මෙහෙමත් carnival එකක්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙහෙමත් carnival එකක්

    මිහිමත පවතින විශිෂ්ටතම සැණකෙළිය ලෙසින් හැඳින්වෙන බ්‍රසීලයේ රියෝ කානිවල් සැණකෙළිය පසුගිය දා එරට රියෝ ද ජැනෙයිරෝ නගරයේ වීදි සංචාරය කළේ මිලියන ගණනාවක් වූ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.

    සෑම වසරකම මාර්තු මස මුල් සතියේ අළු බදාදා දිනට පෙර දින අවසන් වන ලෙස මේ සැණකෙළිය ආරම්භ කෙරෙනුයේ ඊට පෙර සති අන්තයේය. පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා දිනපතා වීදි සංචාරය කළ මේ මහා සැණකෙළිය ඉතාමත්ම විචිත්‍රවත්ව පැවැත්විණි.
    බ්‍රසීලයේ ඉතා සුප්‍රසිද්ධ නැටුම් විශේෂයක් වන සම්බා නැටුම් අංග සම්බා සංගීතය අනුව ඉදිරිපත් කරමින් වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ප්‍රධානතම අංගය වන්නේ එරට සම්බා නැටුම් ඉගැන්වෙන පාසල්වලින් ඉදිරිපත් කෙරෙන රංගම කණ්ඩායම්ය.

    විවිධ වාදන භාණ්ඩ වයමින් විසිතුරු සංදර්ශන රථ පෙරටු කරගනිමින් සත් දිනක් තිස්සේ වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ඉතිහාසය වසර 1723 දක්වා දිගු වේ. මෙවර සැණකෙළිය සඳහා සම්බා පාසල් 200 ක් පමණ සහභාගි වූ අතර දිනපතා මිලියන 2 කට අධික ජනකායක් එය නැරැඹු බව වාර්තා විය.

    දිළිඳු ජනගහනයක් වෙසෙන ප්‍රදේශ මධ්‍යයේ වීදි සංචාරය කෙරෙන මේ සැණකෙළියේ සූදානම සඳහා එක පාසලකට පමණක් ඩොලර් මිලියන 3 කට අධික මුදලක් වැය වෙතැයි පැවැසේ.

    මෙවර සැණකෙළිය නැරැඹීම සඳහා මිලියන 7.2 ක සංචාරකයෝ සහභාගි වූහ.

    Carnivel12_600px_14_03_05.jpg


    Carnivel11_600px_14_03_05.jpg


    Carnivel10_600px_14_03_05.jpg


    Carnivel9_600px_14_03_05.jpg


    Carnivel8_600px_14_03_05.jpg


    Carnivel7_600px_14_03_05.jpg


    Carnivel6_600px_14_03_05.jpg


    Carnivel4_600px_14_03_05.jpg


    Carnivel2_600px_14_03_05.jpg


    dancer-at-carnival-in-rio.jpg


    brazil_carnival_28.jpg


    ad_128459233.jpg


    rio-carnival-1.jpg


    brazilcarnival-750x400.jpg

    ;) සමහර ෆොටෝස් දාන්නත් බැහැ..මේකනම් නියම රටක් මචන්.එදා හම්බකරලා කල බීලා ෆන් එකේ ඉන්නවා.:yes: මිනිස්සු හරි frendly
    සිළුමිණ සහ ඩේලි මිරර් වලින් විස්තර උපුටාගන්නා ලදී
     
    Last edited:

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    නැකැත් රාල;16855189 said:
    එලකිරියෙන් ට්‍රිප් එකක් සෙට් කරන් ලබන පාර එක බලන්න යමුද?;)

    යමු යමු... :yes::yes::yes::yes: