අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    යාළුවනේ අපේ පුතා දැන් සතියක විතර ඉඳන් නිතරම ඇහි පිය ගහනවා. (වයස අවු.4) එයාට එලිය බලන්න අමාරුයිලු. පොඩි කාලෙ ඉඳන් කඳුළු එන ප්‍රශ්නයක් තිබිලා ජයවර්ධනපුර ගිහින් ඔපරේෂන් එකක් කලා. මම හිතුවා අක්ෂි රෝහලට එක්ක ගියොත් හොඳයි කියලා. බාහිර රෝගී අංශයට ගියොත් හරිද? නැත්නම් ඒකෙ දොස්තර කෙනෙක් චැනල් කරලා යන්න ඕනිද?(සාමාන්‍යයෙන් එහෙම කලාම සැලකිල්ල වැඩියිලුනෙ) මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද? එහෙම චැනල් කරන්න ඕනිනම් කවුද හොඳ? කොතනද චැනල් කරන තැන තියෙන්නෙ? මම රත්නපුරේ ඉන්නෙ. දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බුම්ප්

    කොලබ අරන් වරෙන් යකෝ
    ඇස වාට්ටු හරි රිජ්වේ හරි
    පොඩි ළමයිට කොහොමත් සලකනවා. 5 ට වගේ නොම්මර ගන්න බලාගෙන වරෙන්
    එතකොට පෝලිම අඩුයි
     
    Last edited:
    මචං පුළුවන් නම් අක්ෂි රෝහලේ ඉන්න ඩොක්ටර් කෙනෙක්ව ආසිරි එකෙන් වගේ ප්‍රයිවට් චැනල් කරලා රිපොර්ට්ස් ගන්න රජයේ රෝහලට දවසක් දාගන්න. වැඩේ ඉක්මනින්කරගන්න පුළුවන්.
    බුදු සරණයි!
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    බුම්ප්

    කොලබ අරන් වරෙන් යකෝ
    ඇස වාට්ටු හරි රිජ්වේ හරි
    පොඩි ළමයිට කොහොමත් සලකනවා. 5 ට වගේ නොම්මර ගන්න බලාගෙන වරෙන්
    එතකොට පෝලිම අඩුයි

    ඔව් මචං වැඩිදුර දැනගන්න තමයි දන්න ෙකෙනක් ෙහව්ෙව ස්තූතියි!!!
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Child Eye rajagiriya ekath podi lamainta hodai. (Dr. Amila) eth surgery karapu seen ekak nisa eye hospital yaman
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කෑප්ටන් Jack Sparrow;17217201 said:
    මචං පුළුවන් නම් අක්ෂි රෝහලේ ඉන්න ඩොක්ටර් කෙනෙක්ව ආසිරි එකෙන් වගේ ප්‍රයිවට් චැනල් කරලා රිපොර්ට්ස් ගන්න රජයේ රෝහලට දවසක් දාගන්න. වැඩේ ඉක්මනින්කරගන්න පුළුවන්.
    බුදු සරණයි!
    ස්තූතියි ජැක්, මටත් ඕනි උනේ ඒක හරියටම දැනගන්න තමයි...
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    eye hospital eke web site eken godak wisthara balaganna puluwan machan poddak check karala balanna.
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මම දන්න විදියට හොදම ඇස් ඩොකාල ඉන්නෙ Durdance එකේ. ලොක්කගේ වයිෆ ඇතුලුව රටේ හුගක් අය යන තැනක් තමයි එතන. වැඩි විස්තර ඕනෙ නම් කියහන්. පොඩ්ඩට ඉක්මන්සුවය පතනවා
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    nikan as wattu giyath ethi ban. es welenawa ethi. fake tears denawa danna ethakota. man ithin doctor neme eyala balala kiyai. godak ayata oya fake tears wede hari yanawa. es welenawata. computer wedipura use karana apitath hondai.
    udenma gihin no ekak gaththanam hari. loku loku hospital yanna one nehe nikan salli nasthi karan. channel karannanam maha ganak yanne nehe. ehema giyath lesi wei
    godak aya direct as wattu yanawa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන දවස සහ සියළු විස්තර එවන්න.
    දන්න වෛද්‍යතුමියක් අක්ෂි රෝහලේ සිටිනවා.
    පුළුවන් උපකාරයක් ඇන්න දෙංඥ්ඥං..........
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    එන දවස සහ සියළු විස්තර එවන්න.
    දන්න වෛද්‍යතුමියක් අක්ෂි රෝහලේ සිටිනවා.
    පුළුවන් උපකාරයක් ඇන්න දෙංඥ්ඥං..........

    ගොඩාක් ස්තූතියි! පුළුවන්නම්... මම 10 වෙනිද (සිකුරාද) එන්න හිතාගෙන ඉන්නෙ, පුළුවන්නම් ඔයාගෙ ෆෝන් නම්බර් එක pm කරන්න. මම කථාකරන්නම්. රත්නපුරේ ඉඳලත් 30km විතර දුරක ඉඳන් එන්නෙ. එහෙම උදව්වක් ගන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා...
     
    Last edited: