why you ignore peoples

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබල මිිනිස්සු ගනන්ගන්නේ මොන මොන හේතු සාදක මතද?

    සල්ලි මතද?
    උගත්කම මතද?
    ඇඳුම මතද?
    යන එන වාහනේ මතද?
    රූපෙ සහ පෞර්ෂත්වය මතද?
    රැකියාව මතද?
    මනුස්සකම මතද?
    චන්ඩි කම මතද?
    බලය මතද?
    තමන්ට වාසියක් ලබාගන්න පුලුවන් කියල හිතෙන නිසාද?

    එළකිරියෙ නම් මම දැක්ක විදියට එක යූසර් කෙනෙක් තවත් කෙනෙක් ගනන් ගන්නේ

    ‍තියෙන කොටු ගාන මත.
    රෙප් පවර් එක මත.
    උගෙන් ගන්න පුලුවන් දේවල් මත.

    බොරු කියන්න ඕන නෑනේ. ලොකු සීන් නැති ඕන එකෙක් මම ආශ්‍රය කරනවා.
    නමුත්.
    මට වඩා උගත් ඉහලින් ඉන්න හොඳ උන් ආශ්‍රය කරන්න වැඩිය කැමතියි.

    ඔන්න මම අවංකව කිව්ව.

    උබලත් කියපල්ල අවංකවම, පච නොකිය. :P:P:P

    මේක හැම තැනම තියෙන දෙයක්.
    මම O/L කරල A/L වලට යනකොට අලුත් ස්කෝලේ උන් උන්ගේ friend zone එකට මාව දාගන්න වැඩිය කැමති උනේ නෑ. :dull::dull::dull: උන් කල්ලි ගැහිලා හිටියේ. මාත් තනියම ඉන්න බැරි නිසා උන් එක්ක සෙට් වෙන්න හැදුවට. උන් කපලම දානව :angry::angry::angry:
    පස්සේ මම A/L පන්ති බයික් එකේ ගිහින් එන්නේ. සමහර දවස්වලට ඔය කල්ලි වල ඉන්න එකා දෙන්න මම දාගෙන එනව පස්සෙ උන් මාව උනේගේ කල්ලියට දාගත්ත.

    ඇත්ත සිද්දිය නම් තව මිනිහෙක් තව එකෙක්ව කෙයාර් කරන්නේ ඌට අදාල කෙනාගෙන් ගන්න මොනව හරි තියෙනව නම් විතරයි. බලපන් බොරුද කියල.

    ස්වභාව ධර්මයේ හැටි නේ බන් :sorry::sorry::eek:
    උබ දාල තියෙන ඔප්ෂන් වලින් මනුස්සකම කියන එක මත විතරයි මමනම් මිනිහෙක්ව ගණන් ගන්නේ .
    කොච්චර උගත් වුනත් වැඩක් නැහැ උ අමනුස්සයෙක් නම් :cool:
    ඔය මනුස්සකම අදුන ගන්න ලේසි නැහැ .ටික කාලයක් යනවා මිනිහෙක්ව තේරුම් ගන්න .එනිසා මමනම් අලුත් ඕනෑම පුද්ගලයෙක් ලගින් ඇසුරු කරන යාලුවෙක් විදිහට සලකන්නේ ටික කාලයක් ඇසුරු කලාට පස්සේ .
    එලකිරියේනම් මගේ ලිස්ට් එකේ ඉන්න ඔක්කොම මගේ හොද යාළුවො :cool::yes:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ලංකාවේ මම අකමැතිම සීන් එකක් තමයි ඔය රස්සවෙන් මිනිස්සු මනින එක.... මට නම් අපේ ඔෆිස් එකේ කක්කුස්සි හෝදන එකා වටිනවා ගොඩක් ඔය රස්සාව නිසා ඔලුව ඉදිමුන උන්ට...
    ඒත් ඉතින් ලංකාවේ හැටි නිසා වැඩේ කරව ගන්න සමහර උන්ට ඔලුව පාත් කරන් ඉන්න වෙනවා...ඕවට කෑ ගහලා අන්තිමට වෙන්නේ අපේ වැඩේ කල් යන එක..ලොල්...\ඕක ගොඩක්ම පේන්න තියෙන්නේ ලංකාවේ ඩොකාල, ප්‍රොෆාල වගේ උන් ලඟ....

    අනිවා මචන්, මම වැඩකරන තැන අයියා කෙනෙක් එක්ක වදයකුත් දා ගත්තා ඔය subject එක ගැන. මම උදාහරණයකට ගත්තේ ඩොකා සහ PHI ඒ දෙන්නගේ සේවාව අතින් සංසන්දනය කරන්න බැරි උනාට. මාතෘකාව උනේ doctors ලා ඉල්ලීමක් ඉල්ලලා වර්ජනයක් කලොත් පටස් ගාල දීල ඇති (බලපෑම වැඩි නිසා) PHI ලා ක්ෂේත්‍ර නිලධාරින් වෙලත් බොහෝ අවුරුදු ගණනකින් ඉන්ධන දීමනාව වැඩි නොකිරීම. වර්ජනයක බලපෑම අඩු නිසා. අයියා මගෙන් අහනවා මල්ලි ඒ දෙන්නා සම කරන්න පුලුවන්ද කියලා. මේකේ ඉන්න doctors ලා මාත් එක්ක තරහ ගන්න එපා.

    මගේ පෞද්ගලික අදහස උනේ නාටමියෙක් උනත් සල්ලි හම්බ කරන්නේ අවංකව තමන්ගේ මහන්සියෙන් නම් කරන්නේ රටට වැඩදායි සේවාවක් නම් රස්සාව මත ඔහුව පහලට දාන්නේ කොහොමද කියලා. එතකොට කියනවා මම කතාකරන්නේ සමාජවාදය කියලා. අපි ඉන්නේ ධනවාදී සමාජයකලු.:confused:

    අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ මේ හේතුව නිසා. කියලයි මම කියන්නේ. අපේ මැති ඇමති වරුන් රට කොතරම් අගාධයකට ගෙනිච්චත්.අපේ මිනිස්සු අහවලාට මගේ සම්බන්දකම් තියෙනවා කියලා කියන්නේ හරි ආඩම්බරෙන්. පිළිකුලකින් නෙවෙයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10408100_471137232988833_1976238553448220392_n.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,212
    4,376
    113
    ඇයි එන්නද
    උගත්කම මත
    මනුස්සකම මත

    hugakma manussakama matha bro, mata ek eke innava hoya yaluwo set ekak, un mage personal seen pava dannava

    kukupatiya,uraj mun denna thama lagina asaya karanne
     
    මම නම් එලකිරියට අලුත් මෙම්බර් කෙනෙක්,
    මොනා උනත් මම නම් හිතන්නෙ අවංක කම තමයි වැදගත්ම කාරණය.:yes:

    අනික බොහොමයක් තමන්ගේ ප්‍රතිරූපය රැකගන්න හරි ඉහල යවාගන්න හරි තව කෙනෙක්ගෙ ප්‍රතිරූපය අඩු හෝ වැඩි වශයෙන් විවේචනය කරන්න පුරුදුවෙලා ඉන්නවා. :(

    මම නම් ඉස්සර අවංක නැති කෙනෙක්ගෙ වැරැද්දක් දැක්කහම මූනට කියන්න පුරුදු වෙලා උන්නත්, කාලයක් යනකොට තේරුනා එහෙම මිනිස්සුන්ව ignore කරලා ඉන්න එක තම හොදම දේ කියලා.:yes: