Kollada_වැරදි_kellada?

monson

Well-known member
  • May 7, 2007
    25,457
    28,218
    113
    කුරා කූඹියකුටවත් වරදක්‌ නැති මගේ අහිංසක කෙල්ලට
    මෙහෙම අපරාධයක්‌ කළේ ඇයි දෙයියනේ

    මව හඬා වැළපෙමින් කියයි

    ඇල්පිටිය කම්පා කළ සරසවි ශිෂ්‍යාවගේ මරණ පරීක්‍ෂණය

    දුව ගෙදර ඉන්නවිට දුවගේ පෙම්වතාගෙන් ඇයට දුරකථන ඇමතුමක්‌ ආවා දෙන්නා ටිකක්‌ සැරට කතාබස්‌ වුණා. මම දුවගෙන් ඇසුවා තරිඳු පුතා මොනවද කීවේ කියා. "අනේ අම්මේ ඔහු කියනවා ඉංග්‍රීසි උගන්වන්න කොළඹ යන්න එපා කියලා. ගියොත් හොඳ වැඩක්‌ කරන බවට තර්ජනය කළ බව කීවා යෑයි ඇල්පිටිය නගරයේදී ඉතා අමානුෂික ලෙස පිහියකින් ඇන ඝාතනය කරනු ලැබූ විශ්වවිද්‍යාල සිසුවියගේ මව වන සුදර්මා ත්‍රිමාන මහත්මිය හඬා වැලපෙමින් කීවාය.

    මෙසේ අමානුෂික ලෙස මරා දමා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ඇල්පිටිය නියාගම පදිංචි ඩිමාෂා ගයනිකා ත්‍රිමාණ නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

    මෙම ඝාතනයේ සුල මුල සොයා අපි ඇල්පිටියට ගියෙමු. ඇල්පිටිය බස්‌ නැවතුම්පළ අසල පිහිටි පාළු ගොඩනැඟිල්ලක්‌ තුළදී මෙම සිසුවියගේ පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන මරා දමා තිබිණි. ඝාතකයා විසින් ලේ තැවරුණු ඇඳුම් පුළුස්‌සා දමා තිබූ අතර තරුණියගේ ඇඳුම් බෑගය ද පසෙක තිබිණි.
    ෙ€දවාචකය වූ ස්‌ථානය ජනතාවගෙන් පිරී ගොස්‌ තිබිණි. මහපොළොව පවා නුහුලන මේ අපරාධය නිසා ඇල්පිටිය නගරයම ශෝකයෙන් ඇළලී ගොස්‌ තිබිණි. අපි නියාගම පිහිටි මෙම සිසුවියගේ නිවසට ගියෙමු.

    තම මද්දුම දියණියගේ අකල් මරණය දරා ගැනීමට නොහැකිව මව සුදර්මා වැලහින්නියක්‌ සේ හඬා වැළපුනාය. ඇය නියාගම පෝද්දිවල මහා විද්‍යාලයේ ගුරුවරියකි.

    දුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පසු සෙනසුරාදා හා ඉරිදා දිනවල තලවතුගොඩ පිහිටි උපකාරක පංතියක ඉංග්‍රීසි ඉගැන්නුවා. දැනට මාසයක සිට තමයි ඇය මේ පංතියේ උගන්වන්න ගියේ. දුවට මාසයකට රුපියල් 7000 ක්‌ ගෙව්වා. අනේ අම්මේ අම්මලාට කරදර කරන්න බැහැ මේ මාසයේ බෝඩිං ගාස්‌තු මම ගෙව්වේ උපකාරක පංතියෙන් ලැබෙන මුදලින් බව දුව කීවා.

    එකේ සිට පහ වසර දක්‌වා දරුවන්ට තමයි දුව ඉංග්‍රීසි ඉගැන්වූවේ. දුව කොළඹ හිටියේ මම තමයි දුරකථන ඇමතුමක්‌ දීලා දුවට එන්න කීවේ. ඇය සිකුරාදා ගෙදර ආවා. නියාගම බැංකුවෙ රන් භාණ්‌ඩ වගයක්‌ උගස්‌ කරලා තිබුණා. දුවගේ නමින් තමයි ඒ රන් භාණ්‌ඩ උගස්‌ කරලා තිබුණේ. එම රන් භාණ්‌ඩවල පොලිය ගෙවලා අලුත් කරන්න තමයි දුව ගෙදර ආවෙ.

    දුවට පෙම්වතෙක්‌ හිටියා ඔහු හමුදාවෙ. මේ ප්‍රේම සම්බන්ධයට වසර තුනක්‌ විතර ඇති. දුවගේ පෙම්වතාත් නිවාඩුවට ගෙදර ඇවිත් හිටියා දුව ගෙදර ඉන්න විට ඔහුගෙන් දුරකථන ඇමතුමක්‌ ආවා. දෙන්නා ටිකක්‌ සැරට කථාබස්‌ වුණා. මම දුවගෙන් ඇසුවා තරිඳු පුතා මොනවාද කියන්නේ කියලා. "අනේ අම්මේ ඔහු කියනවා මට ඉංග්‍රීසි උගන්වන්න කොළඹ යන්න එපා කියලා. ගියොත් හොඳ වැඩක්‌ කරනවා කියලා තර්ජනය කළ බවත් දුව මට කීවා.

    අම්මේ එයා කීවාට පංතිය කරන එක නම් මට කීයටවත් නවත්වන්න බැහැ. මම උගන්වන්නේ අහිංසක දරු පැටවුන්ට. බෝඩිං ගාස්‌තු පවා ගෙවන්නේ පංතියෙන් ලැබෙන මුදලින්නේ. අම්මේ එයා විරුද්ධ වුණාට මම පංතිය කරන එක නතර කරන්නේ නැහැ කියලා දුව කීවා.

    අනේ මම දුවගෙන් ඇසුවා දුවට කරදරයක්‌ කරාවිද කියලා. අම්මේ බයවෙන්න එපා එයාට පුළුවන්ද මාව මරන්න මට කැම්පස්‌ එකේ ඕනෑ තරම් යාලුවෝ ඉන්නවා කියලා දුව කීවා. කොළඹ යන්න එපා කියලා දුවගේ පෙම්වතා ඔහුට දිගින් දිගටම කීවා. තර්ජනය කළා. මටත් ඔහු දුරකථනයෙන් කථා කළා. මගේ දුව නැටුම්වලට මෙන්ම ඉංග්‍රීසි උගන්වන්නත් දක්‍ෂයි. එයා ඉංග්‍රීසි උගන්වන්න ගියේ දැඩි කැමැත්තෙන්.

    එදා රාත්‍රි 12.30 විතර වෙනකම් දුව පංතියට ගෙනියන්න ඉංග්‍රීසි අකුරු වගයක්‌ හැදුවා උදේ 3.15 බස්‌ එකෙන් තමයි කොළඹ යන්න හිටියේ. සෙනසුරාදා අලුයම 2.00 ට විතර පෙම්වතා නැවත දුවට දුරකථනයෙන් කථා කළා. ඔයා 3.15 බස්‌ එකේ කොළඹ යනවාද කියලා ඇසුවා. ඔව් කියලා දුව උත්තර දුන්නා. එදා උදේ නියාගමට ගිහින් මම තමයි දුව බස්‌ රථයට ඇරලුවේ. අනේ මගේ දුව ඇල්පිටිය නගරයේදී බස්‌ රථයෙන් බස්‌සවාගෙන තියෙනවා. ඊට පස්‌සේ තමයි දුව මරලා දමලා තියෙන්නේ.

    අනේ මම කොහොමද මේ දුක දරාගන්නෙ. මරන්නේ නැතිව අතක්‌ පයක්‌ හරි කපලා දැම්මා නම් දුව උස්‌සාගෙන විශ්වවිද්‍යාලයට රැගෙන ගිහින් උගන්වනවා. තව අවුරුදු තුනයි තිබුණේ විශ්වවිද්‍යාලයෙන් පිටවෙන්න. අනේ මගේ දුවගේ හිතේ මොන තරම් බලාපොරොත්තු තිබුණාද? අද ඒ සියල්ල බොඳවෙලා ගිහින්. මෙහෙම අපරාධයක්‌ කරන්නේ නැතිව බන්දලා දෙන්න කියලා කීවා නම් අපි බන්දලා දෙනවා. අනේ මගේ දුවට මෙහෙම අපරාධයක්‌ කළේ ඇයි දෙයියනේ. ඇය පොළවේ හැපෙමින් හඬා වැළපෙන්නීය.

    දුව කැම්පස්‌ ගියාට පස්‌සේ වෙන කොල්ලෙක්‌ යාලුකර ගනීවි කියලා දුවගේ පෙම්වතාට සැකයක්‌ තියෙන්න ඇති. ඒ නිසා තමයි දුව සතියේ දිනවල කොළඹ පංති කරනවාට විරුද්ධ වුණේ. මවුපියන්ගේ කීමට ඔයාට ආදරය කළ නිසා මට මඩු වලිගයෙන් ගහන්න ඕන බවත් දුව පෙම්වතාට කීවා. ඇයි දෙයියනේ මගේ දුව මේ විදියට මරලා දැම්මේ. දුව කුරා කූඹියෙකුටවත් වරදක්‌ කළේ නැහැ. හැමෝටම උදව් කළා. ආච්චි රෝහලේ ඉන්නකොට ඉස්‌පිරිතාලයේ නැවතිලා දුව තමයි සාත්තු කළේ. කැම්පස්‌ එකේ නිවාඩු කාලයට මම උගන්වන පාසලට ඇවිත් දුව ළමුන්ට ඉගැන්වුවා. ගෙදරටම හිටපු අහිංසක කෙල්ලට මේ වගේ අපරාධයක්‌ කළේ මොන හිතකින්ද දෙවියනේ. එසේ කියමින් ඇය වැළපෙන්නට වූවාය.

    සැකකාර පෙම්වතා තන්තිරිමලේ යුද හමුදා කඳවුරේ සේවය කරන කොමාන්ඩෝ සෙබළෙක්‌ බවට හඳුනාගෙන ඇත. ඔහු ඇල්පිටිය ඕමන්ත ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි තරුණයෙකි. මොහු මෙම සිසුවිය ඇල්පිටිය නගරයේදී බස්‌ රථයෙන් බස්‌සවාගෙන ඇත.

    පසුව ඇල්පිටිය බස්‌ නැවතුම්පළ පිටුපස ඇති පාළු ස්‌ථානයකට රැගෙන ගොස්‌ සිසුවියගේ ගෙලට හා උදරයට පිහි පහරවල් කිහිපයක්‌ ඇන තිබේ. එසේ ඝාතනය කොට සිසුවිය ඒ අසල ඇති පාළු ගොඩනැඟිල්ලකට ගෙනවිත් දමා තිබේ. එම ගොඩනැඟිල්ලේ යාචකයෙක්‌ සිට ඇති අතර ඔහු දැකීම නිසා ඝාතකයා සිසුවියගේ මළ සිරුර එම ස්‌ථානයේ දමා යන්නට ඇති බවට සැක කෙරේ.

    දෙදෙනා අතර ඒ අවස්‌ථාවේදී වූ බහින්බස්‌වීමක්‌ නිසා මෙම ඝාතනය වී ඇති බැව් මූලික පොලිස්‌ පරීක්‍ෂනණවලදී අනාවරණය වී තිබේ. පසුව සැකකාර පෙම්වතා ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මුලදී මොහු පොලිසියට පවසා ඇත්තේ තමන් මෙම ඝාතනය ගැන කිසිවක්‌ නොදන්නා බවය.

    පසුව සැකකාර පෙම්වතා ඝාතනය වූ ස්‌ථානයට රැගෙන එනු ලැබීය. එහි සිටි පොලිස්‌ සුනඛයා පෙම්වතා අසලම නතර වී තිබිණි. පසුව සැකකාර පෙම්වතා පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කොට ඇත්තේ මෙම ඝාතනය තමන් විසින් සිදු කළ බවය. සිසුවියගේ සිරුරේ කැපුම් තුවාල හයක්‌ ඇති බව ද පොලිසිය කියයි.

    සිසුවියට අනිනු ලැබූ පිහිය ද ඒ අසල ඇති ඇළකට දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ. පොලිසිය විසින් මේ වන විටත් සැකකාර පෙම්වතාගෙන් ප්‍රශ්න කරගෙන යයි.

    ඩිමාෂා ගයනිකා ත්‍රිමාන සිසුවිය ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවියකි. ඇය ක්‍රීඩාවට මෙන්ම නර්ථනයට ද උපන් හපන්කම් පෑ සිසුවියකි. පාසලේ සිටි දීප්තිමත් සිසුවියකි. ඇය ලබාගත් ජයග්‍රහණවලින් මෙන්ම පදක්‌කම්වලින් ඒ බව මනාව පැහැදිලි වන්නේය. ඇය ලබාගත් පදක්‌කම් නිවසේ සාලයේ එල්ලා ඇත්තේය. මව ඒ පදක්‌කම් පෙන්වමින් හඬා වැළපෙන්නට වූවාය.

    මේ සුන්දර යොවුන් සමනලිය පැතූ සියලු බලාපොරොත්තු අද සුන් වී ගොසිනි. ප්‍රේමය නිසා ඇයට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූවාය. ප්‍රේමය වෛරයට පෙරළීමට යන්නේ ඇසිල්ලකි. සැකය වෛරය නිසා ඩිමාෂාට සිය ජීවිතය අහිමි වී ඇත. ඩිමාෂා පස්‌දෙනකුගෙන් යුත් පවුලක මද්දුම දොaණිය වන්නීය. ඩිමාෂාගේ පියා වන කොට්‌ටගොඩහෙට්‌ටි චන්ද්‍රජයන්ත ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ රියෑදුරකු ලෙස සේවය කරන්නේය.

    වැඩිමහල් සහෝදරයා වන මුදිත නයනක කොතලාවල ආරක්‍ෂක පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකි. බාල නැඟණිය වන ප්‍රමුනි ගයනි උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරතවන්නීය. ඩිමාෂාගේ පියාට තම මද්දුම දොaණියට වූ විපත දරාගත නොහැකිය. ඔහු ඉකිබිඳිමින් අප සමග මෙසේ කීවාය.

    අපි හැමදෙයක්‌ම කළේ දරු තුන්දෙනාගේ අනාගතය සැපවත් කරන්න. හරියට ගෙයක්‌ දොරක්‌ පවා හදාගත්තේ නැතිව දරුවන්ට උගන්වපු එක තමයි කළේ. දරුවන් වෙනුවෙන් තමයි හැම කැපකිරීමක්‌ම කළේ. මේ ප්‍රේම සම්බන්ධතාවට අපි විරුද්ධ වුණා. නමුත් දියණිය අපේ කීම ඇසුවේ නැහැ. ඇය මේ සම්බන්ධය පවත්වාගෙන ගියා. මේ සම්බන්ධය දැනගත්තාට පස්‌සේ මම මේ තරුණයාගේ ගෙදරට ගිහින් ඔහුට අවවාද කළා දුව තාම ඉගෙන ගන්නවා ඉගෙන ගත්තාට පස්‌සේ ඕනෑ දෙයක්‌ කරන්න පුළුවන් කියා. ඊට පස්‌සේ දවසක මොහු මට දුරකථනයෙන් කථා කරලා බැන වැදුණා. දියණිය අපි කියපු දේවල් ඇසුවේ නැහැ. අන්තිමට වුණේ දියණියට තම ජීවිතය අහිමිවීම විතරයි චන්ද්‍ර ජයන්ත කඳුළු කැට වගුරවමින් එසේ කීවේය.

    මියගිය විශ්වවිද්‍යාල සිසුවියගේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඇල්පිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් ජනක රුවන්පුර මහතා විසින් කරනු ලැබීය. ඇල්පිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සුසන්ත ලේල්වලගොඩ එම ස්‌ථානයට පැමිණ මියගිය සිසුවියගේ සිරුරේ තිබූ කැපුම් තුවාල නිරීක්‍ෂණය කළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා සිසුවියගේ දේහය කරාපිටිය ශික්‍ෂණ රෝහලට

    රැගෙන යනු ලැබීය.

    එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණය, සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. ඒ. කිරිඇල්ල මහතා විසින් කරනු ලැබීය.

    මේ පිළිබඳව අපි ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුමි රූබන් මහතාගෙන් විමසීමක්‌ කළෙමු.

    ප්‍රේමය කියන්නේ මනෝභාවයක්‌ ප්‍රේමය නොයෙක්‌ අයුරින් ප්‍රකාශ කරනවා. වචන වලින් භාණ්‌ඩ ලබාදීමෙන් ආදී නොයෙක්‌ ක්‍රම මගින් ආදරය ප්‍රකාශ කරනවා. මේ ආදරය කිරීමෙන් පෙරළා තමන් ද ආදරය බලාපොරොත්තු වෙනවා. එසේ නොමැති අවස්‌ථාවල ප්‍රේමය වෛරයට හැරෙනවා. සැකය හා වෛරය නිසා තමයි මේ තත්ත්වය ඇතිවන්නේ. මේ නිසා තමන්ගේ හැඟීම් පිටකරන්න දරුණු උපක්‍රම භාවිත කරනවා. හිතේ කැකෑරෙමින් පවතින වෛරය මුදාහරින්නේ ප්‍රචණ්‌ඩ අයුරින්.

    මානසික පීඩනය පිටකරන්නේ ඉතා ප්‍රචණ්‌ඩ අයුරින්. මේ අයට හැඟීම් පාලනය කරන්න බැහැ. පෞරුෂත්වය දුර්වල පුද්ගලයන් තමයි මේ අයුරින් හැඟීම් පිටකරන්නේ.

    යුද හමුදාවල සේවය කරන පුද්ගලයන් බිහිසුණු අත්දැකීම්වලට නිරන්තරයෙන් මුහුණ දෙනවා. මේ නිසා මොවුන් විශාල මානසික පීඩනයට ලක්‌වෙනවා. ඒ අයට ප්‍රචණ්‌ඩත්වය සාමාන්‍ය දෙයක්‌ බවට පත්වෙලා. යුද්ධයක්‌ නැති අවස්‌ථාවලත් ඒ මානසික පීඩනය පිටාර ගලනවා. යුද හමුදාව තුළදී විනයගරුකව සිටියත් සිවිල් සමාජය තුළදී ඇතමුන් ක්‍රියාකරන්නේ යුද්ධයේදී සතුරාට මුහුණ දෙන විදියට ප්‍රචණ්‌ඩත්වයෙන් තමයි විසඳුමක්‌ හොයන්න බලාපොරොත්තු වන්නේ යෑයි ද රූමි රූබන් මහතා සඳහන් කළේය. ප්‍රේමය අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ඔසුවකි. තරුණ තරුණියන්ට ප්‍රේමය ආශිර්වාදයකි. එය කොහෙත්ම තහනම් ගෙඩියක්‌ සේ සැලකියයුතු නොවේ. රවින්ද්‍රනාත් තාගෝර් කීවේ ප්‍රේමය වුවද, අවස්‌ථාව එනතුරු දොරට පිටින් රැඳී සිටිය යුතු බවකි.

    ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි, ඇල්පිටිය - විදානආරච්චි කීර්තිරත්න

    http://www.divaina.com/2014/05/26/news12.html
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කෙල්ලෝ විශ්වාස කරන්න එපා සතේකටවත්. අද ළඟ ඉඳි හෙට ඔක්කොම අමතකයි. :no::no::no:


    ඔව් කෙල්ලෝ විතරක් නෙවෙයි කවුරුත් එකයි කාවවත් අද විශ්වාස කරන්න බෑ.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම කිව්වේ මට හිතුන දේ මචං. දෙවි වරු වගේ ඉන්න මිනිස්සු තිරිසන්නු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. :no::no:

    උබට මහින්දව මතක් කරාමත් එහෙම නේ? :P
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔන්න ඉතින් ඔෆ් ටොපික් :angry::P

    මූට තිබ්බේ මුල ඉදලම රජාට දීගෙන ඉන්නයි එතකොට අඩුම ගානේ තානතිපති කමක් වත් ගන්න තිබුනා මේ වෙන කොට.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූට තිබ්බේ මුල ඉදලම රජාට දීගෙන ඉන්නයි එතකොට අඩුම ගානේ තානතිපති කමක් වත් ගන්න තිබුනා මේ වෙන කොට.

    :P:P:P:P:P ආයෙත් අහලා. එහෙම උනා නන් අද නිවුස් එක වෙන්නේ කෙල්ල මූව මරන්න ඇවිත් කෙල්ල සියදිවි හානි කරගත්තා කියලා.

    අද උඩ ආර්ටිකල් එක බලපන්කො. අනිතිම ටික නියමෙට කියලා දීලා තියනවා
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    mu mahesh walthara da dan en bun uge ranbo pihiyen da dan ne kellawa maruweeeeee

    රම්බෝ පිහිවල තල නැවෙන්නේ නෑ. මම හිතන්නේ ඌ අරගෙන තියෙන්නේ බාල පිහියක්. අනික රුපියල් 100 ට මොන රම්බෝද?:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං දන්නෙ ඔය කියලා තියෙන්නෙ ඇත්තද බොරුද කියලා.. යකෝ කෙල්ලො කරන වැඩ එක්ක හැම එකාම පිහියෙන් අනින්න ගියා නම් ලංකාවෙ කෙල්ලො නැත්තටම නැති වෙනවා..:lol:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කවුද බං දන්නෙ ඔය කියලා තියෙන්නෙ ඇත්තද බොරුද කියලා.. යකෝ කෙල්ලො කරන වැඩ එක්ක හැම එකාම පිහියෙන් අනින්න ගියා නම් ලංකාවෙ කෙල්ලො නැත්තටම නැති වෙනවා..:lol:


    බොස්ගේ දුව උබට බූට් එකක් තිබ්බොත් උබත් අනිනවද? :P:rofl:
    මතක ඇතුව එතකොට ස්කවියගේ රම්බෝ පිහිය අරගෙන යන්න.:rofl::rofl::rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    ජන්තු අයියා;16706001 said:
    දැන් හරිනේ ඉතින් ටොපිය...යන බැල්ලිට යන්න දීලා හිත හදාගෙන හිටියා නම් ඌ ට හොද අනාගතයක් ගත කරන්න තිබුනා..සන්තෝස වෙන්න තිබුනා කොල්ලට කසාද බදින්න කලින් මේ මරාලෙන් ගැලඋන එක ගැන..ඒත් අනුවණ ක්‍රියාවක් නිසා උගේ ජිවිතයම විනසයිනේ දැන්..කෙල්ලෝ සතපහකට විස්වාස නැති ජාතියක්..මොහොතයි වෙනස් වෙන්න යන්නේ....

    ඒකනේ බං. අනික මේකා දවස් දෙකක් ඇදලා හොදට කොලඹ තියාන. අපරාදේ කාලකන්නියා කරගත්ත වැඩක් :frown::frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බැලූ බැල්මට මේක ප්ලෑන් කරලා දීපු ගේමක් වගේ.
    මූ කට උත්තරේ දෙද්දිම වැඩේ චා කරගෙන. පිහිය එදාම කොටුවෙන් ගත්තා කියන්නෙ ප්ලෑන් කරගෙනම ඇවිත් තියෙන්නෙ ෂොට් එක දෙන්න. පිහිය උගෙ පෞද්ගලික ආරක්ෂාවට තියාගෙන හිටපු එකක් වගේ කියලා කිවුවනං උට බේරෙන්න තිබ්බා. දැං නම් නෝ චාන්ස් :(
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    campus giyma bn kello 80% wenas wenwa kolata campa yanna baru unot ithn eke inna eunta wada mama tma oyata hari yanne kiyna eka danena inna one nathnm ithn sory thama machn mama me kiyne athdakimen....kohoma unat kolla waradi bn mini marnna one nane bn..mama kiynne jeewitha nasthiya..paw a demaw piyo bn..polowe pas kanwa athi..
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    පැටියා;16707002 said:
    :no: ක්ෂණික කෝපය

    අඩො දන්න විදියට ඔක පිට දාලා උසාවියෙන් නිදහස් වෙන්ඩත් පුලුවන් ද කොහෙද