දත් මැදීමෙන්ම දත් නොරැකේ

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දත් මැදීමෙන්ම දත් නොරැකේ


    1412635995297_wps_9_A_young_woman_dipping_a_b.jpg



    දත් මැදීමෙන් පමණක් දත් දෙපළ සුරැුකේයැයි සිතා සිටිනවානම් එය නැවත සිතාබැලිය යුතුව ඇත.
    ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි.
    පහත දැක්වෙන්නේ දන්ත සෞඛ්‍යයට අහිතරක බලපෑම් එල්ල කරන බවට පර්යේෂක පිරිස හඳුනාගෙන ඇති අප කිසිදිනෙකවත් අපගේ දත් වලට හානිගෙන දෙනු ඇතැයි නොසිතන කි‍්‍රයාකාරකම් කිහිපයකි.
    සීත කාලගුණයකදී සිරුරට ප‍්‍රබෝධයක් දීම සඳහා පානය කරන තේ වීදුරුව
    උණුසුම් වීමට යැයි කියා පානය කරන තේ හෝ වෙනත් කිසියම් උණුසුම් පානයකින් දතෙහි මතුපිට ඇති දන්තිනයට හානි පැමිණීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.
    දතට අනන්‍ය වර්ණය ලබාදෙන දන්තිනය නොනවත්වාම උණුසුම් පානයන් හා ගැටුනහොත් එය ඉරිතැලෙන බවද මෙම ඉරිතැලීම් දිගින් දිගටම වර්ධනය වුවහොත් එම පැලූම් ඔස්සේ දතෙහි අභ්‍යන්තරයට ඇතුලූවීමට ඉඩ ඇති බැක්ටීරියා වලින් විවිධාකාරයේ ආසාදනයන් ඇතිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු අනතුරු අගවති.
    මෙනිසා හොදම දෙය සීත යැයි කියා ඉතා උණුසුම් පානයන් පානය කිරීමෙන් වැළකී ඒවා පමණට උණුසුම් වූ පසු පානය කිරීම බව ඔවුහු පවසති.

    කට ඇරගෙන පිහිනීම
    ජලය පිරිසිදු කිරීමට යොදාතිබෙන ක්ලෝරීන් දත් දිරායාමටත්,දත් අවපැහැ ගැන්වීමටත් හේතුවන බව හඳුනාගෙන තිබෙන්නකි.
    මෙනිසා හැකි සෑම විටම කට වසාගෙන පිහිනීමට උත්සාහ කිරීම සුදුසුය.


    සෙම්ප‍්‍රතිශ්‍යාවට ගනු ලබන ඇතැම් ඖෂධ
    ඇතැම් ඖෂධ ඛේට ග‍්‍රන්ථි වල කි‍්‍රයාකාරීත්වයට බලපාන හෙයින් වියළි මුඛයක් ඇතිවිය හැකි බවත් එය දන්ත සෞඛ්‍යයට අයහපත් බවත් පර්යේෂකයෝ කියතිල දත් නොනවත්වාම ඛේටයෙන් ස්නේහනය කරවීම ඒවායේ පැවැත්මට වැදගත්ය.
    මෙවන් අවස්ථාවක සීනි රහිත චුවින්ග්ගම් සැපීමෙන් හෝ ජලය පානය කිරීමෙන් දත් වලට විය හැකි හානි වළක්වාගත හැකිය.

    දත්වලින් පොලිතින් හා ප්ලාස්ටික් කවර ඉරා දැමීම
    මෙවන් අවස්ථාවලදී දත් මත යෙදෙන අධික පීඩනය නිසා දත් ඉරිතලා යා හැකියැයි සඳහන්ය.
    ආහාර ගත් වහාම දත් මැදීම
    ආහාර වල ඇති අම්ල හා සීනි දතෙහි එනැමලය මත තැන්පත් වේ.එනැමලය මත පිහිටන ආරක්ෂක ස්ථරය එම අම්ල හා සීනි වලින් දතට විය හැකි හානි මැඩපැවැත්වීමේ සමත්ය.
    නමුත් ආහාර ගත් වහාම දත් මැදි විට මේ ස්ථරය ගැලවී ඉවත්ව යයි.නැවත ස්ථරයක් ගොඩනැගීමට පැය භාගයක් පමණ කාලයක් ගතවන අතර ඒ වන විට දත් මැදි පසුත් මුඛයේ රැඳී තිබෙන්නට ඉඩ ඇති අම්ල හා සීනි වර්ග දත් මත රැදී ‘‘වැඩ‘‘ අරඹා තිබෙන්නට පිළිවන.
    මෙනිසා පර්යේෂකයින් උපදෙස් දෙන්නේආහාර ගෙන පැය භාගයක් පමණ හිඳ දත් මදින ලෙසයි.
    උපත්පාලන පෙති භාවිතය
    ඇතැම් උපත්පාලන පෙති භාවිතා කළ පසු විදුරුමස් ඉදිමේ.පර්යේෂකයින් පවසන්නේ උපත් පාලන පෙතිවලින් සිරුරේ හෝමෝන කෙරෙහි බලපෑමක් ඇතිවන නිසා එහි අතුරුඵලයක් ලෙස මෙසේ සිදුවන බවයි.
    හෝමෝන සාන්ද්‍රණය අඩු වෙනත් උපත්පාලන පෙති වර්ගයක් භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකිය.
    දත් වල හිල් තබාගෙන (දන්ත කුහර) ගුවන්ගමන් වල යෙදීම
    මෙවන් කුහර වල සිරවී තිබිය හැකි වායු බුබුලූ ගුවනේ අඩු වායුපීඩනය නිසාවෙන් පිටතට පැමිණීමට ඉඩ ඇත.මෙවිට අධික වේදනාවක් දැනීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.
    ගුවන්ගමනක යෙදීමට ප‍්‍රථමයෙන් දත් පිරවීමට අවැසිදැයි දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දේ.
    තෝරතෝංචියක් නැති කියවිල්ල
    පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අඟවති.
    සන්ධිය ගෙවුනු විට කට ඇරගෙනම සිටීමට සිදුවනු ඇත.
    වේදනා ගෙන දෙන දතකට ඇස්පී‍්‍රන් තැවරීම
    මෙය ඉක්මන් සහනයක් ගෙන දුන්නද ඇස්පී‍්‍රන් නිසා මුඛයේ ඇති සියුම් හා සංවේදී පටක විනාශ විය හැක.
    ඇස්පී‍්‍රන් පෙත්තක් ගිලීමෙන්ද වේදනාව සමනය වන බැවින් එසේ කිරීම වඩා සුදුසුය.
    ඇදුම රෝගයට ‘‘ඉන්හේලර්‘‘ භාවිතය
    ඇතැම් ඉන්හේලර වල ඇති සංයෝගයන් දත් දිරායෑමට හේතුවන බව සොයාගෙන ඇත.
    පර්යේෂකයින් උපදෙස් දෙන්නේ ඉන්හේලරය භාවිතා කරන විටදී එය දත් වල නොගැටෙන සේ තබා ගත යුතු බවයි.
    ඉන්හේලරය භාවිතා කිරීමෙන් පසු මුඛය හොදින් සේදීමද සුදුසුය.
    දිය යට කිමිදීම
    කිමිදීමේදී දත් අතර සිරකර තබා ගැනීමට දෙන ප්ලාස්ටික් තල්ලට යෙදීමට සිදුවන පීඩනය දත් කැක්කුම්,හකු රිදුම්, වැනි රෝග තත්ත්වයන් වලට හේතුවන බව සොයාගෙන ඇත.








    උපුටා ගැනීමකි :( 2014 ඔක්තෝබර් මස 08 12:18:08 | කෝවිද ගුණසේකර
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    You must spread some Reputation around before giving it to hacker T again.
    තැන්ක්ස් මචන්

     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17258692 said:
    දත් සෙට් එකම Titanium implantation ගහල ඉන්නව යකෝ පාඩුවෙ සෙද්ද :dull:
    හෝදනැද්ද අර අකුණු සන්නායක වල තියන ලෝහයකින් දැම්මොත් :dull:
    කටට අකුණු වදින්නේත් නැනේ :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17258692 said:
    දත් සෙට් එකම Titanium implantation ගහල ඉන්නව යකෝ පාඩුවෙ සෙද්ද :dull:
    periimplantitis හැදුනම @ දෙකත් එක්ක ගලවන්න වෙන්නේ.......:dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෝදනැද්ද අර අකුණු සන්නායක වල තියන ලෝහයකින් දැම්මොත් :dull:
    කටට අකුණු වදින්නේත් නැනේ :rofl:

    කලින් කටට අකුණු වැදිලා තියෙනව කියල හිතුවද ප* :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull:කාටද අර අහවල් දේ කොලේ දත් වලට :dull:
    ඕක ගේ කටෙත් දත් නෑ *කත් පණ නෑ.....
    මේකට වෙලා බීල සමයං දොඩවනවා වහින වෙලාවෙ හස්ත කරුමාන්තවත් කරගන්න බැරි නිසා..........:dull: