බස්_කොන්දොස්තර
දිනය - 2014 09 30
වෙලාව - ප.ව 6.00-6.20 ත් අතර
ස්ථානය -176 කරගම්පිටිය -හෙට්ටියාවත්ත බස් රථයක් තුළ
කතාවට වස්තු බීජය- නාවලින් බසයට නැගී තරුණයෙක් නුගේගොඩින් බැසීමට ආසන්නයේදී බස් ගාස්තුව ලෙස දුන් රුපියල් 20න් ඉතිරි රුපියල් 10 බස් කොන්දොස්තර මහතාගෙන්(වයස අවුරුදු 28ත් 35ත් අතර වයසේ යැයි සිතිය හැකි හීන්දෑරි පුද්ගලයෙකි ) ඉල්ලා සිටි විට තමන් ඉතිරි සල්ලි ඒ මොහොතේම ලබා දුන් බව පවසමින් ඉතිරිය දීම මග හැරීම.....(සැබැවින්ම නිවැරදි කව්දැයි මා නොදන්නෙමි ) කොන්දොස්තර මහතා සමග වාද කරගෙන අවසානයේ..."හිගන්නේක්නේ පො***යා ... " යැයි කියමින් අර තරුණයා ඉතිරි සල්ලි නොලබාම බැස යාම.
මේ අතර සිදු වූ අනෙක් සිදු වීම- කොන්දොස්තර මහතා තවත් මගියෙකුට,අර තරුණයාට බැන වදිමින් තම නිර්දෝෂී භාවය ප්‍රකාශ කරද්දී......, එම මගියාද තමාට නොදුන් ඉතිරි රුපියල් 7ක මුදල ගැන කොන්දොස්තර මහතාගෙන් ප්‍රශ්න කිරීම හා.. ඒ අසා නොරොක් කරගත් මුහුණින් යුතුව ඉතිරි රුපියල් 7 මගියාට ලබා දීම...නැවතත් ඒ මගියා සමග අර තරුණයාට බැන වදින්නට විය...
අනතුරුව මට ඇසුන දේ...- අපි නම් හිගන්නෝ නෙමෙයි...(නෝන්ඩියට හිනා වෙමින්...) අඩු නැතුව සල්ලි අරන් මම ගෙදර යන්නේ....අඩුම ගෙනිච්චා නම් ගෙනිහින් තියෙන්නේ රුපියල් 3000යි. බස් බද්ද රුපියල් 5000ක් අයිතිකාරයට දුන්නට පස්සේ ඉතිරි ඒවා ඔක්කොම අපිට.....අපි කෝටියක් හෙව්වත් අයිතිකාරයට 5000ම තමා...මම අවුරුදු 08ක් මේ ජොබ් 1 කරා...තව අවුරුදු 2යි කරන්නේ....මම නම් දැනටමත් ගොඩ....මේ බස් දුවන ඩ්රයිවර්ලා කොන්දොස්තරලා ඔක්කෝටම ත්‍රීවීල් තියෙනවා....ලොරි තියෙනවා.....වෑන් තියෙනවා....මම ලස්සන ටීචර් කෙනෙක් බැඳලා ඉන්නේ....මගේ ගම වැල්ලවාය.... (මේ පුරාජේරුව අතර අර දෙවන මගියා 'වැල්ලවායේ කොහෙද ?' යනුවෙන් හරස් ප්‍රශ්නයක් විමසයි...) වැල්ලවායේ ටවුන් 1 කිට්ටුවමයි....මම අක්කර 4ක ගම්මිරිස් දාලා තියෙනවා.....අපි නම් හිගන්නෝ නෙමෙයි..(එතැන් පටන් වැල්ලවාය,මොනරාගල ප්‍රදේශයන්හී දේශපාලන බලපුලුවන්කාරයන්ගේ මිත්‍ර සම්බන්දතා ගැන ඔහු දොඩවයි....)
මා මේ කන්දීගෙන සිටියේ ඕපාදූපයක් ඇසීමේ උවමනාවෙන් නොවේ.....කොන්දොස්තර මහතාගේ ව්‍යක්ත පුරාජේරුවේ ගලායන රිද්මයට ඇල්මක් ඇති වූ බැවිනි....
මට මා ගැනම.....බස් වල ගමන් ගන්නා අප ගැනම කණගාටුවක් දැනුනේ නුගේගොඩින් මා බසයෙන් බැසීමට ඔන්න මෙන්න තිබියදී අර මගියා සමග කොන්දොස්තර මහතා කී අවසානාත්මක වාක්‍යයෙනි.....
ඔහු කීවේ....
"අපි නම් හිගන්නෝ නෙමෙයි අපි හැමදාමත් දිනුම්....... මේ බස් වල යන්නේ නම් හැමදාම පරාද හිගන්නෝ....."
මා මෙය සටහන් තැබුවේ.....ඔහුගේ අවසන් වාක්‍ය කීපයෙන් අපට නැවත නැවතත් සිතන්නට යමක් ඉතිරි වූවා යැයි සිතුන බැවිනි....
සැ .යු : මෙම ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.
උපුටා ගැනීම : https://www.facebook.com/photo.php?...set=a.1028414279687.2005381.1505232795&type=1
මේ කතාවෙත් ඇත්තක් තියෙනවා..මොකද මන් දන්න බස් කොන්දොස්තර කෙනෙක් හිටියා..අවුරුදු 5ක් වගේ හිටියේ..මිනිහ ගත්තා බස් 1ක්..
අන්තිමට බලන් ගියහම අපියි හිගන්නෝ වෙලා තියෙන්නෙ..

) හයි ෆයි සෙටප් එකක් තියෙනවා...... ටයිමර් ෆෑන් එකක් තියෙනවා.......
බස් වල යන අයයි.... අයිති කාරයොයි තමා හිගන්නෝ..... කොන්දොස්තරලා කොහොමත් පෝසත්...... 
මෙහේ සමහර බැංකු වලින්; බස් ස්ටෑන්ඩ් එකටම ඈවිත් කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලාට එකවුන්ට් ඕපන් කරවලා; දවස ගානේ බැංකුවෙන්ම ඈවිත් ඩේලි කලෙක්ෂන් කරනවා..... කොහොමද වැඩේ......
...ආසියාවේ ආස්චර්යට පින් සිද්ද වෙන්න එව්ව ටික විකුනලා දාලා කඩයක් දා ගත්තා
..අයිතිකාරයට තියා ගෝලයටවත් නෑ..