පෙරේදා මත්තල ගුවන් තොටුපල ගැන හා එහි ආදායම පිළිබඳව සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්නගෙන් විමසා සිටි ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඔහුට නොහැකි විය.
පිළිතුරු දීමට තබා අසා ඇති ප්‍රශ්නය කියවා තේරුම් ගැනීමට තරම් හෝ මොලය කළඳක් ඔහුට තිබුණේ යැයි සැක සහිතය.
මත්තල ගුවන් තොටුපළට "මාසිකව" පැමිණි ගුවන් සේවාවන් ගණන පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රී හර්ශ ද සිල්වා ඇසූ ප්‍රශ්ණයට ඔහු ගණන් හිලව් දුන්නේ "වාර්ෂිකව" ය.
එවිට කතානායකවරයා දන්වා සිටියේ" ඔබතුමා ප්‍රශ්නය පොඩ්ඩක් කියවන්න උත්තර දෙන්න කලින්. මාසෙන් මාසෙටයි අහලා තියෙන්නේ, ඔබ තුමා කිව්වේ අවුරුද්දෙන් අවුරුද්දට." යනුවෙනි.
නමුත් එය පිළිගැනීමට හෝ ඇමතිවරයා සූදානම් වූඑය නැත. ඔහු නැවතත් පවසා සිටියේ
"සර්, වාර්ෂිකව අහලා තියෙන්නේ මාසෙන් මාසේ කිව්වා." යනුවෙනි. එම පිළිතුරද යන්නේ කොහෙද මල්ලේ පොල් වැනිම උත්තරයකි.
"නෑ..ගුවන් ගමන් වාර සංඛ්‍යාව මාස 12 සඳහා එක් එක් මාසය තුළ" කියලයි අහලා තියෙන්නේ යනුවෙන් කතානායක වරයා නැවතත් පවසනු ලැබුණි.
අතේ තිබෙන වාර්තාව ගැන කිසිදු අවබෝධයක් නොමැති නිසා ඇමතිවරයා සෑම විටම උත්සාහ කළේ උත්තර නොදී වාර්තාව සභාගත කිරීමටයි.
"මම මේ වාර්තාව සභාගත කරන්නම් එතකොට බලාගන්න" යනුවෙන් කිහිපවිටක්ම පැවසූයේ එම නිසාය.
මෙම ඇමතිවරයාට ප්‍රශ්නයක් තේරුම් ගෙන පිළිතුරු දීමට වත් බුද්ධියක් නොමැතිකම නිසා ලංකාවේ මාධ්‍ය සියල්ලම එම පුවත වාර්තා කළේ මැයි මාසය සඳහා මත්තල ගුවන් තොටුපළින් ඉපැයූ ආදායම රු. 16,000ක් ලෙසයි.
කොටින්ම අද දිනයේ ජාතික පුවත්පත් පවා එය වාර්තා කළේ ඒ ආකාරයටය.
නමුත් කවුරුන් හෝ ලබාදුන් එම වාර්තාව, ඒ ගැන කිසිදු අවබෝධයක් නොමැතිව කියවාගන යද්දී එක අවස්ථාවක කියවුණේ පහත අයුරිනි
මැයි මාසයේ ආදායම
ශ්‍රී ලංකන් වලින් - 4,975,990
ෆ්ලයි ඩුබායි වලින්- 16,185
වෙනත් ගුවන් සමාගම් වලින්- 24,367
ඒ අනුව මත්තල ගුවන් තොටුපළේ මැයි මාසයේ ආදායම රු. 16,185ක් නොව රු. 5,016,542 කි
මහජන මුදල් කෝටි ගණන් වියදම් කරන්නේ මෙවන් ඇමතිවරුන් නඩත්තු කිරීමටය.
- Gossip Book



. ඇයි දැන් ලොක්කගේ දෑත ශක්තිමත් කරල ඇතිවෙලද? ඒකෙන් බැටකන්නේ අහිංසක දුප්පත් මිනිස්සු තමයි.