ජීවිතයේ_අරුත_හා_අරමුණ!

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජීවිතයේ_අරුත_හා_අරමුණ!


    ජීවිතයේ අරුත හා අරමුණ!

    යමෙක් අසාර ලෙස දිවි ගෙවමින් තමන්ට මුළු මහත් සමාජයටම පීඩා ලෙස ක්‍රියා කරන්නේ නම් ඔහුගේ ජීවිතය හිස් වූ බොල් වූ නිසරු එකක් වනු ඇත. ලෝකයාට තමන් පාරිශුද්ධ බවින් යුත් යහපත් අයෙක් ලෙස කොතෙක් මවාපෑමට බොහෝ දෙනා උත්සාහ කළත් ඉන් රැවටෙන්නේ තමාම ය. ඔහුට කිසිදාක විශ්ව ධර්මතාවයකට, ලෝක ධර්මතාවයකට පිටු පෑ නොහැක.

    අපි ජීවිතයේ ස්වභාවය හඳුනාගෙන ඇත්තෙමුද? ජීවිතය අනියත බවත්, මරණය නියත බවත් නියම ලෙස අවබෝධකොට ගත හැකි වන්නේ ජීවිතයේ ස්වභාවය ඇති සැටියෙන් හඳුනාගත් විටය. ජීවිතයට මුහුණ පෑ හැකි වන්නේ එවිටය.

    අප බොහෝ දෙනෙක් ජීවිතයේ සැබෑ සිදුවීම්වලට මුහුණපෑමට මැලිවන්නේ එම සිද්ධීන්ගෙන් බේරීමට යි සිතා සිහින ලොවකට, කල්පනා ලෝකයකට පිවිසෙන්නේ ජීවිතය පිළිබඳව දුරවබෝධය හේතුකොටගෙනය. මරණය තේරුම් ගැනීම ජීවිතය වටහා ගැනීමට එක් හොඳ ක්‍රමයකි.

    එහෙත් මරණය තේරුම් ගන්නවා තබා ඒ ගැන සිතීමටත්, සමහරු බිය වෙති. තමන් කැමැති වුවත් නොවූවත් මරු එන බව ඔවුහු අමතක කරති. මරණානුස්සතිය මගින් කෙනෙකුට ජීවිතයේ ස්වභාවය තේරුම් ගැනීමට හැකි වනවා පමණක් නොව ජීවිතයට මුහුණපෑමට අවශ්‍ය ශක්තියත්, තැන්පත් බවත් එමඟින් ලැබේ.

    ජීවිතය අපට රිසි ලෙස නිසොල්මන්ව ගලා යන්නක් නොවේ. එය විවිධ දුක් කරදර, කම්කටොළු, බාධා, හිරිහැර ආදියෙන් යුක්තය. අප ඒවාට බිය විය යුතු නැත. එම විවිධ බාධක ආදිය මනාව අවබෝධ කොට ගැනීමෙන් අපට ජීවිතයේ යථා ස්වභාවය හඳුනාගත හැකි වෙයි. අප බොහෝ දෙනා ඉමහත් ආශාවෙන් බලාපොරොත්තු වන ධනය, බලය, තාන්න මාන්න සියල්ල හුදු මායාවක් බව එවිට අපට වැටහෙනු ඇත.

    මෙවන් ආශා බෙහෙවින් වර්ධනය වී ඇත්තේ නූතන භෞතික සංවර්ධනයේ අතුරු ඵල ලෙසිනි. නමුත් නිදි පෙතිවල අලෙවිය වැඩිවීම මානසික රෝගීන්ගෙන් මානසික රෝහල් පිරී යෑම, සියදිවි නසාගැනීම වැඩිවීම ආදිය මගින් පැහැදිලිව දැක්වෙන්නේ නියම සතුට ලැබීමට නම් මේ ලෞකික, භෞතික සැප සම්පත් පසුපස හඹා යෑමෙන් ඔබ්බට අප යා යුතු බවය.

    කරමැටියේ රතනපාල හිමි
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නමුත් නිදි පෙතිවල අලෙවිය වැඩිවීම මානසික රෝගීන්ගෙන් මානසික රෝහල් පිරී යෑම, සියදිවි නසාගැනීම වැඩිවීම ආදිය මගින් පැහැදිලිව දැක්වෙන්නේ නියම සතුට ලැබීමට නම් මේ ලෞකික, භෞතික සැප සම්පත් පසුපස හඹා යෑමෙන් ඔබ්බට අප යා යුතු බවය.

    heading ekath ekka yanna matanam meka
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    tfs bro
    rep++

    බුම්ප්

    Thanks fr th post
    rep+++++

    bump and bookmarked

    tfs saho rep+

    patta machan..
    +

    heading ekath ekka yanna matanam meka


    ජීවිතේට පොඩි හරි යමක් ගත්තනම් ඒ දේ ඇති සතුටු වෙන්න.... බුදුසරණයි....