උපත හා ජෝතිෂ්‍යය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උපත හා ජෝතිෂ්‍යය

    උපත හා ජෝතිෂ්‍යය


    “උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට පැමිණි අවස්ථාවද, දරුවා පලමු හුස්ම ගත් අවස්ථාවද, දරුවා අඩන්නට පටන්ගත් අවස්ථාවද, නොඑසේ නම්, ප්‍රසූතියේ වැඩ කටයුතු අවසන් කොට අත පිසදමාගත් නර්ස් නෝනා වේලාව බලා සටහන් කල අවස්ථාවද යන උභතෝකෝටික, කෙස් පැලෙන විවාදයක්....



    ඔය කතාකරන්නේ වේලාපත්කඩය සෑදීමට “උපන් වේලාව” සොයාගැනීම ගැන නම්, ඒ ගැන ඔච්චර කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැත. “උපන් වේලාව” නම් ප්‍රසූතියේ (ස්වාභාවික හෝ සිසේරියන්) වැඩකටයුතු අවසන් කොට අත පිහදාගත් නර්ස් නෝනා විසින් තමන් කසාද බැඳපු මුල් කාලයේ උපන්දිනයකට සැමියා විසින් තෑගි දුන් ලාභ අත් ඔරලෝසුවෙන් හෝ ප්‍රසූති කාමරයේ බිත්තියේ ගසා ඇති පොට්ට ඔරලෝසුවෙන් බලා කොල කෑල්ලක ලියා දෙන වේලාවයි. දෛවෝපගත ලෙස, මෙම වේලාව ඔබේ අනාගතයට බලපානු ඇත. නර්ස් නෝනාට වේලාව වැරදුනි නම් එයත් ඔබගේ දෛවය අනුව සිදුවූ දෙයකි. කලින්ම කේන්දරය බලා සිසේරියන් කොට “නියමිත” වේලාවට එලියට ගත්තේ නම් එයත් දෛවෝපගතය. දෛවය සිසේරියන් කරලාවත් වෙනස් කල නොහැක. සෑම දොන්, සිමන්, ටොම්, ඩික් සහ හැරීගේ ළමයාම ඔය ආකාරයට කලින් යොදාගත් වේලාවක එලියට ගත නොහැක. ඉන්පසු ඔබ කේන්දරය බලවාගැනීමට යන දෛවඥයා කියන දේ අනුව (එක එක දෛවඥයා කියන්නේ එක එක දේවල්ය) වැඩ කොට ලැබෙන ඵල විපාකද දෛවෝපගතය. ඔබට කේන්දරය බැලීමට යන්න හිතෙන්නේද, නොහිතෙන්නේද, යන්නේ මොකා ගාවට දැයි තීරණය වන්නේද දෛවයට අනුවය.


    කෝකටත් කියා ළමයින් උපන් වේලාව නර්ස්ගෙන් අසා සටහන් කර ගත්තද, මේ වෙන තුරු මොනම කාරණයකටවත් කේන්දරයක් නොහැදූ හා නොබැලූ, ළමයින්ට දෙන නම්ද බිරිද ගර්භනී වෙන්නත් පෙරම තීරණය කෙරූ, මා වැනි අයටද එසේ කිරීමට හිතෙන්නේ දෛවයට අනුවය. බැරිවෙලාවත්, අනාගතයේ ඔය කේන්දර ටික හදවා බලවා ජෝතිශ්‍යකරු කියන යමක් ඇසීමට හෝ එසේ අසා වැඩකිරීමට (කුමන හෝ අවාසනාවක් නිසා) අපි හෝ අපේ පවුලේ යමෙක් තීරණය කළහොත්, එසේ වන්නේද දෛවයට අනුවය.


    කොටින්ම කියනවා නම්, දොරමඩලාව බලා, මින්පසු, “උපන් වේලාව” යනු කලලයේ පලමු හෘද ස්පන්දනය සිදුවූ වේලාව යැයි තීරණය කොට ලංකාවේම දෙමව්පියන් ඒ ආකාරයට කේන්දරය සෑදීමට තීරණය කළහොත්, ඒක වෙන්නේද මුලු ලංකාවේම දෛවය අනුවය (රටටත් කේන්දරයක් තියනවලු හොඳේ!).


    තව අවුරුදු මිලියනකින් පමණ පසු බ්‍රහස්පතීගේ චන්ද්‍රයන් මත ජනාවාස තනන මිනිස් පරපුරක් බිහිවුවහොත්, උපන් වේලාව අනුව ඔවුන්ද කේන්දර හදනු ඇත. ඒ කේන්දර වල පොඩි වෙනසකට ඇති දෙය නම්, කොටුවල ලොකුවටම ඉන්නේ අයියෝ, යුරෝපා, ගැනිමේඩ් හා කැලිස්ටෝ යන උපග්‍රහයන් වීමයි. මෙහෙම වෙන්නේ නැතැයිද, පෘථිවියෙන් බැහැර ජනාවාස තැනීමට තරම් දියුණු තත්ත්වයකට එලැඹෙන මිනිස් ශිෂ්ඨාචාරය ජෝතිශ්‍ය වැනි “මිථ්‍යාවන්” අත් හැර දමනු ඇතැයිද යමෙකු තර්ක කිරීමට පුලුවන. එවන් පුද්ගලයන් හට, පහත කරුණු ටික මතක් කර දෙනු කැමැත්තෙමි.
    මීට අවුරුදු දහස් ගනකට පෙරද, මානවයා විසින් අහසේ තරු රටා වලට සාපේක්ෂව ග්‍රහයන්ගේ පිහිටීම වෙනස්වන ආකාරය බොහෝදුරට නිවැරදිව හඳුනා ගෙන තිබුණි. එකල ගණිතය දියුණුව තිබුණද, දවසේ වේලාව “හරියටම” මැනීමේ ක්‍රම දියුණු වී තිබුනේ නැත. “ඉර මුදුන් වෙන්න පොඩ්ඩකට කලින්”, “ඉර අවරට ගිහින් හෝරාවකට විතර පස්සෙ” වැනි දල අදහසක් පමණි එකල සාමාන්‍ය ජනතාවට තිබුනේ. “ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා – කිතුල් පිත්ත උඩ පියවර මැන්නා ” පිරුල අහල තියෙනවද? මේ පිරුල හැදුනේ මෙහෙමයි. ඉස්සර කාලෙ ලංකාවේ, තමන්ගේ බිරිඳ ළමයා බිහිකරපු ආරංචිය වින්නඹු අම්මා ගෙදරින් එලියට ඇවිල්ල කිව්වහම, ළමයින්ගෙ පියා කරන්නේ (දවල් නම්) තමන්ගේ හෙවනැල්ලේ දිග පියවර කීයක්ද කියල මැනල තියාගන්න එක (රෑ නම් කලේ මොකක්ද කියල අහන්න නම් එපා. දන්නේ නෑ). මේ පියවර ගාන “ගණිතයා” හෙවත් නක්ෂත්‍රකරුවාට කිව්වහම මනුස්සයා වේලාව ගනන් බලලා වේලාපත්කඩය හදල දෙනවා. දැන් ඔය කිතුල් පිත්ත උඩ පියවර මැනපු කාලෙ ඉඳන්, පරමාණුක ඔරලෝසු වලින් අන්තිම තත්පර දශමෙට වේලාව මනින කාලෙ වෙනකන් ලෝකය කොච්චර වෙනස් උනාද? ඒ උනාට, ජෝතිෂ්‍යයට බිස්නස් අඩුවක් තියෙනවද? නෑ නේ. ඒ වගේ තමයි බ්‍රහස්පතීගෙ චන්ද්‍රයන් මත ජනාවාස ඉදිකරන කාලෙ වෙන කොටත්.


    ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන ආකාරය වගුගත කිරීම සම්පූර්ණයෙන්ම ගණිතමය වැඩක්. වැඩේ සංකීරණයි තමයි. මේ රටා එකක්වත් සරල සමීකරන වලට “ෆිට් වෙන්නෙ” නෑ. හැබැයි සංකීර්ණ වුනාට සම්පූර්ණයෙන්ම ගණිතමයයි. ඉස්සර කාලේ නක්ෂත්‍රකරුවාට “ගණිතයා” කීව්වෙ ඒකයි. (බරණ ගණිතයා ගැන අහල ඇතිනෙ!)


    දැන් මේ ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන රටා අනුව මිනිස්සුන්ගේ දෛවය තීරණය වෙනවා කියන “අහසට වැටකොලු” වගේ කතාව කොහෙන් ආවද කියල නම් දන්නෙ නෑ. මෙන්න මේ වගේ දෙයක් තමයි වුනේ කියලා මම පොඩි කාලෙ හිතාගෙන හිටියා. දැන් ඔය කියපු අතීත ගණිතයන්ට කියන්න පුලුවන්නේ අහවල් දවසේ අහවල් වේලාවට සූර්යග්‍රහනයක් වෙනවා කියල. ගමේ මිනිස්සු මේ කතාව මුලින් විශ්වාස නොකරන්න ඇති. ගණිතයාට හිනා වෙන්නත් ඇති. හැබැයි කියපු වෙලාවට වැඩේ උනාම ගමේ මිනිස්සු හොඳටම බයවෙන්න ඇති. “අනේ ගණිතයෝ, ඔය වගේ කියන්න පුලුවන්ද ඊලඟ කන්නෙ නියඟෙට පාලු වෙයිද නැද්ද කියල” යනුවෙන් ඇහුවහම ගණිතයා කියන්න ඇති “ඔව් බොල, ඒ විතරක් නෙමෙයි තා මැරෙන දවස කියන්නත් පුලුවන්” කියල. ඔන්න ඔහොම තමා ඕක පටන් ගන්න ඇත්තෙ කියල තමයි පොඩි කාලෙ නොදන්නකමට මට හිතුනේ.


    දැන් මේ “අහසට වැටකොලු ප්‍රශ්නය” විසදන්න මහාචාර්ය නලින් ද සිල්වා “ප්‍රත්‍යක්ෂ” කියන සංකල්පය ඉදිරිපත් කරලා තියනවා. අපේ ගණිතයො හැන්දෑවේ රා කට්ටක් එහෙම ගහලා, හාන්සි පුටුවෙ වාඩි වෙලා, කකුල උඩ තියාගෙන කල්පනා කරන කොට එක පාරටම හිතෙනවා “අඩේ, මම මෙහෙම වේලි වේලි හිටියට, මගේ මස්සිනාට යන යන තැන ගෑනු පරාණයක් සෙට් වෙනවනේ. මොකද අප්පා ඒ…. හරි හරි මිනිහගෙ කේන්දරේ අහවල් ග්‍රහයා අහවල් තැන තියෙන නිසා තමයි ඒ!!” අන්න ප්‍රත්‍යක්ෂයෙන් පහල වූ අලුත් දැනුමක්! සුරාවෙන් සූදුවෙන් මෙන්ම දුම් පානයෙන්ද වැලකිලා, හත් දවසක් පේවෙලා, නාථ දෙවියන් ආරූඪ වෙච්ච ගෑනු කෙනෙක්ගෙන් අහල උනත් “ප්‍රත්‍යක්ෂ දැනුම්” ලබා ගන්න පුලුවන්. ඔන්න ඕකයි කතාව.


    දැන් ඉස්සර කාලෙ කේන්දරේ නොතිබිච්ච අලුත් ග්‍රහ වස්තු කේන්දරේට ආවට පස්සෙ ඒ ග්‍රහ වස්තු වලින් වෙන අපල උපද්‍රව හොයාගන්නෙ ප්‍රත්‍යක්ෂයෙන්. අන්න ඒ විදිහට ඉස්සරහට පහලවන ගණිතයො හොයාගනීවි බ්‍රහස්පතීගේ චන්ද්‍රයාමත ඇති ජනාවාසයක ජීවත් වන කෙනෙකුගේ ගැනිමේඩ් අටේ හිදීම නිසා විවාහය කල් යන බව!


    මා හට ලැබුණු විද්‍යුත් ලිපියක උපුටා ගැනීමක් බව කාරුණිකව සලකන්න...




     
    • Like
    Reactions: lpwicrama

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Katha karanna puluwan.. Eth katha karanawata kemati neti prashnayak....Jayawewa..Sanwadayata thamai Itin..
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ජෝතිෂ්‍යය කියන්නේ පට්ට පල් බොරුවක් . මට තේරෙන්නේ නැත්තේ ඇයි තාම මිනිස්සු මේවා විශ්වාස කරන්නේ කියල .ඔවා විශ්වාස කරන මිනිස්සු තාම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුව හිතල ජ්‍යෝතිශය ගැන ලියපු ලිපියක්. කෝ මේකෙ ආධ්‍යාත්මික දියුණුව ? විද්‍යාවෙ වගේ සාධක ටිකේ අගයන් බලල ඒවට අනුව ඵලයන් ගණනය කරල විතරක් නෙමේ ජ්‍යෝතිශයේ අනාවැකි කියන්නෙ. ආධ්‍යාත්මික දියුණුවක් අවශ්‍යයි අනාවැකියක් හරියන්න නම්. කේන්දරයක් බලද්දි උපන් වෙලාවට අමතරව දෙයක් එතන තියෙනව. නිකංම උපන් වෙලාවෙන් විතරක් සේරම අනාවැකි කියන්න පුලුවන් කියල හිතෙන්නෙ ඒ අර විද්‍යාවෙ එහෙමනෙ කරන්නෙ. දෙන ලද සාධක ටික විතරක් සලකල පුරෝකථනය කරනව. ඉතිං හිතනව අතීතෙ තිබුණ හැම ශිෂ්ඨාචාරයක්ම හැම දැනුමක්ම ඒ වගේ යාන්ත්‍රිකයි කියල. ග්‍රහ බලපෑම කියන්නෙ එක්තරා විදිහක පරාමිතියක් විතරයි. ජ්‍යෝතිශය ඊට වඩා එහා ගිය දෙයක්. බ්‍රහස්පතිගෙ ඉපදුනා කියල අයෝ ගැනිමීඩ් සලකන්න ඕනෙ නෑ අවශ්‍ය නම් සැලකුවහැකි. ජ්‍යෝතිශය ගොඩනැගුවෙ ඔය වගේ එදිනෙදා අත්දැකීම් ඇසුරෙන් තර්කය මෙහෙයවල නෙමේ. ඒ බටහිර විද්‍යාව හැදුන හැටි. බටහිරයන්ගෙ ක්‍රමේ එකම ක්‍රමේ නෙමේ.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    උපත හා ජෝතිෂ්‍යය
    දැන් මේ ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන රටා අනුව මිනිස්සුන්ගේ දෛවය තීරණය වෙනවා කියන “අහසට වැටකොලු” වගේ කතාව කොහෙන් ආවද කියල නම් දන්නෙ නෑ.

    [/FONT][/COLOR]





    මම කේන්දර විශ්වාස කරනවා කියලා හිතන්න එපා. ඒත් ග්‍රහයන්ගේ මිනිසුන්ට බලපෑමක්නම් තියෙනවා බන්. GMm/r^2 මේකෙන් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ ඔය සම්බන්ධේම තමා.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මමනම් හිතන්නේ ඔය පවුල් පසුබිම්වලින් එන කේන්දර කාරයන්ට නෙවේ. මේ සබ්ජට් එකේ සිරාවට ඉන්න අයට මේ ගැන ලොකු වැටහීමක් තියෙනවා. කේන්දරයකින් තමාගේ ගති පැවතුම් ගැන දල සටහනක් දෙන්න පුලුවන්. මට හිතෙන විදිහට මේ සබ්ජට් එක කාලයත් සමග අප්ඩේට් වුණේ නෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.

    ලලිත් ඇතුලත්මුදලි මහත්තයාගේ කේන්දරේද කොහෙද ඉන්දියාවේ හොද කෙනෙක්ට කියලා බලවගනෙ. එතුමා මිය යන දවස (අප්‍රේල් 23) ඔය ඉන්දියාවේ කෙනා විශේෂයෙන් කියලා තියෙනවා එදාට මාරකයක් තියෙනවා කියලා. දවස සදහන් කරලා තියෙනවා. එදාට අර රැස්වීමට යන්න කලින් ලලිත් ඇතුලත් මුදලි ආගමික වතාවන් කරගෙන තමයි ගිහින් තියෙන්නේ. ඔය යන අතරේ රේල් ගේට් එකක් ගාවදි ඇතුලත්මුදලිගේ රියදුරාට නින්ද ගිහින්. ඒ එක්කම කෝච්චිය ඇවිත්. හැබැයි එක ඊට පස්සේ රියදුරාට ඇහැරිලා ඒකෙන් බේරිලා තියෙනවා. ඇතුලත්මුදලි හිතුවේ මාරකය ගෙවුණා කියලා. කොහොමහරි ඇතුලත්මුදලිට එදා රැස්වීමෙදි වෙඩි වැදුණා.

    තව ගොඩක් කථා තියෙනවා බන් දාන්න කම්මැලියි.