ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයැදුම්පත් කැඳවීම පසුගිය අගොස්තු 10 වැනිදා නිමාවට පත්විය.එම තනතුරට මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරන මාවන් අතපත්තු අයැදුම්කර නොමැති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාල ධූරයට අයැදුම්කරුවන් 13 දෙනෙකු ඉල්ලුම්පත් යොමුකර ඇති බවද පැවසේ.
නිල නොවන දත්ත අනුව ඒ සඳහා අයැදුම්කර ඇති පිරිස මෙසේය.
01.මයික් ආතර් - හිටපු දකුණු අප්‍රිකා සහ ඔස්ට්‍රේලියා ප්‍රධාන පුහුණුකරු
02.රේ ජෙනින්ග්ස් - හිටපු දකුණු අප්‍රිකා ප්‍රධාන පුහුණුකරු සහ රෝයල් චැලේන්ජස් බැංගලෝර් පුහුණුකරු
03.රික් සිමොන්ස් - හිටපු දකුණු අප්‍රිකා ප්‍රධාන පුහුණුකරු සහ ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු
04.ලාන්ස් කෘස්නර් - හිටපු දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක සහ එරට ප්‍රාන්ත පුහුණුකරු
05.ක්‍රිස් ඇඩම්ස් - හිටපු සරේ පුහුණුකරු සහ එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා උපදේශක
06.ක්‍රැග් ඇඩම්ස් - හිටපු අයර්ලන්ත පන්දු යැවීමේ පුහුණුකරු සහ සහය පුහුණුකරු
07.ශේව් ඩෆ් - ශ්‍රී ලංකා ස්ට්‍රෙන්ත් සහ කන්ඩිෂනින් පුහුණුකරු ලෙස 2003 සිට 2005 දක්වා
08.අප්ටොන් - දකුණු අප්‍රිකා දක්ෂතා අධ්‍යක්ෂ සහ ඉන්දීය, බංග්ලාදේශ සහ ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පුහුණුකරු
09.ආශිෂ් කපූර් - හිටපු ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක
10.ඇන්ඩි මොලේස් - හිටපු නවසීලන්ත, කෙන්යා සහ ස්කොට්ලන්ත ප්‍රධාන පුහුණුකරු
11.මාල් ලෝයි - හිටපු එංගලන්ත පිතිකරු
12.සීමන් හෙල්මොට් - හිටපු වික්ටෝරියා ප්‍රාන්ත පුහුණුකරු
13.ඩේව් නොස්වර්ත්ලි - සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ
මූලාශ්‍රය මිරර් ගේම්ස්
කවුරු සෙට් වෙයිද බං 