නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    හංගන් තියන්න ඕනේ ජං* ප්‍රදර්ශනයේ දැමු බෝඩිම් කෙල්ලෝ

    අපේ පරණ ගෙදර තිබුනේ කිරුළපන සිද්ධාර්ථ පාරේ. අප රටින් පිටව සිටිනා බැවින් නිවසේ ආරක්ෂාව සලකා මගේ පියතුමා විසින් එය රැක බලාගෙන වාසය කිරීම සඳහා අපේ නැන්දා කෙනෙකුට (ටිකක් දුරින්) භාර දුන්නා. කිරුළපන පිහිටි ඔවුන්ගේ හෝටලයේ (කෑම කඩයේ) වැඩ වලටත් එය පහසුවක් වුනු බැවින්. කට්ටියට මතක ඇතිනේ මගේ අතිජාත ඥාති සහෝදරයා හුලං ගැරඬියාව. ඒ කිව්වේ අපේ දමියව ඉතිං මේ දවස් වල මේකාත් රිංගගෙන හිටියේ මේ ගෙදර තමයි. මොකද බුවාට ඉස්කෝලේ යන්න ලේසි නිසා. පස්සේ කාලෙක බුවාව ආපහු ගෙන්න ගත්තේ බීමට ඇබ්බැහිවීම නිසයි. කොහොමින් කොහොම හරි මමත් නිවාඩු ගිය දවසේ පටන් මෙහෙ තමයි කල් ගෙව්වේ. මොකද දමියා ඉන්න නිසා මටත් කිසිම පාළුවක් තිබුනේ නැහැනේ. උඩ තට්ටුවේ කාමර දෙකක් අපි දෙන්නට දීලයි තිබුනේ අපිට අපේ නිදහසේ ඉන්න. උඩ තට්ටුවට යන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් ගේ ඇතුලින් අනෙක පිටින් අපි ඉන්න දවස් වල මේ ඇතුලෙන් තියෙන මාර්ගය අපි දොර වහලා ලොක් කරලයි තිබුනේ. මොකද අපි දෙන්න හවස බොන කොට හදිසි කඩා පැනීම් ඇතිවීමට ඇති අවස්ථා අවහිර කිරීමට.

    මේ ගෙදරට අල්ලපු ගෙදර විවිධ රැකියාවල් කරන ගැහැණු ළමුන්ට නවාතැන් දෙන බෝඩිමක් හැටියට පවත්වා ගෙන යනවා (අදටත්). අද කාලේ හැටියට ඉතිං අමතර ආදායමක් නැතිව ජීවත් වෙන්නත් බැහැ නොවැ. අපේ හවස් කාලය ගත වුනේ බැල්කනියේ තමයි ඒ මොකටද කියල අහන්න එපා ඕනේ විදියකට හිතාගන්න එකයි ඇත්තේ.......

    ඔන්න ඉතිං වල් විදියටමනේ හිතන්නේ. ඇත්තම කාරනාව නම් එළියේ තියෙන බට පඳුරෙන් එන සුළඟ අපේ බියර් බෝතලේ සූර් ඩබල් කරන්නට අපිට උදව් කල නිසයි බොලව් අපි එළියේ බොන්නේ. අපි මේ සාන්ත දාන්ත බෝ පැල වගේ කොල්ලෝ දෙන්නෙක්. අනෙක අපේ ලයින් පාරකට සෙට් වෙන වයසේ කෙල්ලෙක් ඒ බෝඩිමේ හිටියේ නැහැ කියලත් කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. නැත්නම් ඉතිං අපි බැල්කනියෙන් හෙලවෙන එකක් නැහැ.

    මොවුන් රෙදි වැල් බැඳලා තිබුනේ අපේ තාප්පෙටත් උඩින් මේ රෙදි වැල් වල කවදාවත් රෙදිනැතිව නම් දකින්නට ලැබිල නැහැ. මෙහෙම ඉන්නකොට අපේ මාමගේ දානෙත් සෙට් වුනා ඉතිං පිරිතක් කියවලාම දානේ දෙන්න තමයි කෂ්ටිය අදහස් කලේ. පිරිත්දා හාමුදුරුවරු වඩම්මපු වාහන ලේසියට ඔවුන්ගේ වත්තට දාල හැරවීම සම්බන්දයෙන් මේ ගෙදර අයිති කාර කාන්තාව නැන්දාට දෝස් මුරයක් දාල තියෙනවා. ඇය පෙන්තකොස්ත ආගම අන්තවාදීවිදියට අදහන්නියක්. අය කොහොමත් හාමුදුරුවරු හෝ බුදු දහම ගැන එතරම් ප්‍රසාදයක් දක්වපු කතක් නෙවෙයි. මේ බහින් බස් වීම කොහොම හරි සෑහෙන්න දුරදිග ගියා මොකද අපේ නැන්දා බොහොම බුදු දහමට ලැදි කාන්තාවක් කොතරම් පාඩු වුනත් අනිවාර්‍යයෙන්ම පෝය දවසට කඩේ වහලා පන්සලට සිල් සමාදම් වෙන්න යන. එදායින් මේ සිදුවීම අපි අමතක කර දමා අපි අපේ රාජකාරි වල නියලුනත් මොවුන්ගේ රෙදි වැනීමේ වෙනසක් සෑම දෙනා හටම දැකගන්නට ලැබුනා ඒ ඔවුන්ගේ සෝදපු යට ඇඳුම් (කාන්තා)



    වලේ අපේ නිවස පැත්තට වෙන්න වැනීමයි. මෙය ඉතා ජුගුප්සාජනක දර්ශනයක් වුනා අපේ නැන්දනියට. සතියක් පමණ ඉවසා මේ පිළිබඳව එහි නේවාසික යුවතියන් කිහිප දෙනෙක්ටම පැවසු මුත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නම් ඔවුන්ගෙන් ලැබුනේ නැහැ.


    දිනක් නැන්දාගේ ඔය සමිති සමාගමක මිතුරියන් පිරිසක් පැමිණි දිනක මෙය දැක, ඔවුන් ඇයගෙන් මේ පිළිබඳව විමසා අප්‍රසාදය පල කරලා තියෙනවා. එදින ක්‍රීඩා කොට අප නිවසට පැමිණෙන විට ඇය සිටියේ කෝපයෙන් පුපුරු ගසමින්. නා පිරිසිඳු වී අප පැමිණි පසු ඇය අපට පැවසුවේ කොල්ලනේ මේක බලන් ඉඳල හරියන්නෙ නැහැ මොකක් හරි කරන්න වෙනවා. මම හෙට උදේ යනවා පොලිසියට මේ ගැන ඇන්ට්‍රි එකක් දාන්න. මුන්ට ලැජ්ජාවක් නැත්නම් අපිවත් ඒක උන්ට උගන්න ඕනේ මුන්ගේ ගෙදර වුනාට මේක අපිත් එක්ක තරහටම කරන වැඩක්. නැත්නම් මීට කලිනුත් වන්න එපැයි යැයි පවසද්දී



    සැමදා මැද්දෙන් පැනීමට පුරුදු වී සිටි දමියා පොඩ්ඩක් ඉන්න නැන්දේ මම මොනවා හරි ඕකට කරන්නම්. ඔය වගේ දෙකට පොලීසි ගිහින් වැඩක් නැහැ අපිටමයි ලැජ්ජාව. මේකට ක්‍රමයක් අපිම හොයමු යැයි පැවසීය. මට නම් සිතුනේ මේ දමියා ඉල්ලන් කෑමට යාමක් ලෙසටයි. පැයකට පමණ පසුව පරණ බඩු දමා ඇති කාමරයට ගිය දමියා එලියට පැමිණියේ ස්ප්‍රේ ගන් එකක්ද අත ඇතිවයි. කුස්සියට ගොස් වතුරට යම් දෙයක් දමා එයින් ස්ප්‍රේ ගන් එකට වතුර පුරවා ගෙන මාත් සමග බැල්කනියට ගිය දමියා වැලේ ඇති ඇඳුම් දෙසට එය විදින්නට විය. ලීටර් බාගයක් පමණ වූ එම බෝතලයේ වතුර හිස් වන තෙක්ම විද්ද පසු වරෙන් මල්ලි දැන් නිදාගන්න යමු යැයි පැවසීය.

    පසු දින උදයේ පාන්දරම නැගිට ගත් දමියා මාවත් ඇදන් බැල්කනියට ගියේ වරෙන් උඹට පොඩි කොමඩි ෆිල්ම් එකක් පෙන්වන්න යැයි පවසමිනි. අපේ අසල් වැසියන්ගේ ගෙදර යම් කිසි කලබල ගතියක් පෙනෙන්නට තිබිණ කෑ ගැසීම් ආදියත් වරින් වර අසන්නට ලැබිණ. සියල්ලන් බාත් රූම් එකට පොරකන අයුරුත් දෙස් තැබීම් සහ ශාප කිරීම් කරන හඬත් අපිට ඇසින. "මලේ උඹ දන්නවාද මම මොනවද ඊයේ ස්ප්‍රේ කලේ කියලා" යැයි මගෙන් ඇසීය. මා නැතැයි කී විට මගේ කනට කොට කී දෙයින් මට සියල්ල වැටහිණි. ඔහු ඊයේ වතුරේ දිය කර ඇත්තේ තද ගම්මිරිස්ය එයත් තද සාන්ද්‍රනයෙන්. අනේ අර කෙල්ලොන්ගේ ..............​

    කෝරලේ මහත්තයාගේ සයිබර් වලව්ව
     
    • Like
    Reactions: DemonAkalanka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    vica-kekeres1.gif