෴ දස මාර පිරිත හා යන්තරය ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ දස මාර පිරිත හා යන්තරය ෴

    හැමදාම වගේ කියන්න ඕන මේ ත්‍රෙඩ් එක ජ්‍යොතිෂ ඉගෙන ගන්නා හා ඒ ගැන ආසාවක් උනන්දුවක් දක්වන අයටයි.. අනෙක් අයට හුදෙක් කාලය කාදැමීමක් විය හැක.:yes:

    ගුරුමුෂ්ඨි නිසා විනාෂ වුන විශයන් ගත්තම ඒකේ මුලින්ම ලියවෙන විෂය තමයි ජ්‍යොතිෂය, ඊලඟට පිලිවලින් යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවත් අංගං හටන් කලාවත් අපේ පාරම්පරික ආයුර්වෙදයත් කියලා කිව්වොත් කවුරුවත් මගේ එක්ක අමනාප වෙන එකක් නෑ.. අපේ පැරැන්නෝ මේ විෂයන් වලින් කරපු ඇඟ ලොමුදැහැගැන්වෙන වැඩත් අද අපි ඉන්න තැනත් හිතලා බලපුවම අපි කොයි තරම් දැනුමින් පිරිහිලාද කියලා හිතාගන්න පුලුවන්.. පන අදින මේ විෂයන්ට ආදරය කරන සුලුතරයක් තමන්ගේ කාලය මුදල් හා ශ්‍රමය වැයකරමින් මේ විෂයන් ආරක්ෂා කරගන්නට බොහෝ මහන්සියක් ගන්නවා.. ඔවුන්ට පින්සිදුවන්නට අදටත් අපට යම් තරමක් දුරටවත් මේ විශයන්ගෙන් ජීවිතයට සහනයක් සලසගන්න හැකිවෙලා තියනවා. ඉතින් මෙවැනි විශිෂ්ඨ මිනිසුන් කිහිපදෙනෙක් ඇසුරින් හා විශාල පොතපත ප්‍රමානයක් පරිශීලනයෙන් සාගරයක් බඳු වූ මේ විෂයෙන් කන්හැන්දකිනුත් ස්වල්පයක් අවබෝධ කරගැනීමට මටත් හැකිවුනා.

    ජ්‍යොතිෂ විෂය මගේ දෙමාපියන්ගේ බුදලයක් නෙමෙයි. මා සතුව ඇත්තේත් බොහෝ මිනිසුන් කාලයක් තිස්සේ දුක්විද ලබාගත් දැනුමයි. ඒ නිසා මා දන්නා දේ වෙනකෙකුට කියා නොදී සිටීමට මට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. මේ විෂය රැකෙන්නට නම් මෙයට ආදරය කරන්නන් අතට මෙය පත් කරන්න ඕන. මා මේ කරන්නේත් එයමයි. මා සතු ඉතාමත් සුලු දැනුම් ප්‍රමානය මෙයට ආදරය කරන අය අතට පත් කරන එකයි.

    මාතෘකාවට අපි එමුකො ආයෙත්. මේ දසමාර පිරිත කියන්නේ ආරණ්‍යසේනාසන ගත භික්ෂුන් වහන්සේලා ආරක්ෂාවට පාවිච්චි කල ඉතාම බලගතු පිරිතක්. මේකෙ යන්තරයකුත් තියනවා. සුපුරුදු ලෙසම ගුරුමුෂ්ඨි නිසා නැතිවේගන යන එකක්.

    මේකෙ ගුන තමයි සියලුම ග්‍රහ අපල නිසා ජීවිතයේ සිදුවන විවිධ කඩාවැටීම් සමනය කරන එක. ඒ වගේම ආරක්ෂාවත් තමන්ගේ දියුනුවත් සලසලා දෙනවා. මේ යන්තරය තඹ තහඩුවක ඇඳගෙන දසමාර පිරිතෙන් ජීවම් කරලා බුදුකුටියෙන් තියලා දිනපතා බුදුන් වැන්දට පස්සේ හත් වරක් දසමාර පිරිත සජ්ජායනය කිරීමෙන් සියලු අමනුෂ්‍ය බිය පහ වෙලා දියුනුව සැලසෙන බවත් ග්‍රහ අපල වලින් සහනය ලැබෙන බවත් සඳහන් වෙනවා

    දසමාර පිරිත

    ඉති තදුභය සේනා ඝට්‌ටයංඅඤ්ඤමඤ්ඤං
    විවිධ විසම වාචං උග්ගිරන්නී රමන්තී
    සතත දුරිත වේලා ඛග්ගරාසී වහන්ති
    දුසිත ලලිත චිත්තා යුද්ධ සඡ්ජා අහේසුං

    ඉති මුනි කකුසන්ද්රේස දීපමාගම්ම මෙතං
    බහුවිධ ජන සංඝං නිබ්බුතිං පාපුනිත්වා
    තදහනි සිරිසං බොධි සාඛංච නෙත්වා
    නිදහිය ගගනම්භා ජම්බු දීපා අගචජි

    එවංපි කෝණාගමනො මුනින්දෝ
    දත්වා බහුණ්ත ඵලමග්ගදානං
    නෙත්වා තතො දුම්බර බෝධි ශාඛං
    සො පාගමාසී පුන ජම්බු දීපා

    එවම්පි කසස්‌ප ජිනො වරමණ්‌ඩ දීපං
    පත්තො පලග්ග රතනො බහුනොජනස්‌ස
    දත්වාන නීතං වට බෝධිශාඛං
    රොපාපයිත්ව මඟමා පුන ජම්බුදීපං

    පරොහ දන්තො චිත කුට කුම්භො
    අනෙක සො තත්ථ විරාජ මානො
    සො නිඡ්ජරා සාර මදප්ප වාහො
    ධජො යථාභාති භාති සුරාධි පස්‌ස

    තස්‌මිං සමන්ත නග මුද්ධතිලොක නාථො
    ජම්බණ්‌ණ රංසි නිකරං දිසි පග්ඝරන්තො
    හික්‌ඛුහි සො පරිවුතො ඝර සාගරන්තො
    ඕලොකයං ඨිත මකාසි අනෝම වන්‌තෝ

    ලංකාවධු සුමනකුට කිරිට කූටං
    සඡ්ජෙහි තග්ග ජිනරාජ මණී වහන්තො
    ඉච්චිත්ථ දං සිවපදං පටිමං තිලොකෙ
    තන්දානි භොභජථ සෙවිත සබ්බකාලං

    දිවා විහාරං භගවා සසංඝො
    කත්වාන තස්‌මිං පණකිඤ්චිකාලං
    මහීය මානෙසු සදෙව කෙසු
    තතො ගතො රොහණ අම්භරස්මා

    තස්‌මිං සසංඝො මුනි දීඝවාපියං
    ථූපාය ඨානේ පරමාය භූමියං
    ගරුං කරොන්තො ජනිතං මහීතලං
    නිරොධ මා පඡ්ජ නිසීදි උත්තමො

    විභංග මානං ගරුඩොව මජෙඣ
    මිගාන මජෙඣ පරමොව සීහො
    මහායසොමාර බලස්‌ස මජෙඣ
    විසාරදො වීත භයො නිසීදි

    සබ්බන්ත මද මොහෙන නාලගිරිං මහාගජං
    වෙස්‌සන්තරො දෙවදත්ත මෙඛලා ගිරි භූසංගජං
    විවත්ත මද වෙගෙන නාලාගිරි කරිස්‌සරං
    මෙත්තො සද්ධානු භාවේන සම්බුද්ධෝ නිම්මදං අකා

    දසමාර යන්තරය

    gnVb1fP.jpg


    http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_3.html
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම වගේ වටින දෙයක් දුන්නට බොහෝම ස්තූතී සහෝ. දසමාර පිරිත ගැන අහල තිබුනට අද තමයි දැනගත්තෙ. මේවගේ ශබ්ධයේ බලය ගොඩක් තියනවා නේද ඒ නිසා කියනකොට නිවැරදිව උච්චාරනය කරන්න ඕනේ.
    ගුරුමුෂ්ටි නැතිව දුන්නට බොහෝම පිං

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හැමදාම වගේ වටින දෙයක් දුන්නට බොහෝම ස්තූතී සහෝ. දසමාර පිරිත ගැන අහල තිබුනට අද තමයි දැනගත්තෙ. මේවගේ ශබ්ධයේ බලය ගොඩක් තියනවා නේද ඒ නිසා කියනකොට නිවැරදිව උච්චාරනය කරන්න ඕනේ.
    ගුරුමුෂ්ටි නැතිව දුන්නට බොහෝම පිං

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    බොහොම ස්තූතියි.. මේ යන්තරය ඇත්තටම ගොඩක් බලගතු එකක්.. මේවට දේවාරධානා අවෂ්‍ය නෑ, බුදුගුනෙන් කරන නිසා කිලි නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16849984 said:
    බොහොම ස්තූතියි.. මේ යන්තරය ඇත්තටම ගොඩක් බලගතු එකක්.. මේවට දේවාරධානා අවෂ්‍ය නෑ, බුදුගුනෙන් කරන නිසා කිලි නෑ.

    :):)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ වටිනා දේවල් බෙදාගන්නවට බොහොම ස්තුතිය් මචන්
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මේකෙන් ෆේක් අපතයො එළවන්න නැද්ද බං මොකක් හරි යන්නතරයක් හරි මන්තරයක් හරි.....
    එපා වෙලා දැන් තියෙන්නේ මුං නිසා.........
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං මේකෙන් ෆේක් අපතයො එළවන්න නැද්ද බං මොකක් හරි යන්නතරයක් හරි මන්තරයක් හරි.....
    එපා වෙලා දැන් තියෙන්නේ මුං නිසා.........

    ඔව්.. ෆේක ආවත් කමක්නෑ අනිත් උන්ගේ ත්‍රෙඩ් කන්නේ නැතුව බොරු වලි දන්නේ නැතුව.
    මම දැනුත් එකෙක්ට පුජාවක් ලෑස්ති කලා ඌ තව ටිකකින් බෑන් වෙයි.. :lol: