දූපතක්2

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දූපතක් කියන thread එකෙං තමා මම elakiri එකේ දැණුම බෙදාගන්න article දාන එක පටංගත්තෙ. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒ නිසා ඕන්න තවත් අමුතුම දූපතක් ගැන දානවා. හැබැයි මේක වෙන දූපතක්. දූපතක් 1 මෙතනින්...
    හැබැයි මම මේ අද කියන්ඩ යන දූපත ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. නමුත් සිංහලෙන් මේ ගැන ආටිකල් නැති නිසයි මම මේක දාන්න හිතුවෙ.


    ලෝකයේ සෙසු ප්‍රදේශ වලට සාපේක්ශව පරිණාමනයේ වෙනස්කම් පවතින ගැලෑපගොස් (Galápagos) දූපත්, චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය තහවුරු කරගැනීමට බෙහෙවින් ඉවහල් විය. 1831 සිට 1836 දක්වා වූ වසර පහක නාවුක සංචාරයකට එක්වූ චාල්ස් ඩාවින් මෙම දූපතට ගොඩ බැසීමෙන් පසු තමාගේ සංකල්පයක් වූ පරිණාමවාද සංකල්පය තහවුරු කරගත් බවත්, එය තවදුරටත් විකසනය කොට ලොවට ඉදිරිපත් කිරීමට හැකිවූ බවත් හෙතෙම සඳහන් කරයි.
    Orthographic_projection_centred_over_the_Galapagos.png

    ගැලෑපගොස් දූපත් පිහිටා ඇත්තේ මෙම සිතියමේ මධ්‍යයේ දැක්වෙන ස්ථානයේ ය

    640px-Voyage_of_the_Beagle.jpg

    ඩාවින් සම්බන්ධ වූ Second voyage of HMS Beagle නම් මූදු ගමනේ ගමන් මග

    galapagos.jpg

    ගැලෑපගොස් දූපත් අතර ඩාවින් ඇතුළු පිරිස ගිය ගමන් මග

    මෙම දූපතේ ඇති විශේෂත්වයක් වන්නේ මෙම දූපතේ හා දූපත අවට මුහුදේ ඇති සත්ව හා ශාක විශේෂ වලින් 30%ක්ම මෙම දූපතට පමණක්ම ආවේණික ජීවීන් වීමයි. එමෙන්ම එම ජීවීන් වසර මිලියන ගණනක් එම දූපතට සීමා වී සිටි නිසාවෙන් විශේෂ පරිණාමන ලක්ෂණ දක්වයි. මේ අතර ක්ෂීරපායී, උරග, පක්ෂි හා කෘමි විශේෂ බොහෝමයක් ඇති අතර ඔවුන්ගෙන් වඩාත් ප්‍රසිද්ධ විශේෂ පිළිබඳව List of animals in Galápagos Islands නම් විකීපීඩියා පිටුවේ සඳහන් වේ. මීට අමතරව ගැලෑපගොස් දූපතට ආවේණික ශාක හා මුහුදු පැලෑටි කිහිපයක් ඇතත්, මම මෙහිදී සතුන් කිහිපදෙනෙක් ගැන පමණක් සඳහන් කරන්නම්.

    ගැලෑපගෝ යෝධ ඉදිබුවන්
    ස්පාඤ්ඤ භාෂාවෙන් ගැලෑපගෝ යනු ඉබ්බා යන අදහසයි. මෙහි යෝධ ඉබ්බන් වෙසෙන හෙයින් ගැලෑපගස් යන නමින් දූපත නම් කලේ යැයි සැලකේ. ඩාවින්ගේ වාර්ථා අනුව 1833දී මෙහි මෙම ඉබ්බන් ලක්ශ දෙක හමාරකට වඩා ජීවත්වී ඇත. නමුත් අද වන විට ඔවුන්ගේ ගහනය පහලොස් දහසක් තරම් අවම අගයක් ගනී. මෙම ඉබ්බන් ලොව වෙසෙන විශාලතම ඉබ්බන් වර්ගය වන අතර, ආයු අපේක්ෂාව වසර 200කට වැඩිය.
    tortoise_3.jpg
    saddlestretch.jpg
    220px-Child_riding_tortoise.jpg

    ගැලෑපගෝ යෝධ ඉදිබුවන්

    සාගර තලගොයා (Marine iguana)
    අසාමාන්‍ය තලගොයි විශේෂයක් වන මෙම තලගොයා, කටුස්සා, තලගොයා අයත්වන කුලයේ සත්වයන් අතර සමුද්‍රාශ්‍රිතව ජීවත්වන එකම ප්‍රභේදය වේ. එය ගොඩබිම ආහාර හිගවීමක් නිසා ඇතිවූ පරිණාමන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ලුණු පෙරාහැරීමේ හැකියාව මොවුන්ගේ නාසයට ඇත.
    marine-iguana.jpg
    Galapagos-marine-iguana-swimming-underwater.jpg

    සාගර තලගොයා

    ඇවිදින දියකාවා (Flightless cormorant)
    ගැලෑපගොස් දූපතට ආවේනික පක්ශීන් අතර වඩාත් අසාමාන්‍යම විශේෂය ලෙස සැලකිය හැකිය. ලොව සිටින දියකාවුන් අතර පියඹීමට නොහැකි එකම දියකාවා මොහු ය. එම හේතුව නිසාම ඔවුන් ශරීරයෙන් විශාල ව වැඩෙයි. එනිසා ලොව බරින් වැඩිම දියකාවුන් විශේෂය ලෙසද හැඳින්විය හැකිය. ඉගිලීමට නොහැකි නිසා බල්ලන්, පූසන්, මීයන්, ඌරන් වැනි විලෝපිතයන්ගේ ගොදුරු බවට පත්වන මොවුන්ගේ ගහනය මේ වන විට 1500ක් තරම් අවම අගයකි.
    flightless_cormorant.jpg
    flightless-cormorant.jpg

    ඇවිදින දියකාවා

    ගැලෑපගොස් ෆින්ච් කුරුල්ලන් (Galapagos finches)
    ඩාවින්ගේ පරිණාමවාදයට මූලිකම අඩිතාලම සැකසූ ෆින්ච් කුරුල්ලන් දූපතේ ප්‍රකටම සත්ව විශේෂය ලෙස සැලකිය හැකිය. මොවුන් විශේෂ 14ක් පමණ දූපතේ වාසය කරන අතර, ඔවුන් සියල්ල පරිණාමනය වී ඇත්තේ එකම පාරම්පරික වංශයකින් වීම විශේෂත්වයකි. මෙම විශේෂ 14 අතරින් සෑම විශේෂයකම හොටයේ හැඩය හා විශාලත්වය අනුව පහසුවෙන් තවත් විශේෂයකින් වෙන් කර හඳුනාගත හැකිය.
    c7-1-23-finches.jpg
    finch_1.jpg

    ගැලෑපගොස් ෆින්ච් කුරුල්ලන්

    ගැලෑපගොස් පෙන්ගුවින්
    ලොව කුඩාම පෙන්ගුවින් විශේෂ අතරින් එකක් වන මොවුන්, සමකයට ඉහලින් ජීවත් වන එකම පෙන්ගුවින් විශේෂය ලෙස සැලකිය හැකිය. අනෙකුත් පෙන්ගුවින් විශේෂ වල මුල් පරම්පරාවෙන්ම ඇතිවූ මොවුන් පරිණාමයත් සමග නියමානුකූලව මෙම දූපතේ ජීවිතයට හැඩගැසී ඇත.
    galapagos.jpg
    penguin_7.jpg

    ගැලෑපගොස් පෙන්ගුවින්

    ගැලෑපගස් ලෝම සීල්
    ගැලෑපගොස් හි ඒක දේශික ක්ෂීරපායී විශේෂ අතර වඩාත් විශේෂත්වයක් ඇති සත්වයෙකි. ලොව අන් සීල් මත්සයන්ට සාපේක්ශව ඉතා කුඩා කන් ඇති මෙම සීල්, අනෙකුත් සීල් මසුන් මෙන් නොව ජලයේ සිටීමට වඩා ගොඩබිම සිටීමට වැඩි ප්‍රියතාවයක් දක්වන විශේෂයකි. මොවුන් 70%ක්ම කාලය ගතකරන්නේ ගොඩබිම සිටීමෙන් ය. ඔවුන්ගේ රළු බිරුම් හඬ අනෙකුත් සීල් මත්සයන්ගේ හඬට වඩා ඉහල හඬකින් යුතුය.
    fur_seal_otariidae_looking_back_upside_down_galapagos_equador_1964339.jpg
    fur-seal.jpg

    ගැලෑපගස් ලෝම සීල්

    නිල් පාදැති විකටයා
    "බ්ලූ-ෆූටඩ් බූබි" හෙවත් "නිල් පාදැති විකටයා" යන අරුතින් හැදින්වෙන මෙම විකට මුහුනැති පක්ෂියා ගැලෑපගොස් දූපත් වාසියෙකි. මොහු තම සහකාරිය කැමති කරවා ගන්නේ තනි කකුලෙන් සිටගෙන, අනෙක් කකුල ඉහල පහල කරමින් විකට රංගනයක් ඉදිරිපත් කිරීමෙනි. :love:
    229905_389906837765341_276052618_n.jpg
    10177928-blue-footed-booby.jpg
    6010263-lg.jpg

    නිල් පාදැති විකටයා

    ගැලෑපගොස් උකුස්සා
    අනෙකුත් උකුස්සන් මෙන් නොව මෙම උකුස්සා දිවා කාලයේ ගොදුරු සොයන පක්ෂියෙකි. ගොවියන් විසින් දඩයම් කිරීම නිසා වර්ථමානය වන විට 200කට පමණ සීමා වි ඇත.
    Galapagos-hawk-about-to-land-on-tortoise.jpg
    galapagos-eagle-19692664.jpg

    ගැලෑපගොස් උකුස්සා

    ලාවා කටුස්සා
    දූපතේ වැඩි වශයෙන්ම දැකිය හැක්කේ කටුසු විශේෂ වන අතර, ඔවුන්ගෙන් වැඩි හරියක් ලාවා කටුස්සන් ය. විශේෂ 7කට අයත් ලාවා කටුස්සන් දූපතේ වෙසෙන අතර, ඔවුන්ද ෆින්ච් කුරුල්ලන් මෙන් පැහැදිලිව හදුනාගත හැකි වෙනස්කම් වලින් යුතුය. පරිණාමයේ වර්ණ අනුවර්ථකයන් සඳහා ප්‍රබල උදාහරණයක් ලෙස ලාවා කටුස්සන් හැඳින්විය හැකිය.
    lava-lizard.jpg
    galapagos_lavalizard.jpg

    ලාවා කටුස්සා

    උත්තම නැව් කුරුල්ලා (Magnificent frigatebird)
    නැව් කුරුල්ලන්ගේ පිරිමි සත්වයාගේ ගෙලෙහි රතුපාට පැසක් පිහිටා ඇත. නැව් කුරුල්ලන් අතරින් උත්තම නැව් කුරුල්ලා තරමක් වෙනස් ය. උත්තම නැව් කුරුල්ලා දකුණු ඇමරිකාව හ උතුරු ඇමරිකාවේ යම් ප්‍රදේශ වල දැකිය හැකිය. නමුත් වසර මිලියනයකට පමණ දූපතට පිටින් සබඳතා නොපැවැත්වූ ගැලෑපගොස් උත්තම නැව් කුරුල්ලා, ලොව අනෙකුත් උත්තම නැව් කුරුල්ලන්ගෙන් පැහැදිලි වෙනසක් සහිතව පරිණාමනය වී ඇත.
    frigate-bird.jpg
    Magnificent-frigatebird-male-courting-a-female.jpg

    උත්තම නැව් කුරුල්ලා

    රැලිගැසුන ඇල්බට්‍රොස් (Waved albatross)
    ගැලෑපගොස් හි හමුවන විශාලම පක්ෂියා වන අතර, නිවර්තන කලාපයේ වෙසෙන ඇල්බට්‍රෝස් වර්ගයේ එකම පක්ශියා වේ. "වූ..." ශබ්දය නගා හොටට හොට තබා හාදු දෙන කුරුළු වර්ගයකි. :P
    waved-albatross.jpg
    20060910010722.jpg

    රැලිගැසුන ඇල්බට්‍රොස්

    ගැලෑපගොස් මුමුණන කුරුල්ලා(Galapagos mockingbird)
    මොවුන් පරිසරයට සරිලන වර්ණයකින් යුතුව පරිණාමනය වූවන් අතර ඩාවින් දක්වන එක උදාහරණයකි. ගැලෑපගොස් දූපත් කිහිපයක වෙසෙන මෙම කුරුල්ලන්ගේ වර්ණය දූපතෙන් දූපතට වෙනස් ය.
    mockingbird.jpg
    galapagos.jpg

    ගැලෑපගොස් මුමුණන කුරුල්ලා

    දේදුනුපැහැ කකුළුවා (Sally Lightfoots)
    පැසිපික් වෙරලතීරයේ බොහෝ තැන් වල දේදුනුපැහැ කකුළුවා දැකිය හැකි නමුදු, ගැලෑපගොස් කකුළුවා හැසිරීමෙන් අනෙක් දේදුනුපැහැ කකුළුවන්ගෙන් වෙනස් ය. ඔවුහු මුහුදු තලගොයන්ගේ ඇඟේ ලැගීමට කැමැත්තක් දක්වති.
    sally-lightfoot-crab.jpg
    galapagos-marine-iguana-and-crabs.jpg

    දේදුනුපැහැ කකුළුවා (Sally Lightfoots)

    වර්ථමානය වන විට ගැලෑපගොස් දූපත හොඳම සංචාරක දූපත් අතර මුල් තැනක් ගනී.


    tourism-summit.jpg
    galapagos-tourism-sea-lions.jpg

    bird_galapagos_ah_23071.jpg
    galapagos_tourism.jpg

    ගැලෑපගොස් සතුන් සමග ඡායාරූප ගන්නා සංචාරකයින්

    ස්තූතිය: මේ පිළිබඳ මූලික දැනුවත් විමක් ලද ලෝ වටා දැණුම Facebook පිටුව
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura