The Flash (2014) Season 1 Official Thread

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    The Flash (2014) Season 1 Official Thread


    10300650_667839526641687_6415028984237336418_n.png

    Comics පොත් කියෝපු අය නම් flash කිව්ව ගමන් මෙයාව දන්නවා. පොඩි කාලේ justice league කාටුන් එක බැලුව අයත් මෙයාව අදුරනවා ඇති. ඒත් මේ අවුරුද්දේ ඉදන් flashගේ කතාව tv series එකක් විදියට release වෙනවා ඔක්තෝබර් 7 වෙනිදා ඉදන්.

    කතාවේ Flashගේ ඇත්ත ජිවිතේ නම Barrey Allen. පොඩි කාලේ මෙයාගේ අම්මව මරනවා කව්රු හරි හිතාගන්න බැරි විදියකට.ඒකට වරදකාරයා විදියට අහුවෙන්නේ Barreyගේ තාත්තා.ඒ නිසා ඔහුට හිරේ යන්න වෙනවා.ඒත් Barrey දන්නවා තාත්තා ඒ දේ කරේ නැහැ කියලා.Barrey තමන්ගේ අම්මව ඝාතනය කරා වගේ වෙච්ච තවත් case ගැන උනන්දුවෙන් හොයන්න ගන්නවා කවදා හරි අම්මගේ ඝාතකයා හොයන් තාත්තව හිරෙන් නිදහස් කරගන්න අදහසින්.ඒ වගේම තමයි මේ season එකට කලින් අපිට Barreyව තව tv series එකකදී දකින්න ලැබෙනවා. ඒ වෙන මොකුත් නෙමේ Arrow TV Series එකේ episode 8 හා 9 කියන කොටස් දෙකේදී.ඒකෙදි අපිට මොහු ගැන මුලික හදුන්වා දීමක් කරනවා.මොහු විද්‍යාව හදාරන කෙනෙක් නිසා lab එකක තමයි ගොඩක් කාලය ගත කරන්නේ.දවසක් මෙයාට අකුණක් වදිනවා නොහිතු විදිහට lab එකේ ඉද්දි.ඒකෙන් පස්සේ මෙයා කෝමා තත්වයකට පත්වෙනවා.ඒකෙන් සුවවුනාට පස්සේ තමයි මෙයාට වෙනසක් දැනෙන්නේ.ඒ තමයි මෙයාට ලෝකේ අනිත් හැමෝටම වඩා හයියෙන් දුවන්න පුළුවන් වෙන එක.පස්සේ මෙයා Oliver Queenව හම්බවෙලා මේ ගැන කිව්වම ඔහු උපදෙසක් දෙනවා මේ බලය තමන්ගේ නගරේ ආරක්ෂා කරන්න පාවිච්චි කරන්න කියලා.

    ඉතින් මේකේ season 1 යන්නේ Flash නගරය ආරක්ෂා කරමින් තමන්ගේ අම්මගේ ඝාතකයා සොයා යන කතාවක්. තව දෙයක් තමයි මේකේ episode 2ක් arrow එකේ episode 2ක් එක්ක cross වෙනවා.ඒ කියන්නේ tv show දෙකේම යන්නේ එකම දේ. ඒකෙදි Flash & Arrow එකට වැඩ කරන්නේ.මේක තාම release වෙලා නැති වුනත් ටික කාලෙකට කලින් මේකේ පළවෙනි episode එක leak වුනා. ඒක බාගන්න මම link එක පල්ලෙහා දාන්නම්. ඒ වගේම මේක පටන් ගන්නකන් ලැබෙන හැම විස්තරයක්මත්,පටන් ගත්තම සතියෙන් සතියට එන හැම episode එකම බාගන්නත් link එක දාලා මේක update කරන්න මම බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමෝටම ජය වේවා!
    :yes::yes:


    Trailers





    Download Episodes Of The Flash

    Episode 1 (Pilot)