අද සමුගන්නා මහේලට මිලියන දෙකක රන් පිත්තක්
ටෙස්ට් තරග බිමෙන් සමුගන්නා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රීඩාවට කළ අති විශිෂ්ට සේවය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් රුපියල් ලක්ෂ විස්සක් වටිනා රනින් නිමවන ලද සමරු ක්‍රිකට් පිත්තක් අද ප්‍රදානය කිරීමට නියමිතයි.
කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවීමෙන් අනතුරුව පැවැත්වෙන විශේෂ උත්සවයේදී මෙම තිළිණ ප්‍රදානය සිදු කෙරේ.
මහේල ක්‍රීඩා කළ එස්.එස්.සී ක්‍රීඩා සමාජයෙන් හා නාලන්දා ආදි සිසු සංගමයෙන්ද විශේෂ සමරු තිළිණ ප්‍රදානය කිරීමට නියමිතව තිබේ. 37 හැවිරිදි මහේල තම අවසන් ටෙස්ට් ඉනිමේදී ලකුණු 54ක් ලබා සිටියදී ඊයේ පෙරවරු 10.29ට දැවී ගියේය.