Bentley Cement Bucket Challenge

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,266
    15,837
    113
    bentley-russia-bucket-challenge-.jpg


    ගොඩනැගිල්ලක් ඉදිකරන ස්ථානයක් අසල නවත්වා ගිය රුසියානු සමාගම් හිමියකුට අයත් බෙන්ට්ලි වර්ගයේ සුපිරි මෝටර් රථයක් මතට කොන්ක‍්‍රීට් මිශ‍්‍රණයක් ඇද වැටී එය විනාශවී ඇතැයි වාර්තා වේ.
    මධ්‍යම මොස්කව්හිදී මෙය සිදුව ඇති අතර රථයේ හිමිකරු වන ආතර් ෂාච්නෙව් සංගීත නිෂ්පාදන සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා වේ.

    තමන් වාහනය නවතා ගිය පසු ඒ මතට සිමෙන්ති වැටුණු බව සිය ආරක්ෂක නිලධාරියා තමන්ට දැන්වූ බව ෂාච්නර් පවසා තිබේ. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කම්කරුවන්ගේ නොසැලකිල්ල නිසා මෙය සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.ඔවුන් සිමෙන්ති පිරවූ විශාල බහාලූමක් ඔසවමින් සිටි අතරවාරයේදී එය බිත්තියේ ගැටී විවරවී ඇති අතර මීටර් 15ක උසක සිට සිමෙන්ති මිශ‍්‍රණය මෝටර් රථය මතට ඇද වැටී තිබේ.ෂාච්නෙව් පවසන්නේ ඒ අවස්ථාවේදී ටොන් 7ක් ධාරිතාවෙන් යුතු බහාලූමේ තිබුනේ කොන්ක‍්‍රීට් ටොන් 1ක් පමණක් බවයි.

    ෂාච්නෙව් මෝටර් රථය අසලට පැමිණි අවස්ථාවේදී සිමෙන්ති ද්‍රව මිශ‍්‍රණයෙන් රථය ආවරණය වී වෙඩි නොවදින ආවරණයක් වැන්නක් නිර්මාණයවී තිබූ බව පවසා ඇත.බෙන්ට්ලි රථයේ බඳ කුඩා ගල් කැබලි හේතුවෙන් විශාල ලෙස හානිවී ඇති අතර රථයේ රෝද පද්ධතිය තුළට කොන්ක‍්‍රීට් කාන්දු වී ඇති හෙයින් එය තවදුරටත් ධාවනය කළ නොහැක.

    සිදුවූ සියලූ හානිවලට ඉදිකිරිම් සමාගම විසින් වන්දි මිදලක් ගෙවන බව දැනුම් දී තිබේ.