ලීටරයට කිලෝ මිටර් 100 ට වැඩියෙන් දුවන්න පුලුවන් වාහනයක් ලැබුනොත් කොයි තරම් දෙයක් ද.
වාහනයක් අයිති කෙනෙක්ගේ එකම පැතුම වෙන්නේ එකයි, හේතුව ඒ උදවිය දන්නවා ඉන්ධන වලට වැය කරන මුදලේ වටිනාකම. 
ඒත් ඒ හීනය සැබෑ වේලා තියෙනවා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ,
හේතුව නවින තාක්ෂණත් එක්ක බලද්දි මේ දේ ඉටු වෙන්න තිබ්බේ මීට දශක කිහිපයකට කලින්,
ඒත් පරක්කු වේලා හරි මේ වගේ නිපැයුමක් නිර්මාණයක් කරන්න පෙළබුන එක ගැන ඇත්තටම සතුටුයි. 
මේ වාහනයත් හයිබ්‍රිඩ් වාහනයක්, අප රටේ හයිබ්‍රීඩ් වාහන වලට හැමෝම නැඹුරු වෙන මේ වකවානුවේදි, මේ වාහනයට අකමැති වෙන්න හේතුවක් නෑ.
පැරිසියේදි මේ වාහනයේම රිනොල්ට් ඉඕලෑබ් බීස්ට් මොඩ්ල් එකක් මොර්ටර් ෂෝ එකේදි ප්‍රදර්ශනය කර තිබුනා බලන්න, කොයි තරම් සුන්දර ද කියලා.
මේ වාහනය ලංකාවේ වෙළද පොළට නිකුත් වුනාම ලොකු පෙරළියක් ඇති කරයි කියන මතයයි මට නම් තියෙන්නේ.
ඒත් මේ හීනය කවදා ඉෂ්ඨ වෙයි ද කියලා අපිට ඇගිලි ගැන ගැනයි ජිවත් වෙන්න වෙන්නේ.
උඹලාට මේ වාහනය ගැන හිතෙන දේ කියහල්ලා



