චේ විසින් රෝපනය කල ගස
ආදරණීය යෞවනයිනි,
ඔබ අමතන මා කවුදැයි ඔබ නොදන්නා බව මම දනිමි. මම යෞවනයට ආදරය කරන්නෙක්මි. සටන්කාමී යෞවනයට ආදරය කරන්නෙක්මි. ලෝකයම මා පිළිබඳ දැනගත යුතු වුවත් ලෝකයට හොරෙන් හුදෙකලාව වෙසෙමි.
එහෙත් මා තාරුණ්‍යයට ප්‍රිය කරන්නේ කුමක් නිසාදැයි යන්න ඔබට ගැටළුවක් විය හැකිය. ලෝකයේම අවධානය දිනාගත් සටන්කාමී යෞවනයකු හා මා අතර ඇති බැඳීම එයට හේතුවයි. ඒ යෞවනයා අන් කිසිවෙකු නොව ‘‘චේ“ ය. “අර්නස්ටෝ චේ ගුවේරා“ නම් ජාත්‍යන්තර විප්ලවවාදියාය. දුක්විඳින මිනිසුන්ගේ විමුක්තිදායකයාය. තාරුණ්‍යයේ සදාකාලික සොඳුරු මිතුරාය.
ඔහු පිළිබඳ ඔබ බොහෝ දේ දන්නා බව මම දනිමි. මන්ද ජීවත් වූ “චේ“ ට වඩා මියගිය “චේ“ ප්රබලව නැඟීසිටින බැවිනි. අනෙක් අතට විප්ලවවාදීන් මියයන්නේ නැත. අධිරාජ්‍යවාදීන් “චේ“ මරාදමා ඔහු සදාකාලික තරුණයෙක් කළේය. සාධාරණය අගයන, යුක්තිය අගයන, උතුම් හදවත් ඇති තරුණයින් මේ මිහිපිට වසන තුරු “චේ“ මරා දැමිය නොහැකිය. යෞවනයින් ඔහුට ආදරය කරන්නේ “කාඩ්බෝඩ්“ වීරයෙකු වූ නිසා නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙකි. මිනිසුන්ට ආදරය කළ මිනිසෙකි. ඔහු එම ආදරය පෙන්වූයේ කැමරා ඉදිරිපිට දී දරුවන් වඩාගැනීමෙන් හෝ සිපගැනීමෙන් හෝ නොවේ. අධිරාජ්‍ය විරෝධය පෙන්වූයේ ක්‍රියාවෙන් මිස කථාවෙන් නොවේ.
ඔහු ජනතා නායකයෙකි. ගරිල්ලා සටන් නායකයෙකි. ඔහුගේ සටන දුප්පතුන් සූරා කෑම පිණිස නොවීය. ඔහුගේ දේශපාලනය ආදර්ශවත් එකකි. මත්පැන් බෝතලයකින්, ආහාර පාර්සලයකින් ඔහු තාරුණ්‍යයට හෙටක් හැදීමට උත්සාහ කළේ නැත. ඔහු කියුබාවේ කර්මාන්ත ඇමතිවරයා විය. මහජන මුදලින් නඩත්තු වන වායුසමීකරණය කරන ලද කාර්යාල, ලොව සුපිරිම ඝනයේ වාහන, තම හිතවතුන්ගෙන්, ඥාතීන්ගෙන් පිරී ගිය කාර්යමණ්ඩල ආදියෙන් පරිපූර්ණ වූ සුඛෝපභෝගී ජීවිතයක් ඔහු එයින් අපේකෂා කළේ නැත. ඔහුගේ කාර්යාලය උක් වගා බිම්වල අටවා ගත් තාවකාලික කූඩාරමක් විය. දෑතේ කරගැට මතු වූයේ වැඩ කරන පන්තියේ මිනිසුන් සමඟ වැඩ කළ නිසාය. ඉතින් ඔහු ආදර්ශවත් ජනතා නායකයෙක් නොවන්නේ කෙසේද?
ඔහු මානව දයාවෙන් පිරී ගිය මිනිසෙකි. වෛද්‍යවරයෙකි. වරක් අතැඟිලි අතරින් ලේ සැරව ගලා යන ලාදුරු රෝගියෙකු තම කෘතඥතාවය පෙන්වීම සඳහා චේ වෙත පිළිගැන්වූ තේ කෝප්පය ඔහු ඉදිරිපිටදීම පානය කිරීමට තරම් නිහතමානී වූ වෛද්‍යවරයෙකි. ඔහු ලොවට බොහෝ ආදර්ශයන් ලබා දුන්නේය.
මා යන්තම් දෙපෙති විහිදුවා හිරුගේ රැස්වලින් පෝෂණය වන්නට වරම් යදිමින් සිටි කාලයේ දී මා දෙපයින් පොළවේ සිටවූයේ ඒ සටන්කාමී යෞවනයාය. ඔහුට ගරු කරමි. ඔහුගේ නාමයෙන් ජීවත් වෙමි.
ඉතින් දයාබර යෞවනයිනි, “චේ“ වැනි මිනිසුන් නිර්මාණය වෙනවා නම් මේ ලෝකය කොපමණ සුන්දර වේවිද? පටු ආත්මාර්ථයෙන් පිරී ගිය, බඩගෝස්තරවාදී සමාජ ක්‍රමයක් වෙනුවට, මනුෂ්‍යත්වය පිරී, මිනිසුන් ගැහැණුන් එකිනකාට ආදරය කරන, ගරු කරන නිදහස් හා සාධාරණ ලෝකයක් කොච්චර සුන්දර වේවිද? “චේ“ ගේ පින්තූරයක් පැළඳ ගත් පමණින් ඔහු වගේ වෙන්න බෑ. ඔහුව හදවතින් වැළඳගත් යෞවනය “චේ“ දිනය සමරනවා. “චේ“ වෙනුවෙන් එක ධජයක සෙවණට එකතු වෙනවා. “සමාජවාදී තරුණ සංගමය“ මේ සඳහා නායකත්වය ලබා දෙනවා. අයාලේ ගිය යෞවනය වෙනුවට ජීවයෙන් පිරී ගිය යෞවනයක් උදෙසා “චේ“ අනුගමනය කරනවා. ඒ සැමරුමට එකතු වෙන්න මමත් හරි ආසයි ඒත්.... මම වෘක්ෂයක්. ඉතින් මම ඇරයුම් කරනවා මෙවර “චේ“ දිනය සමරන්න එන්න, මගේ සෙවණ යටට. සමාජවාදී තරුණ සංගමය ඔබට මඟ පෙන්වාවි.
මම
“චේ“ අතින් රෝපණය වූ “මහෝගනී“ ගස.
උපුටා ගැනීම fb

)