හුඟ කාලයක් ඉඳන් මේ සම්දබන්ධව ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ නමුත් දානවාද, නැද්ද කියලා කල්පනා කරේ
.නමුත් තමන් දන්න දෙයක් නොදන්නා කෙනෙකුට කියලා දෙන එක හොඳ දෙයක් හින්දා මේ සම්බන්ධව දන්නේ නැති අයට තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ.
අපි විජේසේකර යතුර පුවරුවට අනුව සිංහල ටෘ ටයිප්(Truetype Fonts) ෆොන්ට් භාවිතා කර ටයිප් කරන විට පැනනගින එක ප්‍රශ්නයක් තමයි නිවැරදිව "." තිත "," කොමාව තැබීමට නොහැකි විම
.නමුත් එය මඟහරවා ගැනිමට වෙනත් බාහිර මෘදුකාංග භාවිතාවකින් තොරව එම මෘදුකාංග තුළම විසඳුමක් මම හොයා ගත්තා
.සමහර විට ඔයාලා දන්නවා ඇති
.නමුත් ඉතින් නොදන්නා අයටයි මේ දාන්නෙ....
අපි සාමාන්‍යයෙන් විජේසේකර යතුරු පුවරුවට අනුව තිත කොමාව තැබීමට භාවිත කරනුයේ මේන්න මේ කී එකයි

අපි සමස්තය මෘදුකාංග ගත්විට ප්‍රධාන වශයෙන් ඔෆිස්,ෆොටොෂොප්,ඉලස්ට්‍රෙටර්,පේජ් මෙකර්,ඉන්ඩසයින්,කොරල් ඩ්‍රො වල මෙම තිත තැබීමට නොහැකි ප්‍රශ්නය පැන නගින්න පුළුවන්. අද මම එ සම්බන්දව විසඳුමක් ඔයාලට කියලා දෙන්නම්.මහා ලොකු දෙයක් නැහැ පොඩි දෙයක් තමයි කරන්න තියෙන්නෙ..
ඉන්පසුව ටයිප් කරන විට නිවැරදිව සමාන්‍ය පරිදි තිත තැබිය හැකි.Word 2007
මුලින්ම් ඔෆිස් හි Office Button
මොකකද් බං අන්චෙක් කරනවා කියන්නේ?


මෙන්න මේ වැඩේටයි.


චෙක් (check)
අන්චෙක්(uncheck)
Word 2010
මුලින්ම File ටැබ් මෙනුව ක්ලික් කරන්න.දැන් Option ක්ලික් කරන්න.දැන් Word Option වින්ඩොවේ වම්පස ඇත් රාමුවේ Proofing තොරන්න එහි AutoCorrect Option තොරන්න.ඉන්පසුව Autoformat as you type ටැබ් එක තොරන්න.දැන් එහි ඇති ''Straight quotes" with "smart quotes" අන්චෙක්(uncheck) කරන්න
Adobe Photoshop CS
මුලින්මEdit මෙනුව ක්ලික් කර Preferances තොරා එහි මෙනුවේ Type ක්ලික් කරන්න.දැන් ලැබෙන වින්ඩෝවේ ඇති Use Smart Quotes අන්චෙක්(uncheck) කරන්න
Adobe Photoshop 7
මුලින්ම Edit මෙනුව ක්ලික් කර Preferences තොරා එහි මෙනුවේ General ක්ලික් කරන්න.දැන් ලැබෙන වින්ඩෝවේ Use Smart Quotes අන්චෙක්(uncheck) කරන්න
Adobe Pagemaker
File මෙනුව ක්ලික් කර එයි Preferences තොරා එහි General ක්ලික් කරන්න.එයි More බොත්තම ක්ලික් කරන්න එහි ඇති Use typographer's quotes අන්චෙක්(uncheck) කරන්න
Adobe InDsign
Edit මෙනුව ක්ලික් කර එහි Preferences තෙරා එහි Text ක්ලික් කරන්න.එහි ඇති Use Typographer's Quotes අන්චෙක්(uncheck) කරන්න
Adobe Illustrator
File මෙනුව ක්ලික් කර එහි ඇති Documet Setup ක්ලික් කරන්න.දැන් ඩ්‍රොප් ඩවුන් මෙනුවේ Type ක්ලික් කරන්න.Use Typographer's Quotes ඔප්ශන් එක අන්චෙක්(uncheck) කරන්න
Coral Draw
Tools මෙනුව ක්ලික් කර එහි ඇති Options ක්ලික් කරන්න.Options වින්ඩොවේ වම් පස ඇති රාමුවේ Workspace මෙනුව දිගහැරගන්න.ඉන්පසුව එම් මෙනුවේ ඇති Text සබ් මෙනුව දිගහැරගන්න , Quick Correct තොරන්න.දැන් එහි ඇති Change Straight quote to typographic quotes ඔප්ශන් එක අන්චෙක්(uncheck) කරන්න
Tip
කොරල් ඩ්‍රො තුළ නිවැරදිව සිංහල ටයිප් කිරමට නම් Qiuck Correct හි සියළුම ඔප්ශන්ස අන්චෙක්(Uncheck) කරන්න.
දැන් සිංහලෙන් තිත තබමින් ටයිප් කර බලන්න.


--
- දැන් පෙනවා ඇති මේ එකම ඔප්ශන් එක තමයි විවිධ තැන්වල විවිධ ආකාරයට ප්‍රසන්ට් කරලා තියෙන්නේ.

- ඒවාගෙම මෙතන දෙයක් පැහැදිලි නැතිනම් අහන්න.

- වැඩිය ලොකුවට ඉමෙජස් දැම්මේ නැත්තේ මේක එච්චර ලොකු දෙයක් නොවන හිංදා.ඔයාලට ලෙසි වෙන්න තමයි දැම්මේ..

- වර්ශන් එක අලුත් වුනයි පරන වුනයි කියලා නැහැ බොහො මෘදුකංග වල මේ ඔපෂන් එක තැන තමයි ඇත්තෙ...

ස්තුතියි.

Last edited:


