Gnanasara Scared to challenge UK Royal Family?

HTTPS

Banned
Jul 4, 2014
254
19
0
w5z5cvy0.0va.jpg


ඥානසාර හදන්නේ පොරක් වෙන්න නේද?

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යනු ඉතා නිහතමානි සරල ගති පැවතුම් ඇති පුද්ගලයෙකි. වරදක් දුටු තැන එම වරද සඟවනු විනා ඊට සමාව ගෙන නැවත එසේ සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීම උන් වහන්සේ සතු ඉතා උසස් මානව ගුණාංගයකි. මෙතෙක් කල් ඇතැම් පූජකයින් විසින් කල අපචාර පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ගැනීම ඊට කදිම උදාහරණයකි.

බොදු බල සේනාව නිසා දින දින අබලන් වෙමින් ලෝකය තුල අපකීර්තියට පත් වන ලංකා බුද්ධ සාසනය ටිකක් උඩට උස්සා ගැනීමට මෙවර ඥානසාර විසින් ගසා ඇති තුරුම්පුව නම් සුද්දන් විසින් කල අපරාධයන්ට පාප් වහන්සේ ලවා බලහත්කාරයෙන් සමාව ඉල්ලවා ගැනීමයි. මේ වනාහි ඥානසාරගේ කීමට පාප් වහන්සේත් යටත් වූ බව ලොවට පෙන්වා පොරක් වීමට උත්සහ කිරීමක් නොවේද?

ඥානසාර එම තෘෂ්ණාව සමනය කරගන්නට දඟලන්නේ පාප් වහන්සේගේ ඉහත කී ගුණාංගය නිසා ය.
පසුගියදා කොළඹදී විදේශීය මාධ්‍ය ජාලවල වාර්තාකරුවන් හමුවුන බොදු බල සේනා දූත පිරිස කියා තිබෙන්නේ " විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිය පාලන සමයේ ශ්‍රී ලංකාවේ කරන ලද විනාශය සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව ගත යුතු බවයි." එවිට පාප් වහන්සේ බ්‍රිතාන්‍ය වැසියෙක් නොවන බව සහ බ්‍රිතාන්‍යයේ බහුතරයක් අදහන්නේ කතෝලික දහම නොව එංගලන්ත සභාවේ ධර්මය නොවේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ එයට ඥානසාරගේ ප්‍රතිචාරය වී ඇත්තේ, පාප් වහන්සේ බ්‍රිතාන්‍ය නොවුනත් 'තීන්දු ගත්තේ එහෙන් නේද' යනුවෙනි.

ඥානසාර නොදන්නවා මෙන් රඟපෑවාට වර්ෂ 1972 මැයි 22 දින ජනරජ ව්‍යවස්‌ථාව බලාත්මක වනතෙක් අප රට පාලනය කලේ මහ රැජිණයි. ඈ විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් ලවා රැජින ඇගේ ආධිපත්‍ය පතුරුවා හැරියාය. නමුත් ඥානසාර දොඩවන පරිදි එංගලන්තේ මහ රැජිණගේ ආණ්ඩුවටද තීන්දු තීරණ දී තිබෙන්නේ ඉතාලියේ පිහිටි වතිකානයේ පාප් වහන්සේය. එය එසේ විය හැකිද? එසේ වූ බවට සඳහන් වාර්තා මොනවාද? එංගලන්ත ආණ්ඩුවේ තීරණ ගන්නේ වතිකානයේ පාප් වහන්සේ නම් එංගලන්තයේ රැජිනක් හෝ රාජාණ්ඩුවක් කුමටද? එතැනින්ම ඥානසාරගේ ප්‍රකාශය වඳුරු කුනුහරුපයක් බව පෙර පාසල් යන දරුවකුට පවා වැටහෙනු ඇත.

සැබවින්ම මෙරට සූරාගෙන කෑ සුද්දන් වෙනුවෙන් බෞද්ධයින්ගෙන් සමාව ගත යුත්තේ කවුදැයි දැන් ඔබට වැටහෙනු ඇත. එනම් බ්‍රිතාන්‍ය මහරැජින ඇතුළු රජ පවුලයි. ඥානසාරට ඔතරම් සමාව ඉල්ලවා ගැනීමේ තෘෂ්ණාවක් ඇත්නම් , සිංහල බෞද්ධ බෙර හඬ මැදින්, රතු පලස මතින් මහ රැජිනගේ පුත්‍ර රත්නය චෝගම් සමුළුවට වැඩම කල වෙලාවේ අපූරුවට ඉල්ලාගන්නට තිබුනා නොවේද?

ඉල්ලාගන්නට නම් තිබුණි. එහෙත් එසේ නොකළේ ඥානසාරලා චන්ඩිකම් පෙන්නන්නේ සුළු ජාතීන්ට, සුළු ආගමිකයින්ට පමණක් වීම නිසාය. මහ රැජින හෝ චාල්ස් වැනි හයි ක්ලාස් කට්ටිය හමුවේ එවැනි කතාවක් කියන්නට ගියොත් ඥානසාරට සිවුරේම මුත්‍රා පහ වෙනු නොඅනුමානය. ඒ නිසා එවර ඥානසාර පරිස්සම් විය. එහෙත් පාප් වහන්සේගේ තත්ත්වය වෙනස්ය. උන්වහන්සේ ලෝක කතෝලික නායකයා වුවද ඉතා නිහතමානි සරල පුද්ගලයෙකු නිසා එතුමන්ට චන්ඩිකම් පෑමට ඥානසාරට සිත් පහල වී ඇත. නොඑසේ නම් මහ රැජිනගේ ආණ්ඩුව කල කී දේට කොහේවත් සිටි පාප් වහන්සේ සමාව ගත යුතු යැයි කියන්නේ මන්ද?

අනෙක් අතට පාප් වහන්සේ නොව මහ රැජිණ වුවද තමන්ගේ කැමැත්තෙන් ඉල්ලා සිටින සමාව, බලහත්කාරයෙන් ඉල්ලවා ගන්නා සමාවට වඩා වටිනවා නොවේද? ..... සිතන්න ඔබට බාරයි.


සැ:යු:
"මෙම පෝස්ට් එකට එරෙහිව කමෙන්ට් කිරීමට පැමිණෙන බෞද්ධ නංගිලා" කරුණාකර පහත ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන එන මෙන් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව මතක් කරමි.

1.අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේ ඝාතනය කල, දළදා මන්දිරයට බෝම්බ ගැසූ කරුණාට ත්‍රිකුණාමලය අධිකරණයේ වරෙන්තු පවා තිබියදී ආණ්ඩුවේ නි.ඇමති කමක් දෙන තෙක් ඥානසාර ප්‍රමුඛ බෞද්ධයින් නිහඬව සිටියේ ඇයි?
2.ඔහු සිදුකල අපරාධ වලට සමාව ගත යුතු ද නැද්ද?
3.දළදා මන්දිරය අභියස බේබිලා හෙලුවැල්ලියන් දම්මවා නටද්දී, බාර්, ගණිකා මඩු හදද්දී, කාර් රේස් තියද්දි එය බුදු දහමට අපහාසයක්ද නැද්ද?
4.බේබිලා ඒවාට සමාව ගත යුතුද නැද්ද?

- සුමුදු වර්ණකුලසූරිය

Mage anith thread eka home ekata enney naha ekai thawa thread ekak open kare.. :sorry::sorry::sorry:
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බය නෙමේ මං හිතන්නේ !

    මෙය ආගම් ප්‍රශ්නයක් ලෙස ඉදිරියට ගෙන යාමේ ප්‍රථම පියවර තැබීමයි !
    ඒ සිදු කලේ !

    ඒ කියන්නේ කුරුසකාරයින්ගේ පැත්තට යම් පමණකට හැරීමයි ඒ සිදුකලේ !
    කුරුසකාරයින් චුන් කිරීමයි ඒ කලේ !


    බය වෙන්නත් පුළුවන් මොකද පොදු රාජ්‍ය මණ්ඩලයේ තාවකාලික සභාපති කම මහින්ද රාජපක්ෂට හිමි වුනත් එහි තීරණ අවසාන තීරණ වල අයිතිය තාමත් නීති ප්‍රකාරව පවතින්නේ එංගලන්තයේ වත්මන් රැජින අතයි !

    පොදු රාජ්‍ය මණ්ඩලය අද වන විට ලෝක මට්ටමේදී කමකට නැති සංවිධානයක් වුනත් ලංකාවේ රජ පවුලට එහි සභාපතිවරයා වීම තරම් භාග්‍යය ලංකාවේ ජනයා හමුවේ පොර වීමට එක් හේතුවක් !

    එහි සභාපතිවරයාට එතරම් සැලකිය යුතු බල තල නැති වුනත් ! ITN වැනි මාධ්‍යවල ඒ ගැන කතා කිරීමේදී කියන්නේ අපේ ජනාධිපතිතුමාගේ රාජ්‍යා පාලනයේ දක්ෂතාව දන්නා පිටරැටියන් එතුමා මේ සදහා තෝරාගෙන ඈති බවයි!

    හැබැයි මෙහෙම කතාවක් internet එකේ යන බව දැක්කහම එහෙමත් බනින්න පුළුවන්!
    මොකද ඒ සංවිධානය වටා ඉන්න යම් හෝ බුද්ධිමත්බවක් තියෙන අය හිතන්න ඔය කියන කාරණය ගැන පෙලබවීම වලක්වන්න සහ ඒ සංවිධානය වටා ඉන්න කිරි කජු කොල්ලන් චුන් කරන්න

    සංවාදය නිමයි ! කියන්න ඕන ටික කිව්වා. ආයෙත් මේ පැත්තේ එන්න වෙලාවක් නැහැ ! කැමතිනම් rep කැපුවට කමක් නැහැ ගොඩක් කල් එළකිරි ඉන්නවා ඒත්. rep ගණන් ගන්නේ නැහැ.
     
    Last edited:

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Kochara jathiwadi agamwadi deshadrohi ung elakiri eky hitiyath ..
    Hithata ekagawa kelin katha karana members lath inwa..
    2i50i512.psm.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැන් සනුක එක්ක කොලු සීන් ඉවරද බන් උබේ