බිල් ගේට්ස් ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේ&#3520

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    බිල් ගේට්ස් ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේ&#3520

    Life-Facebook-Status-20758.jpg

    බිල් ගේට්ස් ටික කාලෙකට කලින් උසස් අධ්‍යාපන ආයතනයකට ගියපු වෙලාවක,ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් 11 ක් ගැන කිව්වා. ඔබත් කල්පනා කරලා බලන්න ඉස්කෝලේ යනකාලේ ඇත්තයි කියල හිතාගෙන හිටපු දේවල්, පහුගිය අවරුදු 7ට කොච්චර නං බිඳ වැටුනද?

    කොච්චර නං දේවල් වැරදියට කරලා, දරුණු පාඩම් එක්ක ඉගෙන ගන්න සිද්ධ උනාද? ඒ අපිට ඒ දේවල් කියල දෙන්න කව්රුවත් හිටියේ නැති හින්දා.

    බිල් ගේට්ස් තමන්ගේ දැනුම බෙදාගන්නේ අලුත් පරම්පරාව එහෙම අමාරුවේ නොදමන්න. ඔහු කතා කරන්නේ දේශපාලන අභිමතාර්ථ ඉටුකරගැනීමට සහ විවිධ පාර්ශව සැනසීම සදහා සකස්කෙරුණු අධ්‍යාපන ප්‍රතිපත්ති නිසා බිහිවෙන , සමාජ යථාර්ථය වටහා ගැනීමට අපොහොසත් තරුණ සහ ළමා පරම්පරාව ගැනයි.

    අංක 1

    අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
    ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

    අංක 2

    අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
    ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
    ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
    ඔබෙන් බලාපොරොත්තුවෙනවා
    .

    අංක 3

    ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
    අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
    නමුත් එහෙම වෙන්නේ නැහැ.
    කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
    ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
    අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

    අංක 4

    ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
    කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

    අංක 5

    ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
    එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
    ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
    ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

    අංක 6

    ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
    එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
    වැරදි හදාගන්න.

    අංක 7

    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?

    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.


    අංක 8

    ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
    සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
    අවස්ථා දෙන්න ඇති.
    මතක තියාගන්න.
    ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.


    අංක 9

    ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
    බෙදල වෙන් කරලා නැහැ.
    අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
    ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
    ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

    අංක 10

    ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
    ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
    රස්සාව කරන්න යන්න වෙනවා.

    අංක 11

    ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
    පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
    ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
    කව්ද දන්නේ ඔය පොරකට
    කවද හරි බොස් කියන්න වෙයිද කියල?


    Gaththe FB eken, repost nam sry...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
    පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
    ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
    කව්ද දන්නේ ඔය පොරකට
    කවද හරි බොස් කියන්න වෙයිද කියල?
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?

    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    bump machoo.

    rep denna nm ba machoo.
    You have given out too much Reputation in the last
    24 hours, try again later.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
    ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න. Same to this ***** Try to be success, Do not try to be perfect.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    good post bro rep +:yes::yes::yes::yes:


    :)
    බොහෝම ස්තුතියි යාළුවා ,,,
    +16


    Patta niyamai..rep4+






    ela machan

    අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
    ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න. Same to this ***** Try to be success, Do not try to be perfect.


    thanks machan..!!!