සංවේදී_සත්‍ය_කතාවක්..

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    සංවේදී_සත්‍ය_කතාවක්..

    ඇදුරන් (විශේෂයෙන් සරසවි) යනු 'බෝඩ් එකට' උගන්වා යන, සිසුන්ගේ සිතුම් පැතුම් කිසිදා ස්ඵර්ශ නොකරන, මුදල් මත්තේම නැහෙන අසංවේදී නරුමයන් යයි සිතා සිටින අය කරුණාකර මෙය කියවන්න.

    දේශන ශාලාවේ සිටි සියගණනක් වූ සිසුන් අතුරින් එක් කඩවසම් පිරිමි ළමයෙක් ළඟ මගේ අවධානය රැදුනා…

    Multimedia තිරයේ සිදුවන වෙනස් කම් වලට ඔහු දැක්වූයේ එපමණ හොඳ ප්‍රතිචාර නොවෙන අතරම ඊට වඩා ඔහුට වැදගත් වුනේ දේශනය record කර ගැනීමයි.
    දේශනය අවසන් වුනාට පස්සේ ඔහු සිය පෙම්වතියත් සමග විත් මා මුනගැසුනා. ඔහු මගෙන් ඉල්ලා සිටියේ දේශනයේ විද්‍යුත් පිටපත (soft-copies).
    ඒ කුමකටදැය් මා විමසූ විට ඔහු කීවේ එය text-2-voice software 1ක් මගින් audio බවට හරවාගෙන සවන්දෙන බවක්.
    ඔහු විෂේශයි කියලා දැන් හොඳටම විශ්වාසයි නේද?…ඒත්..ඉගෙනීමට තියෙන අසාමාන්‍ය උනන්ඳුවට වඩා තවත් විෂේශත්වයක් ඔහුට තිබුනා…
    ඔහුගේ දෑසම අන්ධයි…..!!
    එවෙලේ මා ළඟ එය (soft-copy) නොතිබූ නිසා staff room 1කේ දී මා හමුවන ලෙසට මා දැනුම් දුන්නා.
    ඔහු සිය පෙම්වතියත් සමග විත් මා staff room 1 දී යළි මුනගැසුනා. මම විස්තර ඇහුවා හිත නොරිදෙන විදියට…..

    ඔහු අන්ධ වෙලා තියෙන්නේ මීට මාස කීපයකට කලින් (විශ්වවිද්‍යාලයේ පළමු වසරටත් පසු )…
    ඔහු කියනවා ඔහු මේ විෂයට හා මගේ දේශනයට ඉතා තදින් ඇලුම් කරන අතර ඔහුට මේ විෂය ඉතා හොඳින් ඉගෙන ගැනීමට අවශ්‍ය බව…
    Record කරගත් මගේ දේශනයට නැවත නැවතත් සවන් දෙන බව ඔහු කියනවා….
    හිතන්න….Computer Screen 1 නොපෙනෙන කෙනෙක් ඒක ඉගෙන ගන්න කොයිතරම් නම් ධෛර්යයක් ඕනෙද කියලා……

    තවත් සංවේදී අතුරු කතාවක් තියෙනවා..
    ඔහුගේ පෙම්වතිය ඔහු අන්ධ වීමට කලින් හමුවූ කෙනෙක්. ඇය ඔහුට කණවැල අල්ලන්නේ හරිම ආදරෙන්..
    අද ඔහු අත්සන් කරනකොට ඇය පොඩි ළමයෙකුට ලියන්න පුරුදු කරන අම්මා කෙනෙක් වගේ ඔහුට උදවු කලේ. එවෙලේ මම ඉතාම හැඟීම් බර උනා..
    ඒ වගේ උතුම් චරිත මම දැකලා තිබුනේ media වලින් විතරයි….
    මම ඔහු වෙනුවෙන් මට හැකි උපරිමයෙන් උදවු කරනවා…අද ඔහු වෙනුවෙන් විශේෂ සටහන් මම හදන්න පටන් ගත්තා…..

    මගෙන් වෙන්න ඕනෙ යුතුකම් ගැන මම අද ඉතාම තෘප්තිමත්..
    ඉගැන්වීමෙන් ලබන තෘප්තිය මට වෙන කිසිම දෙයකින් ලබන්න බෑ කියන එක මම තේරුම් ගත්තා.
    මගේ අම්මා තාත්තා (ඒ දෙන්නම ගුරුවරු), ගුරු දෙවියන් ගැන මට දැන් තියෙන්නේ පෙරටත් වඩා ලොකු ආදරයක් සහ ගෞරවයක්…
    ආදරණීය සිසු දෙපල….ඔබට හදවතින්ම සුභ පතනවා…බුදු සරණයි….

    2011.12.01 විශ්වවිද්‍යාලයේදීය.

    පසු කතාව.
    2012.05.09 වන දින මම විශ්වවිද්‍යාලයට සමු දුන්නෙමි. එදින උදේ දේශනයේදී ඒ බව සිසුන්ට දැනුම් දෙනවිට මට හැඬුම් ආවේය. ඒ තරමටම මා විශ්වවිද්‍යාලයට ආදරය කළ නිසා විය යුතුය. කෙසේ වෙතත් මා සහෝදර ආචාර්ය මණ්ඩලය සාදයක් සංවිධානය කර ඇති බව දැනුම් දෙනු ලැබුනු හෙයින් දේශනය අවසන් වූ වහාම මට සිසුනට සමු දෙන්නට සිදු විය.
    මා සමුගැනීමේ සාදය අවසන් වී යළි පැමිණෙන විට වසා දමා ඇති ආචාර්යවරුන්ගේ විවේකාගාරය ඉදිරිපිට ඔහු සිටගෙන සිටියේය. මම ඔහුගේ අතින් අල්ලා ගතිමි.

    "සර්...මගෙන් පොඩි සිහිවටනයක්. මේක එච්චර වටින්නේ නම් නෑ...".

    මා කීවේ මෙපමණකි.


    "දරුවෝ, වටින්නේ මේකෙ රුපියල් වලින් කියන වටිනාකම නෙවෙයි. දෙන කෙනාගේ හදවතයි."

    මා ලැබූ තිළිණ අතුරින් ලද වටිනාම සහ සදා අමරණීය මතකයන් රැගෙන යන සිහිවටනය එම සරල යතුරු රඳවනයයි. අදටත් එය සුරැකිව මා සතුව ඇත.

    ආදරණීය මිතුරු මිතුරියන්ට සමුදී ගේට්ටුවෙන් පිටතට පැමිණ අවසන් වරටත් මම හැරී බැලුවෙමි. '_____ විශ්වවිද්‍යාලය' යන නාම පුවරුව බොඳවූ දෑස් තුළින් දුටිමි.




    හදවතට දැනුණු සංවේදී කතාවක් නිසයි දැන්මේ..
    උපුටා ගත්තේ මෙතනින්: http://www.sanwedi.blogspot.com/2012/08/blog-post_7617.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වටින්නේ මේකෙ රුපියල් වලින් කියන වටිනාකම නෙවෙයි. දෙන කෙනාගේ හදවතයි."​
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    වටින්නේ මේකෙ රුපියල් වලින් කියන වටිනාකම නෙවෙයි. දෙන කෙනාගේ හදවතයි."
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංවේදීකම කියන්නේ මානුෂ සාරාර්ථ සම්බන්ධ දෙයක් විනා උගැන්ම සම්බන්ධ දෙයක් නෙවෙයි.

    අපි හුගක් දෙනා හිතන්නේ පිරිමි අසංවේදීයි කියල. නමුත් පිරිමි තමා සංවේදීම කොටස. ඔවුන් ඒ සංවේදී බව සගවනවා. සමාජය එය ඔවුන් ගේ දුර්වල කමක් විදියට දකින නිසා.
    නමුත්....
    මගේ ආදරණීය අම්ම මට ඉගැන්නුවේ වෙනත් විදියකට....
    “පුතේ, උඹ පිරිමියෙක් නම් අඩන්න පුළුවන් වෙන්න ඕන“
    ඒ තමා ඈ මට උගන්නපු විදිය...............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වටින්නේ මේකෙ රුපියල් වලින් කියන වටිනාකම නෙවෙයි. දෙන කෙනාගේ හදවතයි."
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එකෙක් දෙන්නෙක්ගේ වැරදි නිසා සර්වත්‍ර කුලකෙටම ගහන්න හොඳ නෑ
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    කෑප්ටන් Jack Sparrow;17013990 said:
    හැම විදිහකම කට්ටිය ඕක ඇතුලේ ඉන්නවා මචං. එකෙක් දෙන්නෙක් ගේ පජාත වැඩ නිසා හැමෝම ගැරහුම් ලබනවා.

    eka nam aththa machan.. :yes::yes:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    සංවේදීකම කියන්නේ මානුෂ සාරාර්ථ සම්බන්ධ දෙයක් විනා උගැන්ම සම්බන්ධ දෙයක් නෙවෙයි.

    අපි හුගක් දෙනා හිතන්නේ පිරිමි අසංවේදීයි කියල. නමුත් පිරිමි තමා සංවේදීම කොටස. ඔවුන් ඒ සංවේදී බව සගවනවා. සමාජය එය ඔවුන් ගේ දුර්වල කමක් විදියට දකින නිසා.
    නමුත්....
    මගේ ආදරණීය අම්ම මට ඉගැන්නුවේ වෙනත් විදියකට....
    “පුතේ, උඹ පිරිමියෙක් නම් අඩන්න පුළුවන් වෙන්න ඕන“
    ඒ තමා ඈ මට උගන්නපු විදිය...............

    :yes::yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සංවේදීකම කියන්නේ මානුෂ සාරාර්ථ සම්බන්ධ දෙයක් විනා උගැන්ම සම්බන්ධ දෙයක් නෙවෙයි.

    අපි හුගක් දෙනා හිතන්නේ පිරිමි අසංවේදීයි කියල. නමුත් පිරිමි තමා සංවේදීම කොටස. ඔවුන් ඒ සංවේදී බව සගවනවා. සමාජය එය ඔවුන් ගේ දුර්වල කමක් විදියට දකින නිසා.
    නමුත්....
    මගේ ආදරණීය අම්ම මට ඉගැන්නුවේ වෙනත් විදියකට....
    “පුතේ, උඹ පිරිමියෙක් නම් අඩන්න පුළුවන් වෙන්න ඕන“
    ඒ තමා ඈ මට උගන්නපු විදිය...............

    aiye, ubata adenne kochchara vitara ridunamada... adanna ona unath andenne ne ban godak welawata...
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර