වෙන්නේ කියල ඔබ කියන්නේ? (ගෙඩිය වගේම ළමයත් පියාත් නොවන, වෙන කෙනෙකුත් නොවන බවයි ඔබගේ ගහ සහ ගෙඩියේ උදාහරණය මෙතනට ආදේශ වෙන්නේ, නැත්තම් පැහැදිලි කරන්න)
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    එකියන්නේ මෙදේම පන ඇති උදාහරණ වලින් ගත්තොත්, කෙනෙක්ගේ වැරැද්දකට ඔහුගේ ළමයට දඬුවම දීමයි බුද්ධාගම අනුව වෙන්නේ කියල ඔබ කියන්නේ? (ගෙඩිය වගේම ළමයත් පියාත් නොවන, වෙන කෙනෙකුත් නොවන බවයි ඔබගේ ගහ සහ ගෙඩියේ උදාහරණය මෙතනට ආදේශ වෙන්නේ, නැත්තම් පැහැදිලි කරන්න)
    එහෙම දඩුවම් දෙන්න කෙනෙක් නෑ.පියාගෙ වැරද්දට ළමයට දඩුවම් ලැබෙන්නෙ නෑ කොහොමවත් ඒ නිසා.
    මේක සංකීර්ණයි මිනිස්සු ගත්තම පැහැදිලි කරන්න අමාරුයි පියා ළමය කියල. ගෙඩියට විස ගිය නිසා තමා ඒකෙ ඊළග අවස්ථාව වෙච්ච ගහට විස ගියෙ.
    උබට දැන් විශබීජයක් ගියොත් තමා හෙට ලෙඩ වෙන එක තීරණය වෙන්නෙ.පියා ළමය කියන්නෙ වෙනම දෙන්නෙක් එකේන් මේක පැහැදිලි කරන්න බෑ මට.
    දිගටම ප්‍රශ්න අහන්න දැන් උබ ඉතාමත් ආසන්න තැනක ඉන්නෙ ඕක තේරුම් ගන්න.
     
    Last edited: