ඔව් මචන්. නමුත් මූ වැම්පයර් කෙනෙක් නෙවෙයි, ඌ කරපු බිහිසුණු වැඩ නිසයි ,බ්රැහ්ම් ස්ටෝකර් වැම්පයර් කථාව ලියන කොට මූගේ නම ඈදලා ගත්තේ. මූ කොච්චර බිහිසුණුද කියනවා නම් සතුරන්ව අල්ලගෙන උළ තියෙනවා තමන්ගේ මාළිගාව ඉස්සරහා, ඊට පස්සේ දවස් ගාණක් තියෙනවා එහෙම්මම අනෙක් එවුන්ට පේන්න, කොච්චර මිනිස්සුන්ව උළ තිබ්බද කියනවා නම් අන්තිමට මාළිගාව ඉස්සරහා සුසාන භූමියක් වෙන්න ගත්තා, කොහොම වුනත් යුරෝපයට වෙච්ච ස්ලීයා ආක්රමණ වැලැක්වූවේ වැල්ඩ් තමයි. තව විස්තර ඕනේ නම් පස්සේ දාන්නම් මට ගොඩක් ඒවා මතක නෑ ආයි බලන්න ඕනේ Internet එකේ වෙලාවක් හම්බ වුනාම.
ගොඩක් එවුන් කියලා තියෙන එක ඇත්ත. මහින්දව මේ list එකට දැම්මත් මේ තියෙන rank එකට ආපු එක ගැලපෙන්නේ නෑ,බලන්න වැල්ඩ්ටත් කලින් මහින්ද ඉන්නේ, ඊට කලින් ඉන්නේ නාසියෙක් ,ඊට කලින් ඉන්නේ මූසෝලීනි ,ඒ කියන්නේ ඉතාලියේ පාලකයා, ඌ හිට්ලර්ගේ ළගම මිත්රයෙක් ඒ වගේම නාසින්ට දෙවැනි ලෝක යුද්ධයේදි උදව් කරපු කෙනෙක්,ඒ ජාතියේ කට්ටය ළගට මහින්දව වැටිච්ච එක ගැලපෙන්නේ නෑ, මහින්ද එච්චරම දරුණු කෙනෙක් නෙවෙයි.