Night Club අනුරාධපුරේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද?අනුරාධපුරේ ඉන්නේ බයියෝද?
    ගිනස් වාර්තා නවයක් තැබූ අනුරාධපුරේ නයිට්ක්ලබ් හිමිකරු කියන කතාව



    alex.png


    අනුරාධපුර නගරයේ රාත්‍රි සමාජශාලාව ගැන මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. අනුරාධපුර පූජා භූමියට ආසන්නයේ පවත්වාගෙන ගිය මෙම රාත්‍රී සමාජ ශාලාව පිළිබඳව පාර්ලිමෙන්තුය්වේද කතා බහට ලක්වුණි. මේවනවිට හෙළිවී ඇත්තේ එම රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු අන් කවරෙකුවත් නොව අනුරාධපුරයේ "යකඩ මිනිසා" නමින් හඳුන්වනු ලැබූ ඇලැක්‌සැන්ඩර් වසන්ත බවය.

    2009 වසරේ රූපවාහිනී රියලිටි වැඩසටහනකින් ප්‍රථම ස්ථානය ඇලෙක්සැන්ඩර් එකල ලංකාවේ ජනප්‍රිය චරිතයකි. මේ වනවිට ඔහු විසින් තැබූ ගිනස් වාර්තා ප්‍රමාණය නවයකි. එම වාර්තා පහතින් වේ.

    1998 ජනවාරි 10 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී උළුකැට 525 ක් ශරීරයේ ගසා කඩා දමා ලෝක වාර්තාවක් පිහිටවීම
    කොන්ක්‍රීට් ලෑලි 12 ක් හිසෙන් ගසා නෝර්වීජියානු ජාතික නේවි ලැරට් විසින් කොන්ක්‍රීට් ලෑලි 7 ක් හිසෙන් ගසා කඩා තැබූ වාර්තාව බිඳ දැමීම
    අඟල් 2 ක් ඝණකම අඩි 6 ක් දිග ලී පොලු 29 ක් විනාඩියක් තුළදී ශරීරයෙන් ගසා කඩා දැමීම
    ඇණ ලෑල්ලක් මත වැතිරිලා කිලෝ ග්‍රෑම් 688 ක් බර කොන්ක්‍රීට් කුට්ටි තබා කුළුගෙඩි 3 කින් ගසා විනාඩියයි තත්පර 20 කදී කඩා දැමීම.
    තුර්කියානු ජාතික අලිබාසිටේප් කොන්ක්‍රීට් ලෑලි 33 ක් අත් මුෂ්ටි පහරින් කඩලා තබා තිබූ වාර්තාව කොන්ක්‍රීට් ලෑලි 35 කඩා දමා බිඳ දැමීම.
    තනි අත් පහරකින් ටොන් එකයි කිලෝ 700 ක බරක් කඩා ඇමරිකානු ජාතික ඩෑන් නෙදර්ලන්ඩ් කොන්ක්‍රීට් ටොන් එකක බරක් තනි අත් පහරකින් ගසා කඩා තැබූ වාර්තාව බිඳ දැමීම.
    අයිස් කුට්ටි 20 ක් අතින් ගසා කඩා ඩෑන් නෙදර්ලන්ඩ්ගේ මල්ලී චැට් නෙදර්ලන්ඩ් හොන්ඩරයක් බර අයිස් කුට්ටි 16 ක් අතින් ගසා කඩා තැබූ වාර්තාව බිඳ හෙලීම.
    තත්පර 54 ක කාලයකදී උළුකැට 104 ක් ශරීරයේ ගසා කඩා දමමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීම.
    අඟල් 2 ක් ඝනකම අඩියක් පළල අඩි 5 ක්දිග කොන්ක්‍රීට් ලෑලි 37 ක් ගිනි තියල හිසෙන් ගසා කඩා දැමීම හා ඇණ 522 ක ලෑල්ලක් මත දිගාවෙලා කළු ගල් කියුබ් කාලක් ශරීරය මත තබා කුළු ගෙඩියෙන් ගසා කඩා දැමීම.

    මෙසේ ගිනස් වාර්තා පිහිටවූ ඇලෙක්සැන්ඩර් අද දින වනවිට අනුරාධපුර පූජා භූමියේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකි. මේ ඒ සම්බන්ධව ඔහු විසින් ඉරිදා දිවයින් පුවත්පතට ලබාදුන් සංවාදයයයි.

    ඔබ රටේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ රියෑලිටි තරුවක්‌ විදිහට...?
    පුංචි කාලේ ඉඳල රියෑලිටි මගේ ඇඟේ තිබුණා. ඒ දේ මට පෙන්වන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ දක්‍ෂතාවය රටට පෙන්නුවා. ඊට අමතරව මම ලෝක වාර්තා අටක්‌ පිහිටුවලා තියෙනවා.

    මෙහෙම දක්‍ෂතා තියෙන කෙනකුගේ වෘත්තිය මොකක්‌ද...?
    ව්‍යාපාර සහ කරාතේ උපදේශනය.

    ව්‍යාපාර මොනවද...
    සංචාරක හෝටලයක්‌ කරගෙන යනවා.

    කොහේද...?
    අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ...

    එතැන තියෙන්නේ සංචාරක හෝටලයක්‌ නෙමෙයි නයිට්‌ ක්‌ලබ් එකක්‌...?
    නෑ... ඒක සංචාරක හෝටලයක්‌.

    ඔබ කොහොමද සංචාරක හෝටලයක්‌ කියන්නේ...?
    සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය ඇතුව කරගෙන යන නිසයි.

    එතකොට එතැන රාත්‍රි සමාජ ශාලාවක්‌ නැද්ද...?
    තියෙනවා... සංචාරක හෝටලයක්‌ තුළ සංචාරකයන්ට ලබා දෙන සේවාවක්‌ විදිහට නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න පුළුවන්.

    රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යැමට ප්‍රධාන වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොනවද...?
    අංක එකට මත්පැන් බලපත්‍රය තියෙන්න ඕනා. පරිසර බලපත්‍රය, ශබ්ද බලපත්‍රය සහ සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය තිබුණොත් ප්‍රමාණවත්.

    ඒ සියලු බලපත්‍ර ඔබට තියෙනවද...?
    ඔව්.

    හරි... ඒත් අනුරාධපුරය වගේ ඓතිහාසික පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න සුදුසුයි කියලා ඔබ හිතනවද...?
    නයිට්‌ ක්‌ලබ් එකක්‌ ඇතුළෙ ඔය මිනිස්‌සු කියන තරම් මහ ලොකු දෙයක්‌ වෙන්නේ නෑ. සෙක්‌ස්‌වලට යන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඒ සීමාව ඇතුළේ මිනිස්‌සු වින්දනයක්‌ ලබනවා. මෙතැනට එන කොල්ලෝ බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා ලොකු තෘප්තියක්‌ ලබනවා. ඒ වින්දනය රටට අගුණ නෑ. රටකට තියෙන්න ඕනෑ. එහෙම හරි වින්දනයන් ගන්න බැරි තැන තමයි මිනිස්‌සු විවිධ අපචාර ක්‍රියාවලට යොමු වෙන්නේ.

    ඒක හරි කියමු... අනුරාධපුරය වැනි පූජනීය නගරයකට රාත්‍රි සමාජ ශාලාවක්‌ සුදුසුද...?
    පූජනීය නගරය තියෙන්නේ හෝටලය ළඟ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්නේ. එහෙම බලනවා නම් කොළඹත් පූජනීය නගරයක්‌. කැලණි විහාරය තියෙනවා. බෙල්ලන්විල පන්සල. ගංගාරාමය ඒවාත් පූජනීය ස්‌ථානනේ. සිරිමා බෝධියට සමානයි. එහෙම නම් කොළඹ කොල්ලන්ට විතරද ආතල් ඕනෑ අනුරාධපුරේ බයියන්ට නයිට්‌ ක්‌ලබ් ඕනෑ නැද්ද.

    මේක ආතල් පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි. නුවර දළදා මාළිගාව ඉදිරිපිට ක්‌ලබ් එකක්‌ දැම්මොත් ඔබ එකඟ වෙනවද...?
    බෞද්ධයෙක්‌ විදිහට මම ඒකට කැමති නෑ... දළදා මාළිගාව කියන්නේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ.

    එතකොට සිරිමා බෝධිය කියන්නේ මොකක්‌ද...?
    මේ සිද්ධස්‌ථාන දෙක අතර වෙනසක්‌ නෑ කියලා මම පිළිගන්නවා. ඕනෑම පූජා නගරයක කිලෝ මීටර් දෙකකින් එහා පැත්ත සාමාන්‍ය නගරයක්‌. ඒත් මගේ හෝටලය තියෙන්නේ සිරිමා බෝධියට කිලෝ මීටර් පහක්‌ දුරින්.

    අනුරාධපුරේ පදිංචිකරුවකු විදිහට ඔබ පූජාභූමිය දකින්නේ කොහොමද...?
    පූජා භූමියට මගේ විශාල ගරුත්වයක්‌ තියෙනවා. ඒක අඹ මල් රේණුවක්‌ තරම්වත් වෙනස්‌ වෙලා නෑ. ඒත් රටේ නීතියට අනුව පූජා භූමිය තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් දෙකක්‌ දුරින්. එතැනින් මෙහාට සාමාන්‍ය නගරයක්‌. මගේ හෝටලය තියෙන්නේ පූජා භූමියේ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්. එහෙම නම් නුවර දළඳා මාළිගාව ඉදිරිපිටත් හෝටලයක්‌ තියෙනවා. රටේ නීතිය හැම පළාතකම මිනිස්‌සුන්ට එකක්‌ වෙන්න ඕනෑ. කොළඹ මිනිස්‌සුන්ට එක නීතියකුත් නුවරට තව නීතියකුත් අනුරාධපුරයට තව නීතියකුත් තියෙන්න බෑ.

    ඔබ කියන්නේ දළදා මාළිගාව ඉදිරිපිට තියෙන හෝටලය තුළත් නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යනව කියලද...?
    නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. ඒ හෝටලයට මත්පැන් බලපත්‍ර තියෙනවා. රටේ සෑම පුරවැසියකුටම එක සමාන අයිතියක්‌ තියෙන්න ඕනෑ. අනිත් එක මගේ හෝටලය පූජනීය නගරය තුළ පිහිටලා තියෙනවා නම් බාර් ලයිසන් දෙන්නේ නෑ. සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක දෙන්නෙත් නෑ. ඔය හැම ලයිෂන් එකක්‌ම මගේ හෝටලයට තියෙනවා. අනිත් එක පූජා භූමිය ඇතුළෙ තමයි වෙන තරම් නරක වැඩ වෙන්නේ... අරක්‌කු තැබෑරුම් කීයක්‌ තියෙනවද. මස්‌ කඩ තියෙනවා. ගණිකා ජාවාරම කරගෙන යන තැන් තියෙනවා. පූජා භූමියේ ප්‍රධාන දොරටුවට කෙළින්ම තියෙන්නේ මාළු ලෑල්ලක්‌. ඇයි ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ.

    පූජා භූමිය ඇතුළේ වෙන නරක වැඩ මොනවද...?
    මට ඒවා කියන්න බෑ. මම හෙටත් ජීවත් වෙන්න ඕනෑ අනුරාධපුරේ.

    ඔබ තවමත් ළමයින්ට කරාතේ පන්ති කරනවද...?
    ඔව්...

    ගුරුවරයෙක්‌ විදිහට රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යන එක සුදුසුද...?
    මම මේ ව්‍යාපාරයේ වැරැද්දක්‌ දකින්නේ නෑ. මම කරන්නේ කොළඹ තරුණයන්ට තියෙන අයිතිය අපේ තරුණයන්ටත් ලබාදීමයි. මේක පළාතට කරන සේවයක්‌. අපේ මව්බිම ශ්‍රී ලංකාව නම් අපිටත් කොළඹ මිනිස්‌සුන්ට තියෙන අයිතිය තියෙන්න ඕනෑ. අනුරාධපුරේ දැන් බයියෝ නෑ. ඒ මිනිස්‌සුත් කැමතියි ගෙවල්වල තියෙන ප්‍රශ්න අමතක කරලා අඩියක්‌ පුඩියක්‌ ගහලා කෙල්ලෙක්‌ එක්‌ක ඩාන්ස්‌ කරලා විනෝද වෙන්න.

    අපි නම් දකින්නෙ තවමත් අනුරාධපුරේ ජීවත් වන බහුතරය මහ පොළවත් සමග ගැටෙන මිනිස්‌සු. පොළව තඩිගහලා දුක්‌මහන්සියෙන් හරි හම්බ කරගන්න මුදල ඔබේ නයිට්‌ ක්‌ලබ් එකේදී සොච්චමක්‌...?
    ක්‌ලබ් එකට එන්න කියලා අපි මිනිස්‌සුන්ට බල කරන්නෙ නෑ. මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුව නයිට්‌ ක්‌ලබ් එකට එයි. නැත්නම් වෙන තැනකට යයි. අනුරාධපුරේ සමහර කොල්ලෝ කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට ඇවිත් යනවා. මේක පූජනීය නගරයක්‌ කියල මිනිස්‌සුන්ගේ අයිතිය නැති කරන්න හොඳ නෑ.

    ඔබේ පන්තිවල ළමයි නයිට්‌ ක්‌ලබ් එකට එන්නේ නැද්ද...?
    එනවා. මම ඉන්නව දැක්‌කම 'සර් ෆන් එකක්‌ ගන්න ආවා' කියලා කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා විනෝද වෙලා යනවා.

    නයිට්‌ ක්‌ල්බ් එකේ වෙන්නෙ කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා යන එක විතරද...?
    ඔව්...

    නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන එක වැරැද්දක්‌ නෙමයිද...?
    එහෙම නෙමෙයි... ඔයාල දැන් මට ලොකු කළු පැල්ලමක්‌ ගහලා තියෙනවා. සමාජයත් නයිට්‌ ක්‌ලබ් දිහා බලන්නේ එක කෝණයකින් විතරයි. මම කියන්නේ ඒ බලන කෝණය වැරදියි. නයිට්‌ ක්‌ලබ් රටකට අවශ්‍ය දෙයක්‌ කියලා තේරුම් ගත්ත දවසකට මම එළිපිටට එන්න සූදානම්.

    ඔබ නයිට්‌ ක්‌ලබ් එක දකින කෝණය මොකක්‌ද...?
    ලංකාවේ නීතියක්‌ තියෙනවා නේ. රටේ පුරවැසියන් විදිහට රටේ වලංගු නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීති රාමුව ඇතුළෙ නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා නම් ඒක අනුරාධුපරයේද... කොළඹද... කියලා නෑ. රටේ ඕනෑ තැනකට වලංගුයි. නැත්තම් ලංකාවට නයිට්‌ ක්‌ලබ් තහනම් කරන්න ඕනෑ. අපේ හෝටලයේ කරන්නේ අපිට තියෙන මත්පැන් බලපත්‍රයට මත්පැන් විකුණනවා. ඒකට එකතු කරලා තියෙනවා ඩී.ඡේ. සංගීතය. සහායට නර්තන ශිල්පීන් එකතු කරලා තියෙනවා. ඒ කෙනෙක්‌ එක්‌ක ඩි්‍රන්ක්‌ස්‌ එකක්‌ අරගෙන ඩාන්ස්‌ එකක්‌ දාන්න අවස්‌ථාව දීලා තියෙනවා. එතැනින් එහාට ඒ ළමයින්ව ගණිකා වෘත්තියෙ යෙදවීමක්‌වත්, එහෙම නැත්නම් වෙන යම් දෙයක්‌වත් සිදුවෙන්නේ නෑ.

    ඔබ වගකීමෙන්ද කතා කරන්නේ...?
    ඔව්...මගේ ක්‌ලබ් එකෙන් කෙල්ලෙක්‌ව එළියට අරගෙන පෙන්නුවොත් හෙට මම නයිට්‌ ක්‌ලබ් එක වහනවා. සීමාවෙන් එහාට කිසිම දෙයක්‌ වෙන්න මම ඉඩ තියලා නෑ. මගේ හෝටලයේ වැඩ කරන කාන්තාවන්ට උපරිම ආරක්‍ෂාව දීලා තියෙනවා.

    අඩුම තරමින් අවශ්‍ය දෙයක්‌ ගන්න එළියටවත් යන්න දෙන්නේ නෑ. නිවාඩුවට ගෙදර යනකොටත් හෝටලයේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ ඇවිත් බස්‌ එකට දාලා යන්නේ. එහෙම කොන්දේසි මාලාවකට යටත් කරලා තමයි ගැහැනු ළමයින්ව සේවයට අරගෙන තියෙන්නේ.

    දැන් ඔබ කියන්නේ ඔබේ නයිට්‌ ක්‌ලබ් එක ඇතුළෙ බීලා නටනවා ඇරෙන්න වෙන කිසිම දෙයක්‌ වෙන්නේ නෑ කියලද...?
    ක්‌ලබ් එකේ වැඩිම වුණොත් කෙල්ලෙක්‌ කොල්ලෙක්‌ තුරුළු වෙලා ඉඳිවී. නැති නම් කෙල්ලෙක්‌ කොල්ලෙකුගේ ඔඩොක්‌කුවේ වාඩි වෙයි. එච්චරයි. එතැනින් එහාට කිසිම දෙයක්‌ වෙන්නේ නෑ. ලංකාවේ ක්‌ලබ් අරගෙන බැලුවොත් ආලෝකය වැඩියෙන්ම තියෙන්නේ අපේ ක්‌ලබ් එකෙ. අනිත් එක තමයි කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට රෑට එන ගෙස්‌ට්‌ව සෙට්‌ කරගෙන උදේට කෙල්ල ඩීල් වෙනවා. මගේ ක්‌ලබ් එකේ ඒවා වෙන්නේ නෑ. වැඩ කරන ගෑනු ළමයින්ට ආරක්‍ෂාව දීගෙන, කන්න බොන්න දීගෙන ලොකු පඩියක්‌ දීගෙන තියාගෙන ඉන්න එක මට පාඩුයි. ඒත් මම ඒ දේවල් කරනවා.

    කාන්තාවන්ට ලොකු පඩියක්‌ ගෙවනවා කිව්වේ කීයක්‌ විතරද...?
    රුපියල් හැත්තෑපන්දහක්‌ විතර අපි ගෙවනවා. වෙනම ටිප් එකත් හම්බ වෙනවා. ඒ ගැන අපි හොයන්නේ නෑ.

    එහෙම පඩියක්‌ ගෙවන්න ලොකු ආදායමක්‌ ඇති...?
    ආදායමක්‌ තියෙනවා. ඒ වගේම වියදමත් වැඩියි.

    ඔබටත් සහෝදර සහෝදරියන් ඇති. ඔබතුමාගේ සහෝදරියක්‌ මේ වගේ නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කළොත්...?
    නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරනවා කියන එකේ හොඳ පැත්තක්‌ මම දකින්නේ නෑ. ඒත් ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ මේ රටේ ගොඩක්‌ ඉන්නවා. ඒ අයගේ දරු පවුල් රැකගන්න මොකක්‌හරි රැකියාවක්‌ කරන්න ඕනෑ. සමහර කාන්තාවෝ පුංචි පුංචි ජොබ් කරනවා. එහෙම කරලා ගන්න පඩිය පවුලක්‌ නඩත්තු කරන්න මදි. මේ රස්‌සාවේදී හොඳ වැටුපක්‌ ලබන්න පුළුවන්. අනිත් එක මේ රස්‌සාව ඇඟ විකිණීමක්‌ නෙමෙයි. අදටත් මගේ නයිට්‌ ක්‌ලබ් එක වටලලා ගණිකාවක්‌ අත්අඩංගුවට අරගෙන නෑ. හොයලා බලන්න.

    පූජා නගරයක්‌ ආසන්නයේ මෙවැනි රාත්‍රි සමාජශාලාවක්‌ ආරම්භ කරනකොට ඔබට බලපෑම් ආවේ නැද්ද...?
    එහෙම බලපෑම් කරන්න කවුරුවත් හිටියේ නෑ.

    මේ රාත්‍රි සමාජශාලාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක්‌ වෙනවද...?
    අවුරුදු එකහමාරක්‌ විතර වෙනවා.

    ඒ කාලය පුරා කිසිම බලපෑමක්‌ ආවේ නැද්ද...?
    නෑ..

    ඒ කියන්නෙ ඔබ ප්‍රදේශයේ ප්‍රබල චරිතයක්‌...?
    අනේ නෑ... මම බොහෝම පුංචි මිනිහෙක්‌...

    එහෙම නම් ඔබට දේශපාලන බලය ඇති...?
    නෑ... මට කිසිම දේශපාලන බලයක්‌ නෑ.

    ඒත් ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට උදව් කරනවා නේද...?
    කිසිම දේශපාලනඥයකුට උදව් කරලා නෑ. දේශපාලනය කියන්නේ මහ වදයක්‌.

    දේශපාලන බලයක්‌ නැතුව මෙවැනි නගරයක්‌ තුළ රාත්‍රි සමාජ ශාලාවක්‌ කරගෙන යන්න බෑ...?
    සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක තියෙනවා නම්... බාර් පර්මිට්‌ එක තියෙනවා නම්... නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන්න දේශපාලන හයියක්‌ ඕන නෑ. නයිට්‌ ක්‌ලබ් එකක්‌ කියන්නේ රටක අවශ්‍යතාවයක්‌. විදේශීය සංචාරකයෝ අනුරාධපුරයට ආපුවහම සිද්ධාස්‌ථාන බලලා රාත්‍රියට දඹුල්ල සීගිරිය ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට අවශ්‍ය 'ස්‌පා' හැම දෙයක්‌ම තියෙනවා. දැන් අනුරාධපුරයට එන සංචාරකයෝ බොහෝ දුරට අපේ නයිට්‌ ක්‌ලබ් එකට එන්න පුරුදු වෙලා ඉන්නවා.

    ඔබ කියන්නෙ අනුරාධපුරයට සංචාරකයන් ගෙන්න ගන්න නම් රාත්‍රි සමාජශාලා තියෙන්න ඕන කියලා...?
    විදේශීය සංචාරකයෝ එන්නෙ වඳින්න නෙමෙයි. නරඹන්න. ඒ අය දවල් කාලෙට නරඹලා රාත්‍රි කාලය ගත කරන්න මේ වගේ තැන්වලට යනවා.

    ඔබේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන් එන්නේ දේශීය සංචාරකයෝද. විදේශීය සංචාරකයෝද...?
    දෙපිරිසම එනවා.

    ඒත් අපිට දැන ගන්න ලැබෙන්නේ මේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන්ම එන්නෙ පාසල් වයසේ පසුවෙන ළමයි කියලයි...?
    ඒක පිළිගන්න බෑ... අපි වයස දහඅටට අඩු ළමයි ඇතුළට ගන්නෙ නෑ.

    ඒ කියන්නෙ ඇතුළු වෙනකොට අයිඩින්ටි චෙක්‌ කරනවද...?
    නෑ. කෙනෙක්‌ දිහා බැලුවහම වයස කියන්න පුළුවන්නේ.

    අපිත් එක්‌ක අවුරුදු දහහතක ළමයෙක්‌ ගියා. ඒ ළමයාව චෙක්‌ වුණේ නැනේ...?
    අවුරුදු දහහතක්‌ කියන්නේ ලොකු ළමයෙක්‌. ඒ නිසා ඇතුළු කරන්න ඇති.

    එහෙම නම් ඉතිං අවුරුදු දහඅටට අඩු ළමයින්ටත් යන්න පුළුවන්නෙ...?
    සමහර වෙලාවට එහෙම මඟහැරෙනවා ඇති.

    ඔබ කසාද බැඳලාද...?
    ඔව්. මට ලොකු දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.

    ඔබගේ දරුවකු දිගින් දිගටම රාත්‍රි සමාජශාලා තුළට රිංගන්න පටන් ගත්තොත්...?
    ඒක මට නවත්වන්න බෑ. අවුරුදු දහඅටෙන් පස්‌සේ සල්ලි තියෙනවා නම් ඒ දරුවට ඕන දෙයක්‌ කරන්න අයිතිය තියෙනවා.

    ඒ කියන්නෙ ඔබේ දරුවකු නයිට්‌ ක්‌ලබ් ගියාට ගැටලුවක්‌ නෑ...?
    කිසිම ගැටලුවක්‌ නෑ. එයාට වියදම් කරන්න සල්ලි තියෙන නිසානෙ යන්නේ.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ සිංදුව අද ලිව්වනම්
    මෙහෙමයි ලියවෙන්නේ........................

    අනුරාධපුරේ අනුරාව නැගූ මහ රියලිටිම කුලේ ඉපදී
    නයිට් කලබ් අරඹා කම් පවස නිවා මහ යකඩ බලේ පාමි

    අනුරාධ පුරේ අනුරාව නැගූ ෆන් හැපන් කුලේ ඉපදී..
    රට දැය සනසා නයිට් කලබින් වඩා
    යුවතියන් ට රැකියා දේවී...


    අනුරාධ පුරේ අනුරාව නැගූ ...//


    අනුරාධපුරේ ෆන් රාව නැගූ කලබ් හැපන් පුරේ ඉපදී..
    ෆන් දහම දෙසා, කලබ් හැපන්වෙලා
    තෙද වේස බලේ පාමී
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    දැන් රට ට අවශ්‍ය ඒකනේ ගොඩක් කෙල්ලන්ට කොල්ලන්ට අවශ්‍ය ඒක.
    කල්බ් හැපන් වෙන්න. ෆන් ගන්න, නැතුව ජීවත් වෙන්න නෙමේ
    රටවට කර ක්ලබ් දැම්මත්
    කට වටකර පෙතිගහන්න බෑ කියලා අහලාතියනවානේ
    ඉතින්..දැන් රටයන්නේ ඒ අතට, කන බොන සංස්කෘතියක්..
    බොරුවට බණ කියනවා ටීවී එකේ. පොරමඩලාව දාලා
    රෑට ඕක අහලා උදේට වේසකමේ යනවා..
    ඒවගේ රටක් මේක. ලමයි දහම් පාසැල් යනවා..
    පස්සේ රියලිටි වලට ගියහම රෙද්ද උස්සනවා
    ජංගිය පේන්න. හැබැයි දහම් පාසැල් වලට නම් යටසාය ඇදලා
    හම්මේ මුතුපොට දාලා. අන්තිමට මොඩල්ස් ලා වුනාම ඩ්‍රින්ක් එක දාල
    කලබ් හැපන් වෙලා. ෆන්ක් ඉවෙලා. ස්මෝක් එකත් පොඩ්ඩ්ක ගහලා
    ඊට පස්සේ පොඩි චෙන්ජ් එකකටහ් එක්ක ලෙස්බි දානවා.
    ඊඅ පස්සේ ත්‍රී සම්, ෆොර්සම්. ගෲප් වලටහ් සෙට් වුනාම
    ලයිෆ් එක ෆන් හැපනින්.. දැන් කාලේ එහෙම නොවී බෑනේ
    ෆන්කි වෙලා දැන්. ඕකයි දැන් තත්වේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මප මේක අර ස්වර්ණවාහිනී රියලිටි එකේ හිටිය නේද
    තව අර දොස්තර කෙනෙකුටත් ගේම් එක ඇද්දේ මේක තමයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,075
    86,276
    113
    ආශ්චර්යමත් රටක
    රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ සිංදුව අද ලිව්වනම්
    මෙහෙමයි ලියවෙන්නේ........................

    අනුරාධපුරේ අනුරාව නැගූ මහ රියලිටිම කුලේ ඉපදී
    නයිට් කලබ් අරඹා කම් පවස නිවා මහ යකඩ බලේ පාමි

    අනුරාධ පුරේ අනුරාව නැගූ ෆන් හැපන් කුලේ ඉපදී..
    රට දැය සනසා නයිට් කලබින් වඩා
    යුවතියන් ට රැකියා දේවී...


