මචං. මම එදත් උඹට මේක කියන්න හදලා නොකියා උන්නා අනික් උන්ගේ බැනුම් අහගන්න වේවි කියලා. ඒත් බැනුම් අහගන්න හරි කියලා හිතාගෙන කියන්නම්. මමත් මචං රහසින්වත් පව් කරන්නේ නැති කෙනෙක්. පංසිල් පද පහ තිටට අකුරටම රකිනවා. හැම ඉරිදම පංසල් යනවා. අප්‍රසිද්දියේ අනිත් අයට අණ බෙර නොගහා මිනිස්සුන්ට උදව් කරනවා. මටත් මහණ වෙන්න හිතිලා තියෙනවා ඒ ජීවිතේ කිසිම කළකිරීමක් නැතුව මේ සසරේ තියෙන බියකරු බව නිසා. ඒත් අවුරුදු 25 ක් තිස්සේ හොඳටම ඉගෙනගෙන අද ආපු ගමන් මගයි, මට උගන්වන්න මගේ අම්මයි තාත්තයි කාපු කට්ටයි හෙලපු කඳුලුයි නිසා මට ඒ තීරණය ගන්න තරම් මගේ හිත හයිය නැහැ. උඹ මහණ වෙන්න යන්නේ කෙල්ලෙක් දාලා ගිය දුක නිසා නම් මචං පොඩ්ඩක් ඉවසපන්. ඔය කාලේට ඒ වගේ විකාර ඔලුවට ආවත් පසු කාලීනව ගත්තු තීරණය ගැන දුකක් එනවා. එහෙම අය තමයි අනන්තවත් සිවුර හැරලා ආයේ ගිහියෙක් වෙන්නේ. ජීවිතයට ප්‍රශ්ණ ආව නිසා කළකිරිලා මහණ වෙන්න යනවනම් ඔබ මදක් කාලයට ඉඩ දෙන්න. මොකද මම පංසල් ගිහින් බුදුන් වැඳලා කවදාවත් මගේ කියලා දෙයක් ඉල්ලලා නැහැ. ඉල්ලපු එකම දේ මෛත්‍රී බුදුන් දැකලා වත් නිවන් අවබෝද කරගන්න ලැබෙන්න කියන එක විතරයි. ඒත් හැමදාම අවසානයේ මගේ අම්මටයි තාත්තටයි, මේ ලෝකේ වෙසෙන හැම සත්වයෙක්ටමයි, බ්‍රහ්ම ලෝක 20 හි බ්‍රහ්මයින්ට, දිව්‍යය ලෝක 6 දෙවිවරුන් සියල්ලටම, නාග ලෝගේ සියලු නාග දිව්‍යය රාජවරුන්ට, යක්ශයින් බූතයින් ඇතුලු ඇසට නොපෙනෙන සියලු ප්‍රාණයන්ට, මගේ මිය ගිය ඥාතීන්ට වගේම අවසාන වශයෙන් මගේ ඉශ්ථ දේවතාවුන් වහන්සේට පින් දීලා මම එකතු කරගත්තු කුසල කර්මයක් තියෙනම් ඒ පින් බල මහිමයෙන් හැමදාම ඔවුන්ගේ ජීවිත වලට යහපතක් වේවා කියලා අවංකව පතන කෙනෙක් බං. ඒත් මචං කිසිම දෙයක් මට කියලා ප්‍රාර්ථනා නොකරන මට වෙන තරමක් වෙන්නේ සිත් රිදීම සහ කෙළ වෙන දේවල්. ජීවිතේ වාසනාව කියලා දෙයක් මට නැහැ බං. ඒත් මම කාගෙන තනිවම ගමනක් යනවා මොකද මම දන්න නිසා කරන කරන හැමදේම හරියන දවසක් මටත් එනවා කියන සිතිවිල්ලත් ජීවත් කරගෙන කිසිම කළකිරීමක් පසු තැවීමක් හිතේ නැතිව. ඔබටත් එහෙම වෙන එකට අප්සැට් එකේ ඔබ මහණ වෙන්න යනවනම් මේ ජීවිතය ගැන කළකිරිලා ඔය තීරණය මදකට නවත්තලා හොඳට කාලයට ඉඩ දී බලන්න. නමුත් ඔබට කිසිම ගැටලුවක් හෝ ජීවිතයේ කළකිරීමක් නැතිව ඔබ සැබෑ ජීවිතයේ හැටි අවබෝධ කරගෙන මේ තීරණය ගන්න යනවනම් මචං. උඹට තුනු රුවන්ගේම පිහිටයි, සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවයි, මේ භවයෙම මාර්ග ඵල ලබා ගැනීමට වරම් ලැබේවා.
බුදු සරණයි..