True ඇත්ත_

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    10423737_738418322883374_5284576333150327496_n.jpg
     
    • Like
    Reactions: Iron Monger

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නබි රොක්ස්.. ලෙට්ස් වොච් සම් මූන්ස්..

    නබීට අනුව ලොකේ පවක් නැතුව ජීවත් වෙන එකම මනුස්සයා නීල් ආම්ස්ට්‍රොන්ග්ය..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ඔක්කොම අපි කවුරුත් අහපුවා නෙමෙයිනේ. පොත පතේ ලියලා තියන එව්වා..

    ඒක නිසා මමත් පොතින්ම ගන්නම්. මේ උඩ තුන් දෙනාගෙන් බයිබලයට අනුව මරණය පරාජය කර උත්ථාන වූයේ ජේසුස් වහන්සේ පමණයි.. !!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම ක්‍රිස්තු ධර්මය ගැන වැඩිය දන්නේ නෑ බන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කුරුසේ තියල ඇන ගැහුවට පස්සේ මරණින් පස්සේ ආයෙත් මිනිස්සු අතරට ආවද බන්? ඊට පස්සේ මොකද වුනේ? මම ඇත්තටම දැන ගන්න ආසයි බන්. පොඩ්ඩක් ඒ විස්තර කියපන්කො... :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ක්‍රිස්තු ධර්මය ගැන වැඩිය දන්නේ නෑ බන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කුරුසේ තියල ඇන ගැහුවට පස්සේ මරණින් පස්සේ ආයෙත් මිනිස්සු අතරට ආවද බන්? ඊට පස්සේ මොකද වුනේ? මම ඇත්තටම දැන ගන්න ආසයි බන්. පොඩ්ඩක් ඒ විස්තර කියපන්කො... :)
    ඒක නම් මම දන්නෙත් නැ බන්.. මාත් හරි ආසයි ඉගෙන ගන්න. බෞධ්ද දර්ශනය තුල ගන්න දේවල් තියනව බන්. උබ පොඩ්ඩක් විස්තර කරලා කියහන්කො බන්, බුදුන් වහන්සේ නිවන් අවබොද කරගත්තා කියලා කියලා අපි කොහොමද තක්කෙටම කියන්නේ කියලා. අනික නිවනින් එහා දෙයක් නැ කියලා අපි කොහොමද හරියටම කියන්නේ. අපි කවුරුත් නිවන් දැකලා නැනේ..
     
    උඹේ තර්කය හරියටම හරි. ඔය කියන කිසිම ආගමික ශාස්තෘ වරයෙක්ව අපි දැකලා නෑනේ බන්.
    කියන දේවල් ඇහිලත් නෑ. ඉතින් ඔය කිසිම දෙයක් විශ්වාස කරන්නේ කොහොමද?

    මට නම් හිතෙන්නේ මෙහෙමයි මචන්. මේ මගේ පෞද්ගලික මතය. මේ විශ්වය කියන එක ඉමක් කොනක් නැති දෙයක්. අපේ ශරීරයේ වෙන ජීව ක්‍රියාවලි, විශ්වයේ ස්වභාවය, භෞතික විද්‍යාව, වගේ දේවල් ගැන හිතද්දී තේරුම් ගානවා බන් මේ ලෝකේ පට්ටම සංකීර්ණ ක්‍රියාවලියක් කියලා. ඉතින් මිනිහෙක් ඉපදිලා මැරිලා යනවත් එක්කම එයාගේ සියලුම දේවල් එතනින් ඉවරයි කියලා සරල ලෙස කෙළවරක් වෙන්න බෑ බන් මම හිතන විදියට. ඒ නිසා මම විශ්වාස කරනවා භවය කියන සංකල්පය. ඒ සංකල්පය තුල මට තේරෙන විදියට ඉතාම පැහැදිලි හා නිරවුල් ලෙස දේශනා කරලා තියෙන්නේ බුද්ධ ධර්මය තුල. මම ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා ඒ ධර්මයේ කියල තියෙන දේවල් කොයි තරම් සත්‍යද කියල මටම ප්‍රත්යාක්ශ වෙලා තියෙනවා.

    රාග, ද්වේශ, මෝහ නිසා තමයි මගේ ජීවිතේ හැම දෙයක්ම වගේ කෙළවෙන්න මුලික වුනේ. අද මම ඒ වැරැද්ද කරන්නේ නෑ. ඒ නිසා මම ගොඩක් වෙලාවට ඉන්නේ සතුටින්. භාවනා කරලා බැලුවා ටෙස්ට් කරන්න වගේ. එකෙන් ලැබෙන සහනය වෙන කිසිම දෙකින ලබා ගන්න බෑ කියල මටම තේරුම් ගියා. ඒ නිසා හරි හෝ වැරදි හෝ වේවා දැනට පේන්න තියෙන දේවල්වලින් වඩාත්ම සත්‍ය එහෙම නැත්නම් අඩුම බොරු තියෙන්නේ බුද්ධ ධර්මය තුල කියල මම විශ්වාස කරනවා මචන්. මතක තියා ගන්න මේක මගේ මතය.
    :)
     
    මම ඒකයි බන් කිව්වේ, පොතකින් පාටයක් උපුටා අරගෙන අපිට ආගමක් හොදයි හො නරකයි කියන්න බැ. ඒ ආගම අනුගමනය කරන මනුස්සයො තුල තියන ගතිගුන අනුව කිව්වැකි ශාස්තෘවරයා ඉගැන්වූයේ අහවල් දේ කියලා. මම දකින විදියට, ගත යුත්ත අරගෙන විශ්මය දනවන, විය නොහකියි කියලා කියන දේ විවේචනය නොකර හිටියම හරියි.. බුදුන් දේශනා කරපු ආකාරයට, ජිවත් වීම කුසල් රැස් කිරීම, තමන්ගේ ගැලවුම තමන් සතු එක 100%ක් ම හරි. නමුත් පොත පත ලියපු අය, උන් වහන්සේගේ බලය උලුප්පලා මිනිස්සු විශ්මයට පත කරලා එතුමන් පස්සේ යන්න සලස්සවනවා නම් ඒක තවත් මැජික් ට්‍රික් එක විතරයි. නෙලුම් මල් උඩ ඇවිදීම, පෙලහැර පැම, ඒ කතුවරු උපුටා ගත්ත තැන්. බයිබලේත් එහෙමයි, වතුර වයින් කලා කියයි. මාලු වැඩි කලා කියයි, කුනාටු නතර කලා ක්යයි. ඒ ඒ ලේඛකයො කරපු ආටොප. ජේසුස් වහන්සේගේ නියම දර්මය ඒ මැජික් නෙමෙයි.. එතුමා විප්ලවවාදියෙක්, චින්තකයෙක්. රොම පාලනයට එරෙහිවුන දුප්පත් මනුස්සයෙක්. එයාට දේවත්වය ආරූඩ කලේ පොත් ලියපු අය. ඔක තමයි ඇත්ත. නිවැරදි දර්ශනය ග්‍රහනය කරගන්නවා නම් බෞද්දයො වත් ක්‍රිස්තියානි මිනිස්සුවත් නපුරු මිනිස්සු නෙමෙයි..
     
    ඉස්සර කාලේ අනිත් ආගම්වල ව්‍යාප්තියත් එක්ක ඒ ආගම්වල වගේ මැජික් සීන් බුද්ධ චරිතය තුළටත් එකතු කරන්න ඇති බන් පසු කාලීනව මිනිස්සු බුද්ධ ධර්මය තුල තියා ගන්න. අපි පොඩි කාලේ වුනත් ආකර්ෂණය වුණේ ඕවටනේ බන්. මම පොඩි කාලේ හෙන ආසයි ඉපදෙද්දී නෙලුම් මල් හතක් පිපුණු එකට, යමාමහ පෙළහර පෑමට වගේ දේවල් වලට. මට පොඩි කාලේ රහත් වෙන්න ආසාවක් තිබ්බ මොකද එතකොට නොපෙනී උඉන් යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියල අපිට කියල දීපු නිසා.

    පස්සේ නේ ඉතින් හරය ඉගෙන ගත්තේ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචන්. සාර අසනක්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් පුරාගෙන ලබාගත්තු පින් මහිමය නිසා ඒ වගේ දේවල් වෙන්න බැරි කමකුත් නෑ. කොයි තරම් කැප වීමක්ද? කොයි තරම් කාලයක්ද?

    අර නකුල මාතා නකුල පිතා කියන සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක් ආදර වන්තයින් විදියට නොකඩවා හිටපු ඒ දෙන්නා මහන දම් පුරන්න වෙන් වෙච්ච මොහොතේ මහා පොලොව කම්පා වුණා කියනවා නේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියල හිතෙනවා බන්. මේ විශ්වය තුල පැවතුණු ශක්තිමත්ම බන්දනයක් කැඩුණු මොහොතක.

    කිසිම ආගමක ශාස්තෘ වරයෙක් විවේචනය කරන්න අපට අයිතියක්, හැකියාවක් නැ. මොකද අපි ඒ මිනිස්සුන්ව ඇසුරු කරලා නැ. ඒ ඒ කාලේට අනුව ජිවත් වෙච්ච පරිසරයන්ට අනුව නීතී චාරිත්‍ර තියෙන්න ඇති. නමුත් අපට විවේචනය කල හැකියි, දැන් කාලේ ඉන්න ඇත්තොත් ආගමක් නාමයෙන් ඇනකොටා ගන්නවා නම්. ඉන්ග්‍රිසි, ලන්දේසි, පෘතුග්‍රිසි අය ක්‍රිස්තියානි දර්මය ලොකේ පතුරන්න එක එක උපායවල් යොදාගත්තා. ඒ කාලේ ගොඩක් රටවල් තවත් රටක යටත් විජිත ඒවල වෙලදාම් කටයුතු වලට ගිය නැව් වල පූජකුවරු ගිහින්, ඒ ඒ රටවල දර්මය වියාප්ත කලා. සමහර විට දේශ්පාලනික අරමුනුත් තිබ්බා. මිනිස්සුන්ව හසුරවන්න පහසුයි ආගමක නාමයෙන්. ඉතිහාසේ උනේ ඒක. ඒකට ජේසුස් වහන්සේ පලි නැ. ඒ වගේම අද සමහර ස්වාමින් වහන්සේලා සල්ලි අරන්, මන්තර ගුරුකම් කියලා මිනිස්සු රවට්ටනවා, දර්මය විකුනගෙන කනවා, මේ එකකටවත් බුදුන්වහන්සේ හො උන්වහන්සේගේ ධර්මය පලි නැ. පරම්පරාවෙන් මිනිස්සු දර්මය තමන්ගේ සුඛ විහරනයට් පාවිච්චි කරන්න ගත්තට පස්සේ තමා ශාස්තෲන් කියපු දේට වඩා පරිබාහිර දේවල් එකතු උනේ.
     
    ඇත්ත
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මම ක්‍රිස්තු ධර්මය ගැන වැඩිය දන්නේ නෑ බන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කුරුසේ තියල ඇන ගැහුවට පස්සේ මරණින් පස්සේ ආයෙත් මිනිස්සු අතරට ආවද බන්? ඊට පස්සේ මොකද වුනේ? මම ඇත්තටම දැන ගන්න ආසයි බන්. පොඩ්ඩක් ඒ විස්තර කියපන්කො... :)
    උබ සිරාවටමද අහන්නේ මචන්. මචන් ජේසු කුරුසියේ ඇන ගහලා මැරුණට පස්සේ එයාව සුදු රෙදි කඩ වලින් ඔතලා ලොකු ගල් ගුහාවක තැන්පත් කරනවා එකේ දොර වහන්නේ මිනිස්සු 3ක් නැත්තම් 4ක් එකතු වෙලා එක ලොකු ගල් රෝලක් වගේ රවුම් දොරක්. දවස් තුනකට පස්සේ එක බලන්න මිනිස්සු දෙන්නෙක්ද කොහෙද යනවා පස්සේ එතනට දෙවදුතයෙක් ඇවිල්ලා කියනවා ඔහු මරණෙන් නැගිට්ටා කියලා... මේ තියෙන්නේ ජෙසුව ඔතපු රෙද්ද...
    shroud.fw.jpg

    පස්සේ තමා අවසාන රාත්‍රී බෝජනයට සහබාගි වෙන්නේ.

    තාමත් ඒ රෙදි කැල්ල අබිරහසක් හේතුව එකේ ජේසුගේ රූපේ ඒ විදිහටම සටහන් වෙලා තියනවා. එකට හේතුව ශරීරයෙන් පිටවුන ලොකු රශ්මි දාරාවක් නිසා... එක තාමත් විසදගන්න බැරි අබිරහසක්.
    මන් මේ බොහොම කෙටියෙන් කිව්වේ මචෝ wiki Shroud_of_Turin
     
    අවසන් රාත්‍රි බොජනය කියන්නේ මරනෙන් පස්සේ නෙමෙයි.. මරනෙට කලින් දවසේ.. මරනෙන් පස්සේ බයිබලේ තියන හැටියට උන් වහන්සේ ගොලයන් හමුවට ඇවිත් තියනවා. ඊට පස්සේ තමා උන්වහන්සේ ස්වර්ගාරොහනය උනා කියලා පොත පතේ සදහන් වෙන්නේ. අවසාන රාත්‍රි බොජනය කියන එක මරනෙට කලින් සිද්දියක්. උබ කිව්ව අනික් කරුනු හරි.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අවසන් රාත්‍රි බොජනය කියන්නේ මරනෙන් පස්සේ නෙමෙයි.. මරනෙට කලින් දවසේ.. මරනෙන් පස්සේ බයිබලේ තියන හැටියට උන් වහන්සේ ගොලයන් හමුවට ඇවිත් තියනවා. ඊට පස්සේ තමා උන්වහන්සේ ස්වර්ගාරොහනය උනා කියලා පොත පතේ සදහන් වෙන්නේ. අවසාන රාත්‍රි බොජනය කියන එක මරනෙට කලින් සිද්දියක්. උබ කිව්ව අනික් කරුනු හරි.

    මචන් මට පැටලුනා...
    උන්වනහන්සේ මරණින් පසු ගෝලයින් දෙදෙනෙකුට හම්බෙනවනෙ... එතන රොටි කඩලා අර වචන කියන්නේ අවසන් රාත්‍රී බෝජනය දවසේ කීව වචනනේ එතනදිනේ ගෝලයෝ දැනගන්නේ මේ jesus වහන්සේ කියලා.. මට එතන පැටලුනේ බන්.

    මේ මගේ ශරීරයයි.. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න...
    මේ මගේ රුදිරයයි පවු කමාව සදහා මෙය සිදු කරන්න..
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online

    මම ඒකයි බන් කිව්වේ, පොතකින් පාටයක් උපුටා අරගෙන අපිට ආගමක් හොදයි හො නරකයි කියන්න බැ. ඒ ආගම අනුගමනය කරන මනුස්සයො තුල තියන ගතිගුන අනුව කිව්වැකි ශාස්තෘවරයා ඉගැන්වූයේ අහවල් දේ කියලා. මම දකින විදියට, ගත යුත්ත අරගෙන විශ්මය දනවන, විය නොහකියි කියලා කියන දේ විවේචනය නොකර හිටියම හරියි.. බුදුන් දේශනා කරපු ආකාරයට, ජිවත් වීම කුසල් රැස් කිරීම, තමන්ගේ ගැලවුම තමන් සතු එක 100%ක් ම හරි. නමුත් පොත පත ලියපු අය, උන් වහන්සේගේ බලය උලුප්පලා මිනිස්සු විශ්මයට පත කරලා එතුමන් පස්සේ යන්න සලස්සවනවා නම් ඒක තවත් මැජික් ට්‍රික් එක විතරයි. නෙලුම් මල් උඩ ඇවිදීම, පෙලහැර පැම, ඒ කතුවරු උපුටා ගත්ත තැන්. බයිබලේත් එහෙමයි, වතුර වයින් කලා කියයි. මාලු වැඩි කලා කියයි, කුනාටු නතර කලා ක්යයි. ඒ ඒ ලේඛකයො කරපු ආටොප. ජේසුස් වහන්සේගේ නියම දර්මය ඒ මැජික් නෙමෙයි.. එතුමා විප්ලවවාදියෙක්, චින්තකයෙක්. රොම පාලනයට එරෙහිවුන දුප්පත් මනුස්සයෙක්. එයාට දේවත්වය ආරූඩ කලේ පොත් ලියපු අය. ඔක තමයි ඇත්ත. නිවැරදි දර්ශනය ග්‍රහනය කරගන්නවා නම් බෞද්දයො වත් ක්‍රිස්තියානි මිනිස්සුවත් නපුරු මිනිස්සු නෙමෙයි..

    මටත් හිතෙන විදියට නම් ජේුසුස් වහන්සේ කියන්නේ විප්ලපාදි මිනිසෙක් තමයි. ජේසුස් වහන්සේ ඉපදුන කාලයේ තිබුනේ ඉතා කටුක පාලනයක්. ආගමක් වශයෙන් භාවිතා කලේ මුස්ලිම් ආගමට නෑකම් දක්වන ඉතා දරුණු දේවල්. උදාහරණයක් විදියට ජේසුස් වහන්සේගේ කාලයේ තිබුනේ ඔබගේ කම්මුලට කවුරු හරි ගැහුවොත් ඔබත් එයාගේ කම්මුලට ගහන්න. අතට අතක්, පයට පයක්. නමුත් ජේසුස්වහන්සේගේ පැමිණීමත් එක්ක ඒ සියල්ල වෙනස් වුනා ජේසුස්වහන්සේ කිවුනේ ඔබට කම්මුලට ගැහුවොත් ඔබ අනිත් කම්මුලත් හරවනන්න කියලා.. ඒ නිසා පාලකයන්ට ජේසුස්වහන්සේව පෙන්නන් බැරිව ගියා. ජේසුස් වහන්සේ ආදරය කරන්න මිනිස්සුන්ට ඉගැන්නුවා..

    මම නම් කියන්නේ ජේසුස්වහන්සේ ඉතා යහපත් මනුෂ්‍යෙයක්. එයාට ඕන වුනා මිනිසුන්ට යහපත් දේවල් ඉගැන්වීමට. මිනුස්සුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කර දෙන්න ඕන නිසාත් දෙවියන්වහන්සේ කෙනෙක් ගාව ගෙන කතාව කියලා දුන්න. ඒ දවස් වල මිනිසුන් දෙවියන්ට බයයි. දෙවියෝ ගාවල කිව්වොත් මිනුස්සු අහනව.

    ජේසුස් වහන්සේ වයස අවුරුදු 30 විතර උතුරු ඉන්දියාව පැත්තට ඇවිත් බුදු ධහම හෝ භාවනා විධි ඉගෙන ගෙන තියෙනවා වසර 6 ක කාලයක්. ආපසු ආවට පසු භාවනායෝගිව ඉදල තියෙනව එතුමාගේ අවසාන කාලයේදි.

    එක එක කාල වලදී එක එක පුද්ගලයන් විවිධ වු අදහස් ඉදිරිපත් කරල තියෙනවා බුදු සමයේ ඉංදියාවේත් විශාල අදහස් දාරින් පිරිසක් ඉදල තියෙනව. කවුරු මොනව කියුවත් මේ ලොකයේ තියෙන්නේ එක සත්‍යක් විතරයි. එය පැහැදිළිව දේශනා කරල තියෙන්නේ බුදු රජානන් වහන්සේ විතරයි.

    ඔයා කැතලික්, හිංදු හෝ මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත ඔයා හොදට අවබෝධ කරල හිතල බලන්න බුදුන් දේශනා කල කිසිම දෙයක් තියෙනවල හොද නැහැයි කියන්න පුළුවන් දෙයක්. බෙෘද්ධ සංස්කෘතියේ තියෙන ඒවා නැතුව බුදු ධහමේ තියෙන එවා ගැන හිතන්න. උදාහරණයක් විධියට සරල දෙයක් පන්සිල් ගමු. කාටද කියන්න පුළුවන් පන්සිල් ආරක්ෂා කිරීම හොද නැහ කියල. :):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹේ තර්කය හරියටම හරි. ඔය කියන කිසිම ආගමික ශාස්තෘ වරයෙක්ව අපි දැකලා නෑනේ බන්.
    කියන දේවල් ඇහිලත් නෑ. ඉතින් ඔය කිසිම දෙයක් විශ්වාස කරන්නේ කොහොමද?

    මට නම් හිතෙන්නේ මෙහෙමයි මචන්. මේ මගේ පෞද්ගලික මතය. මේ විශ්වය කියන එක ඉමක් කොනක් නැති දෙයක්. අපේ ශරීරයේ වෙන ජීව ක්‍රියාවලි, විශ්වයේ ස්වභාවය, භෞතික විද්‍යාව, වගේ දේවල් ගැන හිතද්දී තේරුම් ගානවා බන් මේ ලෝකේ පට්ටම සංකීර්ණ ක්‍රියාවලියක් කියලා. ඉතින් මිනිහෙක් ඉපදිලා මැරිලා යනවත් එක්කම එයාගේ සියලුම දේවල් එතනින් ඉවරයි කියලා සරල ලෙස කෙළවරක් වෙන්න බෑ බන් මම හිතන විදියට. ඒ නිසා මම විශ්වාස කරනවා භවය කියන සංකල්පය. ඒ සංකල්පය තුල මට තේරෙන විදියට ඉතාම පැහැදිලි හා නිරවුල් ලෙස දේශනා කරලා තියෙන්නේ බුද්ධ ධර්මය තුල. මම ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා ඒ ධර්මයේ කියල තියෙන දේවල් කොයි තරම් සත්‍යද කියල මටම ප්‍රත්යාක්ශ වෙලා තියෙනවා.

    රාග, ද්වේශ, මෝහ නිසා තමයි මගේ ජීවිතේ හැම දෙයක්ම වගේ කෙළවෙන්න මුලික වුනේ. අද මම ඒ වැරැද්ද කරන්නේ නෑ. ඒ නිසා මම ගොඩක් වෙලාවට ඉන්නේ සතුටින්. භාවනා කරලා බැලුවා ටෙස්ට් කරන්න වගේ. එකෙන් ලැබෙන සහනය වෙන කිසිම දෙකින ලබා ගන්න බෑ කියල මටම තේරුම් ගියා. ඒ නිසා හරි හෝ වැරදි හෝ වේවා දැනට පේන්න තියෙන දේවල්වලින් වඩාත්ම සත්‍ය එහෙම නැත්නම් අඩුම බොරු තියෙන්නේ බුද්ධ ධර්මය තුල කියල මම විශ්වාස කරනවා මචන්. මතක තියා ගන්න මේක මගේ මතය.
    :)

    එදා ඔයා අහපු එක හරි. බුදුරජාණන් වහන්සේගේ ධාතු සියල්ල එකතු වෙලා නැවත බුදු රුවක් ඇති වෙනවද කියන එක....

    ඊයේ මම දම්සක් පැවතුම් සුත්‍රයේ සිංහල තේරුම ඇහැව්වා. ඒක විස්තර කරපු ස්වාමින් වහන්සේ පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පසුව නැවත මිනිස් ලොව වත් දෙව් ලොව වත් බඹ ලොව වත් බුදු රුව දැක ගන්න ලැබෙන්නෙ නැහැ කියල බුදුරජාණන් වහන්සේම දේශනා කරල තියෙනවලු.