    අනුරාධ පුරේ අනුරාව නැගූ ...//


    අනුරාධපුරේ ෆන් රාව නැගූ කලබ් හැපන් පුරේ ඉපදී..
    ෆන් දහම දෙසා, කලබ් හැපන්වෙලා
    තෙද වේස බලේ පාමී

    :rofl::rofl::lol::lol::lol::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් රට ට අවශ්‍ය ඒකනේ ගොඩක් කෙල්ලන්ට කොල්ලන්ට අවශ්‍ය ඒක.
    කල්බ් හැපන් වෙන්න. ෆන් ගන්න, නැතුව ජීවත් වෙන්න නෙමේ
    රටවට කර ක්ලබ් දැම්මත්
    කට වටකර පෙතිගහන්න බෑ කියලා අහලාතියනවානේ
    ඉතින්..දැන් රටයන්නේ ඒ අතට, කන බොන සංස්කෘතියක්..
    බොරුවට බණ කියනවා ටීවී එකේ. පොරමඩලාව දාලා
    රෑට ඕක අහලා උදේට වේසකමේ යනවා..
    ඒවගේ රටක් මේක. ලමයි දහම් පාසැල් යනවා..
    පස්සේ රියලිටි වලට ගියහම රෙද්ද උස්සනවා
    ජංගිය පේන්න. හැබැයි දහම් පාසැල් වලට නම් යටසාය ඇදලා
    හම්මේ මුතුපොට දාලා. අන්තිමට මොඩල්ස් ලා වුනාම ඩ්‍රින්ක් එක දාල
    කලබ් හැපන් වෙලා. ෆන්ක් ඉවෙලා. ස්මෝක් එකත් පොඩ්ඩ්ක ගහලා
    ඊට පස්සේ පොඩි චෙන්ජ් එකකටහ් එක්ක ලෙස්බි දානවා.
    ඊඅ පස්සේ ත්‍රී සම්, ෆොර්සම්. ගෲප් වලටහ් සෙට් වුනාම
    ලයිෆ් එක ෆන් හැපනින්.. දැන් කාලේ එහෙම නොවී බෑනේ
    ෆන්කි වෙලා දැන්. ඕකයි දැන් තත්වේ..

    :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් රට ට අවශ්‍ය ඒකනේ ගොඩක් කෙල්ලන්ට කොල්ලන්ට අවශ්‍ය ඒක.
    කල්බ් හැපන් වෙන්න. ෆන් ගන්න, නැතුව ජීවත් වෙන්න නෙමේ
    රටවට කර ක්ලබ් දැම්මත්
    කට වටකර පෙතිගහන්න බෑ කියලා අහලාතියනවානේ
    ඉතින්..දැන් රටයන්නේ ඒ අතට, කන බොන සංස්කෘතියක්..
    බොරුවට බණ කියනවා ටීවී එකේ. පොරමඩලාව දාලා
    රෑට ඕක අහලා උදේට වේසකමේ යනවා..
    ඒවගේ රටක් මේක. ලමයි දහම් පාසැල් යනවා..
    පස්සේ රියලිටි වලට ගියහම රෙද්ද උස්සනවා
    ජංගිය පේන්න. හැබැයි දහම් පාසැල් වලට නම් යටසාය ඇදලා
    හම්මේ මුතුපොට දාලා. අන්තිමට මොඩල්ස් ලා වුනාම ඩ්‍රින්ක් එක දාල
    කලබ් හැපන් වෙලා. ෆන්ක් ඉවෙලා. ස්මෝක් එකත් පොඩ්ඩ්ක ගහලා
    ඊට පස්සේ පොඩි චෙන්ජ් එකකටහ් එක්ක ලෙස්බි දානවා.
    ඊඅ පස්සේ ත්‍රී සම්, ෆොර්සම්. ගෲප් වලටහ් සෙට් වුනාම
    ලයිෆ් එක ෆන් හැපනින්.. දැන් කාලේ එහෙම නොවී බෑනේ
    ෆන්කි වෙලා දැන්. ඕකයි දැන් තත්වේ..
    :(
    තිත්ත ඇත්ත
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ප්‍රශ්ණ අහලා තියෙන එකා අමුම අමුම පිස්සෙක්, Night Club එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම අපචාර දෙයක් කියලා ඌ හිතන්නේ.
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඔකේ දෙපැත්තක් කියෙනවා...
    100% හරි කියන්නත 100% වැරදි කියන්නත් බෑ...
    Menna law point Ekak dala mu
    Lawyers la kiyanna jathiyak agamak nathi salli gana vitarak hithana maha jara minissu kotasak mata penna beri jathiya :dull:

    Munath ara JVP karayo,wage Katin tama Hama ekama deshapremiyo kiyala pennuwa ta hitha athule melo deyak ne
     
    Last edited: