යාලුවනේ මම මේ Fake Account එකක් හදාගෙන ආවේ මේ කතාව ඔයාලට කියන්න.මගෙ හිතේ තියෙන දුක ඔයාලට කියලා හිත නිදහස් කරගන්න.මම දන්නවා ඔයගොල්ල මේක කියවලා මොකක්හරි අදහසක් මට දේවි කියලා.එහෙනම් මෙන්න මේකයි කතාව.මම පොඩි කාලෙ ඉදන් Social Anxiety Disorder (සමාජ භීතිකාව) රෝගයෙන් දුක් විදිනවා.පොඩි කාලෙ ඉඳලම මං ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක්.කා එක්කවත් කතාබහක් නෑ.කවුරුහරි කතා කරොත් කිසිම දෙයක් නොකියා හිනාවෙන එක විතරයි කලේ.මගෙ වයසේ අනික් ලමයින්ට වඩා මම වෙනස් කෙනෙක් උනා. මම ගියේ ගමේ ඉස්කෝලෙකට. 1වසරෙ පන්තියට ඇතුල් වුන දවසෙ මම තාත්තට යන්න එපා ඉන්න කියලා ඇඩුවා.අනිත් කවුරුවත් එහෙම කලේ නෑ.අන්තිමට ටීචර් තමයි මාව එතනදි බලාගත්තේ.ඔහොම කල් යනකොට 2වසරෙ ඉද්දිත් මම යාලුවො එක්ක වැඩි ආශ්‍රයක් නෑ.අනික් ලමයි සෙල්ලම් කරනකොට මං විතරක් තනියම පන්තිය ඇතුලේ ඉදගෙන හිටියා.ටීචර් කිව්වා අනික් ලමයි එක්ක ගිහින් සෙල්ලම් කරන්න.ඒත් මං ඒගොල්ලො අතරට යන්න බය උනා.ඔහොම සති දෙකක් විතර ගියා.ඒ අතරෙ මං අනික් අය අතරට ගිහින් පුරුදු උනා.පස්සෙ මාත් අනික් ලමයි වාගෙ සාමාන්‍ය විදියට හිටියා.එතකොට වැඩිය ලැජ්ජාවක්,බයක් දැනුනේ නෑ.
ඊට පස්සෙ 5 ශිෂ්‍යත්ව විභාගෙ ලියලා වෙන ඉස්කෝලෙකට යන කාලෙත් ආවා.අපි ඉස්කෝලෙන් අස් වෙලා අලුත් ඉස්කෝලෙට බාරදෙන දවසත් ආවා.එදා මං ටිකක් බය වෙලා තමයි හිටියේ.කොහොමහරි මම අලුත් ඉස්කෝලෙට යන්න පටන් ගත්තා.මුල්ම දවස් වල මම වැඩිපුර කතා කරේ මගෙ පරණ යාලුවොත් එක්ක.ඒත් අලුත් යාලුවො එක්ක කතා කරන්න මම ලැජ්ජා උනා.ඉතින් මෙහෙම අලුත් ඉස්කෝලෙ ජීවිතේ ගෙවිලා ගියා.අනික් අයට හොඳ උනාට මටනම් ඒක මිහිපිට අපායක් උනා.අලුත් ඉස්කෝලෙදි මගෙ සමාජ බිය සහ ලැජ්ජාව (Social Phobia & Shyness) එන්න එන්න වැඩිවෙන්න පටන් ගත්තා.ඉස්කෝලෙ නොයා ඉන්න හැදුවා.ගොඩක් විෂය බාහිර ක්‍රියාකාරකම් මගහරින්න පටන් ගත්තා.සෞන්දර්යය විෂයන් වෙලාවෙදි තමයි මම වැඩිපුරම මගහරින්න හැදුවේ.මොකද ඒ වෙලාවෙදි නාට්‍ය,කවි,සිංදු ඉදිරිපත් කරන්න තිබුනා.මගෙ ලෙඩෙත් එක්ක ඒ හැම දේකින්ම මගාරින්න බැලුවේ.අපිට නාට්‍ය,සිංදු,කවි ඒ වෙලාවෙදි පොඩි කණ්ඩායම් බෙදලා පුරුදු වෙලා ඉදිරිපත් කරන්න තිබිබේ.මං ගොඩක් දුර්වල උනා ඒව පුරුදු වෙන වෙලාවෙදි.මට ඒ නිසා මගෙ කණ්ඩායමේ හැමෝගෙන්ම බැනුම් අහන්න උනා.වෙන එකක් තියා ගෑනු ලමයින්ගෙනුත් බැනුම් අහන්න උනා.ඒ උනාට මට ඒගොල්ලන්ට ආපහු බනින්න තරම් ශක්තියක්,පෞරුෂයක් තිබ්බෙ නෑ.කට වහගෙන තමයි හිටියේ.බැන්නත් බනින්න පුලුවන් උනේ හිතෙන් විතරයි.කොටින්ම කියනවනම් මට වඩා පොඩි එකෙක්ට තියන ශක්තියවත් තිබ්බෙ නෑ ඒ වාගෙ වෙලාවට.ඉතින් දිගින් දිගටම උනේ මම මුලුගැන්නිලා හැම දේකින්ම ඈත්වෙලා ජීවත් උනා.අන්තිමට මම පොඩි කාලෙ ඉදලා එකට හිටිය යාලුවො එක්ක කතා කරන්නත් මම බය උනා.මං 6වසරෙ ඉදන් 11වසරට එනකම් ක්‍රීඩාවකට,උත්සවේකට,වෙන විෂය බාහිර ක්‍රියාකාරකම් වලට,අධ්‍යාපන චාරිකා,වෙන වෙන Events එකකටවත් ගියේ නෑ.අඩුගානෙ කඩේකට වත් යාගන්න මට පණක් නෑ.අනික් දේ තමයි මගෙ වයසෙ කොල්ලෝ කරන එකම දෙයක්වත් කරගන්න මට බෑ.බයික් පදින්න,ත්‍රීවීල් එකක් එලවන්න,වෙන සාමාන්‍ය දේවල් කරගන්න මට බෑ.අඩුගානෙ ක්‍රිකට් ගහන්නවත් මට බෑ.ක්‍රිකට් ගහන්න හැම එකාටම පුලුවන්නේ.ඒව තියා ගෙදර වැඩක්වත් කරගන්න බෑ කීවම?පොලයක් ලෙලි ගහගන්න,දර පලාගන්න,උදලු ගාන්න,ගහකට නගින්න,මොනව හරි බර වැඩක් කරන්න..මට පුලුවන් එකම දේ තමයි කොම්පියුටරෙත් එක්ක දවස තිස්සෙම ඉන්න එක.
මම දවසක් වෙබ් සයිට් එකක දැක්කා Social Anxiety Disorder ගැන විස්තර කරලා තියෙනවා.මම ඒකෙ තිබ්බ හැම දෙයක්ම කියෙව්වා.මට ඒ වෙලාවෙ හිතුනේ කවුරුහරි මං දිහා බලාගෙන ඉදලා ඒ ආටිකල් එක ලිව්වා කියලයි.ඒ තරමට ඒකෙ තිබ්බ දේවල් මං හිටපු විදිහත් එක්ක සමාන උනා.මට ඒ පේජ් එකේ හම්බවුනු වැදගත්ම කරුණක් තිබ්බා.මට ඒ කරුණ දැක්ක වෙලාවෙ ඉදල තමයි මේ හැමදේම තේරුම් යන්න පටන් ගත්තේ.එතන ඉදන් මට වෙච්ච හැම දෙයක්ම මට පැහැදිලි උනා.ඒ කරුණ තමයි “දරුවා බහ තෝරන අවධියේ සිට සමාජමය කටයුතු වලට සහභාගී කර නොගැනීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැකි අතර කල්යත්ම එය වඩාත් උග්‍ර තත්ත්වයට පත් විය හැක.”ඔන්න ඒකයි ඒ කරුණ.ඉතින් මගේ පවුලේ අයත් එහෙම අය.මගෙ පවුලෙ තව දෙතුන් දෙනෙක් ඉන්නවා.අන්න ඒ අයගෙ බලපෑම තමයි මේකට හේතුව.ඒ අය තමයි මගෙ අම්මටයි තාත්තටයි බලපෑම් කරලා මාව හදලා තියෙන්නෙත් ඒ ගොල්ලන්ගෙ උවමනාව මත.අනික ඒ අය මාව හදලා තියෙන්නේ අනවශ්‍ය විදියට හුරතල් කරලා.සාමාන්‍ය දෙයක්වත් තනියම කරගන්න ඉඩ දීලා නෑ.මාව සමාජෙට හුරු කරලා නැත්තේ ඒ අයගෙ මාන්නක්කාරකම,වලව්පන්නෙ නිසා.ඉතින් පොඩි කාලෙ ඉදන් මේ විදියට මාව හදපු හින්දා තමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. අනික් මිනිස්සුන්ව පහත් කරලා කතා කරේ.ගමේ අය ගෙදරට එනවට කැමති උනේ නෑ. අඩුගානෙ පොඩි එකෙක්වත් ගෙදරට එනවට කැමති උනේ නෑ.මේ නිසා අම්මයි තාත්තයි ගොඩක් අසරණ වෙලා තියෙනවා.අම්මයි තාත්තයි නම් ඒ දෙතුන් දෙනා වාගෙ නෙවෙයි.දැන් ඉතින් අපි ඒ කට්ටියගෙන් වෙන්වෙලා ඉන්නේ.ඒත් මම මේක දැනගන්නකොට මගෙ හොදම කාලෙ ගිහිල්ලා ඉවරයි. මට තේරෙන්නෙ නෑ මොකද මට මෙහෙම උනේ කියලා.මං විතරද දන්නෑ මේ විදියට ඉපදුනේ.මේකට වගකියන්න ඕනෙ මගෙ දෙමව්පියෝ නෙවේ.මොනව කරන්නද?දැන් මම මේකට Treatments කරගෙන යනවා. මට දැන් තියන අවුල තමයි හොද රස්සාවක් හොයා ගන්න එක.තවම මගෙ සමාජයට තියෙන බය නැතිවෙලා නෑ.හැබැයි ඉස්සරට වඩා මම ටිකක් ඉදිරියෙන් ඉන්නවා.ඔයාලවත් කියන්න මගෙ ලෙඩෙත් එක්ක බලනකොට මට ගැලපෙන රස්සාව මොකද්ද කියලා.ඒවගේම මට කියන්න මට හොද ක්‍රීඩා මොනවද.ක්‍රිකට්,වොලිබෝල්,රගර් මේ හැම එක්කම මම ජීවිතේටවත් සෙල්ලම් කරලා නෑ.මට කියන්න මං ඒ හැම දෙයක්ම පුරුදු වෙන්නේ කොහොමද?අනික් කොල්ලො කරන හැම දෙයක්ම මටත් කරන්න ඕනෑ.මම ඉස්සරවෙලා ඒ වාගෙ දේවල් පුරුදු වෙලා ඉන්න ඕන.නැත්නම් වෙන්නේ චාටර් කන්න වෙන එක.ඉතින් යාලුවනේ මගෙ කතාව ගොඩක් දිග උනාට සමාවෙන්න.එහෙම උනත් මේ දේවල් කියන්නම එපැයි.ඉතින් ඔයාලාට හිතෙන දේවල් කියන්න.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.ඔයාලා හැම කෙනෙක්ම මට උපදෙසක් දෙන්න.ඔයාලට ගොඩක් පිං.

වටේ ඉන්න උන්ට හෙන ගහල කරවෙලා හම පිච්චිලා ඇඟේ හම නැතුව මැරිල වැටුනත් උඹ කොමේ