


පහන් දැල්ලේ මොන්ටිසෝරි පන්තිය



(ජොකියන්ට නොව ඉගෙන ගන්න කැමති අය උදෙසා )
A , B යනුවෙන් පහන් දෙකක් පවතී.
A - පහන දැල්වේ. ආලෝකය ඇත.එය දැල්වී අවසන් වීමට ආසන්නයි. තෙල්, පහන්තිරය අවසන් වීමට ලඟයි
B -පහන නොදැල්වේ. එහි තෙල්, පහන්තිරය පවතී. ආලෝකයක් නැත
මම A පහන නිවීමට ආසන්න වන විට එම පහනෙන් B පහන දල්වමි. එවිට මෙතෙක් පහන්තිරය, තෙල් තිබුනත් ආලෝකය ලබා නොදුන් B පහන දැල්වී ආලෝකය ලබාදීම අරඹයි
B පහනේ තියෙන්නේ අලුත්ම අලුත් වෙනත් බාහිර සහයක්, උදව්වක් නැතුව ඇති වුන දැල්ලක්ද?? නැත. දැල්වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබුනත් දැල්වීමට අවශ්‍ය ශක්තිය/හැකීයාව ලබාදුන්නේ පිටතින් මම
එහෙනම් B පහනේ තියෙන්නේ කලින් A පහනේ තිබුන දැල්ලමද?? නැත. A පහනේ තෙල්, පහන් තිරය උපයෝගී කරගෙන දැල්වුන දැල්ල නොවේ B පහනේ දැල්වෙන්නේ. එය දැල්වීමට හැකියාව ලබාගත්තේ A පහනෙන් වුනත් B පහනේ දැන් තිබෙන දැල්ල B පහනේ ඇති තෙල්, පහන්තිරය යොදාගෙන මොහොතින් මොහොත අලුත් වෙවී දැල්වෙන දැල්ලක්.
උදාහරණය ඇප්ලයි කරන විදිය
1. මම ජීවත් ව ඉන්න තුරා ඉන්ද්‍රියන් 6න් ලබාගන්නා සංඥාවන් උපාදානය කරගෙන සිත් ඇති වෙවී නැති වෙනවා. මොහොතක් පාසා ඇති වෙන්නේ කලින් ඇති වුන සිතට සම්බන්ධයක් තියෙන සිතක්. ( A පහන්දැල්ල තත්පරයක් පාසා, පහනේ ඇති තෙල් මොලෙකියුල්ස් , පාන්තිරේ තියෙන මොලෙකියුල්ස් පාවිච්චි කරගෙන දැල්වීම )
2. මේ ඇති වන සිත් පරම්පරා ( සිත් වැල ) මගින් සසර සැරිසරන්න හේතුවන කුසල අකුසල කර්ම සිදු කරනවා. ඒ අකුසල -කුසල කර්ම මගේ සිත් පරම්පරාවට තව දුරටත් මේ ශරීරයේ පවතින්න බැරි වෙනකොට වෙනත් ශරීරයක් ඇසුරු කරගෙන සිත් පරම්පරා ඇති කරගන්න අවශ්‍ය හැකියාව ලබා දෙනවා. ( පුද්ගලයෙක් A පහනෙන් B පහන දැල්වීම )
3. එතකොට අලුත් බොඩියේ ඉන්නේ පරණ මම ද?? නැත. පරණ මම කියලා කෙනෙක් හිටියෙත් නෑ. තිබුනේ සිත් පරම්පරාවක් විතරයි. එතකොට අලුත් මම ද?? නැත.
අලුත්ම අලුත් සිත් පරම්පරාවකුත් නෙවෙයි, පරණ සිත් පරම්පරාවත් නෙවෙයි.
පරණ සිත් පරම්පරාවේම දිගුවක් අලුත් ශරීරයක් ඇසුරු කරගෙන ඇති වෙලා. එහෙනම් ඇයි පරණ සිත් පරම්පරාව නෙවෙයි කියන්නේ?? මේ සිත් පරම්පරාව ඇති වෙන්න ලබාගන්න අරමුණු වෙනස්, අරමුණු ලබාදෙන ඉන්ද්‍රියන් වෙනස්. ඇති වෙන සිත් වෙනස්.
එහෙනම් ඇයි අලුත්ම සිත් පරම්පරාවක් කියලා කියන්නේ නැත්තේ?? පරණ සිත් පරම්පරාව කුසලාකුසල කර්ම කරලා නැත්නම් බොඩිය, ඉන්ද්‍රියන් කොච්චර හොඳට තිබුනත් අලුත් සිත් පරම්පරාව ඇති නොවන නිසා
( B පහනේ දැල්ල පරන දැල්ලකුත් නෙවෙයි. අලුත් දැල්ලකුත් නෙවෙයි )
4. නිවන් දකිනවා කියලා කරන්නේ මොකක්ද?? කුසල- අකුසල කර්ම සිදු කරන එක නවත්වනවා. එතකොට මේ සිරුර ඇසුරු කරගෙන ඇති වෙන සිත් පරම්පරාවට, මේ සිරුරේ ශක්තිය ක්ශය වුනාම අලුත් සිරුරක් ඇසුරු කරගෙන ඇති වෙන්න ඕන බලය නෑ. එහෙනම් එතනින් එහාට නැවත උපතක් නෑ

මේවා ඉතින් කොපි පේස්ට් කරන එක, චැලේන්ජ් කරලා ආඳා තියරියෙන් ලිස්සලා යන එක වගේ ලේසි නෑ. ඒකයි තේරුම් ගන්න අමාරු

