නෙතේ කඳුළු පිසදමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් හිඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
තරු පහන් නිවා දමන්න එලිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන්සඳක් ලෙසින්
සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්
