::: ලෝකයේ මිල අධිකම වීදිය :::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ::: ලෝකයේ මිල අධිකම වීදිය :::

    මෙන්න! ලෝකයේ මිල අධිකම වීදිය. කඩ කාමරයක් රුපියල් බිලියන 3.2 යි




    ලෝකයේ වැඩිම මිලට අලෙවි කළ වෙළඳ සැල පිහිටා තිබෙන්නේ හොංකොං හි, රසල් වීදියේයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වර්ග මීටර් 12 ක් වන මෙම වෙළඳ සැල ලංකාවේ මුදලින් රුපියල් බිලියන 3.2 කට හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 25 කට පසුගියදා අලෙවි කළ බවයි.

    මෙම වාර්තාගත දේපොළ විකිණීමත් සමග ලෝකයේ මිල අධිකම වීදිය බවට හොංකොං හි, රසල් වීදිය පත්ව තිබෙන්නේ නිව් යෝර්ක්හි Fifth Avenue පසු කරමිනි.

    වාර්තා වන ආකාරයට ලෝකයේ වැඩිම මිලකට අලෙවි කර ඇති මෙම වෙළඳ සැලේ අලෙවි කරන්නේ මිල අධික කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණයි.

    මෙම අලෙවිසැල කුලියට ලබාදීමෙන් එහි හිමිකරු මාසයට රුපියල් ලක්ෂ 73 කට ආසන්න මුදලක් හෙවත් ඩොලර් 55,900 ක් උපයන බව සඳහන්ය.
    සමස්තයක් ලෙස ගත්විට කඩ කාමරයක් කුලියට ගැනීමේදී ලෝකයේ මිල අධිකම නගරය ලෙසින් සැලකෙන්නේද හොංකොං නගරයයි.


    adaderana.lk/biz